“ඔබ ඇදහිල්ලේ සිටිනවාදැයි පරීක්ෂා කරමින් සිටින්න”
දෙවෙනි කොරින්ති පොතෙන් මූලික කරුණු
ප්‍රේරිත පාවුල් කොරින්තියේ විසූ ක්‍රිස්තියානින් ගැන සැලකිලිමත් වූයේ ය. ඔහුගේ පළමු ලිපිය තුළ ඔවුනට දෙන ලද උපදෙස් ඔවුන් කෙසේ සලකනු ඇති ද? කොරින්තියයන්ව පසුතැවිල්ලට ලක් කරවනු වස් පාවුල්ගේ ලිපිය ඔවුන්ව ශෝකයට පත් කරවූවාය යන ප්රසාදාත්මක පුවත රැගෙන තීතස් මකිදෝනියට පැමිණෙන විට පාවුල් එහි සිටියේ ය. එය පාවුල් ව කොතරම් සතුටට පත් කළා ද!—2 කොරින්ති 7:8-13.
පෙනෙන හැටියට පො. යු. 55 වසර මැද භාගයෙන් පසු, මකිදෝනියාවේ සිට පාවුල් දෙවෙනි කොරින්ති පොත ලීවේ ය. මෙම ලිපිය තුළ, සභාව පිරිසිදුව තබා ගැනීමට, යුදෙයාවේ අවශ්‍යතාවයන් තිබෙන සහෝදරයන්ට උදෙසා සම්මාදම් කිරීමට ආශාවක් ඇතිකිරීමට, සහ තම ප්රේරිතභාවය ආරක්ෂා කරගැනීමට ගන්නා ලද පියවරවල් ගැන ඔහු සාකච්ඡා කළේ ය. පාවුල් පැවසූ බොහෝ දේවල්, අප ‘ඇදහිල්ලේ සිටිනවාදැයි පරීක්ෂාකර බැලීමට’ අපට උපකාරී වෙයි. (13:5) එහෙයින්, මෙම ලිපියෙන් අපට උකහා ගත හැක්කේ කුමක් ද?
සැනසිල්ලේ දෙවියන් වහන්සේට සේවය කරන්න
අපගේ සියලු පීඩාවල දී දෙවියන් වහන්සේ අප සනසනවාක් මෙන්, අප අන්‍යයන්ව සනසා ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළ යුතුයි. (1:1–2:11) පාවුල් සහ ඔහුගේ ආශ්‍රිතයන් අතී පීඩාකාරී තත්ත්වයන් යටතේ සිටිය ද, දෙවියන් වහන්සේ ඔවුන්ව ගලවා ගත් සේක. එහෙත්, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමෙන් ඔවුනට උපකාර කිරීමට කොරින්තියනට හැකි වූ අතර, අප ද සැබෑ ඇදහිල්ල වැළඳගන්නන් වෙනුවෙන් යාච්ඤා කළ යුතු ය. එහෙත් 1 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ සඳහන් දුරාචාර මිනිසා ගැන කුමක් කිව හැකි ද? පෙනෙන අයුරින් ඔහුව නෙරපනු ලැබ තිබූ නමුදු ඔහු නැවත පසුතැවිලි වී තිබිණි. කොරින්තියවරු ඔහුට සමාව විදහා පා ප්‍රේමණීය ලෙස ඔවුන් අතරට ඔහුව නැවත පිහිටුවන විට ඔහු මොනතරම් සැනසීමක් ලැබුවා විය හැකි ද?
ක්‍රිස්තියානි දේව සේවය කෙරෙහි ඇති අපගේ අගය වැඩි කොට සැබෑ ඇදහිල්ල කෙරෙහි වූ අපගේ ස්ථාවරය ශක්තිමත් කිරීමට පාවුල්ගේ වචනවලට හැක. (2:12–6:10) ඒ මන්දයත්, නව ගිවිසුමේ දේව සේවකයන් දෙවියන් වහන්සේ පෙරමුණේ ඇතිව “ජය පෙරහැරකින්” යාමට වරප්‍රසාද ලැබ සිටිති! පාවුල් සහ ඔහුගේ සෙසු හවුල් වැඩ කරුවන්ට පෙන්වනු ලැබූ දයාව හේතුකොටගෙන ඉතා අගේ කොට සලකනු ලැබූ දේව සේවයක් ඔවුනට තිබිණි. ඔවුනට මෙන්, අද දින ආලේපලත් අයට ද සමගි කිරීමේ දේව සේවයක් තිබේ. එහෙත්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සියල්ලන්ට ම තම දේව සේවය තුළින් අන්‍යයන්ව පොහොසත් කරති.
ශුද්ධකම සම්පූර්ණ කරගෙන ත්‍යාගශීලි වන්න
ක්‍රිස්තියානි දේව සේවකයන් ශුද්ධකම සම්පූර්ණ කරගෙන යෙහෝවඃ වහන්සේට භය ව සිටිය යුතු බව පාවුල් අපට පෙන්වයි. (6:11–7:16) අප ඇදහිල්ලේ ස්ථීරව සිටීමට නම්, නොඇදහිලිකාරයන් සමඟ අසම ලෙස සම්බන්ධ වීමෙන් [එක වියගහක් යටට පැමිණීමෙන් NW] අප වැළකී සිටිය යුතු අතර, මාංසික හා ආත්මික කිලුටුකම්වලින් අපව ම පවිත්‍ර කර ගැනීම අවශ්‍ය ය. දුරාචාරමය වැරදිකරුවාව නෙරපාදැමීම මගින් පවිත්රකිරීමේ ක්‍රියාමාර්ගයක් කොරින්තියයන් ගනු ලැබූ අතර, ඔවුන්ගේ ගැලවීම සඳහා පසුතැවිලි වීමට තුඩුදෙන තරමට තම ලිපිය ඔවුන්ව ශෝකයට පත්කරවීම ගැන පාවුල් සතුටු විය.
දේව භයැති දේව සේවකයන් තම ත්‍යාගශීලිකම නිසා විපාක ලබන බව ද අපි ඉගෙන ගනිමු. (8:1–9:15) අවශ්‍යතාවය ඇති “ශුද්ධවන්තයන්” සඳහා වූ සම්මාදම් ගැන සඳහන් කරද්දී මකිදෝනියවරුන්ගේ කදිම ආදර්ශය ගැන පාවුල් හුවා දැක්වී ය. ඔවුන් තම හැකියාවන්ටත් වඩා ත්යාගිශීලිව සිටි අතර, කොරින්තියවරුන්ගේ පැත්තෙන් ද ඒ ආකාරයේ ම ත්යාගිශීලිභාවයක් ඔහු අපේක්ෂා කළේ ය. “සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන නිසාත්” ස්වකීය සෙනඟගේ සෑම ආකාරයක ම ත්යාගශීලිභාවයකට ම ඔවුන්ව බහුල ලෙස පෝෂණය කරන නිසාත්, ඔවුන්ගේ ද එමෙන් ම අපගේ ද දීමනාවන් හෘදයෙන් ම දිය යුතු ය.
පාවුල්—සැලකිලිමත් ප්‍රේරිතවරයෙක්
අප දේව සේවකයන් වශයෙන් යෙහෝවඃ වහන්සේගේ සේවය තුළ යම් දෙයක් ඉටු කරන විට, අප කෙරෙහි නොව උන් වහන්සේ කෙරෙහි පාරට්ටු කර ගනිමු. (10:1-12:13) සියල්ලට ම පසු “දෙවියන් වහන්සේගෙන් බලය ලැබූ” ආත්මික යුද්ධායුධ සමඟින් පමණක් අපට බොරු විමර්ශනයන් අනිත් අතට පෙරලිය හැක. කොරින්තියවරුන් අතර සිටින පාරට්ටු කරගන්නා වූ “උත්කෘෂ්ඨ ප්‍රේරිතයන් ව” ක්‍රිස්තුස් වහන්සේගේ දේව සේවකයෙක් වශයෙන් පාවුල් තබා ඇති විඳදරාගැනීමේ වාර්තාවට කිසිදා සම කළ නොහැක. එහෙත්, පාවුල්ව උවමනාවටත් වඩා උසස් නොකරනු ලබන පිණිස, ඔහුගේ “මාංසයේ උල”—ඇස් පෙනීමේ දුර්වලකම නැතහොත් එම බොරු ප්‍රේරිතයන් දෙවියන් වහන්සේ ඉවත් නොකළ සේක. ඊට වඩා කෙසේ හෝ පාවුල්ට තමාගේ දුර්වලකමේ පාරට්ටු කරගැනීමට හැකි වන්නේ “ක්‍රිස්තුස් වහන්සේගේ බලය” ඔහු වටා කූඩාරමක් මෙන් රැඳී තිබෙන හෙයිනි. ඇදහිල්ලේ ස්ථීරව සිටි මිනිසෙක් වශයෙන්, ඔහු උත්කෘෂ්ඨ ප්‍රේරිතයන්ට වඩා පහත් නොවී ය. “සියලු ආකාර විඳදරාගැනීම්වලින් ද, ලකුණුවලින් ද, පුදුමවලින් ද, බලවත් ක්‍රියාවලින් ද,” පාවුල් ඔවුන් අතරේ තම ප්රේරිතභාවය පිළිබඳව ඔහු පෙන් වූ සාක්ෂි කොරින්තියවරු දුටහ.
දේව සේවකයෙක් හා ප්‍රේරිතවරයෙක් වශයෙන්, පාවුල් තම සෙසු ඇදහිලිවන්තයන්ගේ ආත්මික යහපත ගැන හදවතින් ම සැලකිලිමත් වූයේ ය. අප ද එසේ ම විය යුතු ය. (12:14-13:14) ඔහු ‘ඉතා සන්තෝෂයෙන් ඔවුන්ගේ ආත්ම ගැන ඔහුට ඇති දේ වියදම් කළේ ය.’ නමුත් පාවුල් කොරින්තියට පැමිණෙන විට මාංසයේ ක්‍රියා සම්බන්ධයෙන් සමහරුන් පසුතැවිලි නොවී තිබේ ය යන්න ගැන ඔහු බිය විය. මේ හේතුවෙන්, තමන් ඇදහිල්ලේ සිටිනවාදැයි සෝදිසි කරමින් සිටින ලෙස ඔවුනට අවවාද කළ අතර, ඔවුන් “කිසි නපුරක් නොකරන ලෙස” ඔහු යාච්ඤා කළේ ය. අවසන් වශයෙන් හේ ඔවුන්ගෙන් අයැද සිටියේ, ප්‍රීති වන ලෙසත්, යළි සකස් වන ලෙසත්, සැනසෙන ලෙසත්, එකඟතාවයෙන් සිතන ලෙසත්, සාමකාමීව ජීවත් වන ලෙසටත් ය. අප හටත් මොනතරම් කදිම උපදෙස් ද!
පරීක්ෂාකර ගනිමින් සිටින්න!
කොරින්තීය ක්‍රිස්තියානින් හට පාවුල් විසින් ලියන ලද දෙවන ලිපිය අප ඇදහිල්ලේ සිටිනවාදැයි පරික්ෂාකර බැලිය හැකි විවිධ පැති ගැන මේ අයුරින් අපට යෝජනා කරයි. දෙවියන් වහන්සේ අපගේ සියලු පීඩාවල දී අපව සනසනවාක් මෙන් අන්‍යයන්ව ද සැනසීමට ඔහුගේ වචන අපව පෙළඹවිය යුතු ය. ක්‍රිස්තියානි දේව සේවය ගැන ප්‍රේරිතවරයා පැවසූ දෙය, අප යෙහෝවඃ වහන්සේට භය වී ශුද්ධකම සම්පූර්ණ කරගනිමින් එය විශ්වාසවන්තව දිගට ම කරගෙන යාමට අපව පෙළඹව විය යුතු ය.
පාවුල්ගේ උපදෙස් අදාළ කරගැනීම, අප වඩාත් ත්යාගිශීලි හා උපකාරවත් පුද්ගලයන් බවට හොඳින් පත් කරවයි. එහෙත්, ඔහුගේ වචන පාරට්ටු කරගැනීමට අපව පෙළඹවවිය යුත්තේ යෙහෝවඃ වහන්සේ කෙරෙහි මිසක අප කෙරෙහි නොවේ. ඒවා අපගේ සෙසු ඇදහිලිවන්තයන් ගැන අපගේ ප්‍රේමණීය සැලකිල්ල වඩාත් වැඩි කළ යුතු ය. එමෙන් ම ස්ථීර වශයෙන් ම දෙවෙනි කොරින්ති පොතේ ඇති මෙම වචන හා අනෙකුත් කරුණුවලට, අප ‘ඇදහිල්ලේ සිටිනවා ද කියා පරීක්ෂා කර බලමින් සිටීමට’ අපට උපකාර කරයි. w90 9/15
යෙහෝවඃ වහන්සේගේ මහිමය පිළිඹිබු කරන්න: මෝසෙස් සාක්ෂියේ ගල්ලෑලි සමඟ සීනයි කන්දෙන් බසින විට දෙවියන් වහන්සේ ඔහු සමඟ කථා කර තිබූ නිසා ඔහුගේ මුහුණෙන් රශ්මි විහිදුණි. (නික්මයාම 34:29, 30) පාවුල් මේ ගැන සඳහන් කරමින් පැවසුවේ: “අපි සියල්ලෝද මුහුණ වැස්මක් නැතුව, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේNW] තේජස කැඩපතකින් මෙන් දක්වමින්, ආත්මයාණන්වහන්සේ [ආත්මය NW] වන ස්වාමීන්වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලබමුව.” (2 කොරින්ති 3:7-18) පැරණි අත් කැඩපත් ලෝකඩ හෝ තඹ වැනි ලෝහ වර්ග වලින් සාදා තිබූ අතර, හොඳ පරාවර්තන පෘෂ්ඨයන් ඇතිවනු වස් ඒවා හොඳින් ඔප දමනු ලැබ තිබිණි. ආලේපලත් අය ද, කැඩපත් මෙන්, යෙහෝවඃ වහන්සේගේ මහිමය පිළිබිඹු කරන පුත්‍රයාණන් මගින් ප්‍රකාශිත ‘රූපයට ඔවුන්ව වර්ධානාත්මක ලෙස වෙනස් කරනු ලබන’ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් තමන් වෙතට බබළන දෙවියන් වහන්සේගේ මහිමය ඔවුහු පිළිබිඹු කරති. (2 කොරින්ති 4:6; එපීස 5:1) ශුද්ධාත්මය හා ශුද්ධ ලියවිලි තුළින් දෙවියන් වහන්සේ ඔවුන් තුළ ස්වකීය ගුණාංගයන්හි පිළිබිඹු කිරීමක් වන “අලුත් පුද්ගලිකත්වය” මවන සේක. (එපීස 4:24; කොලොස්සි 3:10) අපගේ බලාපොරොත්තුව ස්වර්ගීක හෝ භූමික වුවත්, එම පුද්ගලිකත්වය විදහා පා අපගේ දේව සේවය තුල දෙවියන් වහන්සේගේ මහිමය පිළිබිඹු කිරීමේ වරප්‍රසාදය ආදරයෙන් ප්‍රවේසම් කර ගනිමු.
“ධර්මිෂ්ඨකමේ යුද අවි”: පාවුල් සහ ඔහුගේ ආශ්‍රිතයන් තමන් දේව සේවකයන් යයි රෙකමදාරු කළ එක් ක්‍රමයක් “වමතේ සහ දකුණතේ තිබෙන ධර්මිෂ්ඨකමේ යුද අවිවලින් වූයේ ය”(2 කොරින්ති 6: 3-7) දකුණත කඩුව හැසිරවීමට භාවිතා කරන ලද අතර, වමත භාවිතා වූයේ පලිහ අල්ලා ගැනීමට ය. සෑම පැතිවලින් ම පහර දෙනු ලැබුවත්, පාවුල් සහ ඔහුගේ හවුල් වැඩ කරන්නන් ආත්මික යුද්ධය සඳහා ආයුධ සන්නද්ධව සිටිය හ. කොරින්ති සභාව ක්‍රිස්තුස් වහන්සේට වූ භක්තියෙන් ඉවතට හරවනු නොලබන පිණිස, එම සටන කරන ලද්දේ බොරු ගුරුවරුන් හා “උත්කෘෂ්ඨ ප්‍රේරිතයන්ට” එරෙහිව ය. පාවුල්, කපටිකම, රැවටීම හෝ ප්‍රෝඩාව වැනි පව්කාර මාංසයේ යුද අවිවල පිහිට පැතුවේ නැත. (2 කොරින්ති 10:8-10; 11:3, 12-14; 12:11, 16) ඒ වෙනුවට, භාවිතා කරන ලද “යුද අවි” ධර්මිෂ්ඨ හෙවත් යුක්ති සහගත ඒවා වූ අතර සියලු ම ප්රහාරයන්ට එරෙහිව සැබෑ නමස්කාරයේ මූලාංගය තවත් ව්‍යාප්ත කරන්නට තුඩුදුන් මාර්ගයන් විය. දැන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ද එම අරමුණ ම උදෙසා එවැනි “ධර්මිෂ්ඨකමේ යුද අවි” භාවිතා කරති.