16වෙනි පාඩම
ගොඩනංවන සහ හොඳ දේවලට අවධානය දෙන්න
යෝබ් 16:5
සාරාංශය: ප්‍රශ්නවලට නෙමෙයි විසඳුම්වලට වැඩි අවධානයක් දෙන්න. හොඳ පැති දකින්න සවන් දෙන අයට උදව් කරන්න.
ඒක කරන විදිහ:
සවන් දෙන අය ගැන හොඳ විදිහට හිතන්න. සහෝදර සහෝදරියන්ට ඕනෙ යෙහෝවා දෙවි සතුටු වන දේ කරන්න කියලා විශ්වාස කරන්න. උපදෙසක් දෙද්දී වුණත් ඉස්සෙල්ලාම එයාලව අගය කරන්න.
ප්‍රශ්න ගැන, දිරිගැන්වීමක් ලැබෙන්නේ නැති දේවල් ගැන පුළුවන් තරම් අඩුවෙන් කතා කරන්න. ඒ වගේ තොරතුරු ගැන යම් ප්‍රමාණයකට කතා කරන එකෙන් ප්‍රයෝජනයක් තිබුණත් ඔයාගේ ඉදිරිපත් කිරීමේ වැඩි හරියක් තියෙන්න ඕනෙ දිරිගැන්වෙන තොරතුරු.
බයිබලය පාවිච්චි කරන්න. යෙහෝවා දෙවි මිනිසුන් වෙනුවෙන් කරපු, දැන් කරන, කරන්න යන දේවල්වලට අවධානය දෙන්න. සවන් දෙන අයව දිරිගන්වන්න. ශක්තිමත් කරන්න.