දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
ඔයා හිතන විදිහට ඒක . . .
ඔයාගේ හිතේ තියෙන දෙයක්ද?
ස්වර්ගයේ තියෙන ආණ්ඩුවක්ද?
වෙන මොකක් හරි දෙයක්ද?
බයිබලයේ කියන්නේ මෙහෙමයි
“ස්වර්ගයේ දෙවියන් කවදාවත් විනාශ වෙන්නේ නැති රාජ්‍යයක් පිහිටුවනවා.”—දානියෙල් 2:44, ‘නව ලොව පරිවර්තනය.’
“අපිට පුතෙක්ව දුන්නා. ආණ්ඩුව ඔහුගේ අතට භාර දෙයි.”—යෙසායා 9:6, පාදසටහන.
ඒක විශ්වාස කරද්දී ලැබෙන ප්‍රයෝජන
ධර්මිෂ්ඨ ආණ්ඩුවක් යටතේ ඔයාට හුඟක් ආශීර්වාද ලැබෙනවා.—යෙසායා 48:17, 18.
ඉස්සරහට ලස්සන ලෝකයක නිරෝගී ජීවිතයක් සහ නියම සතුට අද්දකින්න පුළුවන්.—එළිදරව් 21:3, 4.
බයිබලයේ තියෙන දේ විශ්වාස කරන්න පුළුවන්ද?
ඔව්. හේතු දෙකක් බලන්න.
දේවරාජ්‍යයෙන් කරන්න යන දේවල් යේසුස් පෙන්නුවා. දේවරාජ්‍යය පොළොවට එන්න කියලත් දෙවියන්ගේ කැමැත්ත පොළොවේ ඉටු වෙන්න කියලත් යාච්ඤා කරන්න යේසුස් ඉගැන්නුවා. (මතෙව් 6:9, 10) ඒ යාච්ඤාවෙන් ඉල්ලන දේ ඉටු වෙන්නේ කොහොමද කියලා ඔහු පෙන්නුවා.
යේසුස් බඩගින්නේ හිටිය අයට කන්න දුන්නා. අසනීප අයව සුව කළා. මැරුණු අයට ආයෙත් ජීවිතේ දුන්නා. (මතෙව් 15:29-38; යොහන් 11:38-44) ඒකෙන් යේසුස් පෙන්නුවේ දේවරාජ්‍යයේ රජ විදිහට ඉස්සරහට මිනිස්සු වෙනුවෙන් ඔහු කරන්නේ මොනවාද කියලයි.—එළිදරව් 11:15.
ලෝකේ සිද්ධ වෙන දේවලින් පැහැදිලි වෙනවා ළඟදීම දේවරාජ්‍යය පොළොව පාලනය කරන්න පටන්ගන්නවා කියලා. දේවරාජ්‍යය පොළොව පාලනය කරන කාලය ළං වෙද්දී පොළොව පුරාම යුද්ධ, කෑම හිඟය සහ භූමිකම්පා ඇති වෙනවා කියලා යේසුස් කිව්වා.—මතෙව් 24:3, 7.
ඒ දේවල් අපි අද ලෝකේ පුරාම දකිනවා. ඒ නිසා ළඟදීම දේවරාජ්‍යයෙන් ඒ හැම ප්‍රශ්නයක්ම විසඳයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.
මේ ගැන හිතන්න
දේවරාජ්‍යය පොළොව පාලනය කරද්දී අපේ ජීවිතේ මොන වගේ එකක් වෙයිද?
ඒකට උත්තරේ බයිබලයේ ගීතාවලිය 37:29 සහ යෙසායා 65:21-23 තියෙනවා.