ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w92 1/1 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • “ඔබ මෙම දිනය සිහි කළ යුතුයි”
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාස්කුව කියන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවිව ගෞරවයට පත් කරන සැමරීමක් - ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w92 1/1 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

◼ යේසුස් වහන්සේ නව ගිවිසුමට ඇතුළත් කරනු ලබන අනෙක් ගෝලයන් නොමැති ව ප්‍රේරිතයන් සමඟ පමණක් සිහිකිරීමේ උත්සවය පිහිටෙව්වේ මන් ද?

එම සන්ධ්‍යාවේ යේසුස් වහන්සේ සිය ප්‍රේරිතවරු සමඟ එක් වූයේ නව ගිවිසුමට ඇතුළත් වූ ආලේපලත් ක්‍රිස්තියානි සභාව සමඟ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පිහිටුවීමට යන වැරදි වැටහී ම මත මෙම ප්‍රශ්නය අදාළ වී ඇති බව පෙනේ. ඒ වෙනුවට, පො.යු. 33, නිසාන් 14වන දා, ක්‍රිස්තියානි සභාව තවමත් පිහිටුවා නොතිබූ අතර, යේසුස් වහන්සේ තම ප්‍රේරිතවරුන් සමඟින් එක්රැස් වූයේ යුදෙව්වන්ගේ වාර්ෂික පාස්කු මංගල්‍ය භෝජනය අරඹයා ය.

ඇත්ත වශයෙන් ම, ප්‍රේරිතවරු යනුවෙන් හඳුන්වනු ලැබූ 12 දෙනාට අමතර ව යේසුස් වහන්සේට වෙනත් ගෝලයන් ද සිටියහ. උන් වහන්සේගේ මරණයට පෙර වර්ෂයේ දී, උන් වහන්සේ ගෝලයන් 70 දෙනෙක් ව දේශනා කිරීමේ සංචාරයක යැවූ සේක. උන් වහන්සේගේ නැවත නැගිටීමෙන් පසු “උන්වහන්සේ එකවිටම පන්සියයකට වඩා සහෝදරයන්ට පෙනුණු සේක.” තව ද පෙන්තකොස්ත දිනයේ දී ගෝලයන් “එකසිය විසිදෙනෙක් පමණ” රැස්ව සිටියහ. (1 කොරින්ති 15:6; ක්‍රියා 1:15, 16, 23; ලූක් 10:1-24) නමුත් ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය නමින් හැඳින්වන වාර්ෂික උත්සවය උන් වහ්නසේ පිහිටෙවූ විට යේසුස් වහන්සේ සමඟ සිටී කණ්ඩායම අපි සලකා බලමු.

ලූක් 22:7, 8හි මෙසේ පවසමින් එම කාල සීමාව සඳහන් කරයි: “පාස්කුව පූජාකළ යුතුව මුහුන් නොදැමූ රොටි කන දවස පැමුණුණේය. එවිට උන් වහන්සේ පේතෘස්ද යොහන්ද යවමින්: නුඹලා ගොස් අප විසින් පාස්කුව කන පිණිස පිළියෙල කරපල්ලා යයි කීසේක. වාර්තාවේ තවදුරටත් මෙසේ සඳහන් වෙයි: “ගෙයි ස්වාමියාට කථා කොට: මා විසින් මාගේ ගෝලයන් සමඟ පාස්කුව කන්ට හැකිවූ ආගන්තුක ශාලාව කොතනද කියා ආචාරීන් අසනවායයි කියාපල්ලා.” එබැවින් එම සන්ධ්‍යාවේ දී යේසුස් වහන්සේ 12දෙනා සමඟ රැස්වූයේ යුදෙව්වන්ගේ උත්සවයක් සඳහා ය. උන් වහන්සේ ඔවුන්ට මෙසේ කී සේක: “වධවිඳීමට පළමුවෙන් මම මේ පාස්කුව නුඹලා සමඟ කන්ට අතිශයෙන් ආශාවුණෙමි.”—ලූක් 22:11, 15.

මිසරයේ, එහි පටන්ගැන්ම සිට පාස්කුව පවුල් උත්සවයක් විය. පාස්කුව පිහිටුවීමේ දී, සෑම පවුලකට ම බැටළුවෙක් මැරිය යුතු බව දෙවියන් වහන්සේ මෝසස්ට කී සේක. මුළු බැටළුවෙක් ව අනුභව කිරීමට තරම් පවුල වඩා කුඩා එකක් වූයේ නම්, භොජනය බෙදාගැනී ම සඳහා අසල්වැසි පවුලකට ආරාධනා කළ හැකි විය. එබැවින්, පො.යු. 33 පාස්කුවට යේසුස් වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් මෙම භෝජනය සඳහා සාමාන්‍යයෙන් තමන්ගේ ම පවුල් සමඟ එක්රැස් වන්නට ඇති බව තර්කාණුකූලයි.

නමුත් අන්තිම වලංගු පාස්කුව, හා තමන් වහන්සේගේ මරණයට පෙර අවසාන රාත්‍රිය වන්නට යන මෙය, උන් වහන්සේගේ සේවයේ විශාල කොටසක උන් වහන්සේ සමඟ ගමන් කළ උන් වහන්සේගේ කිට්ටු ම අනුගාමීකයන් සමඟ, හවුලේ භුක්ති වීඳීමට යේසුස් වහන්සේ “අතිශයින් ආශා” වූ සේක. එම පාස්කු භෝජනයේ අවසානයේ, අනාගතයේ දී උන් වහන්සේගේ අනුගාමිකයන් සියලු දෙනා විසින් ම පවත්වනු ලබන්නට යන අලුත් උත්සවයක් ගැන යේසුස් වහන්සේ ඔවුන්ට කී සේක. එම අනාගතික ක්‍රිස්තියානි උත්සවයේ මුද්‍රිකපානය, ව්‍යවස්ථා ගිවිසුම වෙනුවට පත් කරනු ලබන්ට යන “අලුත් ගිවිසුමේ” රුධිරය නියෝජනය කරන්නට තිබුණි.—ලූක් 22:20.

කෙසේවෙතත්, පො.යු. 33, නිසාන් 14වන දා සන්ධ්‍යාවේ අලුත් ගිවිසුම වලංගු නොවීය, මන්ද වලංගු බවට පත් කරවන පූජාව—යේසුස් වහන්සේ—තවමත් ඔප්පු කර නොතිබුණි. ව්‍යවස්ථා ගිවිසුම තවමත් වලංගු ව තිබුණි. එය තවමත් වදකණුවට ඇණ ගසා නොතිබිණ. තව ද, ස්වාභාවික ඉශ්‍රායෙල් සමඟ වූ පරණ ගිවිසුම වෙනුවට ආත්මික ඉශ්‍රායෙල් සමඟ වූ අලුත් ගිවිසුම ඇති කරනු ලැබූ බව පෙන්තකොස්ත දිනය වන තුරු ප්‍රකට නොවනු ඇත.—ගලාති 6:16; කොලොස්සි 2:14.

එබැවින් එම සන්ධ්‍යාවේ ඇදහිලිවන්ත ප්‍රේරිතවරු 11 දෙනා හෝ අනෙක් ගෝලයන්ගෙන් කිසිවෙකුවත් අලුත් ගිවිසුමට ඇතුළත් ව නොසිටියහ. තව ද අනෙක් යුදෙව් ගෝලයන් තම පවුල් සමඟ රැස් වී පාස්කු උත්සවය පැවැත්වීමට ඉඩ දීමෙන් යේසුස් වහන්සේ කිසි ම අප්‍රසාදයක් නොදැක්වූ සේක. w91 7/15

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න