4වෙනි කොටසේ සාරාංශය
බයිබලයේ තියෙන දේවල් ඔයාට කියලා දෙන යාළුවා එක්ක මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
- හිතෝපදේශ 13:20 කියවන්න. - හොඳ යාළුවෝ තෝරගන්න ඕනෙ ඇයි? - (48වෙනි පාඩම බලන්න.) 
 
- බයිබලයේ තියෙන මොන උපදෙස ඔයාට උදව් වෙයිද? - ඔයා සැමියෙක් නැත්නම් බිරිඳක් නම් 
- ඔයා අම්මෙක්, තාත්තෙක් නැත්නම් දරුවෙක් නම් - (49වෙනි සහ 50වෙනි පාඩම බලන්න.) 
 
- අපේ කතාබහ කොයි විදිහට තිබුණොත්ද යෙහෝවා සතුටු වෙන්නේ? ඔහු ආස නැත්තේ මොන විදිහට කතා කරනවාටද? - (51වෙනි පාඩම බලන්න.) 
- අඳින පලඳින විදිහ ගැන හොඳ තීරණ ගන්න ඔයාට උදව් වෙන්නේ මොන බයිබල් ප්රතිපත්තිද? - (52වෙනි පාඩම බලන්න.) 
- යෙහෝවා සතුටු වෙන විදිහට විනෝදෙට කරන දේවල් තෝරගන්න පුළුවන් කොහොමද? - (53වෙනි පාඩම බලන්න.) 
- මතෙව් 24:45-47 කියවන්න. - “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” කවුද? - (54වෙනි පාඩම බලන්න.) 
 
- කාලය, ශක්තිය සහ ඔයාට තියෙන දේවලින් සභාවේ වැඩවලට උදව් කරන්න පුළුවන් කොහොමද? - (55වෙනි පාඩම බලන්න.) 
- ගීතාවලිය 133:1 කියවන්න. - සභාවේ සමඟිය රැකගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද? - (56වෙනි පාඩම බලන්න.) 
 
- බරපතළ වරදක් වුණාම යෙහෝවාගේ උදව් ලබාගන්න පුළුවන් කොහොමද? - (57වෙනි පාඩම බලන්න.) 
- 1 ලේකම් 28:9 සහ පාදසටහන කියවන්න. - විරුද්ධවාදිකම් එද්දී, කෙනෙක් සත්‍යය අතහැරලා යද්දී ඔයා යෙහෝවාට “මුළු හදවතින්ම කැප වෙලා” ඉන්නවා කියලා ඔයාට පෙන්නන්න පුළුවන් කොහොමද? 
- යෙහෝවාට ළැදිව ඉන්නත් බොරු ආගමෙන් අයින් වෙලා ඉන්නත් ඔයාට මොනවා හරි වෙනස්කමක් කරගන්න තියෙනවාද? - (58වෙනි පාඩම බලන්න.) 
 
- විරුද්ධවාදිකම්වලට දැන් තියාම සූදානම් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? - (59වෙනි පාඩම බලන්න.) 
- දෙවියන් එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න ඔයා මොන වගේ දේවල් කරන්නද හිතුවේ? - (60වෙනි පාඩම බලන්න.)