යෙහෝවඃ වහන්සේට සේවය කරන්නේ මන්ද?
“යෙහෝවඃ වහන්සේගේ දවස අත ළඟයි! ‘මහත් පීඩාව’ කිට්ටුයි, ඇරත් ඔබ දෙවියන් වහන්සේට සේවය නොකළොත් ඔබ එයින් ගැලවෙන්නට යන්නේ නැහැ.” යමෙක් ඔබට එසේ කීවොත්, ඔබ ප්‍රතික්‍රියා කරන්නට යන්නේ කෙසේ ද?—ශෙපනියා 2:2, 3; මතෙව් 24:21.
අප යෙහෝවඃ වහන්සේගේ දවස මනසේ තබා ගෙන සිටිය යුතු බව සැබෑවක් සේ ම, ඉතා ආසන්නයේ සිදු වන්නට යන මහත් පීඩාවෙන් නොනැසී ජීවත්වීම රැඳී තිබෙන්නේ ද දෙවියන් වහන්සේට වූ ඇදහිලිවන්ත සේවය මත ය. එහෙත් අප යෙහෝවඃ දෙවියන් වහන්සේට පරිශුද්ධ සේවය පිරිනමන්නට මූලික හේතූන් විය යුත්තේ මෙම කාරණා ද? ඔබ යෙහෝවඃ වහන්සේට සේවය කරන්නේ මන්ද?
නිසියාකාර චේතනාවක් සඳහා ඇති අවශ්‍යතාව
පුද්ගලයෙක් නිසියාකාර චේතනාවකින් යුක්ත ව දෙවියන් වහන්සේට සේවය නොකළොත්, යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ ඔහුගේ අපේක්ෂාවන් ඉෂ්ට නොවූ විට, ඔහු ඉන් ඉවත් ව යන්නට පුළුවන. උදාහරණයක් හැටියට, සමහරෙක් 1843 හෝ 1844 යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යළි පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ ද, ඒ දවස් ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට නොවී ම ගෙවී ගියේ ය. වොච් ටවර් සමිතියේ පළමු සභාපති වූ චාල්ස් ටේස් රසල් පසුකලක දී අඳුන ගත්තාවූ ද බයිබල් එග්සැමිනර් නම් ප්රකාශනයේ ප්‍රකාශක ද වූ ජෝර්ජ් ස්ටෝර්ස් විසින් ලියනු ලැබූ මේ දේ සිත් ගන්නා සුලු ය. වර්ෂ 1846 සැප්තැම්බර් මාසයේ, බයිබල් එග්සැමිනර් ප්රකාශනයේ ස්ටෝර්ස් මෙසේ ලීවේ ය:
“දවස බොහෝ සේ ගෙවී ගොස් ඇති බවට වූ හුදු සත්‍යයට වඩා දෙවියන් වහන්සේට සේවය කිරීමට ඇති වගකීම උසස් තත්ත්වයක පවතී. . . . අවුරුදු ගෙවී යන ලෙසින්, දෙවන පැමිණීම සිදු නොවී 1846 හා 1847 ගෙවී ගියොත්, ඉන් ඇති විය හැකි විපාකය, සියලු කල්පනාවන් ඉක්මවා විපත්තිදායක වනු ඇත. අත්දැකීම් මෙය සනාථ කරයි—මා අදහස් කරන්නේ 1843 හා 1844 අත්දැකීම් ය. ස්වාමීන් වහන්සේගේ පැමිණීම සඳහා එය කාලය බවට වූ එම නිවේදනයෙන්, තමන් නිරායාසයෙන් ම කළ යුතු වූ ආකාරයට, පෙනෙන හැටියට ‘දෙවියන් වහන්සේට සේවය කිරීමට නැගී සිටියා වූ’ මහත් සමූහය දැන් කොහේ ද? දෝංකාරය මෙසේ හඬ නඟයි—කොහේ ද!!! තමන්ගේ ක්‍රිස්තියානි ජීවන රටාවට ගෞරවය අත් වන ලෙසින්, වැඩිදුරටත් ඇදහිල්ලේ සිටිනු දැකිය හැක්කේ, ඔවුන් දස දෙනෙකුගෙන් එක්කෙනෙක් පමණ ය. එසේ නොවන්නේ මන්ද? ඔවුන් පෙළඹීම ලැබුවේ වැරදි චේතනා මගිනි. සිත් ඇදගත් හා පැවති මූලික දෙය වූයේ ඔවුන්ගේ ආත්මාර්ථකාමිත්වය ය. ඔවුහු මරණ ඇඳේ දී, මුහුදේ කුණාටුවක දී මරණාසන්න ව සිටින විට තමා ගැන කල්පනා කරන පව්කාරයා හා සමාන වෙති. ඔහු මිය යා යුතු නම්, ඔහු ක්‍රිස්තියානියෙක් බවට පත් වනු ඇත. තමා අන්තරාවන්ගෙන් තොර ව සිටින්නේ යයි ඔහු දැන ගතහොත් වෙනදා මෙන් ඔහු නොසැලකිලිමත් ව සිටිනු ඇත.”
හරි චේතනා සහිත ව සේවය කිරීම
ආත්මාර්ථකාමිත්වය හා විනාශය පිළිබඳ බිය යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත යාන්ත්‍රික ව කිරීමට සමහරෙක් ව නැඹුරු කරන්නට පුළුවන. වෙනත් අය පාරාදීසයේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවෙන් කොතරම් වසඟ විය හැක්කේදයත් ඔවුහු එම හේතුව උදෙසා පමණක් දෙවියන් වහන්සේට සේවය කරනු ඇත. එහෙත් මූලික ව එවන් චේතනාවලින් පෙළඹීම් ලබන්නෝ, යෙහෝවඃ වහන්සේගේ දවස හා මහත් පීඩාව එතරම් ආසන්න නොවේ යයි කල්පනා කළෝ නම්, ඔවුන් ජ්වලිත ව දෙවියන් වහන්සේට සේවය කරන්නට එතරම් නැඹුරු නොවනු ඇත.
ඇත්ත වශයෙන් ම, දෙවියන් වහන්සේගේ පොරොන්දු හා කලින් පවසන ආශීර්වාදයන් තුළ ප්‍රීති වීම ආත්මාර්ථකාමී නොවන්නේ ය. උන් වහන්සේට වුවමනා වන්නේ සිය පුත්‍රයාණන් වන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් හැටියට, අප ඉදිරියේ තබා ඇති බලාපොරොත්තු පිළිබඳ ව අප සන්තෝෂ වීම ය. “බලාපොරොත්තුවෙහි ප්රීතිවෙයල්ලා” යයි පැවසූ ප්‍රේරිත පාවුල්, වැඩිදුරටත් “දුකේදී ඉවසිලිවන්තව [විඳදරා ගෙන NW] සිටපල්ලා; යාච්ඤාවෙහි නොකඩව පැවතියල්ලා” යයි ද පැවසී ය. (රෝම 12:12) යාච්ඤාව සමඟින් “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි ප්‍රීතිවීම” පීඩා විඳදරා ගැනීමටත් එසේ ම දෙවියන් වහන්සේගේ පොරොන්දුවල ඉෂ්ට වීම ඉවසීමෙන් බලා සිටින්නටත් අපට උපකාර කරයි. (නෙහෙමියා 8:10) මේ අතර යෙහෝවඃ වහන්සේට සේවය කිරීමට අපට හේතු බොහොමයක් ඇත. මේවායින් කීපයක් මොනවා ද?
යුතුකම හා වරප්‍රසාදය
සර්වලෝක පරමාධිපත්යාණන් හැටියට, යෙහෝවඃ වහන්සේ තනි භක්තිය ලැබීමට යෝග්‍ය හා එසේ කරන ලෙස නියම කළ හැකි තත්ත්වයක සිටින සේක. (නික්මයාම 20:4, 5) එනිසා මහත් පීඩාව හෙට, ලබන වසරේ, හෝ ඊටත් පසු ව පටන් ගත්තත්, සෑම ක්‍රිස්තියානියෙකුට ම දෙවියන් වහන්සේ කෙරෙහි එම බැඳියාව ම ඇත්තේ ය. තමාගේ මුළු හෘදයෙන් ද, ආත්මයෙන් ද, බුද්ධියෙන් ද, ශක්තියෙන් ද දෙවියන් වහන්සේට ප්‍රේම කරන නිසා, පරාර්ථකාමී ලෙස යෙහෝවඃ වහන්සේට සේවය කිරීමට ඔහු බැඳී සිටියි. (මාර්ක් 12:30) ඇතැම් මුල් ක්‍රිස්තියානින් යෙහෝවඃ වහන්සේගේ දවස ළඟා වී ඇතැයි සිතුව ද, ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු නොවූ අතර ඔවුහු එම සිද්ධිය නොදැක ම මිය ගියහ. (1 තෙසලෝනික 5:1-5; 2 තෙසලෝනික 2:1-5) කෙසේ නමුත්, ඔවුහු මරණය දක්වා ඇදහිලිවන්ත ව සිටියෝ නම්, ක්‍රිස්තුස් වහන්සේගේ එම ආලේප ලත් අනුගාමිකයන් අවසානයේ ස්වර්ගීය ජීවිතයකට නැවත නැගිටුවනු ලැබීමේ විපාකය ලබනු ඇත.—එළිදරව් 2:10.
යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත කිරීමට වූ බැඳියාව ඔවුන් සිය කැමැත්තෙන් ම භාර ගන්නා නිසා, උන් වහන්සේගේ බව්තීස්ම ලත් සාක්ෂිකරුවන් උන් වහන්සේට ඇදහිලිවන්තකමින් සේවය කළ යුතු ය. මොහොතකට කල්පනා කර බලන්න! ශුද්ධ දේව දූතයන් මෙන්, අපටත් සර්වලෝක පරමාධිපත්යාණන්ගේ කැමැත්ත කරන්නට පුළුවන. (ගීතාවලිය 103:20, 21) යේසුස් වහන්සේ එවන් වරප්‍රසාදයක් කොතරම් උසස් කොට සැලකුවේදයත් උන් වහන්සේ “මාගේ කෑම නම් මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීම” යයි වදාළ සේක. (යොහන් 4:34) අපටත් එම ස්ප්‍රීතුව තිබේ නම්, අප යෙහෝවඃ වහන්සේගේ ප්රශංසාවන් ජ්වලිතයෙන් ප්‍රකාශ කරනු ඇති අතර, ශුද්ධ ලියවිල්ලේ එළිදරව් කර ඇති ලෙසින්, උන් වහන්සේගේ අරමුණු ගැන අන්‍යයන්ට පවසනු ඇත. මෙයාකාරයෙන් අපට ආත්මික වශයෙන් අන්‍යයන්ට උපකාර කිරීමේ වරප්‍රසාදය ද ලැබී ඇත. ඇරත් යෙහෝවඃ වහන්සේගේ දවස කවදා පටන් ගත්තත්, දෙවියන් වහන්සේට ඇති ප්‍රේමය නිසා උන් වහන්සේගේ කැමැත්ත කිරීම, නිසැක ව ම විස්මය ජනක වරප්‍රසාදයක් වන්නේ ය.
කෘතඥ පූර්වක භාවය පෙලඹීම ලබා දෙයි
ස්වකීය පුත්‍රයාණන් ව මිදීමේ මිලයක් ලෙස ලබා දීමේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය සඳහා කෘතඥ පූර්වක වීම යෙහෝවඃ වහන්සේට සේවය කිරීමට ද අප ව පෙලඹ විය යුතු ය. පාපය නිසා වරක් අපි යෙහෝවඃ දෙවියන් වහන්සේගෙන් ඈත් වී සිටියෙමු. කෙසේ වෙතත්, යේසුස් වහන්සේ මෙසේ වදාළ සේක: “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් [මනුෂ්‍ය වර්ගයාගෙන් යුත්] ලෝකයට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්න සැමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) පාවුල් ලියූ ලෙසින්, මේ සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේ මුල් පියවර ගත් සේක: “දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ මරණය විඳීමෙන්ය.” (රෝම 5:8) දෙවියන් වහන්සේගේ ප්‍රේමය මෙයාකාරයෙන් විදහා පෙන්වීම සඳහා කෘතඥ පූර්වක වීම, පූර්ණ හෘදයෙන් උන් වහන්සේට සේවය කිරීමට අප ව පෙලඹ විය යුතු ය.
යෙහෝවඃ වහන්සේගේ ආත්මික හා ද්‍රව්‍යමය සැපයුම් අගැයීම උන් වහන්සේට ඇදහිලිවන්ත ව සේවය කිරීමට අපට වැඩිමනත් හේතු ලබා දෙයි. දේව වචනය නොවරදින මඟ පෙන්වීමක්—අපගේ මාවතට එළියක් වේ. “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් සපයනු ලබන ප්‍රකාශන දිව්‍ය කැමැත්තට එකඟ වන පරිදි අපගේ ජීවිත හසුරුවා ගැනීමට අපට උපකාර කරයි. (මතෙව් 24:45-47; ගීතාවලිය 119:105) තව ද අප පළමු කොට රාජ්‍යය සොයන බැවින්, යෙහෝවඃ වහන්සේ අපට ද්‍රව්‍යමය වශයෙන් ද සැපයුම් කරන සේක. (මතෙව් 6:25-34) මේ දේවල්වලට ඔබ ඔබගේ අගය කිරීම පෙන්වන්නෙහි ද?
දෙවියන් වහන්සේ විසින් දානය කරන ලද බොරු ආගම්වලින් නිදහස්වීම සඳහා කෘතඥ පූර්වක වීම යෙහෝවඃ වහන්සේට ඇදහිලිවන්ත ව සේවය කිරීමට තවත් හේතුවක් ලබා දෙයි. මහා බබිලෝනිය නම් ආගමික වේශ්‍යාව “මනුෂ්‍ය වර්ගයෝද සමූහයෝද ජාතීහුද භාෂාවෝද” අදහස් කෙරෙන, ‘බොහෝ ජල පිට හිඳින්නී ය.’ (එළිදරව් 17:1, 15) එහෙත් ඇය ආගමික වශයෙන් යෙහෝවඃ වහන්සේගේ සේවකයන් කෙරෙහි බලපෑම් හෝ පාලනයක් කරමින්, ඔවුන් පිට හිඳගෙන සිටින්නේ නැත. උදාහරණයක් වශයෙන්, ඔවුහු මනුෂ්‍ය ආත්මය අමරණීය බවට වූ බොරු ආගමික ඉගැන්වීම ප්‍රතික්ෂේප කරති. මනුෂ්‍යයා “ජීවමාන ප්‍රාණයක්” ලෙස මවනු ලැබූ බවත්, මළාහු ‘කිසිවක් නොදන්නා’ බවත්, මළවුන්ගේ නැවත නැගිටීමක් තිබෙන්නට යන බවත් ඔවුහු දනිති. (උත්පත්ති 2:7; දේශනාකාරයා 9:5, 10; ක්‍රියා 24:15) එනිසා ඔවුන් මළවුන්ට බය වන්නේවත් ඔවුන්ට නමස්කාර කරන්නේවත් නැත. එවන් ආත්මික නිදහසක් උදෙසා කෘතඥ පූර්වක වීම ඇදහිල්ල අත්හැර යාමට විරුද්ධ වී යෙහෝවඃ වහන්සේගේ නිර්මල නමස්කාරයට ඇලී සිටීමට ඔබ ව යොමු නොකරන්නෙහි ද?—යොහන් 8:32.
යෙහෝවඃ වහන්සේ දෛනික ව සපයන අනුබලය සඳහා අගැයීම පක්ෂපාතී ව සේවය කිරීමට වූ අපගේ අධිෂ්ඨානය වැඩි වර්ධනය කළ යුතු ය. “දවස්පතා අපේ බර උසුලන්නාවූ, . . . ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] ප්‍රශංසාවේවා” යයි ගීතිකාකාර දාවිත් ප්‍රකාශ කළේ ය. (ගීතාවලිය 68:19) තවත් තැනක ගීතිකාකරු මෙසේ පැවසී ය: “මාගේ පියාද මවුද මා අත්හැරියෝය, [අත්හැරියත් NW] . . . ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] මා පිළිගන්නාසේක.” (ගීතාවලිය 27:10) එසේ ය, යෙහෝවඃ වහන්සේට විශ්වාසනීය ව සේවය කරන්නා වූ කෙනෙකුට, කාන්සාවන් හා පීඩාවන් වැනි, තමාගේ සංකේතාත්මක පීඩාකාරී බර දෙවියන් වහන්සේ මත තබන්නට පුළුවන. යෙහෝවඃ වහන්සේට ඇදහිලිවන්ත ව සේවය කිරීමෙන් ඔබ උන් වහන්සේගේ අනුබලය සඳහා අගැයීම පෙන්වන්නෙහි ද?—ගීතාවලිය 145:14.
යෙහෝවඃ වහන්සේ හා ස්වකීය රජකම පසසන්න
යෙහෝවඃ වහන්සේ ව ගෞරවයට පත් කිරීමට ඇති ආශාව ද උන් වහන්සේට සේවය කිරීමට අප ව පෙලඹ විය යුතු ය. ස්වර්ගීය මැවිලි මෙම වදන්වලින් දෙවියන් වහන්සේ ව ගෞරවයට පත් කරන්නේ යයි කියැවේ: “අපගේ ස්වාමීන්වහන්ස [යෙහෝවඃ වහන්ස NW], අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක. ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේය.” (එළිදරව් 4:11) දාවිත් රජ මෙසේ පවසමින් දෙවියන් වහන්සේ ව පැසසී ය: “ස්වාමීන්වහන්ස [අහෝ යෙහෝවඃ වහන්ස NW], මහන්තත්ටයද පරාක්‍රමයද තේජසද ජයද මහිමයද අයත් ඔබටය. . . . රාජ්‍යයත්, ස්වාමීන්වහන්ස [යෙහෝවඃ වහන්ස NW], ඔබට අයිතිය, . . . වස්තුවද ගෞරවයද පැමිණෙන්නේ ඔබගෙන්ය, ඔබ සියල්ල කෙරෙහි ආණ්ඩුකරනසේක; . . . අපේ දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුතිකරමින් ඔබගේ තේජවත් නාමය වර්ණනාකරමුව.” (1 ලේකම් 29:10-13) යෙහෝවඃ වහන්සේගේ සේවකයන් හැටියට, උන් වහන්සේගේ පොරොන්දුවල ඉෂ්ට වීම බලා සිටින අතර වචනයෙන් හා ක්‍රියාවෙන් උන් වහන්සේ ව ගෞරවයට පත් කිරීමට යුතුකමක් ඇති බව අපට නොහැඟේ ද?—1 කොරින්ති 10:31.
දේව රාජ්‍යය ගැන කථා කිරීමට ඇති මහත් ආශාව යෙහෝවඃ වහන්සේට සේවය කිරීමට තවත් හේතුවක් ලබා දෙයි. එම ගුණදායක චේතනාව ගීතිකාකරුගේ මෙම වදන්වලින් මනාව ප්‍රකාශ කර ඇත: “ස්වාමීනි [අහෝ යෙහෝවඃ වහන්ස NW], ඔබගේ සියලු කර්මාන්තයෝ ඔබට ස්තුතිකරන්නෝය; ඔබගේ ශුද්ධවන්තයෝද ඔබට ප්‍රශංසා කරන්නෝය. දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියාත් උන්වහන්සේගේ රාජ්‍යයේ තේජෝමහිමයත් මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වන පිණිස, ඔව්හු ඔබගේ රාජ්‍යයේ මහිමය වර්ණනාකරන්නෝය, ඔබගේ බලය ගැනද කථාකරන්නෝය. ඔබගේ රාජ්‍යය සදාකාලික රාජ්‍යයක්ය, ඔබගේ අධිපතිකමද සියලු පරම්පරාවලම පවත්නේය.” (ගීතාවලිය 145:10-13) රාජ්‍යය පණිවුඩය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ක්‍රිස්තියානින් ලබා ඇති බලපැවරුම වන අතර අද දවසේ සිදු වෙමින් පවත්නා ඉතා ම වැදගත් කාර්යය ව ද පවතී. (මතෙව් 24:14; 28:19, 20) යෙහෝවඃ වහන්සේ ව ප්‍රශංසා කිරීමටත් උන් වහන්සේගේ රාජ්‍යය ගැන අන්‍යයන්ට පැවසීමටත් දැඩි ආශාවක් ඔබ තුළ තිබෙන්නෙහි ද?
යෙහෝවඃ වහන්සේගේ නාමය විශුද්ධ වීමත් උන් වහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් කිරීමත්, අප උන් වහන්සේට ඇදහිලිවන්ත ව සේවය කරන්නට පෙලඹෙන තරම් ම අපට වැදගත් විය යුතු ය. යෙහෝවඃ වහන්සේගේ නාමය විශුද්ධ වීමටත් උන් වහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් වීමටත් අපට යාච්ඤා කළ හැකි ය. (මතෙව් 6:9) නිති පතා ක්‍රිස්තියානි දේව සේවයේ නිරත වීමෙනුත් එවන් අතිවැදගත් කාරණා සම්බන්ධයෙන් සත්‍යය පතුරුවා හැරීමෙනුත් අපට අපගේ යාච්ඤාවන්ට එකඟ ව ක්‍රියා කරන්නට පුළුවන.—එසකියෙල් 36:23; 39:7.
ප්‍රීතිය හා තෘප්තිය
යෙහෝවඃ වහන්සේට ඇදහිලිවන්ත ව සේවය කිරීමෙන්, අපට උන් වහන්සේගේ හෘදය සතුටු කිරීමේ හා යක්ෂයා බොරුකාරයෙක් බව ඔප්පු කිරීමේ තෘප්තිය ඇත්තේ ය. ජනයා ආත්මාර්ථකාමී හේතුන් උදෙසා දෙවියන් වහන්සේට සේවය කරන බව සාතන් බොරු ලෙස ප්‍රකාශ කළත්, ප්‍රේමයෙන් යෙහෝවඃ වහන්සේට පිරිනමන අපගේ පක්ෂපාතී සේවය එම අපහාස කරන්නාගේ තර්කය වැරදි බව සනාථ කරයි. (යෝබ් 1:8-12) හිතෝපදේශ 27:11 හි පවසා ඇති දෙය දිගට ම කරමින් සිටීමට මෙය අපට හොඳ හේතුවක් වන්නේ ය: “මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත [හෘදය NW] ප්රීතිකරපන්න.” මීට අමතර ව, සාතන් අප ව බාධා කරන්නට කොතරම් වෑයම් කළත් අප යෙහෝවඃ වහන්සේට සේවය කරන විට, අපගේ විඳදරා ගැනීමේ ක්‍රියාමාර්ගය බොහෝ දුරට සෙසු ඇදහිලිවන්තයන් ව ශක්තිමත් කරන්නට පුළුවන.—පිලිප්පි 1:12-14.
ආත්මික අස්වනු නෙලීමෙහි හවුල්වීමේ ප්‍රීතිය හා තෘප්තිය ද යෙහෝවඃ වහන්සේට ඇදහිලිවන්ත ව සේවය කිරීමට අප ව පෙලඹ විය යුතු ය. විශේෂාකාරයෙන් ආත්මික ක්‍රමවලින් ජනයාට උපකාර කිරීමෙන් යේසුස් වහන්සේ සන්තෝෂය අත්කර ගත් සේක. මතෙව් 9:35-38 මෙසේ පවසයි: “යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද සියලු නුවරවලද ගම්වලද ඇවිද්දසේක. උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක. එවිට උන්වහන්සේ තමන් ගෝලයන්ට කථාකොට: ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය. එබැවින් තමන් ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤාකරපල්ලා” යයි වදාළ සේක. අස්වනු නෙලීමේ වැඩය අප බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් පවතිනු ඇත්නම්, මෙය අන්‍යයන්ට ආත්මික වශයෙන් උපකාර කිරීමෙහි ප්‍රීතිය හා තෘප්තිය ලැබීමට වැඩි ප්‍රස්තාවක් ලබා දෙනු ඇත. මෙය අපෙන් අපේක්ෂා කරනු ලබන අසල්වැසි ප්‍රේමය පෙන්වීමේ ක්‍රමයක් ද වනු ඇත.—මතෙව් 22:39.
ඔබ දෙවියන් වහන්සේට සේවය කරන්නේ මන්ද?
අප සලකා බැලුවේ යෙහෝවඃ වහන්සේට ඇදහිලිවන්ත ව සේවය කිරීමට අප ව පොලඹ වන හේතුන්ගෙන් සමහරක් පමණකි. අප සෑම කෙනෙක් ම දෙවියන් වහන්සේට ගණන් දිය යුතු බැවින්, උන් වහන්සේට සේවය කිරීම සඳහා වූ අපගේ පුද්ගලික හේතුන් යාච්ඤා පූර්වක ව කල්පනා කර බැලීම යෙහෙකි. (රෝම 14:12; හෙබ්‍රෙව් 4:13) තව ද හුදු ආත්මාර්ථකාමී චේතනා ඇති ව එහි නියැලෙන්නෝ දිව්‍ය අනුග්‍රහය භුක්ති නොවිඳිනු ඇත්තාහ.
අප මූලික ව යෙහෝවඃ වහන්සේගේ නාමය විශුද්ධ වීම ගැන සැලකිලිමත් වෙමින්, ආත්මාර්ථකාමී නොවූ චේතනා ඇති ව දෙවියන් වහන්සේට පරිශුද්ධ සේවය පිරිනමනවා නම්, කුමක් අපේක්ෂා කළ හැකි ද? ඇයි, යෙහෝවඃ වහන්සේ අපටත් අපගේ සේවයටත් ආශීර්වාද කරනු ඇත! (හිතෝපදේශ 10:22) අප යෙහෝවඃ වහන්සේට ඇදහිලිවන්ත ව සේවය කර ඇති නිසා, අප සදාකාලික ජීවිතයත් ලබනු ඇත.
[9වන පිටුවේ පින්තූරය]
ජපානයේ දහස් සංඛ්‍යාවක් යෙහෝවඃ වහන්සේට සේවය කරති
[10වන පිටුවේ පින්තූරය]
කොටේ ඩෙ’ව්වාහ් හි යෙහෝවඃ වහන්සේට සේවය කිරීම
[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ජෝර්ජ් ස්ටෝර්ස්ගේ දේශන හයක් (1855)