ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 සැප්තැම්බර් 19 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් ගෝලයන් 70දෙනෙකුව සේවයට පිටත් කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස්වහන්සේගේ සමුගැනීමේ වචනවලට අවනත වෙමින්
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔබ මෙම දිනය සිහි කළ යුතුයි”
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 සැප්තැම්බර් 19 පි.
යේසුස් විශ්වාසවන්ත නියෝජිතයන්ට ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙනවා.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දේශනා සේවෙට යවපු ගෝලයන් 70දෙනා යේසුස් සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙද්දී හිටියේ කොහෙද? එයාලා යේසුස්ව අත්හැරලා ගිහින්ද?

යේසුස් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙද්දී ඒ 70දෙනා එතන හිටියේ නැහැ. එහෙමයි කියලා යේසුස් එයාලව පිළිගත්තේ නැහැ, එයාලා යේසුස්ව අත්හැරලා ගිහින් කියලා අපිට කියන්න බැහැ. යේසුස්ට ඕන වුණේ ඒ විශේෂ අවස්ථාව ඔහුගේ නියෝජිතයන් එක්ක සමරන්න.

නියෝජිතයන් 12දෙනාව වගේම ඒ ගෝලයෝ 70දෙනාවත් යේසුස් පිළිගත්තා. මුලින්ම ඔහු ගෝලයන් හුඟදෙනෙක් අතරින් 12දෙනෙක්ව තෝරගෙන එයාලව නියෝජිතයන් කියලා හැඳින්නුවා. (ලූක් 6:12-16) ගලීලයේදී ඔහු ඒ ‘දොළොස්දෙනාව කැඳවලා දේවරාජ්‍යය ගැන දේශනා කරන්න, රෝගීන්ව සුව කරන්න පිටත් කළා.’ (ලූක් 9:1-6) පස්සේ යූදාවලදී ඔහු ‘තවත් හැත්තෑදෙනෙක්ව තෝරලා එයාලව දෙන්නා ගාණේ යැව්වා.’ (ලූක් 9:51; 10:1) ඒකෙන් පැහැදිලියි යේසුස්ගේ ගෝලයෝ එක එක පැතිවල හිටියා කියලා.

යේසුස්ගේ ගෝලයන් වුණ යුදෙව්වන් ඒ වෙද්දීත් පේන විදිහට එයාලාගේ පවුලේ අයත් එක්ක පාස්කුව සැමරුවා. (නික්. 12:6-11, 17-20) යේසුස්ගේ මරණය ළං වෙද්දී ඔහු නියෝජිතයන් එක්ක යෙරුසලමට ගියා. ඒත් ඔහු යූදාවල, ගලීලයේ, පෙරියාවල හිටපු හැම ගෝලයෙක්ටම කිව්වේ නැහැ එකතු වෙලා පාස්කුව සමරන්න එහෙට එන්න කියලා. ඔහුට ඕන වුණේ නියෝජිතයන් එක්ක විතරක් ඒක සමරන්න. ඒකයි ඔහු එයාලට මෙහෙම කිව්වේ. “වධ විඳින්න කලින් ඔබ සමඟ මේ පාස්කු භෝජනයට සහභාගි වෙන්න මා තුළ තිබුණේ මහත් ආශාවක්.”—ලූක් 22:15.

යේසුස්ට එහෙම කරන්න හොඳ හේතුවක් තිබුණා. “ලෝකයෙන් පාපය නැති කර දමන දෙවිගේ බැටළු පැටවා” විදිහට ජීවිතේ පූජා කරන්න ඔහුට තිබුණේ ටික වෙලාවයි. (යොහ. 1:29) කාලයක් පුරා දෙවියන්ට පූජා ඔප්පු කරපු යෙරුසලමේදීම තමයි යේසුස් ජීවිතේ පූජා කරන්න නියමිත වෙලා තිබුණේ. පාස්කු බැටළුවාගෙන් ඊශ්‍රායෙල්වරුන්ට මතක් කළා යෙහෝවා එයාලව ඊජිප්තුවෙන් බේරගත්ත විදිහ. ඒත් දෙවියන්ගේ බැටළු පැටියාගේ පූජාව නිසා මිනිස්සුන්ට පාපයෙන් සහ මරණයෙන් නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවා. (1 කොරි. 5:7, 8) යේසුස් කරපු ඒ දේ නිසා මේ 12දෙනාට පුළුවන් වුණා ක්‍රිස්තියානි සභාවේ අත්තිවාරමේ ප්‍රධාන කොටසක් වෙන්න. (එෆී. 2:20-22) ශුද්ධ නුවර වන යෙරුසලමේ ‘අත්තිවාරම් ගල් 12හේ බැටළු පැටවාගේ නියෝජිතයන් 12දෙනාගේ නම් 12 ලියලා තියෙනවා.’ (එළි. 21:10-14) ඒකෙන් පේනවා මේ විශ්වාසවන්ත නියෝජිතයන් දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න ප්‍රධාන වැඩක් කරනවා කියලා. එහෙම බලද්දී අන්තිම පාස්කුව නියෝජිතයන් එක්ක විතරක් සමරන්න යේසුස් තීරණේ කරපු එක පුදුමයක් නෙවෙයි. ඒකෙන් පස්සේ තමයි ඔහු ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය එයාලට හඳුන්වලා දුන්නේ.

ඒ 70දෙනා වගේම අනිත් ගෝලයොත් එදා යේසුස් එක්ක ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට සහභාගි වුණේ නැතත් විශ්වාසවන්තව හිටපු හැම ගෝලයෙක්ටම ඒකෙන් ප්‍රයෝජන ලැබුණා. විශ්වාසවන්තව හිටපු ඒ හැමෝවම යෙහෝවා ඔහුගේ බලයෙන් අභිෂේක කළා. ඒ නිසා යේසුස් නියෝජිතයන්ට කියපු රාජ්‍යයක් සඳහා ගිවිසුමට ඇතුළත් වෙන්න එයාලට පුළුවන් වුණා.—ලූක් 22:29, 30.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න