බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?
ඔයා හිතන විදිහට බයිබලය . . .
මිනිස්සුන්ගේ අදහස් තියෙන පොතක්ද?
ගොතපු කතා තියෙන පොතක්ද?
දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලියවුණු පොතක්ද?
බයිබලයේ කියන්නේ මෙහෙමයි
“මුළු ශුද්ධ ලියවිල්ලම ලියලා තියෙන්නේ දෙවියන්ගේ බලයෙන් ලැබුණ මඟ පෙන්වීමට අනුවයි.”—2 තිමෝති 3:16, ‘නව ලොව පරිවර්තනය.’
ඒක විශ්වාස කරද්දී ලැබෙන ප්‍රයෝජන
ජීවිතේ වැදගත් ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා.—හිතෝපදේශ 2:1-5.
එදිනෙදා ජීවිතේට වටිනා මඟ පෙන්වීම් ලැබෙනවා.—ගීතාවලිය 119:105.
අනාගතය ගැන ස්ථිර බලාපොරොත්තුවක් ලැබෙනවා.—රෝම 15:4.
බයිබලයේ තියෙන දේ විශ්වාස කරන්න පුළුවන්ද?
ඔව්. හේතු තුනක් බලන්න.
අදහස් ගැටෙන්නේ නැහැ. සම්පූර්ණ බයිබලයම ලියන්න අවුරුදු 1,600ක් ගත වුණා. ඒක ලිව්වේ විවිධ පසුබිම්වල හිටිය මිනිස්සු 40දෙනෙක්. ඒ අයගෙන් වැඩිදෙනෙක් කවදාවත් එකිනෙකාව දැකලවත් තිබුණේ නැහැ. ඒත් ඒකේ මුල ඉඳන් අගට තියෙන්නේ එකම ප්‍රධාන පණිවිඩයක්.
ලේඛකයන් අවංකයි. සාමාන්‍යයෙන් ඉතිහාසඥයන් තොරතුරු වාර්තා කරද්දී එයාලාගේ ජාතියේ අයගේ අඩුපාඩු, එයාලා පැරදුණ යුද්ධ ගැන ලියන්නේ නැහැ. හැබැයි බයිබලය ලියපු අය එයාලාගේ ජාතියේ අය කරපු වැරදි ගැන විතරක් නෙමෙයි එයාලා අතින් වුණු වැරදි ගැනත් අවංකවම ලිව්වා.—2 ලේකම් 36:15, 16; ගීතාවලිය 51:1-4.
අනාවැකි අකුරටම ඉටු වුණා. බැබිලෝනිය කියන නගරය විනාශ වෙන්න අවුරුදු 200කට කලින් ඒ ගැන බයිබලයේ කියලා තිබුණා. (යෙසායා 13:17-22) ඒ නගරය විනාශ වෙන විදිහ ගැන විතරක් නෙමෙයි ඒක විනාශ කරන කෙනාගේ නමත් කියලා තිබුණා.—යෙසායා 45:1-3.
බයිබලයේ සඳහන් වෙලා තියෙන තවත් ගොඩක් අනාවැකි අකුරටම ඉටු වෙලා තියෙනවා. බයිබලය දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලියවුණු පොතක් කියලා ඒ තොරතුරුවලින් ඔප්පු වෙන්නේ නැද්ද?—2 පේතෘස් 1:21.
මේ ගැන හිතන්න
බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
ඒකට උත්තරේ බයිබලයේ යෙසායා 48:17, 18 සහ 2 තිමෝති 3:16, 17 තියෙනවා.