ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 50 පාඩම 120 පි.-121 පි. 5 ¶
  • යෙහෝවා යෙහෝෂපාට් රජට උදව් කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා යෙහෝෂපාට් රජට උදව් කළා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • යෙහෝෂාපාට් යෙහෝවාව විශ්වාස කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගිමත් වන්න!
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තීන්දු කිරීමේ මිටියාවතෙහි විනිශ්චය ක්‍රියාත්මක වේ
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 2 ලේකම් පොතේ සාරාංශයක්
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 50 පාඩම 120 පි.-121 පි. 5 ¶
යෙහෝෂපාට් රජ ගීතිකා කියන ලෙවීවරු කණ්ඩායමක් එක්ක හමුදාවට ඉස්සරහින් යමින්

50වෙනි පාඩම

යෙහෝවා යෙහෝෂපාට් රජට උදව් කළා

යූදා දේශයේ රජ වුණ යෙහෝෂපාට් ඒ දේශයේ තිබුණු බාල් පූජාසන, රූප ඔක්කොම විනාශ කළා. එයාට ඕන වුණේ සෙනඟත් දෙවියන්ගේ නීතිවලට කීකරු වෙනවාටයි. ඒ නිසා එයා දේශයේ හැම තැනටම අධිපතීන්වයි ලෙවීවරුන්වයි යවලා දෙවියන්ගේ නීති ගැන සෙනඟට ඉගැන්නුවා.

යෙහෝවා යූදා දේශයේ අයට උදව් කරනවා කියලා දන්න නිසා ඒ වටේ හිටිය ජාතීන් එයාලා එක්ක සටන් කරන්න බය වුණා. එයාලා යෙහෝෂපාට් රජට හුඟක් තෑගි දුන්නා. ඒත් පස්සේ මෝවබ්වරුයි අම්මොනිවරුයි සේයිර් දේශයේ වැසියනුයි එකතු වෙලා යූදා සෙනඟ එක්ක සටන් කරන්න ආවා. යෙහෝවාගේ උදව් ඕනෙ කියලා යෙහෝෂපාට්ට තේරුණා. ඒ නිසා එයා සෙනඟ හැමෝටම යෙරුසලමට එන්න කියලා මෙහෙම යාච්ඤා කළා. ‘යෙහෝවා දෙවියනි, ඔබ නැතුව අපිට දිනන්න බැහැ. අපි කරන්න ඕනෙ මොනවාද කියලා අපිට කියන්න.’

යෙහෝවා මෙහෙම කිව්වා. ‘බය වෙන්න එපා. මං ඔයාලට උදව් කරන්නම්. එයාලා ඉස්සරහට ගිහින් සටන් කරන්නේ නැතුව බලාගෙන ඉන්න. මං ඔයාලව බේරගන්න හැටි ඔයාලා දකියි.’

පහුවෙනිදා උදේ යෙහෝෂපාට් ගායක කණ්ඩායමක් තෝරගෙන එයාලට කිව්වා හමුදාවට ඉස්සරහින් යන්න කියලා. එයාලා යෙරුසලමේ ඉඳන් තෙකෝවා කියන තැනට ගියා.

එතනදී ගායක කණ්ඩායමේ අය හයියෙන් යෙහෝවාට ප්‍රශංසා ගී කියද්දී යෙහෝවා සතුරු හමුදාව එක්ක සටන් කළා. යෙහෝවා ඒ හමුදාවේ හිටපු අයට තමන්ගෙම අයට පහර දෙන්න සැලැස්සුවා. ඒකෙන් හැමෝම මැරුණා. ඒත් යූදා දේශයේ කිසි කෙනෙක්ට මුකුත්ම වුණේ නැහැ. යෙහෝවා එයාලව ආරක්ෂා කළා. ඒක ආරංචි වුණාම ළඟපාත දේශවල හිටපු හැමෝම දැනගත්තා යෙහෝවා තමයි ඔහුගේ සෙනඟව බේරගත්තේ කියලා. යෙහෝවාට පුළුවන් ඕනම විදිහකින් ඔහුගේ සෙනඟව බේරගන්න. ඒක කරන්න ඔහුට මිනිස්සුන්ගේ උදව් ඕන වෙන්නේ නැහැ.

“ඔයාලා සටන් කරන්න ඕනෙ නැහැ. සටනට ගිහින් පෙළ ගැහිලා ඉන්න. නොසැලී ඉන්න. යෙහෝවා වන මම ඔයාලා වෙනුවෙන් මැදිහත් වෙලා ඔයාලව බේරගන්න විදිහ ඔයාලාගේ ඇස් දෙකෙන්ම බලාගන්න.”—2 ලේකම් 20:17

ප්‍රශ්න: යෙහෝෂපාට් මොන වගේ රජෙක්ද? යෙහෝවා යුදෙව්වන්ව බේරගත්තේ කොහොමද?

2 ලේකම් 17:1-19; 20:1-30

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න