ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 35 පාඩම 86 පි.-87 පි. 1 ¶
  • හන්නා දෙවියන්ගෙන් පුතෙක්ව ඉල්ලයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හන්නා දෙවියන්ගෙන් පුතෙක්ව ඉල්ලයි
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • ඇය සිතේ තිබුණු සියල්ල දෙවිට පැවසුවා
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ඇය සිතේ තිබූ සියලු බර යෙහෝවා දෙවි පිට තැබුවා
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සෝතැවුල් මැද සන්සුන්ව සිටි හන්නා
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාව සනසන්න යෙහෝවා දෙවියන්ට ඉඩ දෙන්න
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 35 පාඩම 86 පි.-87 පි. 1 ¶
හන්නා ශුද්ධ කූඩාරමේදී සාමුවෙල්ව ඒලීට භාර දෙමින්

35වෙනි පාඩම

හන්නා දෙවියන්ගෙන් පුතෙක්ව ඉල්ලයි

එල්කානා කියන ඊශ්‍රායෙල් ජාතිකයාට හන්නා සහ පෙනින්නා කියලා භාර්යාවන් දෙන්නෙක් හිටියා. එයා වැඩියෙන්ම ආදරේ කළේ හන්නාට. හන්නාට දරුවන් හිටියේ නැහැ. ඒත් පෙනින්නාට ගොඩක් දරුවන් හිටියා. ඒ නිසා පෙනින්නා හැම තිස්සේම හන්නාට සමච්චල් කළා. එල්කානා හැම අවුරුද්දේම පවුලේ අයත් එක්ක දෙවියන්ට නමස්කාර කරන්න ෂීලෝවල තිබුණ ශුද්ධ කූඩාරමට ගියා. එහෙම ගිය වෙලාවකදී හන්නා දුකෙන් ඉන්නවා දැකලා එල්කානා මෙහෙම කිව්වා. ‘අඬන්න එපා. ඔයාට මං ඉන්නවානේ. මං ඔයාට ආදරෙයිනේ.’

පස්සේ හන්නා අඬඅඬ යාච්ඤා කරලා මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවියනි, ඔයා මට පුතෙක්ව දුන්නොත් ජීවිත කාලේම ඔයාට සේවය කරන්න මං එයාව දෙනවා.’

හන්නා අඬමින් යාච්ඤා කරන විදිහ උත්තම පූජක ඒලී දැක්කා

හන්නා අඬඅඬ යාච්ඤා කරනවා දැක්කාම උත්තම පූජක ඒලී හිතුවේ එයා වෙරි වෙලා කියලා. හන්නා මෙහෙම කිව්වා. ‘මගේ ස්වාමීනි, මං වෙරි වෙලා නෑ. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මං ඒක යෙහෝවාට කිව්වා.’ එතකොට ඒලී කිව්වා ‘දෙවියන් ඔයා ඉල්ලපු දේ දෙයි’ කියලා. ඊටපස්සේ හන්නා සතුටින් ගෙදර ගියා. අවුරුද්දක් යන්න කලින් එයාට පුතෙක් ලැබුණා. එයාගේ නම සාමුවෙල්. ඒ ගැන හන්නා කොච්චර සතුටු වෙන්න ඇද්ද!

හන්නා එයා දීපු පොරොන්දුව අමතක කළේ නැහැ. සාමුවෙල් කිරි බොන කාලේ පහු වුණාම හන්නා එයාව ශුද්ධ කූඩාරමට අරන් ඇවිත් ඒලීට මෙහෙම කිව්වා. ‘එදා මං ඉල්ලපු විදිහටම යෙහෝවා මට පුතෙක්ව දුන්නා. මෙයා හැමදාම මෙහේ ඉඳන් යෙහෝවාට සේවය කරයි.’ එල්කානායි හන්නායි හැම අවුරුද්දේම අත් නැති අලුත් ඇඳුමක් අරන් සාමුවෙල්ව බලන්න ගියා. යෙහෝවා හන්නාට තව පුතාලා තුන්දෙනෙකුයි දුවලා දෙන්නෙකුයි දුන්නා.

“දිගටම ඉල්ලන්න. එතකොට ඉල්ලන දේ ඔයාට ලැබෙයි. දිගටම හොයන්න. එතකොට ඔයාට හම්බ වෙයි.”—මතෙව් 7:7

ප්‍රශ්න: හන්නා දුකින් හිටියේ ඇයි? යෙහෝවා එයාට ආශීර්වාද කළේ කොහොමද?

1 සාමුවෙල් 1:1–2:11, 18-21

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න