ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lvs 16 පරි. 213-225 පි.
  • යක්ෂයාට විරුද්ධ වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යක්ෂයාට විරුද්ධ වෙන්න
  • දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • කියවන්න “දෙවිගේ ප්‍රේමය”
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “ගොරවන සිංහයෙකු මෙන්”
  • ‘අපට තියෙන පොරබැඳීම’
  • භූතයන්ගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න
  • සාතන් හදන්නේ අපිව රවට්ටන්න
  • අපේම ආශාවන් යොදාගෙන අපිව රවට්ටනවා
  • භූතයන් සම්බන්ධ කතා
  • දේවදූතයන් සහ භූතයන් කියන්නේ කාටද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • ඔබට පුළුවන් සාතන්ව පරාජය කරන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ සතුරෝ කවුද?
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • යේසුස් මෙන් “යක්ෂයාට විරුද්ධ වන්න”
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
lvs 16 පරි. 213-225 පි.
සේවයේ හවුල් වීමෙන් සාතන්ට විරුද්ධ වෙන සහෝදරයෙක්

16වෙනි පරිච්ඡේදය

යක්ෂයාට විරුද්ධ වෙන්න

“යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යයි.”—යාකොබ් 4:7.

1, 2. සාතන් ගැනත් භූතයන් ගැනත් අපි තේරුම්ගන්න ඕනෙ මොනවාද?

ටිකකට හිතන්න පාරාදීස පොළොව ගැන. එදාට දෙවියන් අරමුණු කරපු විදිහටම සතුටින් ජීවත් වෙන්න අපිට පුළුවන් වෙයි. ඒත් දැන් මේ මුළු ලෝකයම පාලනය කරන්නේ සාතන් සහ භූතයන්. (2 කොරින්ති 4:4) අපිට පෙනුණේ නැතත් ඒ අය හුඟක් බලවත්.

2 සාතන්ගෙන් ආරක්ෂා වෙන්න අපිට උදව් කරනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඒත් සාතන් අපිට විරුද්ධව පාවිච්චි කරන උගුල් ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. යෙහෝවා දෙවියන්ට ළං වෙලා සාතන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කොහොමද කියලා මේ පරිච්ඡේදයෙන් බලමු.

“ගොරවන සිංහයෙකු මෙන්”

3. යක්ෂයා උත්සාහ කරන්නේ අපිට මොනවා කරන්නද?

3 අපි යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්නේ වාසි බලාගෙනයි කියලත් අභියෝග එද්දී අපි ඔහුව අත්හරිනවා කියලත් සාතන් චෝදනා කරනවා. (යෝබ් 2:4, 5 කියවන්න.) දෙවියන් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ව ඒකෙන් වළක්වන්න සාතන් සහ භූතයන් පුළුවන් හැම දේම කරනවා. කෙනෙක් දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වෙද්දී ඒ අයට හුඟක් කේන්ති යනවා. බයිබලයේ යක්ෂයාව සමාන කරන්නේ “කවරෙකුව හෝ ගිල දැමීමට” සොයන “ගොරවන සිංහයෙකුට.” (1 පේතෘස් 5:8) ඔයාට දෙවියන් එක්ක තියෙන බැඳීම නැති කරන්නයි සාතන් උත්සාහ කරන්නේ.—ගීතාවලිය 7:1, 2; 2 තිමෝති 3:12.

සේවයේ හවුල් වීමෙන් සාතන්ට විරුද්ධ වෙන සහෝදරයෙක්

අපේ ජීවිතය යෙහෝවා දෙවියන්ට කැප කරද්දී සාතන්ට හුඟක් කේන්ති යනවා

4, 5. (අ) සාතන්ට කරන්න බැරි මොනවාද? (ආ) “යක්ෂයාට විරුද්ධ වෙන්න” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

4 අපි සාතන්ටයි, භූතයන්ටයි බය වෙන්න ඕනෙ නැහැ. මොකද දෙවියන් එයාලට සීමාවන් දාලයි තියෙන්නේ. “මහත් පීඩාවෙන්” “මහත් සමූහයක්” බේරාගන්නවා කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. (එළිදරව් 7:9, 14) දෙවියන් ඔහුගේ සෙනඟව ආරක්ෂා කරන එක නතර කරන්න යක්ෂයාට පුළුවන්කමක් නැහැ.

5 අපි දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වාගත්තොත් ඒ බැඳීම කඩන්න සාතන්ට බැහැ. “ඔබ යෙහෝවා දෙවිට ළංව සිටින තාක් කල් ඔහුත් ඔබට ළංව සිටිනවා” කියලා බයිබලයේ කියනවා. (2 ලේකම් 15:2; 1 කොරින්ති 10:13 කියවන්න.) ආබෙල්, ඒනොක්, නෝවා, සාරා, මෝසෙස් ඇතුළු තවත් හුඟදෙනෙක් දෙවියන්ට ළං වෙලා යක්ෂයාට විරුද්ධව ඉඳලා තියෙනවා. (හෙබ්‍රෙව් 11:4-40) අපිටත් පුළුවන් ඒ දේ කරන්න. බයිබලයේ මෙහෙම කියනවා. “යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යයි.”—යාකොබ් 4:7.

‘අපට තියෙන පොරබැඳීම’

6. සාතන් අපිව අල්ලාගන්න හදන්නේ කොහොමද?

6 තමන්ට දෙවියන් දාලා තියෙන සීමාවන් ගැන දැන දැනත් සාතන් උත්සාහ කරන්නේ මොන විදිහකින් හරි අපිව දෙවියන්ගෙන් ඈත් කරන්න. ඒ දේ කරන්න අවුරුදු ගාණක් තිස්සේ සාතන් විවිධ ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. ඒ අතරින් කීපයක් අපි බලමු.

7. සාතන් දෙවියන්ගේ සෙනඟව ගොදුරු කරගන්න හදන්නේ ඇයි?

7 බයිබලයේ කියනවා “මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්” කියලා. (1 යොහන් 5:19) මේ ලෝකේ මිනිසුන්ව තමන්ගේ පැත්තට අරන් තියෙනවා වගේ දෙවියන්ගේ සෙනඟවත් තමන්ගේ පැත්තට ගන්නයි සාතන් උත්සාහ කරන්නේ. (මීකා 4:1; යොහන් 15:19; එළිදරව් 12:12, 17) තව වැඩි කාලයක් ඉතුරු වෙලා නැහැ කියලා දන්න නිසා සාතන් අපිව ගොදුරු කරගන්න පුළුවන් හැම දේම කරනවා. සමහර අවස්ථාවලදී සාතන් කෙළින්ම අපිට පහර දෙනවා. තවත් අවස්ථාවලදී අපිට නොතේරෙන විදිහටත් සාතන් ඒ දේ කරනවා.

8. අපි එක් එක් කෙනා හොඳින් තේරුම්ගන්න ඕනෙ මොකක්ද?

8 එෆීස 6:12 කියන්නේ ‘අපට පොරබැදීමට සිදු වී තිබෙන්නේ ස්වර්ගීය ස්ථානවල සිටින භූත සේනාවන්ට විරුද්ධව’ කියලයි. දෙවියන්ට කැප වෙලා ඉන්න හැමෝටම සාතන්ටයි, භූතයන්ටයි විරුද්ධව සටන් කරන්න වෙනවා කියලා අපි තේරුම්ගන්න ඕනේ. ඒ නිසයි පාවුල් “නොසැලී ස්ථිරව” ඉන්න කියලා එෆීසයේ සහෝදරයන්ට තුන් වතාවක්ම මතක් කළේ.—එෆීස 6:11, 13, 14.

9. සාතන් සහ භූතයන් අපිව අල්ලාගන්න හදන්නේ කොහොමද?

9 එක අවස්ථාවකදී අපි සාතන්ගේ උගුලකට අහු වුණේ නැති නිසා කවදාවත් අහු වෙන එකක් නැහැ කියලා හිතන්න හොඳ නැහැ. මොකද සාතන් බලන්නේ අපේ දුර්වල පැති අඳුනගෙන ඒ මාර්ගයෙන් අපිව අල්ලගන්නයි. හැබැයි සාතන්ගේ උගුල් ගැන බයිබලයේ තියෙන නිසා ඒවාට අහු නොවී ඉන්න අපිට පුළුවන්. (2 කොරින්ති 2:11; 31වෙනි අමතර සටහන බලන්න.) සාතන්ගේ උගුලක් වන භූතවාදය ගැන දැන් බලමු.

භූතයන්ගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න

10. (අ) භූතවාදය කියන්නේ මොකක්ද? (ආ) දෙවියන් භූතවාදය සලකන්නේ කොහොමද?

10 මිනිසුන් භූතයන් එක්ක සම්බන්ධ වෙලා කරන දේවල් තමයි භූතවාදය විදිහට හඳුන්වන්නේ. පේන කීම, මන්තර ගුරුකම්, මළවුන් එක්ක කතා කරන්න හදන එක වගේ අද්භූත බලයෙන් කරන දේවල් ඒකට ඇතුළත්. දෙවියන් භූතවාදය ‘පිළිකුල්’ කරනවා. (ද්විතීය කතාව 18:10-12) භූතවාදී දේවල් කරන කෙනෙක්ගේ නමස්කාරය ඔහු පිළිගන්නේ නැහැ. (එළිදරව් 21:8) ඒ නිසා භූතවාදයට සම්බන්ධ හැම දේකින්ම අපි වැළකිලා ඉන්න ඕනේ.—රෝම 12:9.

11. අද්භූත දේවල් ගැන හොයන්න ගියොත් වෙන්න පුළුවන් මොනවාද?

11 අද්භූත දේවල් ගැන අපි උනන්දු වෙනවා නම් ලේසියෙන්ම අපිව ඒ දේවලට ඇදගන්න පුළුවන් කියලා සාතන් දන්නවා. භූතවාදයට සම්බන්ධ පුංචිම දේකින් වුණත් දෙවියන් එක්ක තියෙන අපේ බැඳීමට හානියක් වෙන්න පුළුවන්.

සාතන් හදන්නේ අපිව රවට්ටන්න

12. අපි හිතන විදිහට බලපෑම් කරන්න සාතන් උත්සාහ කරන්නේ කොහොමද?

12 සාතන්ට ඕනෙ දෙවියන්ගේ මඟ පෙන්වීම් ගැන ටිකෙන් ටික සැකයන් ඇති කරලා ‘යහපතට නපුර කියලත් නපුරට යහපත’ කියලත් කියන තත්වයට මිනිසුන්ව ගේන්න. (යෙසායා 5:20) නියම සතුට අද්දකින්න දෙවියන්ගේ මඟ පෙන්වීම් ඕනෙ නැහැ කියලා හිතන්න අපිව පොලඹවන්නයි සාතන් වෑයම් කරන්නේ.

13. සැකයන් ඇති කරන්න සාතන් වෑයම් කරලා තියෙන්නේ කොහොමද?

13 සැකයන් ඇති කරන එක සාතන් පාවිච්චි කරන ප්‍රබල උගුලක්. සාතන් ඒ දේ කරන්න පටන්ගත්තේ ඒදන් උයනේදී. “උයනේ ගස්වලින් කන්න එපා කියා දෙවි ඔබට පැවසූ බව ඇත්තද” කියලා අහලා සාතන් ඒවගේ හිතේ සැකයක් ඇති කළා. (උත්පත්ති 3:1) තවත් අවස්ථාවකදී සාතන් දෙවියන්ගෙන් ඇහුවා යෝබ් “ඔබට ගරුබිය දක්වන්නේ නිකමටද” කියලා. (යෝබ් 1:9) යේසුස් බව්තීස්ම වුණාට පස්සේ සාතන් යේසුස්ට කිව්වේ “ඔබ දෙවිගේ පුත්‍රයෙකු නම් මේ ගල් රොටි කරන්න” කියලයි.—මතෙව් 4:3.

14. භූතවාදයට සම්බන්ධ දේවල හානියක් නැහැ කියලා හිතන්න සාතන් මිනිසුන්ව පොලඹවන්නේ කොහොමද?

14 අදටත් සාතන් මිනිසුන්ගේ හිත්වල සැකයන් ඇති කරනවා. උදාහරණෙකට භූතවාදයට සම්බන්ධ සමහර දේවල් සාතන් පෙන්වන්නේ සිත් ඇදගන්න විදිහට. ඒ නිසා ඒ දේවල් ඇත්තටම හානිකරද කියලා හුඟක් අය සැක කරනවා. දෙවියන්ගේ සෙනඟ අතරේ ඉන්න සමහර අයත් ඒ උගුලට අහු වෙලා තියෙනවා. (2 කොරින්ති 11:3) විනෝදයට කරන දේවල් සහ වෛද්‍ය ප්‍රතිකාර හරහා අපි නොදැනුවත්වම භූතවාදී දේවලට අහු වෙන්න පුළුවන්. ඒ කොහොමද?

අපේම ආශාවන් යොදාගෙන අපිව රවට්ටනවා

15. විනෝදයට කරන දේවල් නිසා භූතවාදයට සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා කියන්නේ ඇයි?

15 අද චිත්‍රපටිවල, වීඩියෝවල, රූපවාහිනි වැඩසටහන්වල, පරිගණක ක්‍රීඩාවල, වෙබ් අඩවිවල වැඩියෙන්ම අහන්න දකින්න ලැබෙන්නේ අද්භූත දේවලට, භූතයන්ට සහ මැජික්වලට සම්බන්ධ දේවලුයි. ඒ දේවලින් විනෝද වෙන එකේ කිසිම හානියක් නැහැ කියලයි හුඟක් අය හිතන්නේ. හැබැයි ඒක හරිම භයානකයි. මොකද ඒක භූතයන්ට කරන අත වැනීමක් වගෙයි. භූතවාදී ක්‍රියා අතරට හඳහන් බලන එක, අත බලලා සාස්තර කියන එක, පේන කියන එක, අංජනම් බලන එක වගේ දේවලුත් ඇතුළත් වෙනවා. ඒ දේවල් කුතුහලය අවුස්සන, ලොකු සතුටක් ලබන්න පුළුවන් විදිහට පෙන්නලා ඒවාවල තියෙන හානිය වහන්නයි සාතන් උත්සාහ කරන්නේ. ‘මං අද්භූත දේවල් බැලුවාට ඒ දේවල් කරන්නේ නැහැනේ’ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එහෙම හිතන එක භයානක දෙයක් වෙන්නේ ඇයි?—1 කොරින්ති 10:12.

16. විනෝද වෙන්න අද්භූත දේවල් ඇතුළත් කිසිම දෙයක් තෝරාගන්න එක සුදුසු නැත්තේ ඇයි?

16 අපේ හිතේ තියෙන දේවල් ගැන දැනගන්න සාතන්ට සහ භූතයන්ට බැහැ. හැබැයි අපි විනෝදයට තෝරාගන්න දේවල් ඇතුළු අපි ගන්න විවිධ තීරණවලින් අපි කැමති මොනවාටද කියලා තේරුම්ගන්න ඒ අයට පුළුවන්. උදාහරණෙකට හිතන්න අපි යක්ෂයන් ආවේශ වෙන එක, මැජික්, මායා බන්ධන ක්‍රියා, මායාකරුවන්, කට්ටඩියන්, වැම්පයර්ලා ඇතුළත් චිත්‍රපටි, සිංදු, පොත් පත් වගේ දේවල් විනෝද වෙන්න තෝරාගන්නවා කියලා. එහෙම වුණොත් ඒ දේවල් ගැන අපිට කුතුහලයක් තියෙනවා කියලා සාතන් සහ භූතයන් තේරුම්ගනියි. එතකොට භූතවාදයට සම්බන්ධ දේවල තවත් වැඩියෙන් අපිව හවුල් කරගන්න ඒ අය උත්සාහ කරයි.—ගලාති 6:7 කියවන්න.

17. නිරෝගීව ඉන්න අපිට තියෙන ආසාව සාතන් තමන්ගේ වාසියට හරවාගන්න උත්සාහ කරන්නේ කොහොමද?

17 අද හුඟක් අය අසනීප නිසා දුක් විඳිනවා. සමහර අසනීපවලට කොච්චර බෙහෙත් කළත් සුවයක් ලැබෙන්නේ නැහැ. (මාක් 5:25, 26) ඒ නිසා මොනම දෙයක් කරලා හරි අසනීපය සුව කරගන්න සමහරු වෑයම් කරනවා. ඒත් ‘මන්තර ගුරුකම්වලට’ සම්බන්ධ ප්‍රතිකාර ක්‍රමවලින් අපි සම්පූර්ණයෙන්ම වැළකෙන්න ඕනේ.—යෙසායා 1:13.

ඉස්පිරිතාලේ ඉන්න බිරිඳ එක්ක යාච්ඤා කරන සහෝදරයෙක්

අසනීපෙන් ඉද්දී යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න

18. ක්‍රිස්තියානීන් වැළකිලා ඉන්න ඕනෙ මොන ප්‍රතිකාර ක්‍රමවලින්ද?

18 අතීතයේදී සමහර ඊශ්‍රායෙල්වරු ‘මන්තර ගුරුකම්’ කරපු නිසා යෙහෝවා දෙවියන් එයාලට මෙහෙම කිව්වා. ‘ඔබ මට කන්නලව් කළත් මම අහක බලාගන්නෙමි. ඔබ මොන තරම් යාච්ඤා කළත් මම සවන් නොදෙන්නෙමි.’ (යෙසායා 1:15) එයාලා කරපු ඒ දේ දෙවියන් කොච්චර පිළිකුල් කළාද කියලා ඒකෙන් පැහැදිලියි. ඒ අය වගේ දෙවියන් එක්ක අපිට තියෙන බැඳීමට හානියක් කරගන්න අපි කැමති නැහැ නේද? විශේෂයෙන්ම අසනීපෙන් ඉද්දී අපිට ඔහුගේ උදව් නැතුවම බැහැ. (ගීතාවලිය 41:3) ඒ නිසා ප්‍රතිකාරයක් ගන්න කලින් ඒක භූතවාදයට සම්බන්ධයිද, ඒක ගුප්ත ප්‍රතිකාර ක්‍රමයක්ද කියලත් හොඳට හොයලා බලන්න ඕනේ. (මතෙව් 6:13) ඒ ගැන පුංචිම හරි සැකයක් තියෙනවා නම් ඒ ප්‍රතිකාරය ගන්න එකෙන් අපි වළකින්න ඕනේ.—32වෙනි අමතර සටහන බලන්න.

භූතයන් සම්බන්ධ කතා

19. හුඟක් මිනිසුන්ගේ හිත්වල යක්ෂයා ගැන බයක් ඇති වෙලා තියෙන්නේ ඇයි?

19 තමන් ලබලා තියෙන අද්දැකීම් නිසා යක්ෂයා සහ භූතයන් කියන්නේ සැබෑ චරිත කියලා සමහරු විශ්වාස කළත් තවත් අය හිතන්නේ ඒ අය හිතින් මවාගත්ත චරිත කියලයි. සමහරුන් භූතයන්ට කොච්චර බයද කියනවා නම් භූතවාදයට සම්බන්ධ චාරිත්‍ර එයාලගේ ජීවිතේම කොටසක් කරගෙන තියෙනවා. තවත් අය භූතයන්ගෙන් මිනිසුන්ට වෙන හිරිහැර ගැන අනිත් අයට කියනවා. හුඟක් අය ඒ වගේ කතා අහන්න හරි ආසයි. ඒ දේවල් ගැන අනිත් අයටත් කියන කල් එයාලට ඉස්පාසුවක් නැහැ. ඒ වගේ කතා අහලා මිනිසුන්ට යක්ෂයා ගැන ලොකු බයක් ඇති වෙනවා.

20. සාතන්ගේ බොරු පතුරුවන්න අපි පෙලඹෙන්න පුළුවන් කොහොමද?

20 සාතනුත් කැමතියි මිනිසුන් එයාට බයෙන් ඉන්නවාට. (2 තෙසලෝනික 2:9, 10) භූතවාදී දේවල් ගැන උනන්දු වෙන අයව රවට්ටලා බොරු දේවල් ඇත්ත කියලා හිතන්න සලස්වන්න සාතන් හරිම දක්ෂයි. ඒ වගේ අය එයාලා අහන, දකින දේවල් භූතයන්ට සම්බන්ධයි කියලා හිතලා ඒ ගැන අනිත් අයටත් කියන්න පෙලඹෙනවා. ඒවාට ඇහුම්කන් දෙන අය නැති තොරතුරුත් එකතු කරලයි ඒවා පතුරුවන්නේ. ඒ වගේ කතා කියලා සාතන් ගැන මිනිසුන්ගේ හිත්වල බයක් ඇති කරන්න අපිට කිසිම උවමනාවක් නැහැ.—යොහන් 8:44; 2 තිමෝති 2:16.

21. භූතයන් සම්බන්ධ කතා කියනවා වෙනුවට අපිට කතා කරන්න පුළුවන් මොනවා ගැනද?

21 කෙනෙක් ක්‍රිස්තියානියෙක් වෙන්න කලින් භූතයන්ගේ බලපෑමට අහු වෙලා හිටියා නම් ඒ අද්දැකීම් ගැන එයා අනිත් අයට කියන්න යන්නේ නැහැ. යක්ෂයාටයි, භූතයන්ටයි කරන්න පුළුවන් දේවල් ගැන අපි බය වෙන්න ඕනෙ නැහැ. යේසුස් ගැනයි, යෙහෝවා දෙවියන් ඔහුට දීලා තියෙන බලය ගැනයි අපි නිතරම හිතන්න ඕනේ. (හෙබ්‍රෙව් 12:2) යේසුස් කවදාවත් භූතයන් ගැන කතා කිව්වේ නැහැ. ඒ වෙනුවට ඔහු මිනිසුන්ට කිව්වේ රාජ්‍යය ගැන ශුභාරංචිය සහ “දෙවිගේ බලවත් ක්‍රියා” ගැනයි.—ක්‍රියා 2:11; ලූක් 8:1; රෝම 1:11, 12.

22. ඔයා අදිටන් කරගත්තේ මොනවා කරන්නද?

22 සාතන්ට ඕනෙ යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම කොහොමහරි නැති කරලා දාන්න. සාතන් අටවන උගුල් ගැන අපි හොඳින්ම දන්නවා. ඒ වගේම භූතවාදයට සම්බන්ධ කිසිම දේකට හවුල් නොවී ඉන්න අපි අදිටන් කරගෙන ඉන්නවා. ඒ අදිටන බිඳලා දාන්න “යක්ෂයාට කිසි ඉඩක්” නොදී ඉන්නයි අපි උත්සාහ කරන්නේ. (එෆීස 4:27 කියවන්න.) ඔව්, අපි දිගටම යක්ෂයාට විරුද්ධ වුණොත් එයාගේ උගුල්වලට අහු නොවී ඉන්නත් දිගටම යෙහෝවා දෙවියන්ගේ රැකවරණය ලබන්නත් අපිට පුළුවන්.—එෆීස 6:11.

බයිබල් ප්‍රතිපත්ති

1 මේ මුළු ලෝකයම පාලනය කරන්නේ යක්ෂයායි

‘මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙන බව අපි දනිමු.’—1 යොහන් 5:19

සාතන් උත්සාහ කරන්නේ මොනවා කරන්නද?

  • 1 පේතෘස් 5:8

    සාතන් උත්සාහ කරන්නේ දෙවියන් එක්ක අපිට තියෙන බැඳීමට හානි කරලා ඒ බැඳීම නැති කරලාම දාන්න.

  • යෝබ් 2:4, 5

    මිනිසුන් යෙහෝවා දෙවියන් ගැන දැනගෙන ඔහුට ආදරය කරනවාට සාතන් පොඩ්ඩක්වත් කැමති නැහැ.

2 සාතන්ට බය වෙන්න එපා

“දෙවිට යටත් වන්න. යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යයි.”—යාකොබ් 4:7

යක්ෂයාට විරුද්ධ වෙන්න අපිට පුළුවන් කියලා අපි දන්නේ කොහොමද?

  • එළිදරව් 7:9, 14

    යෙහෝවා දෙවියන් යක්ෂයාට යම් සීමාවන් දාලයි තියෙන්නේ. මහත් සමූහයකට පාරාදීසයේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.

  • 2 ලේකම් 15:2

    අපි යෙහෝවා දෙවියන්ට ළං වෙලා ඉද්දී ඔහුත් එක්ක තියෙන අපේ බැඳීම නැති කරලා දාන්න සාතන්ට බැහැ.

  • 1 කොරින්ති 10:13; හෙබ්‍රෙව් 11:4-40

    අතීතයේදී දිගටම විශ්වාසවන්තව ඉන්න තමන්ගේ සේවකයන්ට උදව් කළා වගේ මේ කාලෙදි අපිටත් උදව් කරනවා කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.

3 සාතන්ගේ උගුල්වලට අහු වෙන්න එපා

“ඔහු කොතරම් කපටි අන්දමින් ක්‍රියා කරනවාද කියා අපි හොඳින් දැන සිටිමු.”—2 කොරින්ති 2:11

යක්ෂයා පාවිච්චි කරන්නේ මොන වගේ උගුල්ද?

  • යොහන් 15:19; එළිදරව් 12:12, 17

    මුළු ලෝකයම තමන්ගේ පාලනය යටතේ තිබුණත් යෙහෝවා දෙවියන්ගේ සෙනඟ තමන් යටතේ නැති නිසා කොහොමහරි එයාලව තමන්ගේ පැත්තට ගන්නයි යක්ෂයා උත්සාහ කරන්නේ.

  • උත්පත්ති 3:1; ගලාති 5:19-21; එෆීස 6:12

    අපේ දුර්වලකම් හඳුනාගෙන ඒ මාර්ගයෙන් අපිව රවට්ටන්නයි යක්ෂයා උත්සාහ කරන්නේ.

  • ලෙවී කතාව 19:26; යෙසායා 1:13, 15; මාක් 5:25, 26

    වෛද්‍ය ප්‍රතිකාර ගැන හුඟක් පරෙස්සම් වෙන්න. සුව වෙන්න තියෙන ආසාව නිසා අද්භූත බලයකින් කරන ප්‍රතිකාරයක් වුණත් ගන්න කෙනෙක් පෙලඹෙන්න පුළුවන්.

  • ද්විතීය කතාව 18:10-12; ක්‍රියා 19:19; ගලාති 6:7; එළිදරව් 21:8

    අද්භූත දේවල් ගැන අපි උනන්දු වෙනවා කියලා දැක්කොත් ඒකෙන් ප්‍රයෝජන ගන්න භූතයන්ට පුළුවන්. භූතවාදී දේවලට හවුල් වෙනවා කියන්නේ යෙහෝවා දෙවියන්ට අකීකරු වෙනවා කියන එකයි.

4 යක්ෂයාගේ බොරු පතුරුවන්න එපා

‘යක්ෂයා බොරුකාරයෙක්. ඔහු බොරුවේ පියායි.’—යොහන් 8:44

යක්ෂයාගේ බොරු පතුරුවන්න අපි පෙලඹෙන්න පුළුවන් කොහොමද?

  • රෝම 1:11, 12; 2 තිමෝති 2:16

    තියෙන බලයටත් වඩා බලයක් යක්ෂයාටත් භූතයන්ටත් තියෙනවා කියලා ඇඟවෙන විදිහේ කතා මිනිස්සු පතුරුවනවා. ඒ වගේ කතා පතුරුවලා මිනිසුන්ව බය කරනවා වෙනුවට එකිනෙකාව දිරිගන්වන්නයි අපි උත්සාහ කරන්න ඕනේ.

  • එෆීස 6:11

    යක්ෂයා අටවන උගුල් ගැන දැනගෙන හිටියොත් ඒවාට අහු නොවී ඉන්නත් දිගටම යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වාගන්නත් පුළුවන් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න