ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lmd 10 පාඩම
  • කැප කිරීම් කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කැප කිරීම් කරන්න
  • ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යේසුස් කරපු දේ
  • යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?
  • යේසුස්ව ආදර්ශයට ගන්න
  • නිකොදේමුස්ගෙන් පාඩමක් ඉගෙනගනිමු
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් රාත්‍රියේදී නිකදේමස්ට උගන්වයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යෙහෝවාට සේවේ කරන්න බයිබල් ශිෂ්‍යයාට උදව් කරන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නිකදේමස්ට ඉගැන්වීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
lmd 10 පාඩම

ගෝලයන් වෙන්න උදව් කරද්දී

යේසුස් සහ නිකදේමස් රෑ මිදුලකට වෙලා කතා කරකර ඉන්නවා.

යොහන් 3:1, 2

10පාඩම

කැප කිරීම් කරන්න

ප්‍රතිපත්තිය: ‘අපේ හිතේ තියෙන ආදරේ නිසා ඔයාලට ශුභාරංචිය කියන්න විතරක් නෙමෙයි අපේ ජීවිත වුණත් දෙන්න අපි ලෑස්ති වෙලා හිටියා.’—1 තෙස. 2:8.

යේසුස් කරපු දේ

යේසුස් සහ නිකදේමස් රෑ මිදුලකට වෙලා කතා කරකර ඉන්නවා.

වීඩියෝ: ‘යේසුස් නිකදේමස්ට උගන්වයි’

1. වීඩියෝ එක බලන්න, නැත්නම් යොහන් 3:1, 2 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:

  1. අ. නිකදේමස් රෑ වුණාට පස්සේ යේසුස්ව හම්බ වෙන්න යන්න ඇත්තේ ඇයි?—යොහන් 12:42, 43 බලන්න.

  2. ආ. මිනිස්සුන්ට ගෝලයන් වෙන්න උදව් කරන්න යේසුස් කැප වෙලා වැඩ කළා කියලා ඒකෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?

2. යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න කැප වෙලා වැඩ කරද්දී අපි පෙන්නන්නේ අපි මිනිස්සුන්ට ආදරෙයි කියලයි.

යේසුස්ව ආදර්ශයට ගන්න

3. ශිෂ්‍යයාට පහසු තැනක්, වෙලාවක් තෝරගන්න. පාඩම කරන්න එයා කැමති දවසක්, වෙලාවක් ඇති. එයාට පහසු ගෙදරදීද, වැඩපොළේදීද නැත්නම් පොදු තැනකදීද කියලා හිතන්න. පුළුවන් තරම් එයාට ලේසි විදිහට ඔයාගේ කාලසටහන හදාගන්න.

4. හැම සතියකම පාඩම කරන්න. හදිස්සියේ එදාට පාඩමට යන්න බැරි වුණොත් පාඩම කරන්නේ නැතුව ඉන්න එපා. මෙහෙම හිතන්න.

  1. අ. ඒ සතියේම වෙන දවසක පාඩම කරන්න පුළුවන්ද?

  2. ආ. ෆෝන් එකෙන් හරි වීඩියෝ කොන්ෆරන්සිං හරහා හරි පාඩම කරන්න පුළුවන්ද?

  3. ඇ. පාඩමට වෙන ප්‍රචාරකයෙක්ව යවන්න පුළුවන්ද?

5. හොඳ පැති දකින්න යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. හැම සතියකම පාඩම කරන්න එයාට බැරි වෙයි. ඉගෙනගන්න දේවල් ඉක්මනින්ම අදාළ කරගන්නෙත් නැති වෙයි. ඒත් එයා වෙනුවෙන් කැප කිරීම් කරන්න ඔයාට උදව් කරන්න කියලා යාච්ඤා කරන්න. (ෆිලි. 2:13) අනිවාර්යයෙන්ම එයාට හොඳ ගුණාංග ගොඩක් ඇති. ඒවා දකින්න ඔයාට උදව් කරන්න කියලත් යාච්ඤා කරන්න.

මේ පදත් බලන්න

හිතෝ. 3:27; ක්‍රියා 20:35; 2 කොරි. 12:15

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න