ක්‍රිස්තියානි නිදහස තුළ නොසෙල් වී ස්ථීර ව සිටින්න!
ගලාති පොතෙන් මූලික කරුණු
යෙහෝවඃ වහන්සේ නිදහස් කමේ දෙවියන් වහන්සේ වන සේක. (2 කොරින්ති 3:17) ස්වකීය පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ: “නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑව ද නුඹලා නිදහස් කරන්නේ” යයි පැවසූ සේක. (යොහන් 8:32) ක්‍රිස්තුස් වහන්සේ ව අනුකරණය කරමින්, ප්‍රේරිත පාවුල් නිදහස්කමේ ශුභාරංචිය දේශනා කළේ ය.—රෝම 6:18; 8:21.
නිදහස ගෙන දෙන ශුභාරංචිය දේශනා කිරීම මගින්, පාවුල් තම පළමුවෙනි මිෂනාරි ගමනේ දී ගලාතියේ (කුඩා ආසියාවේ වූ රෝම ප්‍රාන්තයක්) සභාවන් පිහිට වී ය. (පො.යු. 47-48) ක්‍රිස්තියානින් සඳහා චර්මච්ඡේදනය අවශ්‍ය නොවන බවට පාලක මණ්ඩලය ගත් තීරණය ගලාතිවරු දැන සිටියෝ ය. (ක්‍රියා 15:22-29) නමුත් යුදෙව් ලබ්ධිකයෝ ඔවුන් චර්මච්ඡේදනය විය යුතු බවට බල කරමින් ඔවුන් ව වහල් බැම්ම්ක බැඳ තබන්නට ප්රයත්න දරමින් සිටියහ. එහෙයින්, පො.යු. 50-52 අතර පමණ කාලයේ කොරින්තියේ සිට හෝ සිරියාවේ අන්තියෝකියේ සිට ගලාතිවරුනට පාවුල් ලියන ලද ලිපියෙහි, ක්‍රිස්තියානි නිදහස ගැන ඔහු අවධාරණය කළේ ය. නිදසුනක් වශයෙන් හේ පැවසුවේ: “ක්‍රිස්තුස් වහන්සේ අප මුදා ගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නැමැති වියගහකට නැවත අසු නොවී ස්ථීරව සිටපල්ලා.”—ගලාති 5:1.
පාවුල් තම ප්‍රේරිතකම ප්රහාරයන්ගෙන් රැක ගනී
පළමු කොට තම ප්‍රේරිතකම “යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා දෙවියන් වහන්සේ” තුළින් වූ බවට පෙන්නුම් කළේ ය. (1:1–2:14) එළිදරව්කිරීමක් හේතුකොටගෙන, චර්මච්ඡේදනය පිළිබඳ ව ප්රශ්නය හා සම්බන්ධ ව පාවුල් (බාර්ණබස් හා තීතස් සමඟ) යෙරූසලමට ගියේ ය. එහි සිටි යාකොබ්, කේපස් (පේතෘස්), සහ යොහන් ඔහු ජාතින්ට ප්‍රේරිතයෙක් ලෙස බලය ලැබ තිබූ බව හඳුනා ගත්හ. එමෙන් ම පසු ව පේතෘස් අන්තියෝකියේ දී, යෙරුසලෙමේ සිට පැමිණි යුදෙව් ක්‍රිස්තියානින් හට භිය වී, අන්‍ය ජාතික ඇදහිලිවන්තයන්ගෙන් වෙන් ව සිටි විට, පාවුල් ඔහුට තරවටු කළේ ය.
ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කරනු ලබන්නේ කෙසේ ද?
යමෙක් ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කරනු ලැබිය හැක්කේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල තැබීමෙන් පමණක් ය යන බලවත් කරුණ ද පාවුල් සඳහන් කළේ ය. (2:15–3:29) ගලාතියවරුන් දෙවියන් වහන්සේගේ ආත්මය ලැබුවේ, ව්‍යවස්ථාවේ ක්‍රියාවල් නිසා නොව, ඇදහිල්ලෙන් යුතු ව ශුභාරංචිය පිළිගැනීම නිසා ය. ආබ්‍රහම්ගේ සැබෑ පුත්‍රයන්ට ඇදහිල්ල තිබූ නමුත්, “ශාපයකට යටත් ව තිබූ ව්‍යවස්ථාවේ ක්‍රියාවන්” මගින් තමන් ධර්මිෂ්ඨ බව ඔප්පු කිරීමට පුද්ගලයයෝ උත්සාහ කළහ. ඒ මන් ද? මක්නිසාදයත්, ව්‍යවස්ථාව පූර්ණ ලෙස පවත්වාගෙන යන්නට ඔවුනට නොහැක. ඇත්තෙන් ම ව්‍යවස්ථාව පාපය එළිදරව් කළ අතර, එය “ක්‍රිස්තුස් වහන්සේ වෙතට මග පෙන්වන ගුරුවරයෙක්” විය.
නොසෙල් වී ස්ථීර ව සිටින්න!
ක්‍රිස්තුස් වහන්සේ, තමන් වහන්සේගේ මරණය මගින් ‘ව්‍යවස්ථාව යටතේ වූවන් නිදහස් කළ සේක. නමුත් උන් වහන්සේගේ ශ්‍රාවකයන් ක්‍රිස්තියානි නිදහස තුළ නොසෙල්වී ස්ථීර ව සිටිය යුතු ය. (4:1–6:18) එමනිසා වහල්කමේ වියගහක් භාරගැනීමට තමන්ව පෙළඹවීමට උත්සාහ දරන ඕනෑ ම අයෙකුට එරෙහි ව සිටීමට ගලාතිවරුනට අවශ්‍ය විණි. මීටත් වඩා, ඔවුන් තම නිදහස අනිසි ලෙස පාවිච්චි නොකළ යුතු අතර, නමුත් ‘මාංසයේ ක්‍රියාවලින්’ ඉවත් වී දෙවියන් වහන්සේගේ ආත්මයේ ඵල විදහා පෑ යුතු ය. ව්‍යවස්ථාවේ බන්ධනයට තමන්ව ම ගෙන ඒමට සොයන අයට, “මාංසයේ ප්‍රසන්න පෙනුමක් පෙන්වා”, පීඩාවලින් වැළකී සිට, පාරාට්ටු කර ගැනීමට හේතුවක් උවමනා විය. කෙසේ වෙතත් පාවුල් පෙන්නුම් කළේ, චර්මච්ඡේදනයවත් අචර්මච්ඡේදනයවත් කිසිවක් නොවන බව ය. ඊට වඩා නියම දේ නම්, “අලුත් මැවිල්ල” ය. එම අලුත් මැවිල්ලට අයත් ආත්මික ඉශ්රායෙල් කෙරෙහි සමාදානය හා දයාව ලැබෙන ලෙස ඔහු යාච්ඤා කළේ ය.
ගලාතිවරුනට ලියන ලද පාවුල්ගේ ලිපිය, තමන් ව ආත්මික ලෙස වහලුන් කිරීමට මාන බලන අයට එරෙහිව සිටීමට ඔවුනට උපකාර කළේ ය. ආත්මයේ ඵල විදහාපෑමට සහ ක්‍රිස්තියානි නිදහස තුළ නොසැලී ස්ථීර ව සිටීමට එය අපට ද උපකාර කරත්වා. w90 11/15
හංවඩු ලකුණු: “කිසිවෙක් මට කරදර නොකෙරේවා, මක්නිසා ද යේසුස් වහන්සේගේ වහලෙකුගේ හංවඩු මගේ ශරීරයේ දරමි” (ගලාති 6:17, NW) සමහරක් පැරණි මිථ්‍යාදෘෂ්ඨිකයින් අතර, වහලුන් ව තම අයිතිකරුවන්ගේ නමට අනුරූප ව හංවඩු ගසන ලදි. නොයෙක් රටාවන් ඔවුන්ගේ මාංසය තුළට පුලුස්සන ලදි, නැතහොත් පච්ච කොටන ලදි. නිසැක ව ම, පාවුල්ගේ ක්‍රිස්තියානි සේවය හේතුකොටගෙන, ඔහුට බොහෝ ශාරීරික උපද්‍රවයන් සිදුකිරීම හේතුවෙන් ඔහුගේ මාංසයේ නිශ්චිත කැළැල් තිබූ අතර, ක්‍රිස්තුස් වහන්සේ නිසා පීඩා විඳි, උන් වහන්සේට අයිති ඇදහිලිවන්ත සේවකයෙක් බවට පාවුල් කළ අයිතිවාසිකමට එය සාක්ෂි දුණි. (2 කොරින්ති 11:23-27) පාවුල් යොමු දැක් වූ “හංවඩු ලකුණු” මේවා විය හැකි වන අතර, එසේ නැතහොත් තම දේව සේවය ඉදිරියට ගෙන යමින්, දෙවියන් වහන්සේගේ ආත්මයේ ඵල පිළිබිඹු කරමින්, ක්‍රිස්තියානිකාරයෙක් වශයෙන් තමා ගත කළ ජීවිතය ගැන ඔහු සිතමින් සිටියා විය හැක.
තම ස්වාමිවරුනට සේවය කිරීමට රෝම වහලුන් හට බල කරන ලදි, නමුත් පාවුල් ක්‍රිස්තුස් වහන්සේට කැමැත්තෙන් ම සේවය කළ ප්‍රීතිමත් වහලෙක් වූයේ ය.