ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 47 පාඩම 114 පි.-115 පි. 3 ¶
  • යෙහෝවා එලියාව ශක්තිමත් කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා එලියාව ශක්තිමත් කළා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • දෙවිගෙන් සහනය ලැබූ මිනිසෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • දෙවිගෙන් සැනසිල්ල ලැබූ එලියා
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාටත් බයක් තනිකමක් දැනිලා තියෙනවද?
    දූපුතුන්ට කියා දෙන්න
  • ඔබ එලියා මෙන් විශ්වාසවන්ත වෙන්න යනවාද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 47 පාඩම 114 පි.-115 පි. 3 ¶
එලියා හොරෙබ් කන්දේ ගුහාවක් ළඟ ඉඳන් දේවදූතයා කියන දේට ඇහුම්කන් දෙමින්

47වෙනි පාඩම

යෙහෝවා එලියාව ශක්තිමත් කළා

බාල්ගේ අනාගතවක්තෘවරුන්ට වුණු දේ දැනගත්තාම යෙසබෙල්ට කේන්ති ගියා. ඒ නිසා එයා එලියාට පණිවිඩයක් ඇරලා කිව්වා ‘බාල්ගේ අනාගතවක්තෘවරුන්ව මරලා දාපු විදිහටම හෙට මං ඔයාවත් මරනවා’ කියලා. එලියා හුඟක් බය වෙලා පාළු පැත්තකට ගියා. එයා යෙහෝවාට මෙහෙම කිව්වා. ‘අනේ යෙහෝවා, මට දැන් ඇති වෙලයි තියෙන්නේ. මාව මරලා දාන්න.’ පස්සේ එයාට ගහක් යට නින්ද ගියා.

දේවදූතයෙක් ඇවිත් එලියාව ඇහැරවලා කිව්වා ‘දැන් නැඟිටලා කෑම ටිකක් කන්න’ කියලා. එතකොට රත් කරපු ගල් උඩ තිබුණු රොටියකුයි වතුර ජෝගුවකුයි එලියා දැක්කා. එයා කාලා බීලා ආයෙත් නිදාගත්තා. දේවදූතයා ආයෙත් එලියාට මෙහෙම කිව්වා. ‘නැඟිටලා මේ කෑම ටික කන්න. නැත්නම් යන්න ඕන තැනට යන්න අමාරු වෙයි.’ එලියා තවත් කෑම ටිකක් කාලා දවස් 40කුත් රෑ 40කුත් ඇවිදගෙන හොරෙබ් කන්දට ගියා. එතන තිබුණු ගුහාවක එලියා නිදාගෙන ඉද්දී යෙහෝවා එයාගෙන් ඇහුවා ‘ඔයා මෙහේ මොනවාද කරන්නේ’ කියලා. එතකොට එලියා මෙහෙම කිව්වා. ‘ඊශ්‍රායෙල්වරු ඔයා දීපු පොරොන්දුව කඩ කළා. ඔයාගේ පූජාසන කඩලා දාලා ඔයාගේ අනාගතවක්තෘවරුන්වත් මැරුවා. දැන් එයාලා මාවත් මරන්න හොයනවා.’

එතකොට යෙහෝවා එයාට කිව්වා ‘ගුහාවෙන් එළියට ඇවිත් කන්ද උඩට නඟින්න’ කියලා. ඊටපස්සේ ලොකු හුළඟක් ආවා. ඒත් එක්කම භූමිකම්පාවකුත් ගින්නකුත් ආවා. අන්තිමට සන්සුන් මෘදු කටහඬක් එලියාට ඇහුණා. එයා ඇඳුමෙන් මූණ වහගෙන ගුහාවේ කට ළඟට ඇවිත් හිටගත්තා. යෙහෝවා ආයෙත් එයාගෙන් ඇහුවා ‘ඔයා මෙහේ මොනවාද කරන්නේ’ කියලා. ‘බේරුණේ මං විතරයි’ කියලා එලියා කිව්වාම යෙහෝවා මෙහෙම කිව්වා. ‘ඔයා විතරක් නෙමෙයි මට විශ්වාසවන්තව ඉන්න තවත් 7,000ක් ඊශ්‍රායෙල් දේශයේ ඉන්නවා. ඔයාගෙන් පස්සේ අනාගතවක්තෘවරයා විදිහට එලිෂාව පත් කරන්න.’ එලියා ඉක්මනටම ගිහින් යෙහෝවා කියපු දේ කළා. ඔයාත් යෙහෝවා කියන දේ කරද්දී ඔහු ඔයාටත් උදව් කරයිද? ඔව්, ඔහු අනිවාර්යයෙන්ම උදව් කරයි.

“කිසිම දෙයක් ගැන හිතහිත වධ වෙන්න එපා. ඒ වෙනුවට නිතරම දෙවියන්ට යාච්ඤා කරන්න. හැම වෙලාවෙම ඔහුගෙන් මඟ පෙන්වීම් ඉල්ලලා ඔහුට කන්නලව් කරන්න. අමතක කරන්නේ නැතුව හැම වෙලේම ඔහුට ස්තුති කරන්න.”—ෆිලිප්පි 4:6

ප්‍රශ්න: එලියා බය වෙලා පාළු පැත්තකට ගියේ ඇයි? යෙහෝවා එලියාට කිව්වේ මොනවාද?

1 රාජාවලිය 19:1-18; රෝම 11:2-4

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න