මැරුණු අයට ආයෙත් ජීවිතේ ලැබෙයිද?
ඔයාගේ උත්තරේ මොකක්ද?
ඔව්
නැහැ
සමහරවිට
බයිබලයේ කියන්නේ මෙහෙමයි දෙවියන් මැරුණ අයව
“නැවත නැඟිට්ටවනවා.”—ක්‍රියා 24:15, ‘නව ලොව පරිවර්තනය.’
ඒක විශ්වාස කරද්දී ලැබෙන ප්‍රයෝජන
වියෝදුකින් ඉද්දී සැනසිල්ලක් ලැබෙනවා.—2 කොරින්ති 1:3, 4.
මරණය ගැන තියෙන බය නැති වෙනවා.—හෙබ්‍රෙව් 2:15.
මරණයෙන් වෙන් වුණ අය එක්ක ආයෙත් ජීවත් වෙන්න පුළුවන් කියන ස්ථිර බලාපොරොත්තුව ලැබෙනවා.—යොහන් 5:28, 29.
බයිබලයේ තියෙන දේ විශ්වාස කරන්න පුළුවන්ද?
ඔව්. හේතු තුනක් බලන්න.
ජීවිතය දුන්නේ දෙවියන්. බයිබලයේ කියන්නේ “ජීවිතයේ උල්පත” යෙහෝවා දෙවියන් කියලයි. (ගීතාවලිය 36:9; ක්‍රියා 17:24, 25) හැම ජීවියෙක්ටම පණ දුන්නේ දෙවියන් නම් මැරුණ කෙනෙක්ට ආයෙත් ජීවිතේ දෙන එක ඔහුට ලොකු දෙයක් නෙමෙයි.
අතීතයේදීත් දෙවියන් මැරුණ අයට ආයෙත් ජීවිතේ දීලා තියෙනවා. ඒ විදිහට ආයෙත් ජීවිතේ ලැබුණ අටදෙනෙක් ගැන බයිබලයේ තියෙනවා. විවිධ වයස්වල ස්ත්‍රීන්, පුරුෂයන් ඒ අය අතරේ හිටියා. ඒ සමහර අයව ආයෙත් නැඟිට්ටෙව්වේ මැරිලා ටික වෙලාවකට පස්සෙයි. එක් කෙනෙක්ව නැඟිට්ටෙව්වේ එයා මැරිලා දවස් හතරක් ගියාට පස්සෙයි.—යොහන් 11:39-44.
ඉස්සරහටත් ඒ දේම කරන්න දෙවියන් ආසාවෙන් බලන් ඉන්නවා. මිනිස්සු මැරෙනවාට යෙහෝවා දෙවියන් කොහොමටවත් කැමති නැහැ. ඔහු මරණය සලකන්නේ හතුරෙක් විදිහටයි. (1 කොරින්ති 15:26) ඔහු “ලොකු ආශාවකින් බලාගෙන ඉන්නේ” ඒ හතුරාව පරද්දලා ඔහුගේ මතකයේ ඉන්න මැරුණ අයට ආයෙත් ජීවිතේ දෙන්න.—යෝබ් 14:14, 15.