3වෙනි කොටසේ සාරාංශය
බයිබලයේ තියෙන දේවල් ඔයාට කියලා දෙන යාළුවා එක්ක මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
- හිතෝපදේශ 27:11 කියවන්න. - යෙහෝවාට ළැදිව ඉන්න ඔයා කැමති ඇයි? - (34වෙනි පාඩම බලන්න.) 
 
- කරන්න ඕනෙ දේ බයිබලයේ කෙළින්ම කියලා නැති වෙලාවල හොඳ තීරණ ගන්නේ කොහොමද? - (35වෙනි පාඩම බලන්න.) 
- අවංකව වැඩ කරන්න ඔයාට පුළුවන් කොහොමද? - (36වෙනි පාඩම බලන්න.) 
- මතෙව් 6:33 කියවන්න. - රස්සාව බාධාවක් කරගන්නේ නැතුව ‘දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දෙන්න’ පුළුවන් කොහොමද? - (37වෙනි පාඩම බලන්න.) 
 
- ජීවිතේ වටින දෙයක් විදිහට සලකනවා කියලා පෙන්නන්න පුළුවන් සමහර පැති මොනවාද? - (38වෙනි පාඩම බලන්න.) 
- ක්‍රියා 15:29 කියවන්න. - ලේවලින් වැළකිලා ඉන්න කියන ආඥාවට කීකරු වෙන්න ඔයාට පුළුවන් කොහොමද? 
- යෙහෝවා දීලා තියෙන ආඥා සාධාරණයි කියලා ඔයා හිතනවාද? - (39වෙනි පාඩම බලන්න.) 
 
- 2 කොරින්ති 7:1 කියවන්න. - පවිත්‍රව ඉන්න කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? - (40වෙනි පාඩම බලන්න.) 
 
- 1 කොරින්ති 6:9, 10 කියවන්න. - ලිංගික සම්බන්ධකම් ගැන බයිබලයේ කියන්නේ මොකක්ද? ඔයා ඒකට එකඟද? 
- මත්පැන් ගැන බයිබලයේ කියන්නේ මොකක්ද? - (41වෙනි සහ 43වෙනි පාඩම බලන්න.) 
 
- මතෙව් 19:4-6, 9 කියවන්න. - විවාහය ගැන යෙහෝවා දීලා තියෙන මඟ පෙන්වීම් මොනවාද? 
- විවාහයන් සහ දික්කසාදයන් රටේ නීතියට අනුව කරන්න ඕනෙ ඇයි? - (42වෙනි පාඩම බලන්න.) 
 
- යෙහෝවා අකමැති උත්සව මොනවාද? - (44වෙනි පාඩම බලන්න.) 
- යොහන් 17:16 සහ ක්‍රියා 5:29 කියවන්න. - පැති නොගෙන ඉන්න පුළුවන් කොහොමද? 
- මිනිස්සුන්ගේ නීති සහ දෙවියන්ගේ නීතිය ගැටෙද්දී අපි කීකරු වෙන්න ඕනෙ කාටද? - (45වෙනි පාඩම බලන්න.) 
 
- මාක් 12:30 කියවන්න. - යෙහෝවාට ආදරෙයි කියලා ඔයාට පෙන්නන්න පුළුවන් කොහොමද? - (46වෙනි සහ 47වෙනි පාඩම බලන්න.)