ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w92 1/1 15-20 පි.
  • මොළොක්කම පැළඳගෙන සිටින්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මොළොක්කම පැළඳගෙන සිටින්න!
  • 1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මොළොක් ගුණැති එඬේරුන් අවශ්‍ය ය
  • මොළොක්කම ප්‍රඥාවන්ත උපදේශකයාට මග පෙන්වයි
  • උපදෙස් දෙන්නන් රාශියකගේ ඇති වටිනාකම
  • මොළොක්කමින් යුතුව සාක්ෂිදැරීම
  • මොළොක්කම සියල්ලන්ගෙන් අවශ්‍ය කරවයි
  • මොළොක් ගතියෙන් යුත් අය කොතරම් සන්තෝෂමත් ද!
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “සියල්ලන් කෙරෙහි සියලු ආකාර මෘදුකම” පෙන්වන්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මෘදුකම—අත්‍යවශ්‍ය වූ ක්‍රිස්තියානි ගුණාංගයකි
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මෘදුකම - අපිට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w92 1/1 15-20 පි.

මොළොක්කම පැළඳගෙන සිටින්න!

“දෙවියන් වහන්සේගේ තෝරාගත්, සැදැහැවත්, ප්‍රේමවන්ත අය වශයෙන් දයානුකම්පාවෙන් ද, කරුණාවෙන් ද, නිහතමානිකමින් ද, මෘදු කමින් ද [මොළොක්කමින් ද] ඉවසිලිවන්කමින්ද සැරසී [පැළඳගෙන NW] සිටින්න.”—කොලොස්සි 3:12 නව අනුවාදය

1-3. කොලොස්සි 3:12-14හි, මොළොක්කම සහ වෙනත් දිව්‍ය ගුණාංග සම්බන්ධ ව ප්‍රේරිත පාවුල් පැවසුවේ කුමක් ද?

යෙහෝවඃ වහන්සේ ස්වකීය සෙනඟට ඉතා ම හොඳ සංඛේතාත්මක වස්ත්‍ර දානය කරන සේක. ඇත්තෙන් ම, උන් වහන්සේගේ අනුමැතිය ලැබීමට ආශා කරන්නා වූ සියල්ලන් ම, මොළොක්කමේ ශක්තිමත් පටිවලින් සමන්විත වස්ත්‍රයක් පැළඳිය යුතු වෙයි. මෙම ගුණාංගය සැනසිල්ල ගෙන දෙන සුලු ය, මන්දයත්, එය පීඩාකාරී තත්ත්වයන්හි දී ඇති වන කලබලකාරී ගතිය අඩු කරයි. එය ආරවුල්වලින් මගහරවන බැවින් එය ආරක්ෂාවක් ද වෙයි.

2 ප්‍රේරිත පාවුල් ආලේප ලත් සෙසු ක්‍රිස්තියානින්ගෙන් මෙසේ ඕනෑකමින් අයැද සිටියේ ය: “දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන සිටින්න.” (කොලොස්සි 3:12) “නුඹලාම පැළඳගෙන සිටින්න” යන ග්‍රීක් වචනයේ ව්‍යාකරණමය කාලයෙන් අඟවන්නේ, යම් හදිසිතාවයකින් යුතුව ගන්නා ක්‍රියාමාර්ගයක් බව ය. තෝරා ගනු ලැබූ, ශුද්ධවන්ත, දෙවියන් වහන්සේ විසින් ප්‍රේම කරනු ලැබූ, ආලේප ලත් අය, මොළොක්කම වැනි ගුණාංගවලින් තමන් ව ම පැළඳවාගැනීමට ප්‍රමාද නොවිය යුතු ය.

3 පාවුල් මෙසේ එකතු කළේ ය: “ එකිනෙකා ගැන ඉවසමින් යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙයල්ලා; ස්වාමින්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරපල්ලා. මේ සියල්ලට උඩින් ප්‍රේමය නැමැති සම්පූර්ණකමේ බැම්ම බැඳගනිල්ලා.” (කොලොස්සි 3:13, 14) ප්‍රේමය, මොළොක්කම, සහ වෙනත් දිව්‍ය ගුණාංග, “එක්සත් ව එකට වාසය කිරීමට” යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන්ට හැකි කරවා තිබේ.—ගීතාවලිය 133:1-3,NW

මොළොක් ගුණැති එඬේරුන් අවශ්‍ය ය

4. ක්‍රිස්තියානින් පැළඳ සිටින්නේ කුමන ගුණාංගවලින් වියන ලද සංඛේතාත්මක වස්ත්‍රය ද?

4 ‘පොළොවේ තිබෙන ඔවුන්ගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත්, අපිරිසිදුකමත්, කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් තණ්හාවත් නැසීමට’ සත්‍ය ක්‍රිස්තියානින් දැඩිසේ උත්සාහ කළ යුතු අතර, ‘කෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දාකිරීම, මුඛයෙන් නික්මෙන කැත කථාව’ වැනි දෙයින් සමන්විත පැරණි වස්ත්‍රය ඉවත දැමීම සඳහා ඔවුන් ක්‍රියා කළ යුතු ය. (කොලොස්සි 3:5-11) “පරණ පුද්ගලිකත්වය” (පදගතාර්ථයෙන් ගත් කළ “පරණ මිනිසා”) ගළවා දමන ඔවුහු, “අලුත් පුද්ගලිකත්වයක්” (හෙවත් “අලුත් මිනිසා”), නැමැති වඩාත් ගැළපෙන වස්ත්‍රය පැළඳ ගනිත්. (එපීස 4:22-24, කිංඩම් ඉන්ටර්ලිනියර්) දයානුකම්පාවෙන්, කරුණාවන්තබවින්, මනසේ යටහත් පහත් බවින්, මොළොක්කමින්, සහ බොහෝ ඉවසිලිවන්තකමින්, වියන ලද ඔවුන්ගේ මෙම නව වස්ත්‍රය, ගැටලු විසඳා ගෙන දිව්‍ය ජීවිත ගෙවීමට ඔවුන්ට උපකාරී වෙයි.—මතෙව් 5:9; 18:33; ලූක් 6:36; පිලිප්පි 4:2, 3.

5. ක්‍රිස්තියානි සභාවේ ක්‍රියාකාරිත්වය ගැන කල්පනා කරන විට, එහි කොටසක් වීම ප්‍රීතියක් වීමට සලස්වන්නේ කුමක් ද?

5 මේ ලෝකයේ සාර්ථක යයි කියනු ලබන මිනිසුන් බොහෝ විට, සැර පරුෂ ය, නැත්නම් කුරිරු පවා විය හැකි ය. (හිතෝපදේශ 29:22) යෙහෝවඃ වහන්සේගේ සෙනඟ අතර මොනතරම් නැවුම් බවකින් යුත් වෙනසක් දක්නට තිබේ ද! මිනිසුන් සමහර දෙනෙක් ව්‍යාපාරයක් මෙහෙය වන ආකාරයට එනම්, කර්යක්ෂම නමුත් ජනයාව අසන්තෝෂයට පත්කරවන කුරිරු ආකාරයකට ක්‍රිස්තියානි සභාව ක්‍රියාත්මක වන්නේ නැත. ඒ වෙනුවට, සභවට සම්බන්ධ වී සිටීම ප්‍රීතියට කරුණකි. සමාජිකයෙක් වීම ප්‍රීතියකි. ඊට එක් හේතුවක් නම්, මුදු මොළොක් ගතිය, සාමාන්‍යයෙන් ක්‍රිස්තියානින් විසින් විදහා දක්වන ප්‍රඥාවේ අංගයක් වන නිසා ය. විශේෂයෙන් ම, සෙසු ක්‍රිස්තියානින්ට ඉගැන්වීම සඳහා සුදුසුකම් ලබා ඇති මනුෂ්‍යයන් මගින් එය විදහා පෙන්වනු ලබන්නේ ය. එසේය, “ප්‍රඥාවට අයත් මොළොක්කමින්” යුතු ව උගන්වන්නා වූ පත් කරන ලද වැඩිමහල්ලන් විසින් දෙන ලද උපදෙස් සහ අවවාදයන්ගෙන් ප්‍රීතිය ගෙන එයි.—යාකොබ් 3:13.

6. ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට මොළොක් ගති පැවතුම් තිබිය යුත්තේ මන් ද?

6 දෙවියන් වහන්සේගේ සෙනඟගේ ස්ප්‍රීතුව, හෙවත් ඔවුන් ව පාලනය කරවන මූලික ස්වභාවය අනුව, සභාවේ අවේක්ෂණ කටයුතු සම්බන්ධයෙන් පත් කරන ලද මනුෂ්‍යයන් මොළොක් ගුණයෙන් යුතුව, සාධාරණ ව, අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමක් අවශ්‍ය කරවයි. (1 තිමෝති 3:1-3) යෙහෝවඃ වහන්සේගේ සේවකයන් මෘදු මොළොක් බැටළුවන් මිසක, ඔවුන් මුරණ්ඩු එළුවන්, උද්දච්ච කොටළුවන්, හෝ ඉතා කෑදර වෘකයන් හෝ නොවේ. (ගීතාවලිය 32:9; ලූක් 10:3) බැටළුගුණාංගවලින් යුක්ත ඔවුන් ව මොළොක්කමින් සහ සෙනෙහෙබර ගතියකින් යුතුව සැළකිය යුතු ය. (ක්‍රියා 20:28, 29) එසේය, මුදු මොළොක්, කරුණාවන්ත, ප්‍රේමණීය, සහ ඉවසිලිවන්ත ව උන් වහන්සේගේ බැටළුවන් සමඟ කටයුතු කිරීම යෙහෝවඃ වහන්සේ වැඩිමහල්ලන්ගෙන් අපේක්ෂා කරන සේක.—එසකියෙල් 34:17-24.

7. වැඩිමහල්ලන් අන්‍යයන්ට උපදෙස් දිය යුත්තේ හෝ ආත්මික ව අසනීප ව සිටින්නන්ට උපකාර කළ යුත්තේ හෝ කෙසේ ද?

7 “ස්වාමින් වහන්සේගේ දාසයෙකු” වශයෙන්, වැඩිමහල්ලෙක්, “සියල්ලන් කෙරෙහි මෘදුකමින් යුතුව, ඉගැන්වීමට සුදුසුකම් ලත්, නපුර යටතේ තමන්ව ම දමනය කර තබා ගන්නා වූ, නොහොබිනා චරිත ස්වභාවයක් ඇති අයට මොළොක්කමින් යුතුව උපදෙස් දෙන අයෙකු විය යුතු වන්නේ ය; මන්දයත්, සත්‍යයේ ඒකාන්ත දැනුමට මඟ පෙන්වන පසුතැවිල්ල සමහරවිට දෙවියන් වහන්සේ ඔවුන් හට දීමට” හැකි බැවින් ය. (2 තිමෝති 2:24, 25 NW) බැටළුවන් අයත් වන්නේ දෙවියන් වහන්සේට නිසා, ආත්මික ලෙස අසනීප ව සිටින අයට උපකාර කිරීමට උත්සහ දරන විට, ක්‍රිස්තියානි එඬේරුන් සෙනෙහෙබර සැලකිල්ලක් පෙන්විය යුතුයි. වැඩිමහල්ලන් කුලී වැඩකරුවෙකු කරන්නාක් මෙන් ඔවුන්ට නොසැලකිය යුතු අතර, යහපත් එඬේරාණන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙන්, මොළොක් ගුණයෙන් යුක්ත වීම අවශ්‍ය කරන්නේ ය.—යොහන් 10:11-13.

8. මොළොක් ගුණැති මෝසෙස්ට සිදුවූයේ කුමක් ද, ඒ මන් ද?

8 ඇතැම් අවස්ථාවල දී මොළොක් ස්වභාවයක් පවත්වා ගෙන යාම වැඩිමහල්ලෙකුට අපහසු විය හැකි ය. “මෝසෙස් නම් මනුෂ්‍යතෙමේ පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක් වූයේය.” (ගණන් කථාව 12:3) එහෙත්, ඊශ්‍රායෙල්වරුන් කාදේෂ්හි වතුර හිඟයකට මුහුණ පෑ විට, මෝසෙස් සමඟ දබර කර ගත් ඔවුහු, මිසරයේ සිට පාලු කාන්තාරයකට තමන් ව රැගෙන ඒම ගැන ඔහුට දෝෂාරෝපණය කළෝ ය. මෘදුකමින් යුතුව මෝසෙස් ඒ වන තෙක් විඳදරා ගත් නමුත් ඔහු කථා කළේ, අපරීක්ෂාකාරීව ය. සැර පරුෂ ව ය. ඔහු සහ ආරොන් සෙනඟ ඉදිරියේ සිට තමන්ට ම අවධානය යොමු කළහ, මෝසෙස් මෙසේ පැවසී ය: “කැරළිකාරයෙනි, අසාපල්ලා; අප විසින් මේ පර්වතයෙන් නුඹලාට වතුර ගෙන්වා දෙන්ටද”? එවිට මොසෙස් තම සැරයැටියෙන් පර්වතයට දෙවරක් ගැසුවේ ය, එවිට දෙවියන් වහන්සේ සෙනඟ උදෙසාත් ඔවුන්ගේ සතුන් උදෙසාත් “බොහෝ සෙයින් වතුර” පිටතට එන්නට සිදු කළ සේක. මෝසෙස් සහ ආරොන් යෙහෝවඃ වහන්සේ ව ගෞරවයට පත් නොකළ බැවින්, උන් වහන්සේ ඒ ගැන අසතුටට පත් වූ සේක, එම නිසා ඊශ්‍රායෙල් සෙනඟ ව පොරොන්දු දේශය කරා ගෙන යන්නට මෝසෙස්ට වරප්‍රසාද ලැබුණේ නැත.—ගණන් කථාව 20:1-13; ද්විතීය කථාව 32:50-52; ගීතාවලිය 106:32, 33.

9. වැඩිමහල්ලෙකුගේ මොළොක්කම පරික්ෂණයට භාජනය විය හැක්කේ කෙසේ ද?

9 ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකුගේ මොළොක්කම විවිධ පැතිවලින් පරික්ෂණයට භාජනය වන්නට පුළුවන. නිදසුනක් වශයෙන්, “අහංකාරයෙන් ඉදිමුනු” සහ “වචන සම්බන්ධයෙන් ප්‍රශ්න නගමින් සහ විවාද කරමින් මනසින් ලෙඩ වී සිටින” අය සිටිනු ඇති බවට පාවුල් තිමෝතිට අනතුරු ඇඟවී ය. තවදුරටත් පාවුල් මෙසේ එකතු කළේ ය: “මේවායින් පැන නගින්නේ, ඊර්ෂ්‍යාව, දබර, නින්දිත කථාවන්, දුෂ්ට සැකකිරීම්, මනසින් විකෘති වී සත්‍යය තමන්ගේන් වැනසී ඇති මිනිසුන්ගේ නොවටිනා සුළු කථාවන් නිසා ඇතිවන සහසික වියවුල්කම් ය.” අවේක්ෂක තිමෝති මේ සම්බන්ධයෙන් සැර පරුෂ ව ක්‍රියා නොකොට, නමුත් මේවායින් “පලා දුවන්නට” තිබිණි. එමෙන් ම, ඔහුට “ධර්මිෂ්ඨකම, දිව්‍ය භක්තිය, ඇදහිල්ල, ප්‍රේමය, විඳ දරාගැනීම, මොළොක් ස්වභාවය ලුහු බඳින්නට” තිබිණි.—1 තිමෝති 6:4, 5, 11 NW

10. සභාවන්ට සිහි ගැන්වීමට තීතස්ට තිබුණේ කුමක් ද?

10 මොළොක් වීමට වැඩිමහල්ලන් හට අවශ්‍ය වුව ද, ඔවුන් හරි දේට ස්ථීර විය යුතු ය. “කිසිවෙකුට හානි සිදුවන අයුරින් කථා නොකර, ප්‍රචණ්ඩකාරී නොවී, සාධාරණ වී, සියලු මිනිසුන් කෙරෙහි සියලු මොළොක්කම විදහා දක්වන” මෙන් ක්‍රීතයේ සභාව සමඟ අශ්‍රය කළ අයට තීතස් විසින් සිහිගන්වමින් තිබිණි. (තීතස් 3:1, 2 NW) ක්‍රිස්තියානින් සියල්ලන් කෙරෙහි මොළොක් ගුණයෙන් යුක්ත වීමට හේතුව පෙන්වීමට තීතස් හට අවශ්‍ය වුයේ, යෙහෝවඃ වහන්සේ මොනතරම් කාරුණික සහ ප්‍රේමණීය වී ඇත්දැයි ගෙන හැර පෑමට ය. දෙවියන් වහන්සේ ඇදහිලිවන්තයන් ව ගලවා තිබුණේ ඔවුන්ගේ යම් ධර්මිෂ්ට ක්‍රියාවන් නිසා නොව, නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් උන් වහන්සේ දක්වා තිබූ දයාව නිසා ය. යෙහෝවඃ වහන්සේගේ මොළොක්කම සහ ඉවසීම අප උදෙසා ද ගැලවීම අදහස් කරයි. එම නිසා, තීතස් මෙන්, යෙහෝවඃ වහන්සේ ව අනුකරණය කරමින් අන්‍යයන්ට මොළොක් ගුණයෙන් යුතුව සැළකීමෙන් දෙවියන් වහන්සේට යටත් ව සිටින ලෙස වත්මන් වැඩිමහල්ලන් සභාවන්ට නැවත සිහිකරවිය යුතු ය.—තීතස් 3:3-7; 2 පේතෘස් 3:9, 15.

මොළොක්කම ප්‍රඥාවන්ත උපදේශකයාට මග පෙන්වයි

11. ගලාති 6:1, 2ට අනුව, උපදෙස් දිය යුත්තේ කෙසේ ද?

11 සංඛේතමය බැටළුවෙක් වරදක් කර තිබේ නම් කුමක් ද? පාවුල් මෙසේ පැවසුවේ ය: “සහෝදරයෙනි, යම් අයෙක් ඒ ගැන සාවධාන වන්නට පෙර යම් වැරදි ක්‍රියා මාර්ගයක් ගනී නම්, ආත්මික සුදුසුකම් ලත් ඔබ එවැනි තැනැත්තෙකු ව මොළොක් ස්වභාවයකින් යුතුව යළි සකස් කිරීමට වෑයම් කරන්න. ඔබවත් පරික්ෂාවට ලක් වේ ය යන භයෙන් යුක්තව, ඔබ ම ගැනත් සුපරීක්ෂාකාරී වන්න. එකිනෙකාගේ බර රැගෙන යමින් සිටින්න, මෙලෙසින් ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්න.” (ගලාති 6:1, 2 NW) උපදේශය මොළොක් ස්වභාවයකින් දුන්නොත් එය වඩාත් බලපෑමෙන් යුක්ත වෙයි. කෝපාවිෂ්ඨ පුද්ගලයෙකුට උපදෙස් දීමට වැඩිමහල්ලන් වෑයම් කළ ද, “මොළොක් දිවෙන් ඇට බිඳෙන” බව වටහා ගෙන ඔවුන් ආත්ම දමනය විදහා පෑ යුතුයි. (හිතෝපදේශ 25:15) ඇටකටු තරම් තද පුද්ගලයෙකු මෘදු ප්‍රකාශයකින් මොළොක් විය හැකි අතර, ඔහුගේ දැඩි කම බිඳී යා හැකි ය.

12. මොළොක් ස්වභාවයක්, උපදෙස් දෙන්නෙකුට උපකාරවත් වන්නේ හැක්කේ කෙසේ ද?

12 යෙහෝවඃ වහන්සේ වනාහි මොළොක් ස්වභාවයකින් යුත් උපදේශකයාණෝන් ය, එමෙන් ම උන් වහන්සේගේ මුදු මොළොක් ඉගැන්වීම් ක්‍රමය සභාවට බලපෑමෙන් යුක්ත වෙයි. ආත්මික උපකාරය අවශ්‍ය වන්නාවූ අයට උපදෙස් දීමට අවශ්‍ය බව වැඩිමහල්ලන් හට පෙනී යාමේ දී මෙය විශේෂයෙන් මෙසේ වන්නේ ය. ශ්‍රාවක යාකොබ් මෙසේ ලීවේ ය: “ඔබ අතරෙන් ප්‍රඥාවන්ත, අවබෝධයක් ඇති තැනැත්තා කවුද? ඔහු තමාගේ ක්‍රියා, ප්‍රඥාවට අයත් වන මොළොක්කමින් යුත් තම යහපත් හැසිරීමෙන් පෙන්වාවා.” මොළොක්කම නික්මෙන්නේ, තමාගේ ම සීමාවන් ගැන නිහතමානී ව පිළිගනිමින්, “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” කෙරෙහි තමා දක්වන ගෞරවයෙන් සහ කෘතඥතාවයෙන් ය. උපදෙස් දෙන්නා ව හානිකර කියමන්වලින් සහ වැරදිවලින් ආරක්ෂා කර ගන්නා වූ මොළොක් සහ යටහත් පහත් ස්වභාවය, ඔහුගේ උපදෙස පිළිගනු ලැබීමට පහසු කරවයි.—යාකොබ් 3:13, 17. NW

13. “ප්‍රඥාවට අයත් වන මොළොක්කමක්” උපදෙස් දෙන ආකාරයට බලපාන්නේ කෙසේ ද?

13 “ප්‍රඥාවට අයත් මොළොක්කමක්”, උපදෙස් දෙන්නෙකු ව, කිසිවක් සිතා නොබලා, ගරු සරු නැතිව කථා කිරීමෙන් හෝ සැර පරුෂ වීමෙන් කලින් ම වළක්වාලයි. එහෙත්, දෙවියන් වහන්සේගේ වචනය මත පදනම් ව ඇති සෘජු උපදෙස් මෘදුකම්න් ඉදිරිපත් කරනවා වෙනුවට, ඇති කර ගෙන තිබෙන යහළු මිත්‍රකම් හෝ ලබා ඇති යමෙකුගේ අනුග්‍රහය නිසා, අනුන් ව සතුටු කිරිමේ අටියෙන් දේවල් පැවසීමට වැඩිමහල්ලෙකු ව නොපෙළඹිය යුතුයි. (හිතෝපදේශ 24:24-26; 28:23) තම ඥාති සහෝදරයාගෙන් අම්මොන් ලැබූ උපදෙස ඔහුගේ ආශාව සංසිඳවා ලූ නමුදු, එය ඔහුගේ ජීවිතය අහිමි වීමට හේතු විය. (2 සාමුවෙල් 13:1-19, 28, 29) එම නිසා, අද දින සිටින වැඩිමහල්ලන්, යමෙකුගේ හෘද සාක්ෂිය සතුටු කිරීමට බයිබල් ප්‍රමිති පහත් කරමින් දුර්වල කිරීම නො කළ යුතු වන්නේ, මන්දයත් එය ඔහුගේ ජීවිතය අන්තරායට පමුණුවාලිය හැකි බැවිනි. පාවුල් මෙන්, වැඩිමහල්ලන්, “දෙවියන් වහන්සේගේ සියලු උපදෙස්” අන්‍යයන්ට කීමෙන් වැළකී නොසිටිය යුතුයි. (ක්‍රියා 20:26, 27 NW; 2 තිමෝති 4:1-4) මේරූ ක්‍රිස්තියානි උපදේශකයෙක් දිව්‍ය භය පෙන්වන අතර, ප්‍රඥාවට අයත් මොළොක්කමකින් යුතුව ධර්මිෂ්ඨ උපදෙස් පිරිනමයි.

14. අනෙක් අය ඔවුන් විසින් ම ගත යුතු තීරණයන් තමා විසින් නොගැනීමට වැඩිමහල්ලෙක් ප්‍රවේසම් විය යුත්තේ ඇයි?

14 ස්වර්ගික ප්‍රඥාව සමඟ මුසු වී ඇති මොළොක්කම, දරදඬු ඉල්ලීම් කිරීමෙන් දේවල් ඉල්ලා සිටීමෙන් වැඩිමහල්ලෙකු ව වළක්වා ලයි. වෙනත් අයෙක්, ඔහු සම්බන්ධ ව ඔහු විසින් ම ගත යුතු තීරණයක්, තමා විසින් ගැනීම ප්‍රඥාවන්ත නොවන බවත්, නුසුදුසු බවත් වැඩිමහල්ලෙක් වටහා ගත යුතුයි. අන්‍යයන් සම්බන්ධයෙන් තමා ගත් තීරණවල ප්‍රතිඵල ගැන වැඩිමහල්ලෙක් වග කිව යුතු අතර, යම් නරක ඵලයක් ඇති වී තිබේ නම් දෝෂාරෝපණය භාර ගැනීමේ දී ඔහු ද හවුල් විය යුතුයි. බයිබලය පවසන දේට අවධානය යොමු කරවීමට වැඩිමහල්ලෙකුට හැකි අතර, කාරණය සම්බන්ධයෙන් යම් ශුද්ධ ලියවිලිමය නීතියක් නොතිබේ නම්, එම පුද්ගලයාගේ ම විනිශ්චය සහ හෘද සාක්ෂිය විසින් තමා කරන්නේ හෝ නොකරන්නේ කුමක් ද යන්න තීරණය කළ යුතු ය. පාවුල් පැවසුවාක් මෙන්: “එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය.” (ගලාති 6:5; රෝම 14:12) කෙසේ වුව ද, යමෙක් යම් කාරණයක් පිළිබඳ ව අදහස් විමසන්නේ නම්, ඔහුට ගත හැකි මනාපානුකූල ක්‍රියා මාර්ගයන් සම්බන්ධ ශුද්ධ ලියවිලි මත විමර්ශනය කිරීමට ඔහුට උපකාරවත් වන ප්‍රශ්න වැඩිමහල්ලා විසින් ඇසීමෙන් හරි තීරණයකට එළැඹීමට උදව් කළ හැකි ය.

15. වැඩිමහල්ලෙක් යම් ප්‍රශ්නයකට පිළිතුරු නොදන්නේ නම් කළ යුත්තේ කුමක් ද?

15 වැඩිමහල්ලෙක් යම් ප්‍රශ්නයකට පිළිතුර නොදන්නේ නම්, මුහුණ බේරා ගැනීමට පමණක් ඔහු පිළිතුරු නොදිය යුතු ය. ප්‍රඥාවට අයත් මොළොක්කම, අනුමාන වශයෙන් යමක් කීමෙන් හෝ සමහරවිට පසුවට සිත් තැවුල් ඇතිකරවිය හැකි වැරදි පිළිතුරක් දීමෙන් ඔහුව වළක්වාලිය යුතු ය. “නිශ්ශබ්ද ව සිටින්නට කාලයක් සහ කථා කරන්නට කාලයක්ය;” තිබේ. (දේශනාකාරයා 3:7; හිතෝපදේශ 21:23 සසඳන්න.) වැඩිමහල්ලෙක් “කථා කළ” යුත්තේ, ඔහු යම් ප්‍රශ්නයකට පිළිතුර දන්නා විට හෝ නිවැරදි පිළිතුරක් දීමට තරම් ප්‍රමාණවත් වන ගවේෂණයක් කිරීමෙන් පසුව ය. පැහැදිලි නිවැරදි පිළිතුරක් දිය නොහැකි අනුමාන ප්‍රශ්නයකට පිළිතුරු නොදී සිටීම ප්‍රඥාවන්ත ය.—හිතෝපදේශ 12:8; 17:27; 1 තිමෝති 1:3-7; 2 තිමෝති 2:14.

උපදෙස් දෙන්නන් රාශියකගේ ඇති වටිනාකම

16, 17. වැඩිමහල්ලන් එකිනෙකා අතර කථා බහ කොට අදහස්, උපදෙස් විමසිය යුත්තේ මන් ද?

16 ප්‍රශ්නවලට පිළිතුරු දීමට සහ අසීරු ගැටලු විසඳාලීමට යාච්ඤාව සහ අධ්‍යයනයන් කිරීම වැඩිමහල්ලන්ට මහෝපකාරී වෙයි, නමුත්, “උපදෙස් දෙන්නන් රාශියකගෙන් යමක් ඉටුවන” බව මතක තබා ගත යුතුයි. (හිතෝපදේශ 15:22 NW) අනෙක් වැඩිමහල්ලන් සමඟ උපදෙස් විමසීම ප්‍රඥාවේ අදහස් සම්භාරයක් පොකුණක් ඇති කරලීමට හේතු වෙයි. (හිතෝපදේශ 13:20) සියලු වැඩිමහල්ලන්ට එක සමාන අත්දැකීම් හෝ බයිබල් දැනුමක් තිබෙනවා නොවේ. එබැවින්, විශේෂයෙන් බරපතළ කාරණයක් හැසිරවීමට තිබිය දී, බොහෝ දැනුමක් සහ වඩාත් අත්දැකීම් ලත් වැඩිමහල්ලන්ගෙන් උපදෙස් විමසා සිටීම, ප්‍රඥාවට අයත් මොළොක්කම, අත්දැකීම්වලින් අඩු වැඩිමහල්ලෙකු ව පෙලඹවිය යුතු ය.

17 යම් බරපතළ කාරණයක් මෙහෙයවීම පිණිස, වැඩිමහල්ලන් ව තෝරා ගනු ලැබූ විට, තවදුරටත් රහසිගත ලෙස උපකාර සොයන්නට ඔවුනට හැක. ඊශ්‍රායෙල් වරුන් ව විනිශ්චය කිරීමට තමන් හට සහයෝගය දෙනු වස්, “දෙව්යන් වහන්සේ කෙරෙහි භය ඇත්තා වු සත්‍යවාදි වු, අයුතු ලාභයට ද්වේෂකරන සමර්ථ මනුෂ්‍යයන්” මෝසෙස් තෝරා ගත්තේ ය. ඔවුන් වැඩිමහල්ලන් වුව ද, මෝසෙස්ට තිබූ තරම් දැනුමක් සහ අත්දැකීමක් ඔවුන්ට තිබුණේ නැත. එබැවින්, “අමාරු කාරණා මොසෙස් වෙතට ගෙනාවෝය. එහෙත් සියලු සුළු කාරණා ඔව්හුම විනිශ්චය කළෝය.” (නික්මයාම 18:13-27) එසේ නම්, අද දින ද, අවශ්‍යතාවක් තිබේ නම්, අවසාන තීරණය ගන්නේ තමන් විසින් ම වුවත්, අත්දැකීම්ලත් අවේක්ෂකයන්ගේ උපකාරය පැතීමට කාරණය සමඟ කටයුතු කරන වැඩිමහල්ලන්ට හැකි ය.

18. විනිශ්චය කාරණා මෙහෙයවීමේ දී, නිවැරදි තීරණයන් සහතික කරවන තීරණාත්මක සාධකයන් මොනවා ද?

18 ඊශ්‍රායලයෙහි ගම් උසාවිවල විනිසුරුවන්ගේ සංඛ්‍යාව, කාරණයේ බරපතලකම අනුව වෙනස් වූ බව යුදෙව් මිෂ්නා ග්‍රන්ථය පවසයි. බහුතරයක් වැරදි විය හැකි බැවින් සංඛ්‍යාව පමණක් ම විනිශ්චයේ හරිකම සහතික නොකළ ද, උපදෙස් දෙන්නන් රාශියක් තුළ සැබෑ වටිනාකමක් තිබේ. (නික්මයාම 23:2) හරි තීරණයන් ගැනීමේ ලා සහතික කරවන තීරණාත්මක සාධකයන් වන්නේ, ශුද්ධ ලියවිලි සහ දෙවියන් වහන්සේගේ ආත්මයයි. ප්‍රඥාව සහ මොළොක්කම මේවාට යටත් වීමට ක්‍රිස්තියානින් ව පොලඹවනු ඇත.

මොළොක්කමින් යුතුව සාක්ෂිදැරීම

19. අනුන්ට සාක්ෂි දැරීමට මොළොක්කම යෙහෝවඃ වහන්සේගේ ජනයාට උපකාර වත් වන්නේ කෙසේ ද?

19 විවිධ චිත්ත ස්වභාවයන්වල සිටින ජනයාට සාක්ෂිදැරීමට මොළොක්කම යෙහෝවඃ වහන්සේගේ සේවකයන්ට උපකාරවත් වෙයි. (1 කොරින්ති 9:22, 23) යේසුස් වහන්සේ මොළොක්කමින් යුතුව ඉගැන්වූ නිසා, යටහත් පහත් අය සැර පරුෂ ආගමික නායකයන්ට බිය වූවාක් මෙන්, උන් වහන්සේට බිය වූයේ නැත. (මතෙව් 9:36) ඇත්ත වශයෙන් ම, උන් වහන්සේගේ මොළොක් ක්‍රමයන්, ආකර්ෂණය කර ගත්තේ, දුෂ්ට “එළුවන්” නොව “බැටළුවන්” ය. (මතෙව් 25:31-46; යොහන් 3:16-21) කුහක එළුවන් සමඟ කටයුතු කිරීමේ දී යේසුස් වහන්සේ තද බල කියමන් පාවිච්චි කළ මුත්, යේසුස් වහන්සේට තිබුණා වූ එම ම තීක්ෂණ බුද්ධියක් සහ අධිකාරිත්වයක් අද දින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන්ට නොමැති නිසා, දෙවියන් වහන්සේගේ විනිශ්චයන් ප්‍රකාශ කිරීමේ දී ඔවුන් මොළොක් ස්වභාවයෙන් යුක්ත විය යුතු ය. (මතෙව් 23:13-36) රාජ්‍යයේ පණිවුඩය මොළොක්කමින් යුතුව දේශනා කරනවා ඔවුන් අසන විට, යේසුස් වහන්සේට සවන් දුන් බැටළු ගුණැති අය කළාක් මෙන්, ‘සදාකාල ජීවනයට හරි ලෙස නියම කරනු ලැබූ අය ඇදහිලිවන්තයන් බවට පත්වෙති.’—ක්‍රියා 13:48.

20. මොළොක්කමින් යුතුව උගන්වනු ලබන කල්හී, බයිබල් ශිෂ්‍යයෙක් ප්‍රයෝජන ලබන්නේ කෙසේ ද?

20 මොළොක්කමින් යුතුව සාක්ෂි දැරීමෙන් සහ උපදෙස් දීමෙන් ද තර්කානූකූල බවේ, පදනම මතත් බයිබල් ප්‍රතිපත්ති සහ සත්‍යයේ පදනම මතත් ඔවුන්ගේ සිත් අයාචනාත්මක ව ඇදගැනීමෙන් යහපත් ප්‍රතිඵල නෙලා ගත හැකියි. “නුඹලාගේ සිත්වලින්[හදවත් තුළ NW] ස්වාමින්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරපල්ලා” යයි ලියූ පාවුල්, “නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තර දෙන්ට නිතර සෑදී සිටපල්ලා, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද [ගැඹුරු ගෞරවයකින් ද NW] එසේ කළ යුතුය.” (1 පේතෘස් 3:15) මොළොක් කමින් යුක්ත ව උගන්වනු ලබන්නා වූ ශිෂ්‍යයෙකුට, සිත බාධාවට පත් වීමෙන් හෝ සැර පරුෂ, වාද විවාද ස්වරූපයක් මගින් බාධාවට පත් වෙනවා වෙනුවට, ඉගෙන ගන්නා විෂය කෙරෙහි අවධානය යොමු කරනු ඇත. මොළොක් කමින් යුතුව උපදෙස් දෙන්නා වූ දේව සේවකයන්ට පාවුල් මෙන් මෙසේ කීමට හැකි වෙයි: “අපගේ සේවයට දෝෂ නොපැමිණෙන පිණිස, කිසිවකින් බාධාවට කිසි ප්‍රස්තාවක් [නොදෙමු].” (2 කොරින්ති 6:3) ඇතැම්විට විරුද්ධ වාදීන් පවා, මොළොක්කමින් යුතුව උපදෙස් දෙන අය හට හොඳින් ප්‍රතිචාර දක්වති.

මොළොක්කම සියල්ලන්ගෙන් අවශ්‍ය කරවයි

21, 22 යෙහෝවඃ වහන්සේගේ ජනයාගේ සියලු දෙනාට මොළොක්කම ප්‍රයෝජන වත් වන්නේ කෙසේ ද?

21 යෙහෝවඃ වහන්සේගේ සංවිධානයට පිටතින් සිටින්නන් ගේ සිත් ඇද ගැනීමට පමණක් ක්‍රිස්තියානි මොළොක්කම පිටතින් නොපෙන්විය යුතු ය. දෙවියන් වහන්සේගේ සෙනඟ සමඟ සම්බන්ධතාවයන් පවත්වා ගැනීමට ද මෙම ගුණාංගය අතිශයින් වැදගත් වෙයි. (කොලොස්සි 3:12-14; 1 පේතෘස් 4:8) මොළොක් ගතියෙන් යුතු වැඩිමහල්ලන් සහ උපස්ථායක සේවකයන් එකට එක් වී සහයෝගයෙන් වැඩ කරන විට සභාවන් ආත්මික ව ගොඩ නැංවෙයි. යෙහෝවඃ වහන්සේගේ සෙනඟ සියලු දෙනාට සියල්ලන්ට ම “එක ව්‍යවස්ථාවක්” තිබෙන නිසා, ම මොළොක්කම සහ අනෙකුත් දිව්‍ය ගුණාංග විදහා පෑම වැදගත් ය.—නික්මයාම 12:49; ලෙවී කථාව 24:22.

22 දෙවියන් වහන්සේගේ සෙනඟ අතර, සමාදානයට හා සන්තෝෂයට මොළොක්කම දායක වෙයි. එම නිසා, එය, නිවසේ දී, සභාවේ දී, හෝ වෙනත් තැන්වල දී, සියලු ක්‍රිස්තියානින් විසින් පළඳින වස්ත්‍රය, සාදන්නා වූ ගුණාංගයන්හි සැකිල්ලේහි එක් කොටසක් විය යුතුයි. එසේය, යෙහෝවඃ වහන්සේගේ සියලු සේවකයන් මොළොක්කමින් යුක්ත ව පැළඳ සිටීම අවශ්‍ය ය. W91 10/15

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේ ද?

◻ ක්‍රිස්තියානි වැඩිමහල්ලන් මොළොක් ගතියෙන් යුක්ත විය යුතු වන්නේ මන් ද?

◻ මොළොක්කම ප්‍රඥාවන්ත උපදෙස් දෙන්නෙකුට මඟ පෙන්වන්නේ කෙසේ ද?

◻ උපදෙස් දෙන්නන් රාශියකගේ ඇති වටිනාකම කුමක් ද?

◻ මොළොක්කමින් යුතුව අන්‍යයන්ට සාක්ෂි දැරීමේ ඇති ප්‍රයෝජනය කුමක් ද?

[17වන පිටුවේ පින්තූරය]

යෙහෝවඃ වහන්සේගේ සෙනඟ බැටළුවන් මෙන් වන නිසා, ඔවුන් ව සැලකිය යුත්තේ මොළොක්කමින් යුතුව ය

[හිමිකම් විස්තර]

Garo Nalbandian

[19වන පිටුවේ පින්තූරය]

විවිධ චිත්ත ස්වභාවයන්වල සිටින ජනයාට සාක්ෂිදැරීමට මොළොක්කම යෙහෝවඃ වහන්සේගේ සෙනඟට හැකි කරවයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න