යෙහෝවා දෙවියන් නිර්මාණය කරලා තියෙන දේවල්වලින් ඔහු ආදරණීය කෙනෙක් කියලා පේනවා. එහෙමනම් ඔහුට සේවය කරන්න උත්සාහ කරන අපිට ඔහු කොච්චර ආදරේ ඇද්ද?
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
නිර්මාණවලින් දෙවියන්ගේ ආදරය පේන්නේ කොහොමද?
අපි හුඟක් කාර්යබහුල නිසා යෙහෝවා දෙවියන් නිර්මාණය කරලා තියෙන දේවල්වලින් ඔහුගේ ආදරය, ත්‍යාගශීලීකම පේන්නේ කොහොමද කියලා හිතන්න අපිට අමතක වෙන්න පුළුවන්. හැබැයි නිර්මාණ දිහා බලලා ඒවායින් යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා හිතන්න යේසුස් අපිව උනන්දු කළා.—මතෙ 6:25, 26.
‘යෙහෝවා දෙවියන්ගේ ආදරය කියාපාන නිර්මාණයන්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
මේ දේවල්වලින් යෙහෝවා දෙවියන්ගේ ආදරය ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
- පෘථිවියේ තියෙන මූලද්‍රව්‍යවලින් 
- වායුගෝලයෙන් 
- තෘණ විශේෂවලින් 
- සතුන්ව නිර්මාණය කරලා තියෙන විදිහෙන් 
- සංවේදී ඉන්ද්‍රියන්වලින් 
- අපේ මොළයෙන්