ධර්ම භේදින්ගෙන් ප්‍රවේසම් වන්න
යූද්ගේ ලිපියෙන් මූලික කරුණු
යෙහෝවඃ වහන්සේගේ සේවකයන් “නපුරට පිළිකුල් කොට යහපතට ඇලුම් විය යුතු ය.” (රෝම 12:9) පෙනෙන ලෙස පො.යු. 65 දී පමණ පලස්තීනයේ සිට යවනු ලැබූ සිය ලිපිය තුළ බයිබල් ලේඛක යූද් අන්‍යයන් හට මෙය කිරීමට උපකාර කළේ ය.
යූද් තමාව ම හැඳින්වූයේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද යාකොබ්ගේ සහෝදරයාද” යනුවෙනි. මෙහි සඳහන් වන යාකොබ්, යේසුස් වහන්සේගේ අර්ධ සහෝදරයා බව කවුරුත් දැන සිටියේ ය. (මාර්ක් 6:3; ක්‍රියා 15:13-21; ගලාති 1:19) මේ නිසාවෙන් යූද් ද යේසුස් වහන්සේගේ අර්ධ සහෝදරයා වී සිටියේ ය. කෙසේ වෙතත්, යේසුස් වහන්සේ ඒ වන විට ස්වර්ගයේ මහිමාන්විත ආත්ම පුද්ගලයෙකු වී සිටි හෙයින්, මෙම මාංසික සම්බන්ධතාවය ගැන සඳහන් කිරීම නුසුදුසු යැයි හේ සිතී ය. “යහපතට ඇලුම් ව සිට” ධර්ම භේදීන්ගෙන් ප්‍රවේසම් වීමට අපට උපකාරවත් වන උපදෙස් දීමේ දී යූද්ගේ ලිපිය ඉතා ඍජු විය.
“උනන්දු ආකාරයෙන් පොර අල්ලන්න”
ක්‍රිස්තියානින් හට පොදුවේ අයත් ව තිබෙන ගැලවීම ගැන ලිවීමට යූද් අදහස් කළ ද, “ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොර බැඳීමක් කරන” ලෙස තම පාඨකයන්ගෙන් බලවත් සේ ඉල්ලා සිටීමට අවශ්‍ය වී තිබෙන බව ඔහු වටහා ගත්තේ ය. (පද 1-4) මන්ද? මක්නිසාදයත්, අභක්තික මනුෂ්‍යයන් සභාවට ඇතුල් වී, ‘දෙවියන් වහන්සේගේ අපරිමිත කරුණාව සල්ලාලකමට හරවා ගෙන’ සිටිති. දෙවියන් වහන්සේගේ නීති කඩමින් උන් වහන්සේගේ සෙනඟ අතර සිටීමට තමන්ට හැකි බව ඔවුහු වැරදි ලෙස සිතූහ. අපි එවැනි දුෂ්ට විමර්ශනයන්ට කිසිදා නැඹුරු නොවෙමු, නමුත් දෙවියන් වහන්සේ අපගේ පව් දයානුකම්පිත ලෙස යේසුස් වහන්සේගේ ලේවලින් සෝදා හැරීම ගැන ස්තූතිවන්ත වෙමින් සැමවිට ම ධර්මිෂ්ඨකම ලුහුබඳිමු.—1 කොරින්ති 6:9-11; 1 යොහන් 1:7.
අප ඉදිරියේ ඇති අනතුරු ඇඟවීම්
එක්තරා ආකල්පයන්, හැසිරීම්, සහ මිනිසුන් ගැන ප්‍රවේසම් වීම අවශ්‍ය ය. (පද 5-16) මක්නිසාදයත්, මිසරයෙන් ගලවාගනු ලැබූ සමහරක් ඊශ්‍රායෙල්වරුන්ට මඳ ඇදහිල්ලක් තිබූ නිසා විනාශ වූහ. “ස්වකීය වාසස්ථාන අත්හැරියාවූ දේව දූතයන් මහත් දවසේ විනිශ්චය පිණිස [ආත්මික] අන්ධකාරය යට සදාකාල බැඳුම්වලින් බැඳ තබනු” ලැබ තිබේ. අතිමහත් වූ දුරාචාරය සොදොම් සහ ගොමෝරාව මත “සදාකාල ගින්නේ විනිශ්චිත දඬුවමක්” ගෙන ආයේ ය. එබැවින් අපි සැමවිටම දෙවියන් වහන්සේ ව සතුටු කොට, කිසිදා “ජීවන මාර්ගය” අත් නොහරිමු.—ගීතාවලිය 16:11.
විනිශ්චයක දී යක්ෂයාට එරෙහිවවත් අපහාසාත්මක වචනවලින් නිග්‍රහ නොකළ අග්‍ර දූත මිකායෙල් මෙන් නොව, අභක්තික මනුෂ්‍යයෝ “උත්තමයන්” හට අපාසාත්මක අන්දමින් කථා කරති. පැහැදිලි ව ම ආලේපලත් වැඩිමහල්ලන් ලෙස යම් උතුම් බවක් ප්රදානය කරනු ලැබූ අයටයි, එය හිමිවූයේ දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ මගිනි. දෙවියන් වහන්සේ විසින් දී ඇති අධිකාරිත්වයට අපි අගෞරව නොකරමු!
කායින්, බාලාම්, සහ කෝරාගේ නරක ආදර්ශයන් අභක්තික මිනිසුන් මගින් අනුකරණය කෙරිණ. ඔවුන් ඇති කළා වූ ආත්මික තර්ජනය හරියට වතුර යට නොපෙනි තිබෙන්නා වූ පර්වතයන්ට සැසඳිය හැකි අතර, ඔවුන් වතුර නැති වලාකුළු සහ කිසිම ප්‍රයෝජනවත් ඵලයක් නොදරන මළා වූ, මුලින් උදුරන ලද ගස්වලට සමාන ය. මැසිවිලි කියන්නෝ ද, කොඳුරන්නෝ ද වන මෙම ධර්මභේදීන් ‘සිය වාසිය තකා අනුනට චාටුවෙන් ප්‍රශංසා කරති.’ [පො. න. අ.]
විරුද්ධ වෙමින් සිටින්න
නරක බලපෑම්වලට විරුද්ධ වීම සම්බන්ධයෙන් යූද් ඊළඟට උපදෙස් දුණි. (පද 17-25) “අන්තිම කාලයේදී” සරදම් කරන්නන් සිටිනු ඇති අතර, සැබෑ ක්‍රිස්තියානින් අද දින ඔවුන් හා ඔවුන්ගේ අපහාසාත්මක වචන සම්බන්ධයෙන් විඳදරාගත යුතු ය. එම නපුරු බලපෑම්වලට එරෙහි ව සිටීමට නම්, අප අපගේ “ඉතා ශුද්ධ ඇදහිල්ල” පිට අප ව ම ගොඩනඟමින් ශුද්ධාත්මය සමඟ යාච්ඤා කරමින්, යේසුස් වහන්සේගේ දයාව ප්‍රකාශ වීමට බලා සිටින අතරේ දී දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි පැවතිය යුතු ය.
පෙනෙන ආකාරයට බොරු ගුරුවරුන්ගේ ක්‍රියාකලාපය නිසා අභක්තික මනුෂ්‍යයෝ ඇතැම් අය තුළ සැකයන් ඇති කළෝ ය. (2 පේතෘස් 2:1-3, සසඳන්න.) සැකකරන්නන්ට අවශ්‍ය වූයේ කුමක් ද? “ගින්න” හෙවත් සදාකාලික විනාශයෙන් ඇද ගලවා ගැනීමට අවශ්‍යකර වූ ආත්මික උපකාරය ය. (මතෙව් 18:8, 9) නමුත් භක්තිවන්තයන්ට එම ඉරණම ගැන භය වීමට අවශ්‍ය නොවූයේ, මන්දයත්, පාපයට නොවැටෙන ලෙස “පැකිලීමෙන්” සහ ධර්මභේදීන්ට මුහුණ දීමට සිදුවන විනාශයෙන් යෙහෝවඃ වහන්සේ ඔවුන් ව ආරක්ෂා කරනු ඇති නිසා ය. w91 04/15
සැඟවුනු පර්වතයෝ: යූද් සෙසු ක්‍රිස්තියානින් හට ‘ඔවුන්ගේ ප්‍රේම මංගල්‍යවල වතුර යට සැඟ වී තිබෙන පර්වතයන්’ ගැන අනතුරු ඇඟවී ය. (යූද් 12) ඇදහිලිවන්තයන්ට ප්‍රේම කරනවා යැයි බොරුවට ඇඟවූ එවැනි ධර්මභේදීන්, හරියට නැව් මුහුදුබත් කිරීමට හා පිහිනුම්කරුවන් ව ඉරාදැමීමට හෝ මරාදැමීමට හැකි වතුර යට තිබෙන රළු පර්වතයන් මෙනි. ප්‍රේම මංගල්‍යයන් වනාහි ද්‍රව්‍යමය වශයෙන් පොහොසත් ව සිටි ක්‍රිස්තියානින් තම සෙසු දුප්පත් ඇදහිලිවන්තයන්ට ආරාධනා කළා වූ ප්රියසාදයන් විය හැක. සභා පියවරයෙකු වූ ක්‍රිසොස්ටම් (පො.යු. 347?-487) පැවසුවේ: “ඔවුහු සියලු දෙනා ම පොදු මංගල්‍යයක දී හමු වූහ: පොහොසත් අය යම් යම් දේවල් රැගෙන ආ අතර, කිසිවක් නොමැති දුප්පතුන්ට ද ආරාධනා කෙරිණ. ඔවුහු සියලු දෙනා ම එකට එකතු වී පොදුවේ මංගල්‍ය පැවැත්වූහ.” මුල් කාලයේ පැවති මෙම ප්‍රේම මංගල්‍යවල ස්වභාවය කුමක් වුවද, ආත්මික මරණයක් ගෙන දිය හැකි ධර්මභේදී “සැඟවුනු පර්වතයන්ගෙන්” ප්‍රවේසම් වීමට යූද් කළ අනතුරු ඇඟවීම ඇදහිලිවන්තයන් හට උපකාර කළේ ය. ප්‍රේම මංගල්‍යයන් පවත්වන ලෙස ක්‍රිස්තියානින් හට ආඥා කරනු ලැබ නොතිබුණත්, ඒවා අද දින නොපැවැත්වුවත්, අවශ්‍යතාවයන් ඇති අවස්ථාවල දී සැබවින් ම එකිනෙකාට උපකාර කර ගන්නාවූ යෙහෝවඃ වහන්සේගේ සෙනඟ අතර ප්‍රසන්න සහයෝගිතාවයක් තිබේ.