දෙවිව ගෞරවයට පත් කරන විස්මිත නිර්මාණ
දෙවිගේ නිර්මාණ දෙස බැලීමෙන් බොහෝදෙනෙක් සතුටක් ලබනවා. නමුත් ඒවා දෙස බලා ඒවා නිර්මාණය කළ තැනැත්තා කොතරම් ප්‍රඥාවන්තද සහ ප්‍රේමණීයද කියා තේරුම්ගන්නේ ටිකදෙනයි. (රෝම 1:20) අතීතයේ ජීවත් වූ දාවිත් ශුද්ධ ලියවිලි මාර්ගයෙන් දෙවි ගැන ඉගෙනගත්තා. ඒ වගේම දෙවිගේ නිර්මාණ තුළින් දෙවිව දකින්නත් ඔහුට ළං වෙන්නත් දාවිත්ට හැකි වුණා. (ගීතා. 8:3, 4) දෙවිව ගෞරවයට පත් කරන විස්මිත නිර්මාණ නමැති DVD තැටිය නැරඹීමෙන් අපේ දරුවන්ට මෙන්ම බයිබල් ශිෂ්‍යයන්ටත් දෙවිගේ නිර්මාණ සමහරක් දෙස කිට්ටුවෙන් බැලීමට අවස්ථාව ලැබෙනවා. එමගින් ඔහුගේ ගුණාංග හා පෞද්ගලිකත්වය ගැන දැනගෙන ඔහුට ළං වීමට ඔවුන්ට හැකි වෙයි. එය නැරඹීමෙන් පසුව පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සාහ කරන්න.
(1) විශ්වයේ විශාලත්වය හා එහි මනා පිළිවෙළ දකිද්දී, යෙහෝවා දෙවි කෙරෙහි ඔබට තිබෙන අගය වැඩි වෙන්නේ කොහොමද? (යෙසා. 40:26) (2) වතුර දිහා කිට්ටුවෙන් බලද්දී එය නිර්මාණය කළ තැනැත්තා ගැන අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (එළි. 14:7) (3) පෘථිවියේ විශාලත්වය හා එය සූර්යයා සිට පිහිටා ඇති දුර ප්‍රමාණය දෙස බලද්දී යෙහෝවා දෙවිගේ ප්‍රඥාව ගැන අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (4) සඳෙන් සිදු වන්නේ කුමක්ද? (ගීතා. 89:37) (5) ජීවිතය සතුටින් භුක්ති විඳින්න පුළුවන් ආකාරයට යෙහෝවා දෙවි අපව නිර්මාණය කර තිබෙන්නේ කොහොමද? (6) DNA යනු කුමක්ද? (ගීතා. 139:16) (7) පෘථිවියේ ඇති සියලුම නිර්මාණවලට වඩා මිනිසා වෙනස් වෙන්නේ කොහොමද? (උත්. 1:26) (8) ඔබ ආසාවෙන් බලා සිටින්නේ පාරාදීසයේදී කුමන දේවල් කරන්නද?
අමතර දර්ශන: (9) විවිධාකාර වර්ණ හැදිලා තියෙන්නේ කොහොමද? (10) ගුරුත්ව බලය පරදවමින් ජලය, ගසක මුල්වල සිට උසම දල්ල දක්වා ඇදී යන්නේ කොහොමද? (11) අපේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට ජලය උපකාරවත් වෙන්නේ කොහොමද? (12) ජීවීන් අතර ඇති වන සහජීවනය සඳහා උදාහරණ දෙන්න. (13) ජීවීන් අනික් ජීවීන් එක්ක හවුලේ ජීවත් වෙන්න දන්නේ කොහොමද? (14) “මූලික කෝණය” යනු කුමක්ද? දෙවිගේ නිර්මාණවල එය දැකගත හැකි අවස්ථා මොනවාද?
යෙහෝවා දෙවිගේ නිර්මාණ දෙස හොඳින් බලන්න: “අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න” කියාත් “තණබිම්වල ලිලී මල් වැවෙන ආකාරයෙන් පාඩමක් ඉගෙනගන්න” කියාත් යේසුස් අපට පැවසුවා. (මතෙ. 6:26, 28) එසේ කිරීමෙන් අපේ නිර්මාතෘ කෙරෙහි අපට ඇති විශ්වාසය ශක්තිමත් වන අතර ඔහුගේ පොරොන්දු කෙරෙහි අපට ඇති නිසැකකමද වැඩි වෙනවා. ඒ වගේම ඔහුගේ ප්‍රඥාව, ප්‍රේමය හා තම සෙනඟව ආරක්ෂා කිරීමට ඔහුට ඇති හැකියාව ගැන අපට ඇති අවබෝධයද තවත් වැඩි වෙනවා. මිනිසුන්ගේ නිර්මාණවලට වැඩි අවධානයක් දෙනවා වෙනුවට යෙහෝවා දෙවිගේ විස්මිත නිර්මාණ දෙස කිට්ටුවෙන් බලන්න. ඒවා අපේ දෙවි ගැන අපට කියා දෙන්නේ මොනවාද කියා හොඳින් තේරුම්ගැනීමට උත්සාහ කරන්න.—ගීතා. 19:1.