6වෙනි පාඩම
හැම දෙයක්ම ඇති වුණේ කොහොමද?
‘හැම දෙයක්ම නිර්මාණය කළේ දෙවියන්.’ (එළිදරව් 4:11) ඔයාට ඒක විශ්වාස කරන්න පුළුවන්ද? සමහරු හිතනවා හැම දෙයක්ම අහම්බෙන් නැත්නම් ඉබේ ඇති වුණා කියලා. ඒක ඇත්ත නම් අපේ ජීවිතේ කිසි තේරුමක් නැහැ. ඔහේ ජීවත් වෙනවා විතරයි. හැබැයි යෙහෝවා දෙවියන් අපිව නිර්මාණය කළා නම් ඒකට හොඳ හේතුවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ ජීවිතේට අර්ථයක් තියෙන්න ඕනේ.a හැම දේම ඇති වුණ විදිහ ගැන බයිබලයේ තියෙන වාර්තාව ගැනත් ඒක විශ්වාස කරන්න පුළුවන් හේතු ගැනත් අපි බලමු.
1. ඉර, හඳ, තරු සහ පොළොව ඇති වුණේ කොහොමද?
බයිබලයේ කියනවා “පටන්ගැන්මේදී දෙවියන් අහසයි, පොළොවයි නිර්මාණය කළා” කියලා. (උත්පත්ති 1:1) විශ්වයට ආරම්භයක් තිබුණා කියලා ගොඩක් විද්‍යාඥයනුත් පිළිගන්නවා. ඒ හැම දේම දෙවියන් නිර්මාණය කළේ කොහොමද? මන්දාකිනි, තරු, ග්‍රහලෝක ඇතුළුව විශ්වයේ තියෙන හැම දේම නිර්මාණය කරන්න දෙවියන් ඔහුගේ “බලය” පාවිච්චි කළා.—උත්පත්ති 1:2.
2. දෙවියන් පොළොව හැදුවේ ඇයි?
යෙහෝවා දෙවියන් “පොළොව හැදුවේ අරමුණක් ඇතුවයි. ඒක හැදුවේ මිනිස්සුන්ට ජීවත් වෙන්නයි.”(යෙසායා 45:18) ඔහු පොළොව හැදුවේ මිනිස්සුන්ට හැමදාටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් තැනක් විදිහටයි. (යෙසායා 40:28 සහ 42:5 කියවන්න.) විද්‍යාඥයනුත් කියනවා පොළොව හරිම විශේෂයි කියලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕනෙ කරන හැම දේම තියෙන වෙන කිසිම ග්‍රහලෝකයක් මේ වෙන කල් හොයාගෙන නැහැ.
3. මිනිස්සු, සත්තුන්ට වඩා විශේෂයි කියලා කියන්නේ ඇයි?
යෙහෝවා දෙවියන් පොළොව හැදුවාට පස්සේ පොළොවේ තියෙන හැම දෙයක්ම හැදුවා. මුලින්ම ඔහු හැදුවේ ගස් කොළන් සහ සත්තු. ඊටපස්සේ “දෙවියන් මිනිසාව නිර්මාණය කළා. දෙවියන් මිනිසාව නිර්මාණය කළේ ඔහුට සමානකම් තියෙන විදිහට.” (උත්පත්ති 1:27 කියවන්න.) අපිව දෙවියන්ට සමානකම් තියෙන අය විදිහට හදලා තියෙන නිසා අපි සත්තුන්ට වඩා වෙනස්. දෙවියන් වගේ ආදරය පෙන්නන්න, සාධාරණ විදිහට වැඩ කරන්න අපිට පුළුවන්. භාෂා ඉගෙනගන්න, ලස්සන දේවල්, සංගීතය රස විඳින්න වගේ හැකියාවනුත් දෙවියන් අපිට දීලා තියෙනවා. අපිව හදපු කෙනාව අඳුරගෙන ඔහුට නමස්කාර කරන්නත් අපිට පුළුවන්.
තවත් හොයමු
හැම දේම නිර්මාණය කළා කියන්න තියෙන සාක්ෂි ගැනත් ඒ ගැන බයිබලයේ තියෙන වාර්තාව විශ්වාස කරන්න පුළුවන් ඇයි කියලත් බලන්න. මිනිස්සුන්ට තියෙන හොඳ ගතිගුණවලින් දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා දැනගන්න.
4. හැම දේම නිර්මාණය කළා
සත්තු දිහා බලලා මිනිස්සු දේවල් හදනවා. ඒවාට මිනිස්සුන්ට ගෞරවය ලැබෙනවා. එහෙමනම් ඒ සත්තු හැදුවාට ගෞරවය ලැබෙන්න ඕනෙ කාටද? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
- සත්තු දිහා බලලා මිනිස්සු හදලා තියෙන්නේ මොන වගේ දේවල්ද? 
ඕනෙම ගෙයක් සැලසුම් කරලා හදන්න කෙනෙක් ඉන්න ඕනේ. එතකොට අපි අවට තියෙන දේවල් සැලසුම් කරලා හැදුවේ කවුද? හෙබ්‍රෙව් 3:4 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
- ඔයාට පුදුම හිතෙන්නේ අවට පරිසරයේ තියෙන මොන දේවල් දැක්කාමද? 
- විශ්වය සහ ඒකේ තියෙන හැම දෙයක්ම කවුරු හරි හැදුවා කියලා විශ්වාස කරන්න පුළුවන්ද? ඔයා එහෙම කියන්නේ ඇයි? 
ඔයා දැනගෙන හිටියාද?
මේ ගැන තව විස්තර jw.org එකේ තියෙන “නිර්මාණයක්ද?” සහ “නොදුටු පැත්ත හෙළි වෙයි” කියන වීඩියෝ සහ ලිපි මාලාවලින් දැනගන්න පුළුවන්.
“ඇත්තටම හැම නිවසක්ම හදන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒත් හැම දෙයක්ම හදපු තැනැත්තා දෙවියන්”
5. හැම දේම හදපු විදිහ ගැන බයිබලයේ තියෙන වාර්තාව පිළිගන්න පුළුවන්
උත්පත්ති 1වෙනි පරිච්ඡේදයේ පොළොවත් ඒකේ තියෙන හැම දෙයක්මත් ඇති වුණේ කොහොමද කියලා විස්තර කරනවා. ඒ වාර්තාව ඇත්තක්ද නැත්නම් ගොතපු කතාවක්ද? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
- පොළොව සහ ඒකේ තියෙන හැම දෙයක්ම පැය 24 දවස් හයකින් හැදුවා කියලද බයිබලයේ කියන්නේ? 
- හැම දෙයක්ම හදපු විදිහ ගැන බයිබලයේ තියෙන වාර්තාව තර්කානුකූලයි, විශ්වාස කරන්න පුළුවන් කියලා ඔයා හිතනවාද? එහෙම කියන්නේ ඇයි? 
උත්පත්ති 1:1 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
- විද්‍යාඥයන් කියනවා මේ විශ්වයට ආරම්භයක් තිබුණා කියලා. ඒ අදහස බයිබලයේ ඔයා දැන් කියවපු දේට ගැළපෙන්නේ කොහොමද? 
සමහරු හිතනවා හැම දේම හදන්න දෙවියන් පරිණාමය යොදාගන්න ඇති කියලා. උත්පත්ති 1:21, 25, 27 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
- දෙවියන් සරල ජීවියෙක් හදලා ඒක මාළු, ක්ෂීරපායි සත්තු සහ මිනිස්සු විදිහට පරිණාමය වෙන්න ඉඩහැරියා කියලා බයිබලයේ කියනවාද? නැත්නම් ඔහු “ඒ ඒ වර්ග විදිහට” ජීවීන්ව නිර්මාණය කළාද?b 
6. අනිත් හැම නිර්මාණයකටම වඩා මිනිස්සු විශේෂයි
යෙහෝවා දෙවියන් හදපු හැම සතෙක්ටම වඩා අපි වෙනස්. උත්පත්ති 1:26 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
- අපිට ආදරය, අනුකම්පාව පෙන්නන්න පුළුවන්. ඒකෙන් දෙවියන් ගැන පැහැදිලි වෙන්නේ මොකක්ද? 
සමහරු මෙහෙම කියනවා: “උත්පත්ති පොතේ වාර්තාව නිකම්ම ගොතපු කතාවක් විතරයි.”
- ඔයා හිතන්නේ මොකක්ද? එහෙම හිතන්නේ ඇයි? 
ඉගෙනගත්ත දේ
විශ්වය ඇතුළුව හැම දේම හැදුවේ යෙහෝවා දෙවියන්.
ඔයා හිතන්නේ මොකක්ද?
- විශ්වයේ ආරම්භය ගැන බයිබලයේ කියන්නේ මොකක්ද? 
- දෙවියන් එක ජීවියෙක්ගෙන් හැම දෙයක්ම පරිණාමය වෙන්න ඉඩහැරියාද නැත්නම් හැම දෙයක්ම ඔහු නිර්මාණය කළාද? 
- මිනිස්සුන්ගේ තියෙන විශේෂත්වය මොකක්ද? 
තව දැනගන්න
නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා ඔප්පු වෙන සාක්ෂි බලන්න.
නිර්මාණය ගැන බයිබලයේ තියෙන විස්තරය තාත්තා කෙනෙක්ට එයාගේ පුතාට පැහැදිලි කරන්න පුළුවන් විදිහ ගැන බලන්න.
පරිණාමවාදයයි, බයිබල් වාර්තාවයි දෙකම නිවැරදි වෙන්න පුළුවන්ද කියලා බලන්න.
“විවිධ ජීවීන්ව නිර්මාණය කරන්න දෙවියන් පරිණාමය යොදාගත්තාද?” (වෙබ් ලිපිය)
ෆොසිල වාර්තාවලින් සහ පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙන්නේ ජීවය නිර්මාණය කළා කියලද නැත්නම් ඉබේ ඇති වුණා කියලද?
a දෙවියන් මිනිස්සුන්ව හැදුවේ ඇයි කියලා 25වෙනි පාඩමේ කතා කරනවා.
b බයිබලයේ “ඒ ඒ වර්ග” කියද්දී ඒකට එකම පවුලට අයිති සියලුම ජීවීන් ඇතුළත්.