ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 2/1 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔබ මෙම දිනය සිහි කළ යුතුයි”
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාස්කුව කියන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • දෙවිව ගෞරවයට පත් කරන සැමරීමක් - ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 2/1 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ක්‍රිස්තියානියෙක් රෝගාතුර ව සිටීම හෝ ගමනක යෙදී සිටීම නිසා සිහි කිරීමේ උත්සවයට සහභාගි විය නොහැකි ව සිටී නම්, ඔහු එය මාසයකට පසු ව පැවැත්විය යුතු ද?

පුරාතන ඊශ්‍රායෙලයේ පාස්කුව වාර්ෂික ව, නීසාන් (නැතහොත් ආබීබ්) නම් පළමුවන මාසයේ, 14වන දින පවත්වනු ලැබී ය. එහෙත් ගණන් කථාව 9:10, 11 හි විශේෂ සැපයුමක් සඳහන් ව ඇති බව අපට දැකිය හැක: “ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියාපන්න—නුඹලාගෙන්වත් නුඹලාගේ පරම්පරාවලින්වත් කිසිවෙකු මළකඳකින් අපවිත්‍රව සිටින නුමුත් දුර ගමනක යෙදී සිටින නුමුත් ඔහු ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW ] පාස්කුව පවත්වාවා. දෙවෙනි මස [ඊයාර් හෝ සිව්] දහසතරවෙනි දින සවස [සවස් දෙක අතර NW ] ඔව්හු ඒක පවත්වා මුහුන් නැති රොටි සහ තික්ත පලා සමග එය කත්වා.”

මෙමගින්, තමන්ගේ පහසුව මත පදනම් ව තෝරා ගැන්මක් කළ හැකි පරිදි, යම් ඊශ්‍රායෙල් ජාතිකයෙක් හෝ පවුලක් සම්බන්ධයෙන්, පාස්කුව පැවැත්වීමට විකල්ප දිනයන් දෙකක් (නීසාන් 14 හෝ සිව් 14) පනවනු නොලැබූ බව සැලකිල්ලට ගන්න. දෙවන මාසයේ පැවැත්විය හැකි පාස්කු භෝජනයක් සඳහා වූ සැපයුම සීමිත විය. නීසාන් 14වන දින උත්සවාකාර ව අපිරිසිදු ව සිටි නැතහොත් සාමාන්‍ය උත්සවය පවත්වනු ලැබූ ස්ථානයේ සිට සෑහෙන දුරකින් සිටි ඊශ්‍රායෙල් ජාතිකයෙකු සඳහා මෙය විශේෂයෙන් සැකසූ විධිවිධානයක් ය.

මෙය පුළුල් ව උපයෝගි කර ගනු ලැබුවේ යයි වාර්තා ගත එක ම අවස්ථාව, ඇදහිලිවන්ත හෙසකියා රජ මුහුන් නුමුසු රොටි මංගල්‍යය පැවැත්වීම නැවත ප්‍රාණවත් කළ අවස්ථාව ය. එවිට පළමුවන මාසයේ එය පැවැත්වීම සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් (පූජකයන් සූදානම් ව සිටියේවත්, ජනයා එක්රැස් කර තිබුණේවත් නැත) නොවූ බැවින්, එය දෙවන මාසයේ 14වන දින පවත්වනු ලැබී ය.—2 ලේකම් 29:17; 30:1-5.

එවන් අති විශේෂ තත්ත්වයන්හි දී හැරුණු කොට, යුදෙව්වෝ දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද දිනයේ පාස්කුව පැවැත් වූහ. (නික්මයාම 12:17-20, 41, 42; ලෙවී කථාව 23:5) යේසුස් වහන්සේ හා උන් වහන්සේගේ ගෝලයන් මෙම දිනය අනියම් ලෙස නොසලකමින්, ව්‍යවස්ථාවෙන් ඉල්ලා සිටි ලෙස එය පැවැත්වීමට කටයුතු කළහ. ලූක් මෙසේ වාර්තා කරයි: “පාස්කුව පූජාකළ යුතුවූ මුහුන් නොදැමූ රොටි කන දවස පැමුණුණේය. එවිට [යේසුස් වහන්සේ] පේතෘස්ද යොහන්ද යවමින්: නුඹලා ගොස් අප විසින් පාස්කුව කන පිණිස පිළියෙළකරපල්ලායයි කීසේක.”—ලූක් 22:7, 8.

ක්‍රිස්තියානින් ස්වාමීන් වහන්සේගේ සන්ධ්‍යා භෝජනය යයි හඳුන්වන වාර්ෂික උත්සවය, ඒ අවස්ථාවේ දී යේසුස් වහන්සේ පිහිටෙ වූ සේක. ඊට ක්‍රිස්තියානින් පැමිණීමේ වටිනාකම කියා නිමකළ නොහැකි ය. මෙය යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සඳහා වසරේ වැදගත්කමින් වැඩි ම උත්සවයයි. යේසුස් වහන්සේගේ වදන් මෙයට හේතුව දක්වයි; “මා සිහිකිරීම පිණිස මේක කරපල්ලා” යයි උන් වහන්සේ පැවසූ සේක. (ලූක් 22:19) මෙසේ, යෙහෝවඃ වහන්සේගේ සෑම සාක්ෂිකරුවෙක් ම එම උත්සව දිනය වෙනත් කටයුතුවලින් නිදහස් ව තබා ගැනීමට මාස ගණනාවකට පෙර සිට ම සැලසුම් කළ යුතු ය. ස්වාමීන් වහන්සේගේ සන්ධ්‍යා භෝජනය 1993 අප්‍රියෙල් 6වන අඟහරුවාදා, එය පවත්වන ස්ථානයට අනුව ඉරු බැස යාමෙන් පසු පවත්වනු ලබනවා ඇත.

ඉතා කලාතුරකින්, අසනීප හෝ ගමනාගමන අවහිරතා ආදිය වැනි අනපේක්ෂිත තත්ත්වයන්, ඔහු හෝ ඇය සැලසුම් කළ ලෙසට ක්‍රිස්තියානියෙකු ව ඊට පැමිණීම වැළැක්විය හැකි ය. එවන් තත්ත්වයක් යටතේ කුමක් කළ යුතු ද?

උත්සවය පැවැත්වෙන විට මුහුන් නුමුසු රොටි හා රතු මුද්‍රික පානය අතින් අත යවනු ලබන අතර දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබ ස්වර්ගීය ජීවිතයක් සඳහා තෝරා ගනු ලැබූ අය එම සංකේත අනුභව කරති. (මතෙව් 26:26-29; ලූක් 22:28-30) සෑම වසරක් පාසා ම ඊට පංගුකාරයෙක් වූ යමෙක් මේ වසරේ නිවසේ හෝ රෝහලක ගිලන් ව සිටී නම්, එම රොටිවලින් කොටසක් හා මුද්‍රික පානය රෝගී තැනැත්තා වෙත ගෙන ගොස්, විෂයට අදාළ වූ උචිත බයිබල් වගන්ති සාකච්ඡා කිරීමටත් එම සංකේත එම රෝගී තැනැත්තාට දීමටත්, එම ප්‍රදේශයේ සභාවට අයත් වැඩිමහල්ලන්, තමන්ගෙන් කෙනෙකු ව සූදානම් කරනු ඇත. එම ආලේප ලත් තැනැත්තා තමාගේ මව් සභාවෙන් ඉවත් ව සිටී නම්, එම දිනයේ ඔහු සිටින ප්‍රදේශයේ සභාවක් වෙත යාමට ඔහු විධිවිධාන යෙදවිය යුතු ය.

එනිසා, ගණන් කථාව 9:10, 11 හි ආඥාවට හා 2 ලේකම් 30:1-3, 15 හි ආදර්ශයට එකඟ ව ආලේප ලත් ක්‍රිස්තියානියෙකුට ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය දින 30කට (එක් චන්ද්‍ර මාසයකට) පසු ව පැවැත්වීමට සිදු විය යුත්තේ ඉතා අසාමාන්‍ය තත්ත්වයන් යටතේ පමණක් විය යුතු ය.

පාරාදීස පොළොවක් මත සදාකාල ජීවිතයේ බලාපොරොත්තුව ඇති ව සිටින, යේසුස් වහන්සේගේ ‘වෙනත් බැටළුවන්ගේ’ පන්තියට අයත් වන්නෝ, රොටි හා මුද්‍රික පානයේ පංගුකාරයන් වීමේ ආඥාවට යටත් නොවෙති. (යොහන් 10:16) ඔවුහු එම වාර්ෂික උත්සවයට පැමිණීම වැදගත් වුවත්, එම සංකේතවල පංගුකාරයන් නොවන්නාහ. එනිසා ඔවුන්ගෙන් යමෙක් රෝගාතුර ව හෝ ගමනක යෙදී සිටීම නිසා එම සන්ධ්‍යාවේ යම් සභාවක් සමඟ නොසිටී නම්, ඔහු හෝ ඇය උචිත ශුද්ධ ලියවිලි කොටස් (යේසුස් වහන්සේ විසින් එම උත්සවය පිහිටු වීම පිළිබඳ වාර්තාව ද ඇතුළු ව) පුද්ගලික ව කියවා, ලෝක ව්‍යාප්ත ව ඒ වෙනුවෙන් සිදුවන සැමරීමට ආශීර්වාද කරන ලෙස යෙහෝවඃ වහන්සේට යාච්ඤා කළ හැකි ය. එහෙත් මේ අවස්ථාවේ දී මාසයකට පසු ව රැස්වීමක් හෝ විශේෂ බයිබල් සාකච්ඡාවක් පැවැත්වීමට යම් අමතර සැලැස්මක් යෙදීමට අවශ්‍යතාවයක් ඇති නොවේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න