1වෙනි කොටසට හැඳින්වීම
යෙහෝවා දෙවියන් අහසෙත් පොළොවෙත් නිර්මාණය කරපු ලස්සන දේවල් ගැන වාර්තාවකින් බයිබලය පටන්ගන්නවා. දෙවියන්ගේ නිර්මාණවල විවිධත්වය තේරුම්ගන්න දරුවාට උදව් කරන්න. යෙහෝවා දෙවියන් මිනිස්සුන්ව නිර්මාණය කළේ සත්තුන්ට වඩා උසස් විදිහට කියලා දරුවාට කාවද්දන්න. කතා කරන්න, හිතලා දේවල් කරන්න, දේවල් නිර්මාණ කරන්න, සින්දු කියන්න, යාච්ඤා කරන්න මිනිස්සුන්ට පුළුවන් ඒ නිසයි. යෙහෝවා දෙවියන්ගේ බලය, ප්රඥාව, විශේෂයෙන්ම අපි එක් එක් කෙනා ඇතුළු දෙවියන්ගේ නිර්මාණ ගැන දෙවියන්ට තියෙන ආදරය ගැන ලොකු අගයක් ඇති කරගන්න දරුවාට උදව් කරන්න.