ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ypq ප්‍රශ්නය 10 30-31 පි.
  • මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද?
  • යොවුන් සිතේ ගැටලු 10කට උත්තර
  • සමාන තොරතුරු
  • හරි වැරැද්ද: හැමෝම ගන්න ඕනෙ තීරණයක්
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?
    බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?
  • පවුලේ හැමෝටම වටිනා තවත් මඟ පෙන්වීම්
    2018 පිබිදෙව්!
  • දෙමාපියන්ට වටිනා තවත් මඟ පෙන්වීම්
    2019 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු 10කට උත්තර
ypq ප්‍රශ්නය 10 30-31 පි.
යෞවනයෙක් එළිමහනේ ඉඳන් පොතක් බලමින්

10වෙනි ප්‍රශ්නය

මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද?

ඒක දැනගන්න එකේ වැදගත්කම

‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන්’ කියලා බයිබලයේ තියෙනවා. (2 තිමෝති 3:16) එහෙමනම් බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ඔයාගේ ජීවිතේට හුඟක් වටිනවා නේද?

ඔයා මොකක්ද කරන්නේ?

මේ සිද්ධිය හිතින් මවාගන්න. ඩේවිඩ් හුරු නැති පළාතක කාර් එක එළවගෙන යනවා. වටපිට බලද්දී එයාට තේරෙනවා යන්නේ වැරදි පාරක කියලා. පේන විදිහට එයා වැරදි තැනකින් හරවලා තියෙනවා.

ඔයා ඩේවිඩ් නම් මොකක්ද කරන්නේ?

හිතලා බලන්න

කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා.

  1. 1. කාගෙන් හරි අහන්න.

  2. 2. සිතියමක් හරි GPS එක හරි බලන්න.

  3. 3. හරි පාරට වැටෙයි කියලා හිතාගෙන දිගටම යන්න.

3වෙනි ක්‍රමයෙන් පාර හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.

1වෙනි ක්‍රමයට වඩා 2වෙනි ක්‍රමය හොඳයි. මොකද සිතියමක් හරි GPS එක හරි තියෙනවා නම් හරි තැනට යන්න අවශ්‍ය මඟ පෙන්වීම් ඒකෙන් ලබාගන්න පුළුවන්.

බයිබලයත් වටිනා මඟ පෙන්වීම් තියෙන පොතක්

ලෝකයේ වැඩියෙන්ම බෙදාහැරලා තියෙන මේ පොතෙන්

  • ඔයා එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්නවලට උත්තර ලබාගන්න පුළුවන්

  • ඔයාගේ අඩුපාඩුකම් තේරුම් අරන් හොඳ කෙනෙක් වෙන්න පුළුවන්

  • හැමදාම ජීවිතේ සතුටින් ගත කරන්නේ කොහොමද කියලා ඔයාට දැනගන්න පුළුවන්

අපේ ප්‍රශ්නවලට උත්තර

පුංචි කාලේ අපි හුඟක් ප්‍රශ්න අහනවා.

  • ඇයි අහස නිල් පාට?

  • කොහොමද තරු හැදිලා තියෙන්නේ?

තේරෙන වයසකට ආවාම අපි මේ වගේ ප්‍රශ්න අහනවා.

  • ඇයි අපි දුක් විඳින්නේ?

  • ඇයි මිනිස්සු මැරෙන්නේ?

ඒ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවා කිව්වොත් ඔයාට ඒක විශ්වාස කරන්න පුළුවන්ද?

හුඟක් අය කියන්නේ බයිබලයේ තියෙන්නේ ගොතපු කතා කියලයි. ඒක පරණ පොතක් කියලත් ඒක තේරුම්ගන්න අමාරුයි කියලත් සමහරු කියනවා. ඒත් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ බයිබලයෙද නැත්නම් බයිබලය ගැන මිනිසුන් හිතන විදිහෙද?

උදාහරණයකට මේ ලෝකයේ පාලකයා දෙවි කියලා බයිබලයේ තියෙනවා කියලයි මිනිසුන් හිතන්නේ. ඒත් එහෙම හිතන්නේ කොහොමද? ලෝකය පිරිහිලා. හැම තැනම දුක, වේදනාව, අසනීප, මරණය, දුප්පත්කම සහ ස්වාභාවික විපත්. ප්‍රේමණීය දෙවි කෙනෙක් පාලනය කරනවා නම් එහෙම වෙන්නේ කොහොමද?

ලෝකය පාලනය කරන්නේ කවුද කියන ප්‍රශ්නයට බයිබලයේ දීලා තියෙන උත්තරේ දැනගත්තොත් ඔයා පුදුම වෙයි.

මේ සඟරාවේ තියෙන මඟ පෙන්වීම් අරන් තියෙන්නේ බයිබලයෙන්. බයිබලය වටිනා මඟ පෙන්වීම් තියෙන පොතක් කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. මොකද ඒකෙ මෙහෙම කියලා තියෙනවා. ‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ප්‍රයෝජනවත්ය.’ (2 තිමෝති 3:16, 17) පරණ වුණත් අදටත් ගැළපෙන බයිබලයේ තොරතුරු හොයලා බලන එක ඇත්තටම වටිනවා.

තවත් තොරතුරු දැනගන්න

බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?

www.pr418.com/si වෙබ් අඩවියේ තියෙන ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න