පුදුම දේ කරන තැනන් වහන්සේ, යෙහෝවඃ වහන්සේ
“ඔබ උතුම්ය, ආශ්චර්‍ය්‍ය ක්‍රියා කරනසේක. ඔබ පමණක් දෙවියන්වහන්සේය.”—ගීතාවලිය 86:10.
1, 2. (අ) මිනිසාගේ සොයා ගැනීම් ලෝකයට බලපා ඇත්තේ කෙසේ ද? (ආ) වඩාත් හොඳ දේවල් පිළිබඳ ව අපට බලාපොරොත්තුවක් සොයා ගත හැක්කේ කොහෙන් ද?
විදුලි උපකරණ, පණිවුඩ හුවමාරුව, වීඩියෝ, මෝටර් රථය, ජෙට් අහස් යානා සහ පරිගණක තාක්ෂණය වැනි නවීන මිනිසාගේ සොයා ගැනීම් උත්කෘෂ්ටයි කියා ඔහු විසින් ම උදම් අනනවා විය හැක. මේවා, ලෝකය එක ම අසල්වැසි පෙදෙසක් බවට පත්කර තිබේ. එහෙත් කෙබඳු අසල්වැසි පෙදෙසක් ද! සාමය, සෞභාග්‍යය, සහ සියල්ලන්ට ම ඇති තරම් ආහාර වෙනුවට, මිනීමරු යුද්ධ, අපරාධ, ත්‍රස්තවාදය, පරිසර දූෂණය, රෝග හා දුප්පත්කම මගින් මිනිස් වර්ගයා ප්‍රහාරයට ලක් ව සිටී. තව ද ලොව පුරා පැතිර ඇති න්‍යෂ්ටික අවි, ගණනින් අඩු කොට තිබුණත්, තවමත් මිනිස් වර්ගයා ව සමූල ඝාතනය කරන්ට හැකි ය. යුද්ධ කරන්නා වූ මරණයේ වෙළෙන්දෝ, පොළොව මත විශාලතම ව්‍යාපාරය කරගෙන යමින් සිටිති. පොහොසතා තවත් පොහොසත් වෙයි, දුප්පතා තවත් දුප්පත් වෙයි. මීට විසඳුමක් කිසිවෙකුට සොයා ගත හැකි ද?
2 එසේ ය! මන්දයත් ගැලවීම සහතික කරන යමෙකු සිටී, ඒ වනාහි “උතුම් තැනැත්තාටත් වඩා උතුම් තැනැන් වහන්සේ” වන යෙහෝවඃ දෙවියන් වහන්සේ ය. (දේශනාකාරයා 5:8, NW) විපත්ති කාලවල දී මහත් සැනසීම හා ප්‍රඥාවන්ත උපදෙස් සපයන්නා වූ ගීතාවලියේ ලියවිලි උන් වහන්සේ ආනුභාව කළ සේක. ඒවා අතුරින්, “දාවිත්ගේ යාච්ඤාවකි” යන සරල පූර්ව වැකියෙන් යුත් 86 වෙනි ගීතිකාව වෙයි. එය වනාහි ඔබට ඔබගේ ම එකක් කර ගත හැකි යාච්ඤාවකි.
විපතට හසු වී නමුත් ලැදි ව
3. මෙම කාලවල දී, දාවිත් අපට සපයන්නේ කුමන දිරිගැන්වෙන ආදර්ශය ද?
3 දාවිත් මෙම ගීතිකාව ලියුවේ විපත්තිය යටතේ දී ය. අද දින, සාතන්ගේ පිළිවෙළේ “අවසාන දවස්වල,” “කටයුතු කිරීමට අසීරු අර්බුද කාලවල්” තුළ ජීවත් වන අපි, ඒ හා සමාන පරීක්ෂාවන්ට මුහුණ දෙන්නෙමු. (2 තිමෝති 3:1, NW; එමෙන් ම මතෙව් 24:9-13, NW ද බලන්න.) අප මෙන්, දාවිත් ද තමා කෙරෙහි බලපෑම් ඇති කළ ගැටලු නිසා කනස්සල්ලෙන් හා කලකිරීමෙන් දුක් වින්දේ ය. එහෙත් ඔහුගේ මැවුම්කරුවාණන් හට ඔහු දැක්වූ ලැදිකමින් යුත් දැඩි විශ්වාසය දුර්වල කිරීමට ඔහු කිසි විටෙකත් එම පරීක්ෂාවන්ට ඉඩ හැරියේ නැත. ඔහු මෙසේ හඬ නැගී ය: “අහෝ, යෙහෝවඃ වහන්ස, ඔබගේ කන් යොමුව මැනව. මට සවන් දුන මැනව, මක්නිසාද විපතට හසු වී සිටිමි, දිළින්දෙක්මි. අහෝ, මාගේ ආත්මය රක්ෂා කළ මැනව, මක්නිසාද මම ලැදි වෙමි. ඔබ මාගේ දෙවියන් වහන්සේ ය, ඔබ කෙරෙහි දැඩි විශ්වාසය තබන්නා වූ ඔබගේ සේවකයා ගැලවුව මැනව.”—ගීතාවලිය 86:1, 2, NW.
4. අප අපගේ නිසැකකම පෙන්විය යුත්තේ කෙසේ ද?
4 “සෑම සැනසිල්ලේ දෙවිවූ” යෙහෝවඃ වහන්සේ, මේ පොළොව වෙතට ස්වකීය කන් හරවා අපගේ යටහත් පහත් යාච්ඤාවන්ට සවන් දෙනු ඇති බවට දාවිත් මෙන්, අපට නිසැකකමක් ඇතුව සිටිය හැක. (2 කොරින්ති 1:3, 4) අපගේ දෙවියන් වහන්සේ තුළ සම්පූර්ණ දැඩි විශ්වාසය ඇතුව සිටීමෙන්, දාවිත්ගේ අවවාදය අනුගමනය කිරීමට අපට හැකි ය: “නුඹේ බර ස්වාමින් [යෙහෝවඃ වහන්සේ NW ] පිට තබව, උන්වහන්සේ [ම] නුඹ උසුලන සේක. උන්වහන්සේ කිසිකලෙකත් ධර්මමිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක.”—ගීතාවලිය 55:22.
යෙහෝවඃ වහන්සේ සමඟ සමීප මිත්‍රත්වයක්
5. (අ) ප්‍රවේසමෙන් කරන ලද ඇතැම් පරිවර්තන, යුදෙව් ලියන්නන්ගේ වැරදි නැවත හරි ගස්වා ඇත්තේ කෙසේ ද? (ආ) අසූ පහ සහ අසූ හය වෙනි ගීතිකා යෙහෝවඃ වහන්සේ ව වර්ණනා කරන්නේ කුමන ආකාරවලින් ද? (පාද සටහන බලන්න.)
5 අසූ හය වැනි ගීතිකාවේ දී, දාවිත්, “අහෝ යෙහෝවඃ වහන්ස [NW ] යන ප්රකාශනය 11 වතාවක් භාවිතා කරයි. දාවිත්ගේ යාච්ඤාවන් මොනතරම් ලැදිකමින් පිරි එකක් ද, එමෙන් ම යෙහෝවඃ වහන්සේ සමඟ ඔහුගේ මිත්‍රත්වය කොතරම් සමීප ද! එවැනි සමීප මිත්‍රත්වයකින් යුතු ව භාවිතා කරනු ලැබූ දෙවියන් වහන්සේගේ නාමය, පසු ව, විශේෂයෙන් සොපෙරිම්වරු වන යුදෙව් ලියන්නන් හට පිළිකුල් සහගත දෙයක් බවට පත් විණි. ඔවුහු, නාමය වැරදි ලෙස භාවිතා කිරීමේ මිථ්‍යා බියක් පෝෂ්‍ය කළහ. මිනිසා මවනු ලැබ තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ය යන සත්‍යය නොසලකා හරිමින්, මිනිසුන් ද විදහා පාන්නා වූ ගුණාංග දෙවියන් වහන්සේ වෙත පවරා දීම ඔවුහු ප්‍රතික්ෂේප කළෝ ය. එබැවින්, මෙම එක ම ගීතිකාවේ හෙබ්‍රෙව් ලියවිල්ලේ දිව්‍ය නාමය සඳහන් වන අවස්ථා 11න් 7කට ම, YHWH (යෙහෝවඃ වහන්සේ) යන නාමය වෙනුවට ʼඇඩෝ-නායි’හො_නාල්ʼ (ස්වාමීන් වහන්සේ) යන පදවි නාමය ඔවුහු යොදා ගත්හ. න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස්, මෙන් ම වෙනත් සුපරීක්ෂාකාරී පරිවර්තන ගණනාවක්, දේව වචනය තුළ දිව්‍ය නාමය එහි හරි ස්ථානවලට නැවත යොදා තිබීම ගැන අපට කෘතඥ විය හැකි ය. ප්‍රතිඵලයක් වශයෙන්, යෙහෝවඃ වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය අවධාරණය විය යුතුවාක් මෙන් ම එසේ කර තිබේ.a
6. යෙහෝවඃ වහන්සේගේ නාමය අපට අනර්ඝ බව පෙන්විය හැක්කේ කුමන ආකාරවලින් ද?
6 දාවිත්ගේ යාච්ඤාව දිගට ම යයි: “අහෝ, යෙහෝවඃ වහන්ස, දවස මුළුල්ලේ ම ඔබට හඬගසමින් සිටින බැවින්, මට කරුණා කළ මැනව. අහෝ, යෙහෝවඃ වහන්ස, ඔබ දෙසට මාගේ ආත්මය ඔසවන බැවින්, ඔබගේ සේවකයාගේ ආත්මය ප්‍රීතිමත් කළ මැනව.” (ගීතාවලිය 86:3, 4, NW) දාවිත් යෙහෝවඃ වහන්සේට “දවස මුළුල්ලේ ම” හඬ ගසමින් සිටි බව සැලකිල්ලට ගන්න. ඇත්තෙන් ම, ඔහු කාන්තාරයේ පලා යන්නෙකු වූ අවස්ථාවන්හි, ඔහු බොහෝ විට මුළු රැය පුරා යාච්ඤා කළේ ය. (ගීතාවලිය 63:6, 7) ඒ හා සමාන ව අද දිනත්, දූෂණය කරනු ලැබීමට හෝ වෙනත් සාපරාධී පහර දීම් මගින් තර්ජනය කරනු ලැබූ විට, සමහරක් සාක්ෂිකරුවන් මහ හඬින් යෙහෝවඃ වහන්සේට මොර ගසා තිබේ. ඇතැම් අවස්ථාවල දී, සන්තෝෂදායක ප්‍රතිඵලය දැකීමෙන් ඔවුන් පුදුමයට පත් ව ඇත.b “දාවිත්ගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ,” පොළොව මත සිටි විට, යෙහෝවඃ වහන්සේගේ නාමය අනර්ඝ දෙයක් වූවාක් මෙන්, අපට ද එය අනර්ඝ ය. යෙහෝවඃ වහන්සේගේ නාමය විශුද්ධ කරනු ලැබීම උදෙසා යාච්ඤා කරන ලෙස යේසුස් වහන්සේ සිය ගෝලයන්ට ඉගැන්වූ අතර, එම නාමය නියෝජනය කරන දේ කුමක් ද කියා ඔවුන්ට දැන්වූ සේක.—මතෙව් 1:1; 6:9; යොහන් 17:6, 25, 26.
7. යෙහෝවඃ වහන්සේ ස්වකීය සේවකයන්ගේ ආත්ම ඔසවන බවට අපට තිබෙන ආදර්ශය කුමක් ද, තව ද අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ ද?
7 දාවිත් තමාගේ ආත්මය, තමා ව ම, සහමුලින් ම යෙහෝවඃ වහන්සේ වෙතට එසවුවේ ය. ගීතාවලිය 37:5 හි මෙසේ පවසමින්, එසේ ම කරන ලෙස ඔහු අපට දිරිගන්වන්වයි: “තාගේ මාර්ගය ස්වාමීන්ට [යෙහෝවඃ වහන්සේට NW ] භාර දෙව; උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව, උන්වහන්සේ එය ඉෂ්ටකරනසේක.” මෙසේ, අපගේ ආත්මය ප්‍රීතිමත් කරන ලෙසට අප යෙහෝවඃ වහන්සේට කරන ආයාචනයට පිළිතුරු නොලැබී නොයනු ඇත. අඛණ්ඩතාවය තබන, යෙහෝවඃ වහන්සේගේ බොහෝ සේවකයෝ, අමාරුකම්, පීඩා, සහ අසනීප මැද උන් වහන්සේගේ සේවය තුළ දිගට ම මහත් ප්‍රීතියක් සොයා ගනිති. ඇංගෝලාව, ලයිබීරියාව, මොසැම්බික්, සහ සායිර් වැනි අප්‍රිකාවේ යුද්ධයෙන් දෙදරා ගිය රටවල සිටින අපගේ සහෝදරයෝ, යෙහෝවඃ වහන්සේගේ සේවය නොකඩවා තමන්ගේ ජීවිතවල ප්‍රථම ස්ථානයේ තබා ගෙන සිටිත්.c බහුල වූ ආත්මික අස්වැන්නක් තුළ ප්‍රීති වීමට උන් වහන්සේ සැබවින් ම ඔවුන් හට අවකාශ ලබා දී ඇත. ඔවුන් විදඳරා ගෙන ඇත්තාක් මෙන්, අප ද විඳදරා ගත යුතු ය. (රෝම 5:3-5) තව ද අප විඳදරා ගන්නවාත් සමඟ ම, අපට මෙසේ සහතික කොට තිබේ: “දර්ශනය තවමත් නියමිත කාලයට පැමිණීමට තිබේ, එය අවසානය දක්වා දැඩි ආයාසයකින් යයි. . . . එය ප්‍රමාද නොවනු ඇත.” (හබක්කුක් 2:3, NW) යෙහෝවඃ වහන්සේ කෙරෙහි සම්පූර්ණ නිසැකකමක් හා දැඩි විශ්වාසයක් ඇතුව, අපත් “අවසානය දක්වා දැඩි ආයාසයකින් යමු.”
යෙහෝවඃ වහන්සේගේ යහපත්කම
8. යෙහෝවඃ වහන්සේ සමඟ අපට තබා ගත හැකි වන්නේ කුමන සමීප මිත්‍රත්වයක් ද, උන් වහන්සේ ස්වකීය යහපත්කම විදහා ඇත්තේ කෙසේ ද?
8 දාවිත් තවදුරටත් මෙම උද්යෝගිමත් ආයාචනය ඉදිරිපත් කරයි: “අහෝ, යෙහෝවඃ වහන්ස, ඔබ යහපත් ය, කමාවීමට සූදානම් ව සිටින සේක; ඔබට හඬ ගසන සියල්ලන් මත ඔබගේ ප්‍රේමනීය කරුණාව බහුල ය. අහෝ, යෙහෝවඃ වහන්ස, මාගේ යාච්ඤාවට සවන් දුන මැනව; මාගේ කන්නලව්වල ශබ්දයට අවධානය යොමු කළ මැනව. මාගේ විපත්ති දවසේ දී ඔබට හඬ ගසන්නෙමි, මක්නිසා ද ඔබ මට උත්තර දෙන සේක.” (ගීතාවලිය 86:5-7, NW) “අහෝ, යෙහෝවඃ වහන්ස”—අපි මෙම ප්රකාශනයේ ඇති සමීප මිත්‍රත්වයෙන් යළි යළිත් ප්‍රමුදිත වන්නෙමු! යාච්ඤාව තුළින් නිරතුරු ව ම වර්ධනය කළ හැකි සමීප මිත්‍රත්වයකි, එය. දාවිත් වෙනත් අවස්ථාවක මෙසේ යාච්ඤා කළේ ය: “ස්වාමිනී [අහෝ NW ], මාගේ යෞවන වයසේ පව්වත් මාගේ අපරාධවත් සිහි නොකළ මැනව. ස්වාමිනී [අහෝ, යෙහෝවඃ වහන්ස NW ], ඔබගේ යහපත්කම පරිද්දෙන් මා සිහි කළ මැනව.” (ගීතාවලිය 25:7) යේසුස් වහන්සේගේ මිදීමේ මිලය සැපයීමෙන්, පසුතැවිලි වන පව්කාරයන්ට දයාව පෙන්වීමෙන් සහ තමන් වහන්සේට ලැදි, අගය කරන සුලු සාක්ෂිකරුවන්ට ප්‍රේමනීය-කරුණාව වැගිරීමෙන්, යෙහෝවඃ වහන්සේ යහපත්කමේ අති ප්‍රතිමුර්තිය වන සේක.—ගීතාවලිය 100:3-5; මලාකි 3:10.
9. පසුතැවිලි වෙන පව්කාරයන් බැරෑරුම් ලෙස සලකා බැලිය යුත්තේ කුමන සහතිකය ද?
9 අප අතීතයේ දී කරන ලද වැරදි ගැන කලබල ගතියකින් පසු විය යුතු ද? අපි අපගේ පාදවලට සමතලා පාරවල් සාදා ගනිමින් සිටින්නෙමු නම්, පසුතැවිලි වෙන්නන් හට යෙහෝවඃ වහන්සේ වෙතින් “සැනසිලි කාලයන් පැමිණෙන” බවට ප්‍රේරිත පේතෘස්ගේ සහතිකය මතක් කර ගැනීමෙන් අප තුළ ප්‍රකෘතිමත් ස්වභාවයක් ඇති වනවා ඇත. (ක්‍රියා 3:19) ප්‍රේමනීය ලෙස මෙසේ පැවසූ අපගේ මිදුම්කරුවාණන් වන යේසුස් වහන්සේ තුළින් අපි යෙහෝවඃ වහන්සේ වෙතට ළං වී සිටිමු: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටහත්ව [මොළොක් ගතියෙන් යුක්තව හා හදවතින් යටත්ව NW ] සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා, එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය.” අද දින යෙහෝවඃ වහන්සේට ලැදි සාක්ෂිකරුවන් යේසුස් වහන්සේගේ අනර්ඝ නාමය තුළින් යාච්ඤා කරන්නවාත් සමඟ ම, ඔවුහු ඇත්තට ම සහනය ලබා ගනිත්.—මතෙව් 11:28, 29; යොහන් 15:16.
10. ගීතාවලිය පොත, යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමනීය කරුණාවට දෙන්නේ කුමන මූලිකත්වයක් ද?
10 ගීතාවලිය පොත, වාර සියයකට වඩා යෙහෝවඃ වහන්සේගේ “ප්‍රේමනීය කරුණාවට” යොමු දක්වයි. එවන් ප්‍රේමනීය කරුණාව සහතික වශයෙන් ම බහුල ව තිබේ! “උන්වහන්සේගේ [ප්‍රේමනීය NW ] කරුණාව සදාකාලයට පවත්වන්නේය” යයි හතර වතාවක් පුන පුනා පවසමින් 118 වෙනි ගීතිකාව, යෙහෝවඃ වහන්සේට ස්තුති කරන ලෙස දේව සේවකයන්ගෙන් අයැද සිටී. එකසිය තිස් හය වෙනි ගීතිකාව, “උන් වහන්සේගේ ප්‍රේමනීය කරුණාව NW ” නමැති ස්නේහබර ගුණාංගය 26 වතාවක් අවධාරණය කරයි. “බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව” යයි යාකොබ් 3:2 හි පවසන්නාක් මෙන්, අපට කුමන අන්දමින් වැරදුණත් යෙහෝවඃ වහන්සේගේ දයාව සහ ප්‍රේමනීය කරුණාව ගැන සහතික වෙමින්, උන් වහන්සේගේ කමාව අයැදීමට අපි සූදානමින් සිටිමු. උන් වහන්සේගේ ප්‍රේමනීය කරුණාව, අප කෙරෙහි තිබෙන උන් වහන්සේගේ පක්ෂපාත ප්‍රේමයේ ප්‍රකාශ කිරීමකි. අපි නොකඩවා පක්ෂපාත ව දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නෙමු නම්, සෑම පරීක්ෂාවකට ම සාර්ථක ව මුහුණ දීමට අප ව ශක්තිමත් කරවමින්, උන් වහන්සේ ස්වකීය පක්ෂපාත ප්‍රේමය අපට පෙන්වනවා ඇත.—1 කොරින්ති 10:13.
11. වැඩිමහල්ලන් ගන්නා ක්‍රියා මාර්ග, වැරදි සහගත හැඟීම් ඉවත් කිරීමට කෙසේ උපකාරවත් විය හැකි ද?
11 වෙනත් අය මගින් අප ව බාධාවට ලක් වෙන අවස්ථා තිබෙන්නට පුළුවන. ළමා වියේ දී අත්දැක්කා වූ චිත්ත වේගීය හෝ ශාරීරික අනිසි සැලකීම හේතුවෙන් වරද සහිත බවේ හෝ අතිශයින් නොවටිනා බවේ හැඟීමක් ඇතමෙකුට ඇති වී තිබේ. යෙහෝවඃ වහන්සේ පිළිතුරු දෙන බවට නිසැක වෙමින්, උන් වහන්සේට හඬ නගන්නට එවන් තත්ත්වයකට ගොදුරු වූ පුද්ගලයෙකුට හැකි වෙයි. (ගීතාවලිය 55:16, 17) එයට ගොදුරු වූ තැනැත්තා අත වරදක් නැතැයි යන කරුණ පිළිගැනීමට එවැනි තැනැත්තෙකුට උපකාර කිරීමේ ලා උනන්දුවක් දක්වන්නට කරුණාවන්ත වැඩිමහල්ලෙකුට හැකි ය. ඊට පසු ව, ඔහුට හෝ ඈට අන්තිමේ දී ‘බර රැගෙන යාමට’ හැකි වන තෙක්, වැඩිමහල්ලා විසින් වරින් වර දුරකථන ඇමතුමක් දීමෙන් උපකාර කළ හැක.—ගලාති 6:2. 5.
12. විපත්ති දෙගුණ තෙගුණ වී ඇත්තේ කෙසේ ද, නමුත් ඒවාට සාර්ථක ව මුහුණ දීමට අපට කෙසේ හැකි වේවි ද?
12 අද දින යෙහෝවඃ වහන්සේගේ ජනයාට මුහුණ දෙන්නට සිදු වන බොහෝ වෙනත් පීඩාකාරී තත්ත්වයන් තිබේ. වර්ෂ 1914 දී, Iවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමඟ ම, මහා ව්‍යසනයන් පොළොවට පහර දෙන්නට පටන් ගත්තේ ය. යේසුස් වහන්සේ විසින් පුරෝකථනය කරන ලද්දාක් මෙන්, ඒවා වනාහි “ගාවිනාවල [විපත්ති NW ] පටන් ගැන්ම” විය. අප “දේවල පිළිවෙළේ සමාප්තිය” තුළ ගැඹුරට පිවිසෙනවාත් සමඟ ම විපත්ති දෙගුණ තෙගුණ වී ඇත. (මතෙව් 24:3, 8, NW) යක්ෂයාගේ “ස්වල්ප කාලය” එහි ව්‍යසනකාරී අවසානය දෙසට සීඝ්රයෙන් දිව යමින් තිබේ. (එළිදරව් 12:12) ගොදුර සොයා යන “ගොරවන සිංහයෙකු මෙන්,” එම දරුණු සතුරා, අප ව දෙවියන් වහන්සේගේ රැළෙන් වෙන් කොට, විනාශ කිරීමට යොදා ගත හැකි සෑම සටකපට උපායක් ම පාවිච්චි කරමින් සිටී. (1 පේතෘස් 5:8) එහෙත්, ඔහු සාර්ථක වන්නේ නැත! මන්දයත්, දාවිත් මෙන්, අපගේ දැඩි විශ්වාසය, අපගේ එක ම දෙවියන් වහන්සේ වන යෙහෝවඃ වහන්සේ තුළ නැංගුරම් ලා ගෙන සිටින නිසා ය.
13. දෙමාපියන්ට සහ ඔවුන්ගේ දරුවන්ට, යෙහෝවඃ වහන්සේගේ යහපත්කමෙන් තමන්ට ප්‍රයෝජන ලබා ගත හැක්කේ කෙසේ ද?
13 යෙහෝවඃ වහන්සේගේ යහපත්කම මත රැඳී සිටීමේ අවශ්‍යතාවය දාවිත් තම පුත්‍ර සාලමොන්ගේ හදවත තුළ පැල පදියම් කළ බවට කිසිදු සැකයක් නැත. මෙසේ, තමාගේ ම පුත්‍රයාට මෙලෙස උපදෙස් දෙන්නට සාලමොන්ට හැකි විය: “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් [හදින් NW ] ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] කෙරෙහි විශ්වාසකරපන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකාපන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත. නුඹ ඤාණවන්තයෙකැයි සිතා නොගනින්න; ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] කෙරෙහි භයව නපුරෙන් දුරුවෙයන්න.” (හිතෝපදේශ 3:5-7) ඒ හා සමාන ව, දැඩි විශ්වාසයෙන් යුතු ව යෙහෝවඃ වහන්සේට යාච්ඤා කරන අන්දමත්, පාසලේ දී ඇති වන තුල්‍ය පීඩනයන්, හා දුරාචාරයේ යෙදීමට ඇති වන පෙලඹීම් වැනි, සිත්පිත් නැති ලෝකයකින් එන ප්රහාරයන් සමඟ සාර්ථක ව කටයුතු කරන ආකාරයත් දෙමාපියන් තමන්ගේ බාලයන්ට ඉගැන්විය යුතු ය. ඔබගේ දරුවන් සමඟ සෑම දවසක ම සත්‍යය ජීවිත මාර්ගයක් අනුගමනය කරමින්, ඔවුන්ගේ බාල හදවත් තුළට යෙහෝවඃ වහන්සේ කෙරෙහි සැබෑ ප්‍රේමයක් කාවද්දන්නටත්, උන් වහන්සේ මත යාච්ඤා පූර්වක ව රඳා සිටීමට සැලැස්වීමටත් ඔබට හැකි වෙයි.—ද්විතීය කථාව 6:4-9; 11:18, 19.
යෙහෝවඃ වහන්සේගේ අසමසම ක්‍රියා
14, 15. යෙහෝවඃ වහන්සේගේ අසමසම ක්‍රියා සමහරක් මොනවා ද?
14 ගැඹුරු ඒත්තු ගැනීමකින් යුතු ව දාවිත් මෙසේ කියයි: “අහෝ, යෙහෝවඃ වහන්ස, දෙවිවරුන් අතරේ ඔබට සමාන කිසිවෙක් නැත; ඔබගේ ක්‍රියාවන්ට සමාන ක්‍රියා ද නැත.” (ගීතාවලිය 86:11, NW) යෙහෝවඃ වහන්සේගේ ක්‍රියාවන්, මොනයම් හෝ මිනිසෙකුට සිතාගන්නටවත් බැරි තරමට වඩා බොහෝ සෙයින් උසස් ය, ආශ්චර්යවත් ය, බොහෝ සෙයින් මහානුභාවසම්පන්න ය. නවීන විද්‍යාව මගින් දැක තිබෙන්නාක් මෙන්, මවන ලද විශ්වය—එහි විශාල බව, එහි එකඟත්වය, එහි ශ්‍රී විභූතිය—දාවිත් විසින් අවබෝධ කර ගත් මොනයම් දේකටත් වඩා බොහෝ ආශ්චර්යවත් බවට ඔප්පු වී තිබේ. එහෙත්, “අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශකරයි; ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි” කියා පවසන්නට ඔහු පවා පෙලඹුණි.—ගීතාවලිය 19:1.
15 රෑ දවල්, ඍතු, වපුරන හා අස්වනු නෙළන කාලය, හා අනාගත මිනිසාට භුක්ති විඳීම සඳහා අසංඛ්‍යාත ප්‍රීති ප්රමෝදයන් සපයමින්, යෙහෝවඃ වහන්සේ විසින් පොළොව පිහිටුවා සූදානම් කළ ආකාරයෙන් ද, උන් වහන්සේගේ ක්‍රියාවන් විස්මයජනක ලෙස විචිත්‍රණය වෙයි. තව ද, අප අවට ඇති යෙහෝවඃ වහන්සේගේ ක්‍රියාවන් භුක්ති විඳීමට හැකි වන පිණිස, අප ව ම මොනතරම් පුදුමාකාර ලෙස සාදා, සන්නාහ සන්නද්ධ කර තිබේ ද!—උත්පත්ති 2:7-9; 8:22; ගීතාවලිය 139:14.
16. යෙහෝවඃ වහන්සේගේ යහපත්කමේ ශ්‍රේෂ්ඨතම ප්රකාශනය කුමක් ද, එය තුඩු දෙන්නේ තවත් කිනම් අසමසම ක්‍රියාවලට ද?
16 අද දවස දක්වා පොළොවට පීඩා කරන විපත් ආරම්භ කරමින්, අපගේ පළමු දෙමාපියන් දෙවියන් වහන්සේට අකීකරු වූවායින් පසු, ස්වකීය ප්‍රේමය හේතු කොට ගෙන යෙහෝවඃ වහන්සේ, “දේව රාජ්‍යය ප්‍රකාශ කිරීමටත්, මිනිස් වර්ගයා උදෙසා මිදීමේ මිලයක් වශයෙන් මිය යාමටත් ස්වකීය පුත්‍රයාණන් ව එවීමෙන් පුදුමාකාර ක්‍රියාවක් සිදු කළ සේක. පුදුමයෙන් පුදුමයකි! ඉන් අනතුරුව යෙහෝවඃ වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ව නැවත නැගිටවූයේ තෝරා පත්කරන ලද ස්වකීය සහයක-රජු බවට පත්වීමටයි. (මතෙව් 20:28; ක්‍රියා 2:32, 34) නැවත නැගිටුවනු ලබන බිලියන ගණනක් මිනිසුන් ඇතුළත් වන, “නව පොළවක” සමාජයක් කෙරෙහි, සත්ගුණවත් “නව අහසක්” මෙන් ක්‍රිස්තුස් වහන්සේ සමඟ පාලනය කරනු ඇති “අලුත් මැවිල්ලක්” ද දෙවියන් වහන්සේ පක්ෂපාත මිනිස් වර්ගයා අතුරින් තෝරා ගෙන ඇත. (2 කොරින්ති 5:17; එළිදරව් 21:1, 5-7; 1 කොරින්ති 15:22-26) ඒ අයුරින්, යෙහෝවඃ වහන්සේගේ ක්‍රියාවන් මහිමාන්විත උච්චාවස්ථාවක් කරා ඇදී යනවා ඇත! සැබවින් ම, අපට මෙසේ ශබ්ද නඟා ප්‍රකාශ කළ හැක: “අහෝ, යෙහෝවඃ වහන්ස, . . . ඔබට භය වෙන්නන් කෙරෙහි ඔබ නිධාන කර ඇති ඔබගේ යහපත්කම කොතරම් බහුල ද!”—ගීතාවලිය 31:17-19, NW.
17. යෙහෝවඃ වහන්සේගේ ක්‍රියාවන් සම්බන්ධ ව, ගීතාවලියේ 86:9 දැන් ඉටු වෙමින් තිබෙන්නේ කෙසේ ද?
17 යෙහෝවඃ වහන්සේගේ වත්මන් ක්‍රියාවන් දාවිත් ගීතාවලිය 86:9 [NW ] හි විස්තර කළ දේ තුළ අඩංගු වෙයි: “අහෝ, යෙහෝවඃ වහන්ස, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ ඉදිරියට ඇවිත්, ඔබ ඉදිරියේ නමස්කාර කරමින්, ඔබගේ නාමයට ගෞරව කරන්නෝ ය.” ස්වකීය අලුත් මැවිල්ලේ, එනම් රාජ්‍යය උරුමක්කාරයන්ගේ “කුඩා රැළේ” ඉතිරි අය ව මිනිස් වර්ගයා අතුරින් කැඳවා ගත්තායින් පසු, යෙහෝවඃ වහන්සේ, යේසුස් වහන්සේගේ වැගිරෙවූ රුධිරය කෙරෙහි ඇදහිල්ල ක්‍රියාවට නංවන්නා වූ, මිලියන ගණනකින් යුත්, “වෙනත් බැටළුවන්ගේ” “මහත් සමූහයක්” ව, “සියලු ජාතීන්ගෙන්” එකතු කිරීමට කටයුතු යොදා ඇත. උන් වහන්සේ, මෙම අය ව, අද දින පොළොව මත සාමයට ප්‍රේම කරන්නන්ගේ එක ම සමස්ත ලෝක සමාජය වන, ක්‍රියාශීලී සංවිධානයකට ගොඩ නංවා ඇත. ස්වර්ගීය දේව දූතයෝ, මෙය නිරීක්ෂණය කරමින්, මෙසේ ප්‍රකාශ කරමින් යෙහෝවඃ වහන්සේ ඉදිරියේ වැඳ වැටෙති: “ප්‍රශංසාවද තේජසද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක්‍රමයද සදාකාලේටම අපේ දෙවියන්වහන්සේට වේවා.” මෙම ලෝකයේ අවසානයෙන් බේරී, පාරාදීස පොළොවක් මත සදාකාලයට ම ජීවත්වීමේ බලාපොරොත්තුව සහිත ව, මහත් සමූහය ද, යෙහෝවඃ වහන්සේට “රෑ දාවල්” සේවය කරමින්, උන් වහන්සේගේ නාමය තේජවත් කරති.—ලූක් 12:32; එළිදරව් 7:9-17; යොහන් 10:16.
යෙහෝවඃ වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය
18. යෙහෝවඃ වහන්සේ, තමන් වහන්සේ ‘පමණක් දෙවියන් වහන්සේ’ බව විදහා පා ඇත්තේ කෙසේ ද?
18 ඊළඟට, දාවිත් යෙහෝවඃ වහන්සේගේ දේවත්වයට අවධානය යොමු කරවන්නේ මෙසේ පවසමිනි: “ඔබ ශ්‍රේෂ්ඨ ය, පුදුමාකාර දේවල් කරන සේක; ඔබ, ඔබ පමණක් ම, දෙවියන් වහන්සේ ය.” (ගීතාවලිය 86:10 NW) අනාදිමත් කාලයක පටන්, යෙහෝවඃ වහන්සේ, තමන් වහන්සේ ‘පමණක් දෙවියන් වහන්සේ’ බව විදහා පෙන්වමින් සිටි සේක. කිසි ගරුසරු බවක් නැති ව මෝසෙස්ට අභියෝග කළේ මිසරයේ කෲර පාලකයා වූ ඵාරාවෝ ය: “ඉශ්රායෙල්වරුන්ට යන්ට හරින ලෙස මා විසින් ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] බසට ඇහුම්කන් දෙන්ට ඔහු කවුද? මම ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] [කිසිසේත් NW ] නාඳුනමි.” එහෙත්, වැඩි කල් යන්නට මත්තෙන්, යෙහෝවඃ වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨ ද කියා ඔහු දැන ගත්තේ ය! ව්‍යසනකාරී වසංගත එවීමෙන් සහ මිසරයේ කුලුඳුල් පුත්‍රයන් ව විනාශ කිරීමෙන් හා ඵාරාවෝ සහ ඔහුගේ සුපිරි හමුදා රතු මුහුදේ සමූලඝාතනය කිරීමෙන්, සර්ව බලධාරී දෙවියන් වහන්සේ මිසරයේ දෙවිවරුන් ව සහ කට්ටඩි පූජකයන් ව පහත් කර දැමූ සේක. ඇත්තෙන් ම, දෙවිවරුන් අතර යෙහෝවඃ වහන්සේ මෙන් දෙවි කෙනෙකු නැත!—නික්මයාම 5:2; 15:11, 12.
19, 20. (අ) එළිදරව් 15:3, 4 හි සඳහන් ගීතිකාවෙහි උදාරතම ප්රකාශනය කෙරෙනු ඇත්තේ කවදා ද? (ආ) දැන් පවා අපට යෙහෝවඃ වහන්සේගේ ක්‍රියාවලට හවුල් විය හැක්කේ කෙසේ ද?
19 නවීන දින මිසරය වන සාතන්ගේ ලෝකයෙන් ස්වකීය කීකරු නමස්කාරකයන් ව ගලවා ගැනීම සඳහා සූදානම් කිරීමේ ලා, එක ම දෙවියන් වහන්සේ වශයෙන්, යෙහෝවඃ වහන්සේ, පුදුමාකාර දේවල් කර ඇත. මතෙව් 24:14 හි යේසුස් වහන්සේගේ අනාවැකිය ඉටු කරමින්, මුළු ඉතිහාසය පුරා, වඩාත් ම පුළුල් වූ දේශනා ව්‍යාපෘතිය මගින්, සාක්ෂියක් වශයෙන්, උන් වහන්සේ ස්වකීය දිව්‍ය විනිශ්චයන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර ඇත. කෙටි කලකින් ම, “අන්තිමය” පැමිණෙන අතර, එවිට, පොළොව මතින් දුෂ්ටකම පිස දැමීම මගින්, යෙහෝවඃ වහන්සේ පෙර නොවූ විරූ අයුරින් ස්වකීය ශ්‍රේෂ්ඨත්වය නිරූපනය කරනවා ඇත. (ගීතාවලිය 145:20) එවිට, මෝසෙස්ගේ ගීතිකාව හා බැටළු පැටවාණන්ගේ ගීතිකාව එක හඬින් උච්චාවස්ථාවකට පැමිණෙනවා ඇත: “සර්ව පරාක්රමවූ ස්වාමිවූ [යෙහෝවඃ NW ] දෙවියන්වහන්ස, ඔබගේ ක්‍රියා මහත්ය, විස්මපත්ය; ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මමිෂ්ඨය, සැබෑය. ස්වාමිනී [යෙහෝවඃ වහන්ස NW ], ඔබගේ නාමයට භය නොවන්නෙත් ගෞරව නොකරන්නෙත් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය [ලැදි ය NW ].”—එළිදරව් 15:3, 4.
20 අපගේ කොටස වශයෙන්, අපි දෙවියන් වහන්සේගේ මෙම මහානුභාවසම්පන්න අරමුණු අන්‍යයන්ට කීම ගැන ජ්වලිත ව සිටිමු. (ක්‍රියා 2:11 සසඳන්න.) ඊළඟ ලිපියේ විස්තර කරනු ඇත්තාක් මෙන්, යෙහෝවඃ වහන්සේ අපගේ දවසේ දී හා අනාගතයේ දී, දිගට ම ශ්‍රේෂ්ඨ වූ හා පුදුමාකාර දේවල් කරනවා ඇත.
[පාදසටහන්වල]
a ඇන්ඩෲ ඒ. බෝනාර් මෙසේ පැවසූ බවට 1874 පළ වූ එක් බයිබල් විවරණයක් සඳහන් කරයි: “දෙවියන් වහන්සේගේ ආවේණික ලක්ෂණය, එනම් උන් වහන්සේගේ තේජවත් නාමය, අන්තිම [85 වැනි] ගීතිකාවේ අවසානයේ දී බොහෝ සෙයින්, ඉතා බොහෝ සෙයින් හෙළි කොට තිබුණි. යෙහෝවඃ වහන්සේගේ ගති ලක්ෂණ ගැන ඒ හා සමාන ව පිරී තිබෙන, අනෙක් ගීතිකාව ‘දාවිත්ගේ යාච්ඤාවකි’ යනුවෙන් ඊට පසු ව පැමිණෙන්නේ මෙනිසා විය යුතු ය. මෙම [86 වැනි] ගීතිකාවේ ප්‍රධාන කරුණ නම් යෙහෝවඃ වහන්සේගේ නාමයයි.”
b වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්යූ යෝර් ඉන්ක්., මගින් පළ කරන ලද 1984 ජූනි 22, එවේක්! කලාපයේ 28 වැනි පිටුව බලන්න.
c වැඩි විස්තර සඳහා, 1993 ජනවාරි 1, මුරටැඹ කලාපයේ පළ වීමට නියමිත “ලොව පුරා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ 1992 සේවා වර්ෂයේ වාර්තාව” සහිත ලයිස්තුව බලන්න.
පැමිණෙන “නව පොළොවේ” දී යෙහෝවඃ වහන්සේගේ පුදුමාකාර ක්‍රියාවන් උන් වහන්සේගේ මහිමයට හා යහපත්කමට සාක්ෂි දැරීම දිගට ම කරනවා ඇත
ඔබට මතක ද?
◻ අසූ හය වෙනි ගීතිකාව අප අපගේ ම එකක් කර ගත යුත්තේ ඇයි?
◻ අපට යෙහෝවඃ වහන්සේ සමඟ සමීප මිත්‍රත්වයක් සොයා ගත හැක්කේ කෙසේ ද?
◻ යෙහෝවඃ වහන්සේ ස්වකීය යහපත්කම අප කෙරෙහි ප්‍රකාශ කරන්නේ කෙසේ ද?
◻ යෙහෝවඃ වහන්සේගේ අසමසම ක්‍රියා සමහරක් මොනවා ද?
◻ ශ්‍රේෂ්ඨත්වය සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේ ‘පමණක් දෙවියන් වහන්සේ’ වන්නේ කෙසේ ද?