ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • th 19 පාඩම 22 පි.
  • හදවතට කතා කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හදවතට කතා කරන්න
  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • සමාන තොරතුරු
  • උද්‍යෝගය
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • හදවතට ළඟාවීමට වෑයම් කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • තොරතුරු ප්‍රයෝජනවත් වන විදිහ පෙන්වලා දෙන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • ගොඩනංවන සහ හොඳ දේවලට අවධානය දෙන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
තව තොරතුරු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
th 19 පාඩම 22 පි.

19වෙනි පාඩම

හදවතට කතා කරන්න

බයිබල් පදයක්

හිතෝපදේශ 3:1

සාරාංශය: ඉගෙනගන්න දේවල වටිනාකම තේරුම් අරන් ඒවා අදාළ කරගන්න සවන් දෙන අයට උදව් කරන්න.

ඒක කරන විදිහ:

  • තමන්වම සෝදිසි කරලා බලන්න උදව් කරන්න. තමන්ගේ හිතේ තියෙන්නේ මොනවාද කියලා එයාලටම තේරුම්ගන්න උදව් වන ප්‍රශ්න සබයෙන් අහන්න.

  • හරි චේතනාවෙන් දේවල් කරන්න දිරිගන්වන්න. එයාලා යහපත් දේවල් කරන්නේ ඇයි කියලා හිතලා බලන්න සවන් දෙන අයව උනන්දු කරන්න. යෙහෝවා දෙවි ගැන, මිනිසුන් ගැන, සත්‍ය ඉගැන්වීම් ගැන තියෙන අගය සහ ආදරේ නිසයි අපි යහපත් දේවල් කරන්න ඕනේ. නීති දානවා වෙනුවට බයිබලයේ තියෙන විදිහට දේවල් කරන එක ඥානවන්තයි කියලා තේරුම්ගන්න උදව් කරන්න. ‘මං දේවල් හරියට කරන්නේ නෑනේ’ කියන හැඟීම නෙමෙයි ‘මටත් පුළුවන් දේවල් හරියට කරන්න’ කියන හැඟීමයි එයාලට ඇති වෙන්න ඕනේ.

  • යෙහෝවා දෙවි ගැන හිතන්න දිරිගන්වන්න. බයිබලයේ ඉගැන්වීම්, ප්‍රතිපත්ති සහ නීතිවලින් දෙවිගේ ගතිලක්ෂණත් ඔහුගේ ආදරෙත් පැහැදිලි වන විදිහ පෙන්වන්න. දෙවිට හැඟෙන විදිහ ගැන හිතලා ඔහු සතුටු වන දේ කරන්න ආසාවක් සවන් දෙන අයගේ හිතේ ඇති කරන්න.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    දෙවිට ළං වෙන්න මිනිසුන්ට උදව් කරන්නේ දෙවියි කියලා මතක තියාගන්න. අපේ අදහස් නෙමෙයි බයිබලයේ තියෙන තොරතුරු යොදාගෙන සවන් දෙන අයව ක්‍රියාවට පොලඹවන්න.

සේවයේදී

ප්‍රශ්න අහලා සවන් දෙන අය විශ්වාස කරන දේ දැනගන්න. එයාලගේ හිතේ තියෙන දේ දැනගන්න මුහුණේ ඉරියව්, කතා කරන විදිහ ගැන අවධානයෙන් ඉන්න. ඔයා ගැන එයාට විශ්වාසයක් ඇති වුණාමයි හිතේ තියෙන දේ කියන්න එයා පෙලඹෙන්නේ. ඒකට ඉවසීම ඕනේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න