ඇදහිල්ලෙහි සෞඛ්‍ය සම්පන්න ව සිටින්න
තීතස් පොතෙන් මූලික කරුණු
ක්රීතයෙහි මධ්‍යධරණී දූපත්වල පිහිටි ක්‍රිස්තියානි සභාවන් ආත්මික අවධානයක අවශ්‍යතාවයකින් පසු විණ. ඔවුනට උපකාර කරනු හැකි වනු ඇත්තේ කාට ද? ඇයි, ප්‍රේරිත පාවුල්ගේ හවුල් සේවකයා වූ තීතස්! ඔහු ධෛර්යසම්පන්න වූ, ඉගැන්වීමට සුදුසුකම් ලත්, යහපත් වැඩට ජ්වලිත වූ, එමෙන් ම, ඇදහිල්ලේ සෞඛ්‍යසම්පන්න ව සිටි අයෙකි.
පාවුල් රෝමයේ සිය පළමු හා දෙවෙනි සිරගතවීම අතරතුර ක්රීතයට පැමිණියේ ය. සමහරක් දේවල් නිවැරදි කරනු පිණිසත්, ක්‍රිස්තියානි වැඩිමහල්ලන් පත් කරනු පිණිසත් ඔහු තීතස් ව එම දූපතේ නැවැත්වී ය. බොරු ගුරුවරුන්ට තරවටු කරන ලෙසටත්, කදිම ආදර්ශයක් තබන ලෙසටත් ඔහුගෙන් ඉල්ලා සිටිනු ලැබිණ. මේ සියල්ල පාවුල් තීතස්ට යැවූ ලිපියේ සඳහන් වූ අතර, මෙය පො.යු. 61 සහ 64 අතරතුර දී යවනු ලැබුවා විය හැක. පාවුල්ගේ උපදෙස් අදාළ කර ගැනීමෙන් අද දින අවේක්ෂකයන් සහ හවුල් ඇදහිලිවන්තයන්ට ධෛර්යසම්පන්න ව සිටීමටත්, ජ්වලිත වීමට, සහ ආත්මික ව සෞඛ්‍යසම්පන්න ව සිටීමටත් උපකාරී වෙයි.
අවේක්ෂකයන්ගෙන් අවශ්‍ය කරන්නේ කුමක් ද?
අවේක්ෂකයන් පත් කොට සමහරක් බරපතළ ගැටලු විසඳීමට අවශ්‍ය විණ. (1:1-16) වැඩිමහල්ලෙක් ලෙස පත්වීමක් ලැබීමට මනුෂ්‍යයෙකු චෝදනාවලින් නිදහස්, පුද්ගලික ව හා තම පවුල් ජීවිතය තුළින් ආදර්ශමත්, ආගන්තුක සත්කාරයට ලැදි, සමබර, සහ ආත්ම දමනය ඇති කෙනෙකු විය යුතු ය. සත්‍ය දේ ඉගැන්වීමට ඔහුට සිදු වූ අතර, පරස්පර විරෝධී මතයන් ප්‍රකාශ කරන්නවුන්ට අනුශාසනා දී තරවටු කර, ඔවුන් ව නිවැරදි කිරීමට ඔහුට සිදු විය. නීති ගරු නොකරන මිනිසුන් සභාවේ සිටි නිසා ඔවුන් ව නිශ්ශබ්ද කිරීමට ධෛර්යය අවශ්‍ය විණ. චර්මච්ඡේදනයට ඇලී සිටියවුන් මුළු පවුල් පෙරලා සිටි හෙයින් විශේෂයෙන් මෙවැන්නන් සම්බන්ධ ව මෙම අවශ්‍යතාවය පැවතිණ. සභාවන් ආත්මික ව සෞඛ්‍ය සම්පන්න ව තිබීමට නම් බරපතළ තරවටු අවශ්‍ය විණ. සභාව ගොඩනැගීමේ අටියෙන් යුතු ව සිටින වත්මන් ක්‍රිස්තියානි අවේක්ෂකයන්ට ද තරවටු සහ අනුශාසනා දීමට ධෛර්යය අවශ්‍ය ය.
සාරවත් ඉගැන්වීම් අදාළ කර ගන්න
ආත්මික සෞඛ්‍ය සම්පන්න ඉගැන්වීම් ලබාදීමට තීතස්ට සිදු විය. (2:1-15) වයසක පුරුෂයන් විනීත, සන්සුන්, සිහියෙන් යුතු [හොඳ මානසිකත්වයක් ඇති ව NW] ඇදහිල්ලෙත්, ප්‍රේමයෙත්, ඉවසීමෙත් [විඳදරාගැනීමෙත් NW] ආදර්ශයක් තැබිය යුතු විය. වයසක ස්ත්‍රීන් “හැසිරීමේ දී ගෞරවණීය විය [NW]” යුතු ය. “යහපත් දේ උගන්වන්නියන්” වශයෙන් ඔවුනට තරුණ ස්ත්‍රීන් හට භාර්යාවන් සහ මව්වරුන් ලෙස තම යුතුකම් පිළිබඳ ව හරි ආකල්පයක් ඇති ව සිටීමට උපකාර කළ හැකි ය. යෞවන පුරුෂයන් හොඳ සිහියෙන් සිටිය යුතු අතර, දෙවියන් වහන්සේගේ ධර්මය අලංකාරවත් කරන අයුරින් දාසයන් තම ස්වාමිවරුනට යටත් ව සිටිය යුතු ය. සියලු ක්‍රිස්තියානීන් අභක්තිකකම එපා කර, මේ දේවල පිළිවෙළ තුළ හොඳ සිහියෙන් යුතු ව ජීවත් වෙමින් “සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිත වූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන් ම දුන්” යේසුස් වහන්සේගේ සහ දෙවියන් වහන්සේගේ තේජසේ ප්රකාශවීම බලා සිටිය යුතු විය. එවැනි සෞඛ්‍ය සම්පන්න උපදෙස් අදාළ කර ගැනීම මඟින්, අපිත් දෙවියන් වහන්සේගේ ධර්මය අලංකාර කරවමු.
පාවුල්ගේ අවසන් උපදෙස් ආත්මික (3:1-15) පාලකයන් හට නිසි යටත්කම පෙන්වා සාධාරණකම වර්ධනය කිරීම අවශ්‍ය ය. ක්‍රිස්තියානීන්ට සදාකාල ජීවනයේ බලාපොරොත්තුව තිබෙන අතර, පාවුල්ගේ වචනවලින් අවධාරණය වූයේ යහපත් ක්‍රියා මත තම මනස තබා ගැනීමට ඔවුන් ව දිරිගැන්වීම ය. මෝඩ ප්‍රශ්න කිරීම් සහ ව්‍යවස්ථාව ගැන දබරවලින් වැළකී සිටිය යුතු අතර, භේදකාරී නිකායක් බිහිකිරීමට යත්න දරන්නෙකු ව දෙවතාවක් අවවාද කිරීමෙන් පසු ප්‍රතික්ෂේප කළ යුතු ය. අද දින වැඩිමහල්ලන් එවැනි උපදෙස් අදාළ කර ගන්නවාත් සමඟ ම, ඔවුන් සහ සෙසු ඇදහිලිවන්තයන් ඇදහිල්ලේ සෞඛ්‍ය සම්පන්න ව සිටිනු ඇත. w91 2/15
මුද්‍රික පානයට නොවහල් වූ: ස්ත්‍රීන් සභාව තුළ පුරුෂයන්ට ඉගැන්වීම නොකළ යුතු වුවත්, යෞවන ස්ත්‍රීන් හට ඉගැන්වීමට වැඩිහිටි සහෝදරියන්ට හැක. නමුත් මේ කාරණයේ දී බලපෑමෙන් යුක්ත වීමට නම්, වයසක ස්ත්‍රීන් පාවුල්ගේ වචනවලට කීකරු විය යුතු ය: “එසේම මහලු ස්ත්‍රීන් ශුද්ධකමට ඔබිනලෙස හැසිරෙන, කේලාම් නොකියන, බොහෝ මුද්‍රික පානයට නොවහල් වූ, යහපත් දේ උගන්වන්නාවූ තැනැත්තියන්ව සිටිය යුතුය” (තීතස් 2:1-5; 1තිමොති 2:11-14) බීමත්කමේ බලපෑම ගැන පවතින උනන්දුව හේතුවෙන්, අවේක්ෂකයන්, උපස්ථායක සේවකයන්, සහ වයසක ස්ත්‍රීන් බොහෝ මුද්‍රික පානයට නොවහල් වී විනීත විය යුතු ය. (1 තිමෝති 3:2, 3, 8, 11) සියලු ක්‍රිස්තියානීන් බේබදුකමින් වැළකී සිටිය යුතු අතර, ශුභාරංචිය දේශනා කිරීමේ “ශුද්ධ සේවයේ” යෙදී සිටිද්දී, මත්පැන් ගැනීමෙන් වැළකී සිටිය යුතු ය.—රෝම 15:16; හිතෝපදේශ 23:20, 21