නීරෝගීකම හා සන්තෝෂය—ඔබට ඒවා සොයා ගත හැක්කේ කෙසේ ද?
මිනිසා, නීරෝගීකම සහ සන්තෝෂය අතර ඇති සමීප සබඳතාවය බොහෝ කලෙක සිට අඳුනාගෙන තිබේ. “වෛද්‍ය විද්‍යාවේ පියා” හැටියට සැලකෙන හිපොක්‍රටීස් මෙසේ පැවසී ය: “නීරෝගීකම වනාහි මිනිස් ආශීර්වාදයන් අතුරින් උතුම් ම එක බව ඥානවන්ත මිනිසා සැලකිය යුතුයි.” ජර්මන් දාර්ශනිකයෙකු වන ආතර් ශොපෙන්හව්වර් මෙසේ සඳහන් කළේ ය: “මිනිස් සන්තෝෂයේ සතුරන් දෙදෙනා නම් වේදනාව හා කරදරකාරී ස්වභාවය ය.”
අනැට’මි ඔෆ් ඇන් ඉල්නස් ඈස් ප’සීව්ඩ් බයි ද පේෂන්ට් නැමැති පොතේ නෝමන් කසින්ස්, තමාගේ ජීවිතයට තර්ජනය කළ අසනීපයක් මර්දනය කිරීමට සිනහසීම පිළිබඳ තම අත් දැකීම විස්තර කළේ ය. ඔහු තම රෝගයේ සුව වීමට හේතුව පිළිබඳ කරුණු ඉදිරිපත් කරද්දී කියා සිටියේ, විනෝදාත්මක චිත්‍රපට නරඹන විට මහ හඬින් සිනාසීම අඩුතරමින් එයට අඩ වශයෙන් හෝ ඉවහල් වූ බව ය. අප සිනහසෙන විට සිරුරේ උපදින එන්ඩ්රොෆින්ස් නැමැති රසායනිකයේ තිබෙන්නට හැකි සමහරක් ප්‍රයෝජන ගැන සොයා බැලීමට ප්‍රසිද්ධ වෛද්‍යවරුන් ආරම්භ කොට ඇත. මේ අනුව, “තුෂ්ටිමත් සිත හොඳ ඖෂධයකි” යන අනුභාවලත් හිතෝපදේශයේ ප්‍රඥාව අපට දැකිය හැක.—හිතෝපදේශ 17:22.
එහෙත්, පරස්පර විරෝධී දෙය නම්, බොහෝ නීරෝගී මිනිසුන් වුව ද අසන්තෝෂයෙන් සිටින බැවින්, යහපත් සෞඛ්‍යය අනිවාර්යයෙන් ම සන්තෝෂය ලබා නොදෙන බව පර්යේෂකයන් විසින් සොයා ගෙන තිබීමයි. සැකසූ ප්‍රශ්න මාලාවක් හා සම්මුඛ සාකච්ඡාවල දී ලොව වටා 1,00,000ක් පමණ ජනයාගෙන් ලැබුණු ප්රතිචාරයන් මත පදනම් වූ පර්යේෂණයක් මගින් ජොනතන් ෆ්‍රීඩ්මන් හට එළැඹෙන්නට තුඩු දුන් අනපේක්ෂිත නිගමනය නම්, තම ජීවිතයන්හි අසන්තෝෂයෙන් සිටි ජනයාගෙන් සියයට 50ක් ම මූලික වශයෙන් නීරෝගී ව සිටි බව ය.
නීරෝගීකම සහ සන්තෝෂය—වචනයකින්
එසේ නම්, නීරෝගීකම හා සන්තෝෂය යන මෙකී අවබෝධ නොවන අසීරු මේ සබඳතාවය වටහා ගැනීමට අප බැලිය යුත්තේ කොහේ ද? සියවස් ගණනකට පෙර, කොන්ෆියුසියස් විසින් උනන්දුමත් අදහසක් දෙන ලදි: “හොඳ ආණ්ඩු, අනුග්‍රහය ලබන්නේ ළඟ සිටින අය සන්තෝෂ කරන විට, හා දුර සිටින අය ව ආකර්ෂණය කර ගන්නා විට ය.” ආණ්ඩුවක එකම ඉලක්කය වනුයේ, “ඒ යටතේ එක් රැස් වී ඇති පොදු මහජනතාවගේ සන්තෝෂය හැකි තරම් ප්‍රමාණයකට ආරක්ෂා කිරීම බව” දේශපාලඥයෙකු වන තෝමස් ජෙෆර්සන් අපගේ කාලයට උචිත ලෙසින් ප්‍රකාශ කළේ ය.
ඇත්ත වශයෙන් ම, සමීප පරීක්ෂණයක් හෙළි කරන්නේ, නීරෝගීකම හා සන්තෝෂය සඳහා මිනිසාගේ ගවේෂණයට අවසන් පිළිතුර නම් සැබවින් ම එය එක්තරා දෙයක් මත නාභිගත වී ඇති බවයි—එය නම් ආණ්ඩුව ය.
යුග ගණනක් පුරා, මිනිසා තම සන්තෝෂය උදෙසා ඒ දෙස—එනම් ආණ්ඩුව දෙස—බලා සිට තිබේ. නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදයේ නිදහස් ප්රකාශනය මෙම ප්‍රසිද්ධ වචනවලින් සමන්විත ය: “මෙම සත්‍යයන් අප තුළින් ම විද්‍යාමාන වන බව අපි පිළිගනිමු, එනම්, සියලු මිනිසුන් සමාන ලෙස මවා තිබේ, පාවා දිය නොහැකි එක්තරා අයිතිවාසිකම් ඔවුන්ගේ මැවුම්කාරයාණන් විසින් ඔවුන් හට පවරා දී තිබේ, එමෙන් ම ජීවිතය, විමුක්තිය, හා සන්තෝෂය ලුහු බැඳීම ඒ අතර වෙයි.” එහි දී කල්පනාවට ගත් ආණ්ඩුව විසින් ඒවායේ යටත් වැසියන් හට යෝජනා කොට තිබෙන්නේ සන්තෝෂය ලුහු බැඳීමේ අයිතිය පමණක් බව මෙහි දී කල්පනාවට ගන්න. සෞඛ්‍යය ගැන කල්පනා කරන විට, බොහෝ ආණ්ඩු තම පුරවැසියන්ගේ සෞඛ්‍යය නගා සිටුවීමට යම් වැඩ සටහන් දියුණු කොට තිබීම ප්‍රශංසා කටයුතු ය. එහෙත්, තවමත් සාමාන්‍ය පොදු යහපත් නීරෝගීකම බහුතරයකට අත්කර ගැනීමට අසීරු යමක් වී තිබේ.
එහෙත්, ඊටත් වඩා යමක් සැපයීමට පොරොන්දු වන ආණ්ඩුවක් ගැන කුමක් කිව හැකි ද? එය සන්තෝෂය ලුහු බැඳීම පමණක් නොව, නමුත් සන්තෝෂය ම ලබා දෙන්නට පොරොන්දු වෙයි නම් කුමක් ද? එය සෞඛ්‍යය රක්ෂණය නොව නමුත් යහපත් සෞඛ්‍ය ම පොරොන්දු කරයි නම් කුමක් ද? නීරෝගීකම සහ සන්තෝෂය උදෙසා මිනිසාගේ ගවේෂණයේ ප්‍රධාන සාධකය මෙහි සැඟවී තිබෙන බවට ඔබ ප්‍රීතිමත් නොවනු ඇත් ද?
අද දින සිටින බොහෝ දෙනෙක් සිතන්නේ මෙය සැබෑ නොවන සිහිනයක් බව ය, එහෙත්, එවැනි ආණ්ඩුවක් ගැන සැබවින් ම සෑහෙන තරමින් පුරෝකථනය කිරීමක් සහ විස්තර කීරීමක් කර තිබේ. විශ්වාසනීය තොරතුරු අපට ශුද්ධ බයිබලයෙන් සොයා ගත හැකි අතර, මේ ආණ්ඩුව නම් දෙවියන් වහන්සේගේ මෙසියානු රාජ්‍යයයි.
දෙවියන් වහන්සේගේ රාජ්‍යය හෙවත් ආණ්ඩුව
බයිබලය බොහෝ විට “දෙවියන් වහන්සේගේ රාජ්‍යය” ගැන කථා කරයි. ඇත්තෙන් ම එය කුමක් ද? වෙබ්ස්ටර්ස් න ව’ල්ඩ් ඩික්ෂනරි ඔෆ් ද ඇමෙරිකන් ලැංවේජ් හි “රාජ්‍යය” යන වදන අර්ථ දක්වා තිබෙන්නේ “රජ කෙනෙකු හෝ රැජිනක විසින් මූලිකත්වය දරණු ලබන ආණ්ඩුවක් ය, හෝ රටක් ය,” වශයෙනි. සරල ව දැක්වුවහොත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය යනු ආණ්ඩුවකි, දෙවියන් වහන්සේගේ ආලේප ලත් පුත්‍රයාණන් හා රජ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් මූලිකත්වය දරණු ලබන රාජකීය ආණ්ඩුවකි. මෙම ආණ්ඩුව දෙවියන් වහන්සේගේ අරමුණ තුළ කොතරම් වැදගත්කමක් දරනු ඇත් ද? යේසුස් වහන්සේගේ වචන පිළිතුරු දුන්නාවේ: “එසේ නම්, පළමු කොට රාජ්‍යය සොයමින් සිටින්න . . . රාජ්‍යයේ මේ ශුභාරංචිය මුළු ජනාවාස පොළොවේ දේශනා කරනු ලබන්නේ ය. . . . දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය මා දේශනා කළ යුතු ය, මක්නිසාද මා එවනු ලැබ තිබෙන්නේ ඒ සඳහා ය . . . දෙවියන් වහන්සේගේ රාජ්‍යය ශුභාරංචිය ලෙස දේශනා කරනු ලබමින් තිබේ, සෑම ආකාරයේ පුද්ගලයෙක් ම එය කරා මහත් වීර්යයෙන් ඇදී එති.”—මතෙව් 6:33, NW; මතෙ 24:14, NW; ලූක් 4:43, NW; ලූක් 16:16, NW.
“රාජ්‍යය” යන වචනය යේසුස් වහන්සේගේ ජීවිතයේ තොරතුරු සඳහන් ශුභාරංචි පොත්වල වාර සිය ගණනකට වඩා වැඩියෙන් භාවිතා වන අතර, ඇතැම් අවස්ථාවල දී මෙය විශේෂයෙන් ම සම්බන්ධ කර ඇත්තේ නීරෝගීකම සහ සන්තෝෂයටයි. මතෙව් 9:35 හි සඳහන් දෙය කල්පනාවට ගන්න: “යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද සියලු නුවරවලද ගම්වලද ඇවිද්දසේක.” යේසුස් වහන්සේ කළ සුවකිරීම් රාජ්‍යය පිළිබඳ උන් වහන්සේගේ ඉගැන්වීම්වලට සම්බන්ධ කළත්, උන් වහන්සේ අසනීප වූවන් ව සුව කළේ, දේශනා කිරීම හා ඉගැන්වීම කරන අතරතුරේ අනියම් අවස්ථාවල බව අප මතක තබා ගත යුතුයි. උන් වහන්සේ ප්‍රසිද්ධ වී සිටියේ, “ආචාරීන්වහන්ස” හැටියට මිස “සුවකරන්නා” හැටියට නොවේ. (මතෙව් 26:18; මාර්ක් 14:14; යොහන් 1:38) උන් වහන්සේ මූලික වශයෙන් අවධානය දැක්වූයේ මිනිසුන් ව සුව කිරීම හෝ ලෙඩුන් බලා ගැනීම මත නොවේ. සැමවිට ම උන් වහන්සේගේ පරම සැලකිල්ල වූයේ රාජ්‍යය ය. මිනිසුන්ගේ අසනීප ගැන සැලකිල්ල දැක්වීමෙන් උන් වහන්සේ සිය මහත් දයානුකම්පාව පෙන්නුම් කළ අතර, හා තමන් වහන්සේට සැබවින් ම දිව්‍යමය අනුග්‍රහයක් තිබෙන බව විදහා පෙන්වූ සේක.
දෙවියන් වහන්සේගේ රාජ්‍යය මගින් පොළොව මුළුමනින් ම පාලනය කරන විට යේසුස් වහන්සේ විසින් ඉටු කෙරෙනු ඇති මිනිසාගේ සෞඛ්‍යය යථා තත්ත්වයට පත්කරනු ලැබීම, පූර්ව විද්‍යාමාන කිරීමක් ලෙස ද උන් වහන්සේ කළ සුව කිරීම්වලින් පිළිබිඹු කරන ලදි. එළිදරව් 22:1, 2හි විස්තර කොට තිබෙන දර්ශනය මගින් මෙය වඩාත් තහවුරු කෙරේ: “දෙවියන්වහන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනයෙන් නික්ම එන්නාවූ පළිඟු මෙන් දීතිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්, එහි වීථිය මැද ඔහු මට පෙන්වීය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද දොළොස් ආකාරයක ඵල දරන, මාස්පතා ඵල දෙන, ජීවන-වෘක්ෂය තිබුණේය. ඒ වෘක්ෂයේ කොළ ජාතීන්ගේ සුව වීම පිණිසය.”
මෙය අපට භුක්ති විඳීමට හැකි වනු ඇත්තේ කොහේ දී ද? එවැනි පුදුමාකාර සුවකිරීමක් පොළොව මත දී සිදුවීමට අපේක්ෂා කිරීම හොඳ දෙයක් බව පෙනෙන්නට තිබේ. කෙසේ වුවද, ඇතැමි විට ඔබ ම යාච්ඤාවේ දී පවසා ඇති යේසුස් වහන්සේගේ වචන මතකයට නගන්න: “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.”—මතෙව් 6:10.
එසේ නම්, අනාගතයේ නීරෝගීකම හා සන්තෝෂය සඳහා අපගේ සැබෑ, විශ්වාසවන්ත බලාපොරොත්තුව රැඳී පවතින්නේ දෙවියන් වහන්සේගේ මෙසියානු රාජ්‍යය මත ය. එසේ වුවත් තවමත් ප්‍රශ්නයක් ඉතිරි ව තිබේ.
නීරෝගීකම සහ සන්තෝෂය භුක්ති විඳීමට අපට දැන් හැකි ද?
බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම, සන්තෝෂයේ වැඩි ප්‍රමාණයක් සමඟින් මහත් නීරෝගීකමක් පවා දැන් අපට ලබා ගැනීමට හේතු කරවයි. මෙම සඟරාවේ පිටුවලින් නිතර ම ගෙන හැර දක්වා තිබෙන්නාක් මෙන්, තමන්ගේ එදිනෙදා ජීවිතයේ දී බයිබලය අදාළ කර ගන්නා අය, ලිංගික දුරාචාරයෙන්, දුම්පානයෙන්, අධික බීමත්කමින් හා මත් ද්‍රව්‍ය අනිසි භාවිතයෙන් හේතු කරවන සෞඛ්‍යය ගැටලුවලින් බොහෝ විට ආරක්ෂා වී සිටිති. එමෙන් ම තමන්ගේ නෑදෑයන් සහ වෙනත් අය සමඟ වඩාත් හොඳ සම්බන්ධතාවයක් රැක ගනිමින් ඔවුහු වඩාත් සන්සුන් දිවි පෙවෙතක ප්‍රයෝජන අත් දකිති.
එහෙත්, යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමෙන් ම දිගු කාලීන සන්තෝෂය ලබා ගත නොහැකි බව අප දැනටමත් දැක ඇත්තෙමු. වැඩි පරිමානයකින් සන්තෝෂය භුක්ති විඳීමට ඔබට අවශ්‍ය වනු ඇත්තේ කුමක් ද?
ඉහත සඳහන් කළ පර්යේෂණයේ දී, ජොනතන් ෆ්‍රීඩ්මන් එම ප්රශ්නය ගැඹුරින් සලකා බැලී ය. “ප්‍රේමය හා ලිංගික කාරණා”, “යොවුන් බව හා මහලු බව”, “ආදායම හා අධ්‍යාපනය” සහ “නගරය හා රට” පවා වැනි සාධකයන් දෙස හේ බැල්මක් හෙලී ය. ඔබට දැනගන්නට ලැබෙන උනන්දුමත් කරුණක් නම්, යමෙකුගේ මූලික සන්තෝෂය මත මෙම සාධකයන් බලපෑමක් ඇති කළේ ඉතා සුළු වශයෙන් බවයි. නිදසුනක් වශයෙන්, බොහෝ ද්‍රව්‍යමය දේවල් තිබූ නමුත් අසන්තෝෂයෙන් පසු වූ මිනිසුන්ගේ යම් තත්ත්වයන් ගෙන හැර දක්වමින් ඔහු නිගමනය කළේ මෙසේ ය: “තරමක් මවිතයට පත් කරවමින් අප දැක ඇති දෙය නම්, කෙනෙකුගේ ආදායමවත්, අධ්‍යාපනයවත් ඔහුගේ සන්තෝෂයට ප්‍රධාන වශයෙන් දායක නොවන බව ය.”
ඔහුගේ නිගමනයන් ඥානවන්ත බයිබල් ලේඛකයෙකු වන ප්‍රේරිත පාවුල් ප්රතිනාද කළේ ය. ඔහු පැවසුවේ: “මම මොන ස්වභාවක සිටිම් නුමුත්, ඊට සතුටුවෙන්ට මම ඉගෙනගෙන සිටිමි.” (පිලිප්පි 4:11) යේසුස් වහන්සේගේ වචන ගැනත් සිහි කරන්න: “සියලු ආකාර ලෝභකමෙන් ප්‍රවේසම්වෙන්ට බලාගනිල්ලා. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැත.”—ලූක් 12:15.
ඇත්තෙන් ම, මහාචාර්ය ෆ්‍රීඩ්මන් මෙය සොයා ගත්තේ ය. එනම්: “සෑම දෙයක් ම තිබෙනවා යයි පෙනෙන්නට තිබෙන නමුත් අසන්තෝෂයෙන් සිටින මිනිසුන්ගේ ප්‍රකාශන ගැන අප විටින් විට සලකා බලන විට, ඔවුන්ගේ ජීවිතවලට අර්ථයක් හා මගපෙන්වීමක් තිබෙන්නේ අල්ප වශයෙන් බව ඔවුන් පවසනවා අපට පෙනේ.” ඔහු තව දුරටත් මෙසේ පැවසී ය: “මේ ගැන වැඩියෙන් කථා කිරීමට මම පසුබට වෙමි. නමුත් අධ්‍යාත්මික සාරධර්මයන් යථාර්ථය ගැන යමෙකුගේ හැඟීම් වර්ණවත් කරවන අතර, ඒවා යම් ප්‍රමාණයකට හීන වී යාම අනෙකුත් සෑම දෙයක් ම විසගන්වයි නැතහොත් සන්තෝෂයට බාධා පමුණුවයි යන්න සැබවින් ම දක්නට තිබේ.”
මෙම නිරීක්ෂණයන්ගේ සත්‍යතාවය අද දින තිබෙන සාක්ෂිවලින් අපි දකින්නෙමු. ඔබ අවට බලන්න. සියලු ම මිනිසුන් පාහේ—අල්පයක් ඇති සමහරක් උදවිය, බොහෝ ඇති සමහරක් උදවිය—සන්තෝෂය ලුහු බැඳ යන නමුත්, එය එතරම් භුක්ති නොවිඳින බව ඔබට පෙනෙන්නේ නැත් ද? සමහරුන් මෙය අත් හැර දමා බලාපොරොත්තු විරහිත ව දිවි ගෙවන බව සැබෑ නමුත්, සමහරුන් තම ජීවිතය ගත කරන්නේ සෙක්කුවක් කරකවනවාක් මෙන් තමා ලුහු බඳින දේ කිසිදා අත් කර ගත නොහැකි ලෙසකිනි. ඇතමුන් සන්තෝෂය අත් කර ගැනීම සඳහා විවාහ වෙන අතරේ දී, ඔවුන්ගේ අසල්වැසියා එම හේතුව උදෙසා ම දික්කසාද වෙයි. වෙනත් අය වැඩ කිරීමෙන් ම තමන් ව ම දවා ගන්නා අතර, අනෙක් අය ඉතා දිගු සමහරවිට අධික වියදම් සහිත නිවාඩුගත කිරීම් නිසා වැඩවලින් වැළකී සිටිති. නීරෝගී ව හා සන්තෝෂයෙන් සිටීමට සියලු දෙනා ම මේ ව්‍යාකූල ඉලක්කය සොයා යති, ඔවුන්ට එය හමුවෙයි ද? ඔබ එය සොයා ගෙන තිබේ ද?
ඔබගේ නීරෝගීකම, ඔබගේ සන්තෝෂය
සත්‍යය නම්, ඔබට නීරෝගීකමේ හා සන්තෝෂයේ මහත් සම්භාරයක් දැන් ලබා ගත හැකි ය යන්න ය. ඒ කෙසේ ද?
සහතික ව ම, බයිබලයේ ප්‍රායෝගික උපදෙස් අදාළ කර ගැනීම මගින් ඔබගේ නීරෝගීකම උදෙසා සමබර ලෙස සැලකිල්ල දැක්වීමට යත්න දැරීම ඥානවන්ත ය. සැබෑවට මුහුණ දීමට ද එය ඔබට උපකාරවත් වනු ඇත. අපගේ අසම්පූර්ණ ශරීරයට අසනීප පැමිණිය හැකි නමුදු එසේ වන විට අප මුළුමනින් ම යටපත් නොවන බව අප විසින් පිළිගැනීමත් එයට ඇතුළත් වනු ඇත. පැමිණෙන්නට යන නව ලෝකය තුළ පරිපූර්ණ නීරෝගීකමේ පොරොන්දුව මත බලා සිටිනවාත් සමඟ ම ශුභාවාදී ආකල්පයක් පවත්වා ගැනීම සඳහා තව දුරටත් යත්න දැරීම මේ සඳහා අවශ්‍ය කරවිය හැක.
ඔබට දැන් සාධාරණ ප්‍රමාණයකට සන්තෝෂය ඇත්දැයි බැලීම සඳහා, මෙම ප්‍රශ්න ඔබගෙන් ම අසන්න: 1. මා මගේ ම ජීවිතය මුළුමනින් ම පාලනය කර ගෙන සිටින්නෙමි ද? 2. මම මා සමඟත් මා අවට සිටින්නන් සමඟත් මූලික වශයෙන් සමාදානයෙන් සිටින්නෙම් ද? 3. බයිබලයේ අදහස්වලින් මැන බලන විට, මා මගේ ජීවිතයේ කටයුතු සමඟ සාමාන්‍ය වශයෙන් සතුටුවන්නෙම් ද? 4. දෙවියන් වහන්සේට සේවය කිරීමට හැකි වීමේ හේතුවෙන් මා සහ මගේ පවුල සතුට භුක්ති විඳින්නෙමු ද?
බොහෝ දුරට තේරීම අපගේ ය. මූලික වශයෙන් අපගෙන් බොහෝ දෙනෙක් නීරෝගී ව සිටින්නෙමු, එමෙන් ම සන්තෝෂයෙන් සිටීමට ද අපට තේරීමක් කිරීමට තිබේ. නමුත් අපට ආත්මික ඉලක්කයන් තිබිය යුතු අතර, ඒවා අත් කර ගැනීමට අප ක්‍රියා කළ යුතු ය. යේසුස් වහන්සේගේ වචන මතක තබා ගන්න: “නුඹේ වස්තුව යම් තැනෙක්හිද නුඹේ සිතත් [හෘදය ද NW] එතැන්හිම වන්නේය.” (මතෙව් 6:21) තව ද මෙසියානු රාජ්‍යයේ පරිපූර්ණ පාලනය යටතේ මීටත් වඩා මහත් නීරෝගීකමක් හා සන්තෝෂයක් ගැන බලා සිටීමට බයිබලය මත පදනම් වූ හේතුවක් අපට තිබේ. එවිට සම්පූර්ණ නීරෝගීකම හා සන්තෝෂය අපගේ විය හැක. w91 8/15
[7වන පිටුවේ පින්තූරය]
පරිපූර්ණ නීරෝගීකම පිළිබඳ තම බලාපොරොත්තුව අන්‍යයන් සමඟ බෙදා ගැනීමට සන්තෝෂමත් ජනයා සතුටු වෙත්