දුක් කරදර කවදා හරි නැති වෙයිද?
ඔයාගේ උත්තරේ මොකක්ද?
ඔව්
නැහැ
සමහරවිට
බයිබලයේ කියන්නේ මෙහෙමයි
“දෙවියන් එයාලාගේ ඇස්වලින් හැම කඳුළක්ම පිහලා දානවා. මරණය නැත්තටම නැති වෙනවා. ආයේ කවදාවත් අඬන්නවත් වැලපෙන්නවත් වේදනා විඳින්නවත් වෙන්නේ නැහැ.”—එළිදරව් 21:3, 4, ‘නව ලොව පරිවර්තනය.’
ඒක විශ්වාස කරද්දී ලැබෙන ප්‍රයෝජන
දුක් කරදර ඇති කරන්නේ දෙවියන් නෙමෙයි කියලා අපි දැනගන්නවා.—යාකොබ් 1:13.
දෙවියන්ටත් අපේ දුක ඒ විදිහටම දැනෙනවා කියලා අපි තේරුම්ගන්නවා.—සෙකරියා 2:8.
දුක් කරදර අනිවාර්යයෙන්ම නැති වෙනවා කියන බලාපොරොත්තුව තියාගන්න පුළුවන්.—ගීතාවලිය 37:9-11.
බයිබලයේ තියෙන දේ විශ්වාස කරන්න පුළුවන්ද?
ඔව්. හේතු දෙකක් බලන්න.
දුක් වේදනා, අසාධාරණකම් දැක්කාම ඒක දෙවියන්ට දුකක්. අතීතයේදී ඔහුගේ සෙනඟට ‘සතුරන් ගොඩක් හිංසා පීඩා කරද්දී’ යෙහෝවා දෙවියන්ට ලොකු දුකක් දැනුණා කියලා බයිබලයේ කියනවා.—විනිශ්චයකරුවෝ 2:18.
අනුන්ට කුරිරු විදිහට සලකන අයට දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ. “අහිංසකයන්ගේ ලේ හලන අත්” ඔහු පිළිකුල් කරනවා කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි.—හිතෝපදේශ 6:16, 17.
දෙවියන් අපි එක් එක් කෙනා ගැන සැලකිලිමත්. අපි එක් එක් කෙනාට තියෙන ‘ප්‍රශ්න සහ වේදනා’ දන්නේ අපි විතරක් නෙමෙයි යෙහෝවා දෙවියනුත් ඒ ගැන හොඳින්ම දන්නවා.—2 ලේකම් 6:29, 30.
යෙහෝවා දෙවියන් ළඟදීම අපි එක් එක් කෙනා මූණ දෙන ප්‍රශ්න හැම එකක්ම ඔහුගේ රාජ්‍යයෙන් නැති කරනවා. (මතෙව් 6:9, 10) ඒ දවස එන කල්, අපි යෙහෝවා දෙවියන් ගැන අවංකවම හෙව්වොත් ඔහු අපිට ඕන කරන සැනසීම දෙනවා.—ක්‍රියා 17:27; 2 කොරින්ති 1:3, 4.