දෙවියන් වහන්සේගේ දයාව ඔබ අනුකරණය කරනු ඇත්ද?
“ප්‍රිය දරුවන් මෙන් දෙවියන්වහන්සේ අනුව යන්නෝ වෙයල්ලා.”—එපීස 5:1.
හොඳට හෝ නරකට, මනුෂ්‍යයන් වැඩි දෙනෙක් අන්‍යයන් ව අනුකරණය කරති. අප අවට සිටින්නෝ හා අප අනුකරණය කරන්නෝ අප කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරති. හිතෝපදේශ 13:20 දේවානුභාවයලත් ලේඛකයා මෙසේ අවවාද කළේ ය: “ඤාණවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඤාණවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.” එසේ නම් හොඳ හේතු ඇතුව, දේව වචනය මෙසේ පවසයි: “නපුර නොව යහපත ආදර්ශකොට ගනින්න. යහපත්කම් කරන්නා දෙවියන්වහන්සේගෙන්ය.”—3 යොහන් 11.
2 අපට අනුකරණය කළ හැකි පුරුෂයන් හා ස්ත්රීන්ගේ විශිෂ්ට බයිබල් ආදර්ශ අපට තිබේ. (1 කොරින්ති 4:16; 11:1; පිලිප්පි 3:17) එහෙත්, අපට අනුකරණය කිරීමට ඇති ප්‍රධානතම තැනැත්තා නම් දෙවියන් වහන්සේ ය. එපීස 4:31–5:2හි අප මගහැරිය යුතු ගතිලක්ෂණ හා පුරුදු සඳහන් කිරීමෙන් පසු, “එකිනෙකා කෙරෙහි ගුණවන්තව, . . . එකිනෙකාට කමා විය යුතුය” යයි ප්‍රේරිත පාවුල් අපව උනන්දු කළේ ය. මෙය ප්‍රධාන උපදේශයට මග පෑදුවේ ය: “එබැවින් නුඹලා ප්‍රිය දරුවන් මෙන් දෙවියන්වහන්සේ අනුව යන්නෝ වෙයල්ලා. . . . නුඹලාත් ප්‍රේමයෙන් හැසිරියල්ලා.”
3 අප අනුකරණය කළ යුතු දෙවියන් වහන්සේගේ මාර්ග හා ගුණාංග කවරේ ද? දෙවියන් වහන්සේ තමා ගැන ම මෝසෙස්ට විස්තර කළ ආකාරයෙන් දැකිය හැකි පරිදි, උන් වහන්සේගේ පෞද්ගලිකභාවයේ හා ක්‍රියාවල බොහෝ අංග තිබේ: “ස්වාමීන්වහන්සේය, [යෙහෝවඃ NW] උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව සහ සබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්ය. උන්වහන්සේ දහස් ගණනකට කරුණාව පවත්වනසේක, අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂාමාකරනසේක. වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරනසේක; තුන්වෙනි සතරවෙනි පරම්පරාව දක්වා දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් පියවරුන්ගේ අධර්මමිෂ්ඨකම ගැන ප්‍රතිඵල දෙනසේක.”—නික්මයාම 34:6, 7.
4 යෙහෝවඃ වහන්සේ වනාහි “ධර්මමිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රියවන” කෙනෙකු බැවින්, අපි නිශ්චිත ව ම උන් වහන්සේගේ පෞද්ගලිකභාවයේ මෙම අංගය දැනගෙන එය අනුකරණය කළ යුතු වෙමු. (ගීතාවලිය 33:5; 37:28) උන් වහන්සේ වනාහි මැවුම්කරුවාණෝ ය, තව ද මනුෂ්‍යවර්ගයාගේ උත්තරීතර විනිශ්චයකරුවාණෝ හා නීතිදායකයාණෝ ය, එබැවින් උන් වහන්සේ සියල්ලන් කෙරෙහි යුක්තිය ප්‍රකාශ කරන සේක. (යෙසායා 33:22) ස්වකීය ජනයා වූ ඊශ්‍රායෙල් අතරෙහි සහ පසු කලෙක ක්‍රිස්තියානි සභාව තුළ උන් වහන්සේ එය ඉල්ලා සිටී ආකාරයෙන් හා එය ක්‍රියාත්මක කළ ආකාරයෙන් මෙය පැහැදිලි ලෙස ම අඟවා තිබේ.
දිව්‍ය යුක්තිය ක්‍රියාත්මක කරන ලදි
5 ස්වකීය ජනයා වශයෙන් ඊශ්‍රායෙල් තෝරා ගන්නා විට, ‘ඔවුන් සැබවින් උන් වහන්සේගේ හඬට කීකරු ව උන් වහන්සෙගේ ගිවිසුම රක්ෂාකරන්නේ ද’ යයි දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. සීනයි කන්ද පාමුල එක්රැස් වී සිටී ඔවුහු මෙසේ පිළිතුරු දුන්හ: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ NW] කී සියල්ලම කරන්නෙමු.” (නික්මයාම 19:3-8) මොනතරම් බරපතළ වගකීමක් ද! දේව දූතයන් කරණකොටගෙන දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ට නීති 600ක් පමණ දුන් සේක, තව ද ඔවුහු උන් වහන්සේට කැප වූ සෙනඟක් වශයෙන් ඒවා පැවැත්වීමට වගකීමෙන් බැඳී සිටියහ. යමෙක් එසේ නොකරන්නේ නම් කුමක් ද? දෙවියන් වහන්සේගේ නීතිය පිළිබඳ විශේෂඥයෙකු මෙසේ විස්තර කළේ ය: “දේවදූතයන් කරණකොටගෙන කියන ලද වචනය ස්ථිරවී, සියලු වැරදි ක්රියාවලටත් අකීකරුකම්වලටත් සාධාරණ විපාකයක් ලැබූණේ” ය.—හෙබ්‍රෙව් 2:2.
6 එසේ ය, කීකරු නොවන ඊශ්‍රායෙල්වරයෙක් ‘යුක්තියට අනුකූල ව’, ඌනතාවක් ඇති මනුෂ්‍ය යුක්තිය නොව, නමුත් මැවුම්කරුවාණන්ගේ යුක්තියට එකඟ ව, ‘විපාකයක් ලැබුවේ ය.’ නීති කඩකිරීම සඳහා නොයෙක් දඬුවම් දෙවියන් වහන්සේ නියම කළ සේක. ඉතා බරපතළ ම දඬුවම වූයේ ‘සිඳදමනු ලැබීම’ නොහොත් මරණය ය. රූප වැඳීම, කාමමිථ්‍යාචාරය, ව්‍යාභිචාරය, මෘගයෙකු සමඟ සංවාසය කිරීම, සමලිංගික ඇසුර, ළමා බිලි පූජා, මිනීමැරීම, සහ රුධිරය අයුතු අන්දමින් භාවිතා කිරීම වැනි බරපතළ උල්ලංඝනය කිරීමවලට එය අදාළ විය. (ලෙවි කථාව 17:14; 18:6-17, 21-29) තව දුරටත්, හිතාමතා සහ පසුතැවිලි නොවී යම් දිව්‍ය නීතියක් කඩකරන ඕනෑ ම ඊශ්රායෙල්වරයෙකු “සිඳදමනු” ලැබිය හැකි විය. (ගණන් කථාව 4:15, 18; 15:30, 31) මෙම දිව්‍ය යුක්තිය ක්‍රියාත්මක කළ විට, වරදකරුවාගේ පැවතෙන්නන්ට එහි බලපෑම් දැනිය හැකි විය.
7 දිව්‍ය නීතිය කඩකිරීමේ බැරෑරුම් කම එබඳු දඬුවම් මගින් අවධාරණය කරනු ලැබී ය. නිදසුනක් හැටියට, පුතෙක් බේබද්දෙකු හා කෑදරයෙකු වූයෙහි නම්, මේරු විනිශ්චයකරුවන් ඉදිරියට ඔහු ව ගෙනෙන ලදි. හෙතෙම හිතාමතා පසුතැවිලි නොවන වරදකරුවෙකු බව ඔවුන්ට පෙනී ගියහොත්, යුක්තිය ඉටුකිරීමෙහි හවුල්වීමට දෙමව්පියන්ට සිදු විය. (ද්විතීය කථාව 21:18-21) එය කිරීම පහසු නැති බව අප අතරෙහි දෙමව්පියන් වී සිටින්නන් දැන සිටිනවා විය හැක. නමුත් දුෂ්ටකම සැබෑ නමස්කාර කරන්නන් අතරෙහි පැතිර නොයන පිණිස එය අවශ්‍ය බව දෙවියන් වහන්සේ දැනසිටී සේක. (එසකියෙල් 33:17-19) “උන්වහන්සේගේ සියලු මාර්ග ධර්මමිෂ්ඨය. උන්වහන්සේ විශ්වාසවූ අයුතුකමෙන් තොරවූ දෙවිකෙනෙක, උන්වහන්සේ වනාහි ධර්මමිෂ්ඨය, අවංකය” යයි පැවසිය හැකි තැනැන් වහන්සේ විසින් මෙය සැලසුම් කරන ලදි.—ද්විතීය කථාව 32:4.
8 සියවස් බොහෝ ගණනකට පසු දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජාතිය ප්‍රතික්ෂේප කර, ක්‍රිස්තියානි සභාව තෝරාගත් සේක. නමුත් යෙහෝවඃ වහන්සේ වෙනස් නොවූ සේක. උන් වහන්සේ තවමත් යුක්තිය ඉටුකිරීමට කැප වී සිටී අතර, උන් වහන්සේ “විනාශකරන ගින්නක්” වශයෙන් හැඳින්විය හැක. (හෙබ්‍රෙව් 12:29; ලූක් 18:7, 8) එමනිසා, වරදකරුවන් නෙරපාදැමීමෙන් මුළු සභාව තුළ දේව භය කාවැද්දීමට උන් වහන්සේට අඛණ්ඩ සැලැස්මක් තිබිණ. පසුතැවිලි නොවන වරදකරුවන් බවට පත් වූ කැප වූ ක්‍රිස්තියානිහු නෙරපාදැමිය යුතු වූහ.
9 නෙරපාදැමීමට ඇතුළත් වන්නේ කුමක් ද? පළමු සියවසෙහි ගැටලුවක් සමඟ කටයුතු කළ ආකාරයෙන් ආදර්ශ පාඩමක් අපට සොයා ගත හැක. කොරින්තියෙහි සිටි ක්‍රිස්තියානිවරයෙක් සිය පියාගේ බිරිඳ සමඟ දුරාචාරයේ යෙදුණ නමුත් පසුතැවිලි වූයේ නැත, එබැවින් ඔහු සභාවෙන් නෙරපන ලෙස පාවුල් උපදෙස් දුන්නේ ය. දෙවියන් වහන්සේගේ ජනයාගේ පිරිසිදුකම ආරක්ෂා කරන පිණිස මෙය කිරීමට සිදු විය, මක්නිසා ද “මුහුන් ටිකකින් මුළු පිඩ පිපෙන” නිසා ය. ඔහු ව නෙරපාදැමීම නිසා ඔහුගේ දුෂ්ටකමෙන් දෙවියන් වහන්සේට හා උන් වහන්සේගේ ජනයාට නින්දාව පැමිණවීම වලක්වනු ඇත. නෙරාපාදැමීමේ දැඩි හික්මවීම නිසා ඔහු තමාගේ සිහිකල්පනාවට පැමිණිය හැකි අතර, ඔහු සහ සභාව තුළ දෙවියන් වහන්සේ සඳහා සුදුසු බිය ඇති කළ හැක.—1 කොරින්ති 5:1-13; ද්විතීය කථාව 17:2, 12, 13, සසඳන්න.
10 දිව්‍ය ආඥාව වනාහි දුෂ්ටයෙකු නෙරපන ලද්දේ නම් “එබන්දෙකු සමග සමාගම් නොපවත්වන්ටද කෑමවත් නොකන්ටද” ක්‍රිස්තියානීන් වගබලා ගත යුතු ය.a දෙවියන් වහන්සේගේ නීතියට අනුව හැසිරීමට හා ඊට ගරු කිරීමට කැමති පක්ෂපාත අය සමඟ සමාජ ආශ්‍රය ඇතුළු ව, ක්‍රිස්තියානි ඇසුරෙන් ඔහු ව මෙසේ බැහැර කරනු ලැබේ. ඔවුන්ගෙන් සමහරෙක් ඔහුගේ ම පවුලට අයිති නැති ඥාතීන් විය හැක. දුෂ්ට පුතෙකු මරණයට පත් කිරීමෙහි සහභාගිවීමට මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ සිටි හෙබ්‍රෙව් දෙමව්පියන්ට දුෂ්කර වූවාක්සේ ම, මෙම දිව්‍ය විධිවිධානය අදාළ කිරීම එම ඥාතීන්ට අපහසු විය හැක. තවමත්, දෙවියන් වහන්සේගේ ආඥාව පැහැදිලි ය; මෙසේ නෙරපාදැමීම සාධාරණ බවට අපට ස්ථීර විය හැක.—1 කොරින්ති 5:1, 6-8, 11; තීතස් 3:10, 11; 2 යොහන් 9-11; ද වොච්ටවර්, 1981 සැප්තැම්බර් 15, පිටු 26-31; 1988 අප්‍රියෙල් 15, පිටු 28-31 බලන්න.
11 කෙසේ වුවද, අපගේ දෙවියන් වහන්සේ වනාහි නිකම් සාධාරණ පමණක් නොව, නමුත් උන් වහන්සේ “බොහෝ දයාවෙන් යුක්තය, උන්වහන්සේ අයුතුකම හා වරද ක්ෂමාකරනසේක.” (ගණන් කථාව 14:18) නෙරපාදමන ලද පුද්ගලයෙක් පසුතැවිලි වී දිව්‍ය සමාව සෙවිය හැකි බව උන් වහන්සේගේ වචනය පැහැදිලි කරයි. එසේ නම් කුමක් ද? ඔහුගේ නෙරපාදැමීමට මගපෑදු අවකල් ක්‍රියාව කෙරෙහි පසුතැවිලි වන බවට සාක්ෂි දෙන්නේදැයි යාච්ඤාපූර්වක ව හා ප්‍රවේසම් ලෙස නිශ්චය කිරීම සඳහා පළපුරුදු අවේක්ෂකයන්ට ඔහු ව මුණගැසිය හැක. (ක්‍රියා 26:20 සසඳන්න.) ඔහු පසුතැවිලි වී ඇත්නම්, කොරින්තියේ මනුෂ්‍යයා සම්බන්ධයෙන් 2 කොරින්ති 2:6-11හි සිදු වූ දේ අඟවා ඇති පරිදි ඔහු ව සභාවට නැවත භාරගත හැක. නමුත්, නෙරපාදැමූවන්ගෙන් සමහරෙක් දෙවියන් වහන්සේගේ සභාවෙන් වසර ගණනාවක් ම බැහැර වී සිටින බැවින්, ආපසු පැමිණීම සඳහා ඔවුන්ට උපකාර කිරීමට යම්කිසිවක් කළ හැකි ද?
දායාවත් සමඟ යුක්තිය සමබර ව යෙදීම
12 නික්මයාම 34:6, 7හි සඳහන් කර ඇති පරිදි, ඉහත සඳහන් වන්නේ ප්‍රධාන වශයෙන් ම දෙවියන් වහන්සේගේ ගුණාංගවලින් එක අංගයක් පමණකි. කෙසේ වුවද, එම පද දෙවියන් වහන්සේගේ යුක්තියට වඩා වැඩි යමක් සඳහන් කරයි, තව ද උන් වහන්සේ ව අනුකරණය කිරීමට කැමති අය මුළුමණින් ම යුක්තිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු නොකරති. සාලමොන් විසින් සාදන ලද දේවමාලිගාවේ අනුරූපයක් ඔබ සාදමින් සිටින්නෙහි නම්, එහි කුලුනුවලින් එකක් ගැන පමණක් ඔබ අධ්‍යයනය කරන්නෙහි ද? (1 රාජාවලිය 7:15-22) නැත, මක්නිසා ද එමගින් දේවමාලිගාවේ ස්වභාවය හා ක්‍රියා පිළිවෙත පිළිබඳ ව සමබර පින්තූරයක් ඔබට නොලැබෙනු ඇත. එලෙස ම, දෙවියන් වහන්සේ අනුකරණය කිරීමට අපි කැමැත්තෙන් සිටිමු නම්, උන් වහන්සේගේ වෙනත් මාර්ග හා ගුණාංග ද අප අනුකරණය කිරීම අවශ්‍ය ය, “උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස් වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්ය. උන්වහන්සේ දහස් ගණනකට කරුණාව පවත්වනසේක.”
13 උන් වහවන්සේ ඊශ්‍රායෙල් සමඟ කටයුතු කළ ආකාරයෙන් අපට දැකිය හැකි පරිදි, දයාව හා සමාව දීම උන් වහන්සේගේ මූලික ගුණාංග වනු ඇත. නොකඩවා වැරදි කළ විට, යුක්තියේ දෙවියන් වහන්සේ දඬුවම් දීමෙන් නොවැළකුණු සේක, නමුත් උන් වහන්සේ බහුල වශයෙන් දයාව හා සමාව දැක්වූ සේක. “උන්වහන්සේ ස්වකීය මාර්ග මෝසෙස්ටත් තමන් ක්‍රියා ඉශ්රායෙල් පුත්‍රයන්ටත් දැන්වූසේක. ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ NW] අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටිනසේක, කෝපවීමට ප්‍රමාදය, අතීශයින් කරුණාවන්තය. උන්වහන්සේ නිතර තරවටු නොකරනසේක; සදාකාලයට කෝපය නොපවත්වනසේක.” (ගීතාවලිය 103:7-9; 106:43-46) එසේ ය, අවරුදු දහස් ගණනක් මුළුල්ලේ උන් වහන්සේගේ කටයුතු දෙස ආපසු හැරීබලා මෙනෙහි කරද්දී, එම වචන සැබෑ බව ඔප්පු වන්නේ ය.—ගීතාවලිය 86:15; 145:8, 9; මීකා 7:18, 19.
14 යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වනාහි “දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද” වන බැවින් උන් වහන්සේත් එබඳු ම දයාවක් හා සමාව දීමට කැමැත්තක් විදහාපානු ඇතැයි අපි උන් වහන්සේගෙන් අපේක්ෂා කළ යුත්තෙමු. (හෙබ්‍රෙව් 1:3) අන්‍යයන් කෙරෙහි උන් වහන්සේගේ ක්‍රියාවලින් දැක්වූ පරිදි උන් වහන්සේ එසේ කළ සේක. (මතෙව් 20:30-34) ලූක් 15 වන පරිච්ඡේදයේ අපට කියවීමට තිබෙන පරිදි උන් වහන්සේගේ ක්‍රියාවලිනුත් උන් වහන්සේ දයාව අවධාරණය කළ සේක. එහි තිබෙන උපමා තුනෙන් ඔප්පු වන්නේ යේසුස් වහන්සේ යෙහෝවඃ වහන්සේ ව අනුකරණය කළ බව ය, තව ද ඒවා අපට වැදගත් පාඩම් සපයයි.
නැති වූ දෙය සඳහා සැලකිල්ල
15 අපට අනුකරණය කිරීම සඳහා පටහැනි නොවන චිත්‍රයක් අඳිමින්, පව්කාරයන් සඳහා ඇති දෙවියන් වහන්සේගේ දයාවන්ත උනන්දුව එම උපමා මගින් සාක්ෂි දරත්. උපමාවල පසුබිම සලකා බලන්න: “තවද සියලු සුංගම් අයකරන්නෝද පව්කාරයෝද උන්වහන්සේගේ වචන අසන පිණිස උන්වහන්සේට ළංවෙවී ආවෝය. ඵරිසිවරුද ලියන්නෝද කථාකොට: මොහු පව්කාරයක් පිළිගෙන ඔවුන් සමග කන්නේය කියා කොඳුළෝය.”—ලූක් 15:1, 2.
16 මෙයට ඇතුළත් වූ මනුෂ්‍යයෝ සියල්ලන් ම යුදෙව් වරුන් වූහ. මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ඉතා සුළු දේවල් පවා දැඩි ලෙස පිළිපැදීම ගැන ඵරිසිවරු හා ලියන්නෝ ආඩම්බර වූහ, මෙය වනාහි යම් විධියක නීතියානුකූල ධර්මිෂ්ඨකමකි. කෙසේ වුවද, එබඳු තමන් විසින් ප්‍රකාශ කරගන්නා ලද ධර්මිෂ්ඨකමක් සමඟ දෙවියන් වහන්සේ එකඟ නොවූ සේක. (ලූක් 16:15) පැහැදිලි ව ම, සුංගම් අයකරන්නෝ වනාහි රෝමය උදෙසා සුංගම් එකතු කළා වූ යුදෙව්වරුන් වූහ. බොහෝ දෙනෙක් සෙසු යුදෙව්වරුන්ගෙන් අධික මුදල් අය කළ නිසා, සුංගම් අයකරන්නෝ හෙලා දකින ලද කණ්ඩායමක් වූහ. (ලූක් 19:2, 8) “පව්කාරයන්” සමඟ ඔවුන් ව වර්ග කරන ලදි, ඊට දුරාචාර පුද්ගලයන්, ගණිකාවන් පවා ඇතුළත් විය. (ලූක් 5:27-32; මතෙව් 21:32) එහෙත් පැමිණිලිකාර ආගමික නායකයන්ගෙන් යේසුස් වහන්සේ මෙසේ ඇසූ සේක:
17 “නුඹලා අතරෙන් බැටළුවන් සියයක් ඇති කවර මනුෂ්‍යයෙක් නුමුත්, උන්ගෙන් එකෙක් නැතිවුණොත්, එකුන්සියය වනයේ හැර, නැතිවූ එකා පස්සේ ගොස්, ඌ සම්බවෙන තුරු නොසොයන්නේද? ඌ සම්බවූ විට ඔහු ප්‍රීතිවෙමින්, ඌ තමාගේ කරේ තබාගෙන, ගෙදර ඇවිත් මිත්‍රයන්ද අසල්වාසීන්ද කැඳවා: මා සමග ප්රීතිවෙයල්ලා, මක්නිසාද මාගේ නැතිවූ බැටළුවා සම්බවීයයි ඔවුන්ට කියයි. එලෙසම පශ්චාත්තාපය ඕනෑ නැති ධර්මමිෂ්ඨයන් එකුන්සියයකට වඩා පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය වන්නේයයි නුඹලාට කියමි.” උපමාව තේරුම් ගැනීමට ආගමික නායකයන්ට හැකි විය, මක්නිසා ද එළුවන් සහ එඬේරුන් සාමාන්‍ය දර්ශනයක් විය. සැලකිල්ලෙන් යුක්ත ව, එඬේරා බැටළුවන් 99 දෙනා පුරුදු තණ බිමක තණ කෑමට තබා, මංමුළා වූ එකා සොයා ගියේ ය. ඌ සම්බවන තුරු ගොස්, බිය වූ බැටළුවා ආපසු රැළ වෙතට මුදු මොළොක්භාවයෙන් යුක්ත ව ගෙනාවේ ය. —ලූක් 15:4-7.
18 යේසුස් වහන්සේ දෙවන උපමාවක් ද එකතු කළ සේක: “නොහොත් රිදී මිල දසයක් ඇති කවර ස්ත්‍රියෙක් එයින් එකක් නැති වුණොත් පහනක් දල්වා, ගෙය අතුගා, ඒක සම්බවෙන තුරු උත්සාහයෙන් නොසොයන්නීද? ඒක සම්බවූ විට ඈ මිත්‍රයන්ද අසල්වාසීන්ද කැඳවා: මා සමග ප්රීතිවෙයල්ලා, මක්නිසාද මාගේ නැතිවූ රිදී මිලය සම්බවීයයි ඔවුන්ට කියන්නීය. එලෙසම පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියෙහි ප්‍රීතිය ඇත්තේයයි නුඹලාට කියමියි කීසේක.” (ලූක් 15:8-10) රිදී මිල එකක වටිනාකම කම්කරුවෙකුගේ දිනක වැටුපක් තරම් විය. ස්ත්‍රියගේ කාසිය පාරම්පරික එකක් වීමට ඉඩ තිබිණ, නැතහොත් එය ආභරණවලට තැනූ කට්ටලයකින් එකක් වන්නට ඇත. එය නැති වූ විට, කාසිය සෙවීමට ඈ මහත් පරිශ්‍රමයක් දැරූ අතර, ඊළඟට ඈ සහ ඇගේ යෙහෙළියෝ සතුටු වූහ. මෙය දෙවියන් වහන්සේ ගැන අපට පවසන්නේ කුමක් ද?
ස්වර්ගීක ප්‍රීතිවීම—කුමක් කෙරෙහි ද?
19 මෙම උපමා දෙක ම දෙන ලද්දේ යේසුස් වහන්සේට කළ විවේචනයට ප්‍රතිචාරයක් වශයෙන් ය. මාස කිහිපයකට කලින් උන් වහන්සේ තමාව ම හඳුන්වා දුන්නේ තමන්ගේ බැටළුවන් උදෙසා තමාගේ ජීවිතය දෙන්නාවූ “යහපත් බැටළු එඬේරා” වශයෙන් ය. (යොහන් 10:11-15) කෙසේ වෙතත්, උපමා ප්‍රධාන වශයෙන් යේසුස් වහන්සේ පිළිබඳ ව නොවී ය. ලියන්නන් හා ඵරිසිවරුන් විසින් ඉගෙනගැනීමට අවශ්‍ය වූ පාඩම් දෙවියන් වහන්සේගේ ආකල්පය හා මාර්ග කෙරෙහි කේන්ද්‍රගත විය. මෙසේ, පසුතැවිලි වන පව්කාරයෙකු කෙරෙහි ස්වර්ගයෙහි ප්‍රීතියක් තිබෙන බව යේසුස් වහන්සේ පැවසූ සේක. එම ආගමිකයන් යෙහෝවඃ වහන්සේට සේවය කරන බව කියා සිටියත්, ඔවුහු උන් වහන්සේ ව අනුකරණය නොකළහ. අනෙක් අතට, යේසුස් වහන්සේගේ දයාවන්ත මාර්ග උන් වහන්සේගේ පියාණන්ගේ කැමැත්ත නියෝජනය කළේ ය.—ලූක් 18:10-14; යොහන් 8:28, 29; 12:47-50; 14:7-11.
20 ප්‍රීතිය සඳහා පදනම සියයකින් එකක් නම්, කාසි දසයකින් එකක් ඊටත් වඩා ප්‍රීතිය ගෙන දෙන්නකි. අදදින පවා, කාසිය සම්බවීම කෙරෙහි ප්‍රීතිවෙන ස්ත්රීන්ගේ හැඟීම් අපට වටහා ගත හැක! මෙහිදීත්, පාඩම ස්වර්ගය කෙරෙහි කෙන්ද්‍රගත වී තිබේ, එනම් ‘පසුතැවිලිවන එක පව්කාරයෙකු කෙරෙහි’ “දෙවියන් වහන්සේගේ දූතයන්” යෙහෝවඃ වහන්සේ සමඟ ප්‍රීතිවෙන බව ය. “පශ්චාත්තාපවන්නාවූ” යන වචනය සැලකිල්ලට ගන්න. ඇත්ත වශයෙන් ම මෙම උපමා වනාහි පශ්චාත්තාපවන්නා වූ පව්කාරයන් සම්බන්ධ ව ය. ඔවුන්ගේ පශ්චාත්තාපය කෙරෙහි ප්‍රීතිය ඇතුව සිටීමේ උචිතකම මෙම උපමා දෙක විසින් ම අවධාරණය කළ බව ඔබට දැකගත හැක.
21 ව්‍යවස්ථාවට බාහිර අනුකූලතාවක් දැක්වීමෙන් ආඩම්බරයක් ඇති වූ එම නොමග ගිය ආගමික නායකයන් නොසලකා හැරිය කාරණයක් නම් දෙවියන් වහන්සේ “අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ . . . අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමාකරන” බව ය. (නික්මයාම 34:6, 7) ඔවුහු දෙවියන් වහන්සේගේ මාර්ග හා පෞද්ගලිකභාවයේ මෙම අංගය අනුකරණය කරමින් සිටියෙහි නම්, පසුතැවිලි වූ පව්කාරයන් කෙරෙහි යේසුස් වහන්සේ දැක්වූ දයාව ඔවුන් අගය කරනු ඇත. අප ගැන කුමක් කිව හැකි ද? අපි මෙම පාඩම හෘදයට ගෙන එය අදාළ කරමින් සිටින්නෙමු ද? හොඳයි, යේසුස් වහන්සේගේ තුන්වන උපමාව සැලකිල්ලට ගන්න.
පසුතැවිල්ල හා දයාව ක්‍රියාවට නැංවීම
22 මෙය බොහෝ විට අකීකරු පුත්‍රයාගේ උපමාව වශයෙන් හඳුන්වා තිබේ. එහෙත්, එය කියවීමේ දී ඇතමෙක් පියාගේ ප්‍රේමයේ උපමාව වශයෙන් එය හඳුන්වන්නේ මන්දැයි ඔබට තේරුම් ගත හැක. පවුලේ බාල පුත්‍රයා තම පියාගෙන් සිය උරුමය ලබාගත් බව එය පවසයි. (ද්විතීය කථාව 21:17 සසඳන්න.) මෙම පුත්‍රයා ඈත රටකට ගොස්, එහි දී අශික්ෂිත හැසිරීමෙහි යෙදෙමින් සියල්ල නැතිනාස්තිකොට, ඌරන් බලාගැනීමට සිදුවේ, තව ද ඌරන්ගේ කෑම අනුභව කිරීමට පවා සිදුවන තත්ත්වයකට ඔහු පත් වේ. ඔහු අන්තිමේ දී සිහිකල්පනාවට පැමිණ, පියාගේ කම්කරුවෙකු වශයෙන් පමණක් වැඩ කිරීමට සිතා, ආපසු ගෙදර යාමට තීරණය කරයි. ඔහු ගෙදරට ළඟාවෙද්දී, පියා ඔහු ව සාදරයෙන් පිළිගෙන, උත්සවයක් පවා පැවැත්වීමේ ඒකාන්ත පියවර ඔහු ගන්නේ ය. වැඩ කරමින් නිවසේ රැඳී සිටී වැඩිමල් සහෝදරයා, දක්වන ලද දයාව ගැන අසතුටු වේ. නමුත් මිය ගිය පුත්‍රයා දැන් ජීවත්වන නිසා ඔවුන් සතුටු විය යුතු යයි පියා පවසයි.—ලූක් 15:11-32.
23 බාල පුත්‍රයා මෙන් වූ පව්කාරයන්ට වෙනස් ව, තමන් වැඩිමල් පුත්‍රයාට සමාන කර ඇතැයි යන හැඟීමක් සමහර ලියන්නන්ට හා ඵරිසිවරුන්ට ඇතිවන්නට ඇත. කෙසේ වුවද, උපමාවේ ප්‍රධාන කරුණ ඔවුහු වටහා ගත්තෙහු ද, තව ද අපිත් එය වටහා ගන්නෙමු ද? අපගේ දයාවන්ත ස්වර්ගීක පියාණන්ගේ කැපීපෙනෙන ගුණාංගයක් එය අවධාරණය කරයි, පව්කාරයෙකුගේ හෘදයාංගම පසුතැවිල්ල හා හැරීමේ පදනම මත සමාව දීමට ඇති උන් වහන්සේගේ කැමැත්ත ය. පසුතැවිලි වූ පව්කාරයන්ගේ ගලවා ගැනීම කෙරෙහි ප්‍රීතියෙන් ප්‍රතිචාරය දැක්වීමට එය අසන්නන් ව පොලඹවන්නට ඇත. එය වනාහි දෙවියන් වහන්සේ කාරණා දෙස බලන ආකාරය වන අතර, තව ද උන් වහන්සේ ව අනුකරණය කරන අය එසේ ම කරති.—යෙසායා 1:16, 17; 55:6, 7.
24 පැහැදිලි ව ම, දෙවියන් වහන්සේගේ සියලු මාර්ග යුක්තිසහගත ය, එබැවින්, යෙහෝවඃ වහන්සේ ව අනුකරණය කිරීමට කැමති අය යුක්තිය අගය කරමින් එය ලුහුබඳිති. තවමත්, අපගේ දෙවියන් වහන්සේ අපුද්ගල හෝ දැඩි යුක්තියකින් පෙලඹී නොසිටින සේක. උන් වහන්සේගේ දයාව හා ප්‍රේමය ඉමහත් ය. අවංක පසුතැවිලිවීම සඳහා සමාව දීමට ඇති කැමැත්ත මගින් උන් වහන්සේ මෙය පෙන්නුම් කරන සේක. එසේ නම්, අප සමාව දීමේ ආකල්පයක් දැරීම අප දෙවියන් වහන්සේ ව අනුකරණය කිරීම සමඟ පාවුල් ඒකාබද්ධ කිරීම උචිත ය: “නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙයල්ලා. එබැවින් නුඹලා ප්‍රිය දරුවන් මෙන් දෙවියන්වහන්සේ අනුව යන්නෝ වෙයල්ලා.”—එපීස 4:32–5:2.
25 සැබෑ ක්‍රිස්තියනීන් බොහෝ කලක සිට යෙහෝවඃ වහන්සේගේ යුක්තිය ද, එමෙන් ම උන් වහන්සේගේ දයාව හා සමාව දීමට ඇති කැමැත්ත අනුකරණය කිරීමට වෑයම් කර ඇත. උන් වහන්සේ ව අප වැඩි වැඩියෙන් දැන ගන්නා විට, මේ සම්බන්ධයෙන් උන් වහන්සේ ව අනුකරණය කිරීම අපට වඩාත් පහසු වනු ඇත. කෙසේ වුවද, යමෙකු පව්කාර ක්‍රියා මාර්ගයක් ලුහුබැන්ද නිසා යුක්තිසහගත ලෙස දැඩි හික්මවීමක් ලැබූ කෙනෙකු කෙරෙහි අපට මෙය අදාළ කළ හැක්කේ කෙසේ ද? අපි බලමු. w91 04/15
[පාදසටහන්වල]
a “නෙරපා දැමීම එහි ඉතා පොදු අර්ථයෙන් ගත් විට ඉන් අදහස් කරන්නේ කණ්ඩායමක් විසින් වරක් හොඳ තත්ත්වයකින් සිටි එහි සමාජිකත්වය ලැබූ අයගෙන් හිතාමතා ම වරප්‍රසාද අහිමි කිරීම ය. . . . ක්‍රිස්තු යුගයේ නෙරපාදැමීමෙන් අඟවනු ලැබුවේ ආගමික ප්‍රජාවක් විසින් වරදකරුවන්ට සක්‍රමේන්තු, සභා නමස්කාරය, සහ සමහරවිට ඕනෑ ම ආකාරයක සමාජ ඇසුරක් අහිමි කිරීමෙන් තහනම් කිරීමේ ක්‍රියාවකට ය.”—දී ඉන්ටර්නැෂනල් ස්ටැන්ඩඩ් බයිබල් එන්සික්ලොපීඩියා.
[පාඩම සඳහා ප්‍රශ්න]
1. අන්‍යයන් ව අනුකරණය කිරීම අප සියල්ලන්ගේ සැලකිල්ලට යොමුවීමේ කාරණයක් විය යුත්තේ මන්ද?
2. අප අනුකරණය කළ යුත්තේ කවරෙක් ද, සහ කුමන ආකාරවලින් ද?
3, 4. දෙවියන් වහන්සේ තමන් ගැන ම කිනම් විස්තරයක් සැපයූ සේක් ද, තව ද උන් වහන්සේ යුක්තිසහගත කෙනෙකු වීම ගැන අප සැලකිල්ල යොමු කළ යුත්තේ මන්ද?
5, 6. ඊශ්‍රායෙල් සමඟ දෙවියන් වහන්සේගේ කටයුතුවල දී යුක්තිය ප්‍රකාශ වූයේ කෙසේ ද?
7. දෙවියන් වහන්සේගේ පුරාණ ජනයා අතරෙහි යුක්තිය ඉටුකිරීමට නිසා ඇති වූ ඵලවිපාකවලින් සමහරක් කවරේ ද?
8. ක්‍රිස්තියානි සභාව සමඟ දෙවියන් වහන්සේගේ කටයුතුවලදීත් උන් වහන්සේගේ යුක්තිය ප්‍රකාශ වූයේ කෙසේ ද?
9. නෙරපාදැමීම යනු කුමක් ද, සහ ඉන් ඉටු කරන්නේ කුමක් ද?
10. යමෙක් නෙරපාදමනු ලැබුවහොත් දෙවියන් වහන්සේගේ සේවකයන් ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේ ද?
11. නෙරපාදැමීමක් සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ පුද්ගලිකත්වයේ විවිධ අංග ප්‍රකාශ විය හැක්කේ කෙසේ ද?
12, 13. අප විසින් දෙවියන් වහන්සේ ව අනුකරණය කිරීමේ දී උන් වහන්සේගේ යුක්තිය පිළිබිඹු කරනවාට වඩා වැඩි යමක් ඇතුළත් විය යුත්තේ මන්ද?
14. දෙවියන් වහන්සේගේ දයාවන්තකම තමන් අනුකරණය කළ බව යේසුස් වහන්සේ දැක්වූයේ කෙසේ ද?
15, 16. ලූක් 15හි ඇති උපමා දීමට යේසුස් වහන්සේ ව පෙලඹවූයේ කුමක් ද?
17. ලූක් 15හි යේසුස් වහන්සේගේ පළමු උපමාව වූයේ කුමක් ද?
18. ලූක් 15හි යේසුස් වහන්සේගේ දෙවන උපමාවෙන් ඉස්මතු කොට දක්වා ඇති පරිදි, ප්‍රීතිවීම සඳහා හේතු වූයේ කුමක් ද?
19, 20. ලූක් 15හි ඇති යේසුස් වහන්සේගේ පළමු උපමා දෙක ප්‍රධාන වශයෙන් කවරෙකු පිළිබඳ ව ද, සහ ගෙනහැර දැක් වූ ප්‍රධාන කරුණ කුමක් වී ද?
21. ලූක් 15හි ඇති යේසුස් වහන්සේගේ උපමාවලින් අප ඉගෙනගත යුතු පාඩම කුමක් ද?
22. කෙටියෙන්, ලූක් 15හි තුන්වන උපමාවක් වශයෙන් යේසුස් වහන්සේ සඳහන් කළේ කුමක් ද?
23. අකීකරුකමේ පුත්‍රයාගේ උපමාවෙන් අප කුමක් ඉගෙනගත යුතු ද?
24, 25. අප අනුකරණය කිරීමට උත්සාහ කළ යුත්තේ දෙවියන් වහන්සේගේ කිනම් මාර්ග ද?
ඔබ ඉගෙනගත්තේ කුමක් ද?
▫ ඊශ්‍රායෙල් සභාව තුළ හා ක්‍රිස්තියානි සභාව තුළ දෙවියන් වහන්සේගේ යුක්තිය ප්‍රකාශ වූයේ කෙසේ ද?
▫ උන් වහන්සේගේ යුක්තියට අමතර ව, දෙවියන් වහන්සේගේ දයාව අප අනුකරණය කළ යුත්තේ මන්ද?
▫ ලූක් 15හි ඇති උපමා තුන දීමට හේතු වූයේ කුමක් ද, ඒවා අපට ඉගැන්විය යුතු පාඩම් කවරේ ද?
සීනයි කන්ද (වම් පසුබිමෙහි) ඉදිරියෙහි ඇති අහ්-රාහා සමභූමිය
Garo Nalbandian
Pictorial Archive (Near Eastern History) Est.
Garo Nalbandian