ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 පෙබරවාරි 3 පි.
  • නොපෙනෙන දෙවියන්ගේ ගුණාංග දකින්න ඔයා වෑයම් කරනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොපෙනෙන දෙවියන්ගේ ගුණාංග දකින්න ඔයා වෑයම් කරනවාද?
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවිව ගෞරවයට පත් කරන විස්මිත නිර්මාණ
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • යෙහෝවා දෙවියන් ගැන නිර්මාණවලින් ඉගෙනගන්න
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නිර්මාණවලින් දරුවන්ට උගන්වන්න
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නිර්මාණවලින් දෙවියන්ගේ ආදරය පේන්නේ කොහොමද?
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 පෙබරවාරි 3 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

නොපෙනෙන දෙවියන්ගේ ගුණාංග දකින්න ඔයා වෑයම් කරනවාද?

පාට පාට මල්, තරු පිරුණු අහස නැත්නම් යෝධ දිය ඇලි වගේ දේවල් දකිද්දී ඒ හැම දේකම නිර්මාතෘ ගැන කල්පනා කරන්න ඔයා කාලය ගන්නවාද? දෙවියන්ගේ නිර්මාණ දිහා බලද්දී ඔහුගේ ගුණාංග ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්. (රෝම 1:20) ඔහුගේ නිර්මාණ ගැන හොඳට හිතද්දී ඔහු මොන තරම් ආදරණීය, බලවත්, බුද්ධිමත්, යුක්තිගරුක, ත්‍යාගශීලී කෙනෙක්ද කියලා තේරුම්ගන්න පුළුවන්.—ගීතා 104:24.

හැම දවසකම ඔයා යෙහෝවා දෙවියන්ගේ නිර්මාණ ගැන කල්පනා කරනවාද? ඔයා නගරයක ජීවත් වෙන කෙනෙක් වුණත් ඔයාට ඒක කරන්න පුළුවන්. මොකද අඩුම තරමින් ඔයා කුරුල්ලන්ව හරි ගස් හරි දකිනවා ඇති. දෙවියන් නිර්මාණය කරලා තියෙන දේවල් ගැන හොඳින් කල්පනා කරනවා නම් කනස්සල්ල අඩු කරගන්න, වඩා වැදගත් දේට අවධානය දෙන්න සහ හැමදාටම අපිව බලාගන්න දෙවියන්ට පුළුවන් කියන විශ්වාසය වැඩි කරගන්න පුළුවන් වෙනවා. (මතෙ 6:25-32) යෙහෝවා දෙවියන්ගේ අනර්ඝ ගුණාංග ගැන හොඳින් කල්පනා කරන්න ඔයාගේ දරුවන්වත් පුහුණු කරන්න. දෙවියන්ගේ නිර්මාණයන් ගැන අපේ හිතේ තියෙන අගය වැඩි වෙන තරමටම ඔහුත් එක්ක තියෙන බැඳීම තව තවත් ශක්තිමත් වෙනවා.—ගීතා 8:3, 4.

‘දෙවිව ගෞරවයට පත් කරන විස්මිත නිර්මාණ - ආලෝකය සහ වර්ණ’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • වර්ණකවලින් වෙන කාර්යය මොකක්ද?

  • දිලිසෙන පාට හැදෙන්නේ කොහොමද?

  • අහසේ පාට වෙනස් වෙන්නේ ඇයි?

  • ඔයා ජීවත් වෙන ප්‍රදේශයේ තියෙන දෙවියන්ගේ නිර්මාණ දිහා බලද්දී ඔයාට දැකගන්න පුළුවන් ලස්සන පාට මොනවාද?

  • අවට ලෝකයේ තියෙන දේවල් හොඳින් නිරීක්ෂණය කරන්න අපි කාලය ගන්න ඕනෙ ඇයි?

රෝස පාට මලක්, නිල් පාට සමනලයෙක්, එක එක පාට පලතුරු, බැස යන ඉර

ආලෝකය සහ වර්ණ ගැන කල්පනා කරද්දී යෙහෝවා දෙවියන් ගැන හෙළි වෙන්නේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න