දැන්වීමයි
පාලක මණ්ඩලයේ කමිටු සඳහා උපකාර
දැනට සංඛ්‍යාවෙන් 12ක් වන, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෝ, තම පැවරුම් ඉටු කිරීමේ දී ඇදහිලිවන්ත ව සේවය කරමින් සිටිති. වැඩි වෙමින් පවතින “මහත් සමූහයේ” පක්ෂපාති සාමාජිකයන් සපයා දෙන ජ්වලිත අනුබල දීමට ඔවුහු සැමවිට ම ස්තුති පූර්වක වෙත්. (එළිදරව් 7:9, 15) ලොව පුරා ම විහිදී යන අතිවිශාල ප්‍රගතිය හේතුවෙන්, මේ කාලයේ දී පාලක මණ්ඩලය සඳහා අමතර උපකාරයක් සැපයීම යෝග්‍ය බව පෙනේ. එබැවින් සේවා මණ්ඩල, ප්‍රකාශන, සේවා, ඉගැන්වීම්, සහ ලේඛන කමිටු යන පාලක මණ්ඩලයේ කමිටු එකිනෙක තුළ පවත්වන රැස්වීම් තුළ සහභාගි වීම සඳහා, සහයකයන් කිහිප දෙනෙකු, ඉන් වැඩි දෙනෙකු මහත් සමූහය අතුරින්, ආරාධනා කිරීමට තීරණයක් ගෙන තිබේ. එහෙයින්, මෙම කමිටුවල රැස්වීම්වලට සහභාගි වන අයගේ සංඛ්‍යාව හත හෝ අට දක්වා වැඩි වනු ඇත. එහෙයින් පාලක මණ්ඩලයේ කමිටු සාමාජිකයන්ගේ මෙහෙය වීම යටතේ, මෙම සහයකයන් සාකච්ඡාවල දී සහභාගි වී, කමිටුව විසින් දෙන ලද විවිධාකාර පැවරුම් ක්‍රියාවේ යොදවනු ඇත. මෙම නව විධිවිධානය 1992, මැයි 1 සිට ක්‍රියාත්මක වනු ඇත.
දැන් වසර බොහොමයක් පුරා, ආලේප ලත් සාක්ෂිකරුවන්ගේ ඉතිරි කොටසේ සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු වෙමින් තිබෙන අතර, මහත් සමූහයේ සංඛ්‍යාව අපගේ උදාරතම බලාපොරොත්තු ඉක්මවා යමින් ප්‍රවර්ධනය වී ඇත. (යෙසායා 60:22) මේ මහානුභාසම්පන්න ව්‍යාප්තිය සඳහා අපි යෙහෝවඃ වහන්සේට කොතරම් ස්තුති වෙමු ද! යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් යන නව නාමය, 1931 දී කෘතඥගුණ පූර්වක ව පිළිගනු ලැබූ විට, රාජ්‍යය ප්‍රචාරකයන්ගේ ඉහළතම සංඛ්‍යාව 39,372 වූ අතර, ඉන් බොහොමයක් තමන් ක්‍රිස්තුස් වහන්සේගේ ආලේප ලත් සහෝදරයන් බව කියා සිටියහ. (යෙසායා 43:10-12; හෙබ්‍රෙව් 2:11) හැට වසරකට පසු, 1991 දී, ප්‍රචාරකයන්ගේ ලෝක ව්‍යාප්ත ඉහළතම සංඛ්‍යාව 42,78,820 වූ අතර, ආලේප ලත් ඉතිරි කොටසට අයත් බව කියා සිටියේ ඉන් 8,850 දෙනෙකු පමණි. ශුද්ධ ලියවිලිවලින් ලබන ආලෝකය හේතුවෙන් අපේක්ෂා කළ හැකි ලෙස, දැන් “මහත් සමූහය,” “කුඩා රැළ” මෙන් 480 ගුණයකටත් වැඩි ය. (ලූක් 12:32; එළිදරව් 7:4-9) ව්‍යාප්ත වෙමින් පවතින රාජ්‍යය කටයුතු බලා ගැනීමේ දී, මහත් සමූහයේ සහයෝගය සහ අනුබල දීම ඉතිරි කොටසට සැබවින් ම අවශ්‍ය කරන අතර, ඔවුහු එය අගය කරති.
වර්ෂ 1992 අප්‍රියෙල් 15 ද වොච්ටවර් හි පැහැදිලි කර ඇති අයුරින්, යුදෙව් ඉතිරි කොටස සමඟ බබිලෝනිය වහල් භාවයෙන් පැමිණි, නෙතිනිම්වරුන්ට සහ සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයන්ට සමාන කළ හැකි ආත්මික ඉශ්‍රායෙල් සමඟ සේවය කරන කණ්ඩායමක් සිටිත්; එම ඉශ්‍රායෙල් ජාතියට අයත් නොවූවන්, සංඛ්‍යාවෙන් නැවත පැමිණෙමින් සිටි ලෙවීවරුන්ටත් වඩා වැඩි විය. (එස්රා 2:40-58; 8:15-20) අද දින මහත් සමූහය අතුරින් “දෙන ලද්දවුන්” නම්, ශාඛා කාර්යාල තුළ, සංචාරක සේවය තුළ සහ පොළොව පුරා පිහිටුවා ඇති සභා 66,000 තුළ අවේක්ෂණය කිරීම හේතුවෙන් සෑහෙන අත් දැකීම් එක් රැස්කර ඇති මේරූ ක්‍රිස්තියානි පුරුෂයෝ ය.
මෑතක දී අවේක්ෂකයන් සහ ඔවුන්ගේ උපකාරක උපස්ථායක සේවකයන් සඳහා ලොව පුරා ම රාජ්‍යය සේවා පාසල් පවත්වනු ලැබුණි. එක්සත් ජනපදයේ පමණක් අවේක්ෂකයන් 59,420 දෙනෙක් සහභාගි වූහ. ඒ හේතුවෙන් මෙම “වැඩිමහල් පුරුෂයන්” තම වගකීම් වඩාත් බලපෑමෙන් යුක්ත ව ඉටු කිරීමට සන්නාහ කරන ලදි.—1 පේතෘස් 5:1-3, NW; එපීස 4:8, 11 සසඳන්න.
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ බෘක්ලින් මූලස්ථානයේ දී, සමහර “දෙන ලද්දවුන්” වසර බොහෝ සංඛ්‍යාවකට සේවය කර ඇත. හැකියාවන්ගෙන් හා අත් දැකීමෙන් ධන සම්භාරයක් අත්කර ගෙන ඇති මහත් සමූහයේ මේරූ අවේක්ෂකයන් ද මීට ඇතුළත් ය. එබැවින් පාලක මණ්ඩලයේ කමිටු රැස්වීම්වල දී සහය දීම සඳහා පාලක මණ්ඩලය එවන් අවේක්ෂකයන් ස්වල්ප දෙනෙකු තෝරා ගෙන ඇත. සේවයේ වඩාත් දීර්ඝ වාර්තාව ඇති පුරුෂයන් වීම මේ අය සඳහා අවශ්‍ය ම නැත. ඒ වෙනුවට, ඔවුහු මේරූ, විශේෂිත ක්ෂේත්‍රයන්හි සහය දෙනු වස් ගැළපෙන සුදුසුකම් ඇති, අත් දැකීම් ලත් පුරුෂයන් වෙත්. කමිටුවක් සමඟ වැඩ කිරීමට ඔවුන්ට පැවරුම් ලැබීම, ඔවුන්ට යම් විශේෂ තත්ත්වයක් ලබා දෙන්නේ නැත. යේසුස් වහන්සේ සිය ගෝලයන් සම්බන්ධයෙන් කීවාක් මෙන් ය: “නුඹලා සියල්ලෝම සහෝදරයෝය.” (මතෙව් 23:8) කෙසේ වෙතත්, මෙම පුරුෂයන්ට බොහෝ දේ භාර දෙනු ලබන බැවින්, ඒ හේතුවෙන්, ඔවුන්ගෙන් “බොහෝ දේ ඉල්ලනු” ලබන්නේ ය.—ලූක් 12:48, NW.
අද දින යෙහෝවඃ වහන්සේගේ සංවිධානයේ ඉදිරි ගමන ගැන අපි ප්‍රීති ප්‍රමෝද වෙමු. පසුගිය වසර දහය පුරා, වඩා ශ්‍රේෂ්ඨ දාවිත්, එනම්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ අනාවැකියට අනුකූල ව, ක්ෂේත්‍රයේ සේවය කරමින් සිටින අයගේ සංඛ්‍යාව සියයට සියයකින් පමණ වැඩි වී ඇත: “උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්ටයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය.” (යෙසායා 9:7) යෙරුසලමේ තාප්ප අලුත්වැඩියා කිරීමේ දී පූජකයන් සමඟ නෙතිනිම්වරුන් එකට වැඩ කළ ආකාරයෙන් ම, අද දින ද යෙහෝවඃ වහන්සේගේ සංවිධානය සම්බන්ධයෙන් වූ අනාවැකිය ඉටුවෙමින් පවතී: “විදේශීහු නුඹේ පවුරු ගොඩනගන්නෝය.” (යෙසායා 60:10; නෙහෙමියා 3:22, 26) යෙහෝවඃ වහන්සේගේ ලෝක ව්‍යාප්ත සංවිධානය තුළ පවරන ලද වැඩය හෝ සේවය කුමනාකාරයේ එකක් වෙතත්, “යෙහෝවඃ වහන්සේගේ පූජකයන්” හට සහය වීමේ දී සැබෑ නමස්කාරය ගොඩනංවාලීමේ දී ඔවුන් පෙන්වන ජ්වලිතකමට නවීන-දින නෙතිනිම්වරුන් හට ප්‍රශංසාව දැක්විය යුතු ය.—යෙසායා 61:5, 6, NW. w92 4/15