ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 අප්‍රියෙල් 2-7 පි.
  • ‘ඔයාලා නමස්කාර කරන්නේ කාටද කියලා තීරණේ කරන්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ඔයාලා නමස්කාර කරන්නේ කාටද කියලා තීරණේ කරන්න’
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඇයි යේසුස් යෙහෝවාට නමස්කාර කළේ?
  • යෙහෝවා අපේ නමස්කාරය ලබන්න වටින්නේ ඇයි?
  • ඇයි අපි ඔහුට නමස්කාර කරන්නේ?
  • දිගටම යෙහෝවාට සේවේ කරන්න
  • නොදන්න දේවල් තියෙනවා කියලා පිළිගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා “ජීවමානයි” කියලා මතක තියාගන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවාගේ නම ඔයාට කොච්චර වටිනවාද?
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 අප්‍රියෙල් 2-7 පි.

පාඩම් ලිපිය 14

ගීතිකාව 8 යෙහෝවා දෙවි ආරක්ෂාව දෙයි

‘ඔයාලා නමස්කාර කරන්නේ කාටද කියලා තීරණේ කරන්න’

“මමයි, මගේ පවුලේ අයයි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි.”—යොෂු. 24:15.

ලිපියේ අරමුණ

යෙහෝවාට නමස්කාර කරන්න තීරණේ කරපු හේතු අපිටම මතක් කරගන්න මේ ලිපිය උදව් කරනවා.

1. නියම සතුට ලබාගන්න අපි කරන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි? (යෙසායා 48:17, 18)

ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා අපිට ගොඩක් ආදරෙයි. ඔහුට ඕනෙ අපි දැනුත් අනාගතේදීත් සතුටින් ඉන්නවා දකින්න. (දේශ. 3:12, 13) ඔහු අපිව නිර්මාණය කරද්දී අපිට ගොඩක් හැකියාවන් දුන්නා. ඒත් මිනිස්සුන්ව පාලනය කරන්නවත් හරි වැරැද්ද තීරණේ කරන්නවත් හැකියාව ඔහු දුන්නේ නැහැ. (දේශ. 8:9; යෙරෙ. 10:23) ඔහු දන්නවා නියම සතුට ලබන්න නම් අපි ඔහුට නමස්කාර කරන්න, ඔහුට කීකරු වෙන්න ඕනෙ කියලා.—යෙසායා 48:17, 18 කියවන්න.

2. සාතන්ට ඕනෙ අපි මොනවා විශ්වාස කරනවා දකින්නද? ඒකට යෙහෝවා කළේ මොනවාද?

2 ‘යෙහෝවා නැතුව මිනිස්සුන්ට මිනිස්සුන්වම පාලනය කරලා සාර්ථක වෙන්න පුළුවන්.’ අන්න ඒ දේ අපි විශ්වාස කරනවා දකින්නයි සාතන්ට ඕනේ. (උත්. 3:4, 5) සාතන් කියපු දේ බොරුවක් කියලා ඔප්පු කරන්න යෙහෝවා ටික කාලෙකට මිනිස්සුන්ට එයාලවම පාලනය කරන්න ඉඩහැරියා. ඒක කොච්චර අසාර්ථකද කියලා අද අපිට හොඳටම පේනවා. හැබැයි දෙවියන්ට නමස්කාර කරන්න තෝරගත්ත නිසා සාර්ථක වුණ අයගේ ආදර්ශ බයිබලේ ඕන තරම් තියෙනවා. ඒ අයගෙන් කැපීපේනම චරිතය තමයි යේසුස් ක්‍රිස්තුස්. අපි බලමු ඇයි යේසුස් යෙහෝවාට නමස්කාර කරන්න තෝරගත්තේ කියලා. ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා අපේ නමස්කාරය ලබන්න වටින්නේ ඇයි කියලත් අපි බලමු. අන්තිමේදී බලමු ඇයි අපි යෙහෝවාට නමස්කාර කරන්න තීරණේ කළේ කියලා.

ඇයි යේසුස් යෙහෝවාට නමස්කාර කළේ?

3. සාතන් යේසුස්ට දෙන්න හැදුවේ මොකක්ද? යේසුස්ගේ තීරණේ මොකක්ද?

3 පොළොවේ ඉද්දී යේසුස්ටත් තීරණේ කරන්න වුණා ඔහු නමස්කාර කරන්නේ කාටද කියලා. ඔහු බව්තීස්ම වෙලා වැඩි දවසක් යන්න කලින් සාතන් ඔහුට කිව්වා එයාට එක සැරයක් නමස්කාර කළොත් පොළොවේ තියෙන හැම රාජ්‍යයක්ම දෙනවා කියලා. එතකොට යේසුස් මෙහෙම කිව්වා. “සාතන්, මගෙන් අහකට යන්න! මොකද ‘ඔයාලා නමස්කාර කරන්න ඕනෙ ඔයාලාගේ දෙවි යෙහෝවාටයි. පරිශුද්ධ සේවයක් කරන්න ඕනෙ ඔහුට විතරයි’ කියලා ලියලා තියෙනවා.” (මතෙ. 4:8-10) යේසුස් ඒ වගේ තීරණයක් ගත්තේ ඇයි?

4-5. යෙහෝවාට නමස්කාර කරන්න යේසුස් තීරණේ කරපු සමහර හේතු මොනවාද?

4 යෙහෝවාට නමස්කාර කරන්න යේසුස් පෙලඹුණ ප්‍රධානම හේතුව තමයි ඔහුගේ හිතේ යෙහෝවා ගැන තිබුණ ගැඹුරු ආදරේ සහ සෙනෙහස. (යොහ. 14:31) ඒ වගේම යේසුස් දැනන් හිටියා යෙහෝවාට නමස්කාර කරන එක තමයි හරි දේ කියලා. (යොහ. 8:28, 29; එළි. 4:11) යෙහෝවා ජීවිතේ උල්පත කියලත් ඔහු විශ්වාසවන්ත, ත්‍යාගශීලී කෙනෙක් කියලත් ඔහු දැනන් හිටියා. (ගීතා. 33:4; 36:9; යාකො. 1:17) යෙහෝවා යේසුස්ට කියපු හැම දේම සත්‍යය කියලත් යේසුස්ට තිබුණ හැම දේම ලැබුණේ යෙහෝවාගෙන් කියලත් ඔහු දැනන් හිටියා. (යොහ. 1:14) ඒත් සාතන් ඊට වඩා වෙනස්. සාතන් නිසයි හැමෝම මැරෙන්නේ. එයා බොරුකාරයෙක්. තමන් ගැන විතරක් හිතන, කෑදර කෙනෙක්. (යොහ. 8:44) යේසුස් සාතන් ගැන දැනන් හිටපු නිසා යෙහෝවාට විරුද්ධව කැරලිගහන්න කවදාවත් හිතුවේ නැහැ.—ෆිලි. 2:5-8.

5 දිගටම යෙහෝවාට ළැදිව හිටියොත් මොන වගේ හොඳ දේවල්ද වෙන්නේ කියලා යේසුස් හිතුවා. ඒක යේසුස් යෙහෝවාට නමස්කාර කරන්න තීරණේ කරපු තව හේතුවක්. (හෙබ්‍රෙ. 12:2) ඔහු දිගටම විශ්වාසවන්තව හිටියොත් යෙහෝවාගේ නම ගෞරවේට පත් කරන්නත් සාතන් ඇති කරපු හැම හානියක්ම නැති කරන්නත් පුළුවන් කියලා ඔහු දැනන් හිටියා.

යෙහෝවා අපේ නමස්කාරය ලබන්න වටින්නේ ඇයි?

6-7. හුඟක් අය යෙහෝවාට නමස්කාර කරන්නේ නැත්තේ ඇයි? අපි ඔහුට නමස්කාර කරන්න ඕනෙ ඇයි?

6 යෙහෝවාගේ ලස්සන ගුණාංග ගැන, ඔහු මිනිස්සු වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන අද ඉන්න හුඟක් අය දන්නේ නැති නිසයි එයාලා ඔහුට නමස්කාර කරන්නේ නැත්තේ. එයාලත් හරියට ඇතන්ස්වල හිටපු මිනිස්සු වගේ.—ක්‍රියා 17:19, 20, 30, 34.

7 පාවුල් ඇතන්ස්වල හිටපු අයට කිව්වා “හැම කෙනෙක්ටම ජීවිතයත් හුස්මත් අනිත් හැම දේමත් දෙන්නේ” සැබෑ දෙවියන් කියලා. ඒ වගේම “අපිට ජීවිතය ලැබිලා තියෙන්නෙත් අපි දිගටම ජීවත් වෙන්නෙත් හැම දේම අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නෙත් ඔහු නිසයි” කියලත් එයා කිව්වා. දෙවියන් අපේ නිර්මාතෘ. “ඔහු එක මිනිසෙක්ගෙන් හැම ජාතියක්ම බිහි කළා.” ඒ නිසා ඔහු තමයි අපේ නමස්කාරය ලබන්න වටින එකම කෙනා.—ක්‍රියා 17:25, 26, 28.

8. යෙහෝවා කවදාවත් කරන්නේ නැත්තේ මොකක්ද? පැහැදිලි කරන්න.

8 අපේ නිර්මාතෘ සහ හැම දේකම පාලකයා විදිහට ඕනෙ නම් යෙහෝවාට පුළුවන් ඔහුට නමස්කාර කරන්න කියලා අපිට බල කරන්න. ඒත් ඔහු කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු ඇත්තටම ඉන්නවා කියලත් ඔහු අපි එක් එක් කෙනාට ආදරෙයි කියලත් පෙන්නන්න සාක්ෂි දීලා තියෙනවා. ඔහුට ඕනෙ පුළුවන් තරම් දෙනෙක් සදහටම ඔහුගේ යාළුවෝ වෙනවා දකින්න. (1 තිමෝ. 2:3, 4) ඒකයි අනිත් අයට ඔහුගේ අරමුණු ගැනත් මිනිස්සු වෙනුවෙන් ඔහු කරන්න යන හොඳ දේවල් ගැනත් කියන්න ඔහු අපිව පුහුණු කරන්නේ. (මතෙ. 10:11-13; 28:19, 20) ඔහුට නමස්කාර කරන්න ඔහු සභාව පිහිටුවලා අපිව බලාගන්න ආදරණීය එඬේරුන්ව දීලා තියෙන්නෙත් ඒ නිසයි.—ක්‍රියා 20:28.

9. යෙහෝවා මිනිස්සු හැමෝටම ඔහුගේ ආදරේ පෙන්නලා තියෙන්නේ කොහොමද?

9 යෙහෝවා ඉන්නවා කියලා පිළිගන්න අකමැති අයට පවා ඔහු සලකන විදිහෙන් පේනවා ඔහු කොච්චර ආදරණීය කෙනෙක්ද කියලා. අවුරුදු දහස් ගාණක් පුරා බිලියන ගාණක් දෙනා හරි වැරැද්ද එයාලම තීරණේ කරන්න තෝරගෙන තියෙනවා. ඒ වුණත් ජීවිතේ ගෙනියන්න, ඒක සතුටින් ගෙවන්න ඕන කරන හැම දේම යෙහෝවා එයාලට දීලා තියෙනවා. (මතෙ. 5:44, 45; ක්‍රියා 14:16, 17) හොඳ යාළුවෝ ඇති කරගන්න, පවුලේ අය අතර බැඳීම් තියාගන්න, දරුවන්ව හදා වඩා ගන්න, වැඩ කරලා සතුටක් ලබන්න මිනිස්සුන්ට පුළුවන් වෙලා තියෙන්නේ යෙහෝවා නිසයි. (ගීතා. 127:3; දේශ. 2:24) ඇත්තටම ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා අපි හැමෝටම කොච්චර ආදරෙයිද! (නික්. 34:6) යෙහෝවාට නමස්කාර කරන්න අපි තීරණේ කරපු හේතු කීපයක් ගැනත් ඔහු අපිට ආශීර්වාද කරලා තියෙන විදිහ ගැනත් දැන් බලමු.

ඇයි අපි ඔහුට නමස්කාර කරන්නේ?

10. (අ) යෙහෝවාට නමස්කාර කරන්න අපි පෙලඹුණ ප්‍රධානම හේතුව මොකක්ද? (මතෙව් 22:37) (ආ) යෙහෝවාගේ ඉවසීමෙන් ඔයා ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද? (ගීතාවලිය 103:13, 14)

10 යේසුස් වගේ අපිත් යෙහෝවාට නමස්කාර කරන්න පෙලඹුණ ප්‍රධානම හේතුව තමයි ඔහුට අපේ හිතේ තියෙන ආදරේ සහ සෙනෙහස. (මතෙව් 22:37 කියවන්න.) යෙහෝවාගේ ගුණාංග ගැන හිතද්දී අපි නිකම්ම ඔහු ළඟට ඇදෙනවා. ඔහුගේ ඉවසීම ගැන හිතන්න. ඊශ්‍රායෙල්වරු දිගින් දිගටම ඔහුට අකීකරු වෙද්දී ඔහු ඉවසීමෙන් එයාලාගෙන් ඉල්ලුවා “ඔබ යන දුෂ්ට මාර්ග අතහැරලා එන්න” කියලා. (යෙරෙ. 18:11) අපි වැරදි කරද්දීත් යෙහෝවා ඉවසන්නේ අපි පාපය උරුම කරගත්ත, දූවිල්ලෙන් හදපු මිනිස්සු කියලා ඔහු දන්න නිසයි. (ගීතාවලිය 103:13, 14 කියවන්න.) යෙහෝවාගේ ඉවසීමයි, ඔහුගේ අනිත් ගුණාංගයි ගැන හිතද්දී ඔහුට සදහටම නමස්කාර කරන්න ඔයා පෙලඹෙන්නේ නැද්ද?

11. යෙහෝවාට නමස්කාර කරන්න අපිට තියෙන තව හේතු මොනවාද?

11 යෙහෝවාට නමස්කාර කරන එක තමයි හරි දේ කියලා දැනන් ඉන්න එකත් ඒක කරන්න අපිව පොලඹවනවා. (මතෙ. 4:10) යෙහෝවාට ළැදිව ඉන්න එකෙන් මොන වගේ හොඳ දේවල්ද වෙන්නේ කියලත් අපි දන්නවා. ඒකෙන් යෙහෝවාගේ නම ගෞරවේට පත් වෙනවා. සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු වෙනවා. අපේ තාත්තාගේ හිත සතුටු කරන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම අපි දැන් යෙහෝවාට සේවේ කරන්න තෝරගත්තොත් ඒක සදහටම කරන්න අවස්ථාවත් අපිට ලැබෙනවා.—යොහ. 17:3.

12-13. ජේන්ගෙයි, පෑම්ගෙයි අද්දැකීමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

12 පුංචි කාලේ ඉඳන්ම යෙහෝවා ගැන ලොකු ආදරයක් ඇති කරගන්න අපිට පුළුවන්. එතකොට ටික ටික ලොකු වෙද්දී ඒ ආදරේ තව වැඩි වෙයි. සහෝදරි ජේන්ගෙයි, පෑම්ගෙයිa අද්දැකීම බලන්න. මේ අක්කා නගෝ බයිබලේ පාඩම් කරන්න පටන්ගද්දී ජේන්ට අවුරුදු 11යි, පෑම්ට 10යි. එයාලාගේ අම්මලා බයිබලේ පාඩම් කරන්න කැමති වුණේ නැහැ. හැබැයි සති අන්තයේ පල්ලි යන්න එනවා නම් බයිබලේ පාඩම් කළාට කමක් නැහැ කියලා අම්මලා කිව්වා. ජේන් මෙහෙම කියනවා. “ඉස්කෝලේ ළමයි හුඟදෙනෙක් මත්ද්‍රව්‍ය, අනාචාරය කියන උගුල්වලට අහු වුණා. සාක්ෂිකරුවන් බයිබලෙන් උගන්නපු දේවල් තමයි ඒවායින් බේරෙන්න මට උදව් වුණේ.”

13 අවුරුදු කීපයකට පස්සේ ඒ දෙන්නාම ප්‍රචාරකයන් වුණා. පස්සේ එයාලා මහලු දෙමාපියන්ව බලාගන්න ගමන් පුරෝගාමිත් කළා. ජේන් මෙහෙම කියනවා. “මං තේරුම්ගත්තා යෙහෝවා ඔහුගේ යාළුවන්ව කවදාවත් අතහරින්නේ නෑ කියලා. 2 තිමෝති 2:19 කියන විදිහට ‘තමන්ගේ අනුමැතිය දිනාගෙන ඉන්න සේවකයා කවුද කියලා යෙහෝවා හොඳින් අඳුරනවා.’” යෙහෝවාට ආදරේ කරන්න, ඔහුට නමස්කාර කරන්න තීරණේ කරන අයව යෙහෝවා අනිවාර්යයෙන්ම බලාගන්නවා.

14. අපේ කතාබහෙන්, හැසිරීමෙන් යෙහෝවාගේ නම ගෞරවේට පත් කරන්න පුළුවන් කොහොමද? (පින්තූරත් බලන්න.)

14 අපිට ඕනෙ යෙහෝවාගේ නමට කරලා තියෙන අපහාස පුළුවන් හැම විදිහකින්ම නැති කරලා දාන්න. හිතන්න හරිම ආදරණීය, ඕන දෙයක් කැමැත්තෙන්ම දෙන, සමාව දෙන්න කැමති යාළුවෙක් ඔයාට ඉන්නවා කියලා. හැබැයි දවසක් කෙනෙක් කියනවා ඒ යාළුවා හරිම නපුරු, විශ්වාස කරන්න බැරි කෙනෙක් කියලා. ඒ වෙලාවට ඔයා යාළුවා වෙනුවෙන් කතා කරන්නේ නැද්ද? සාතන් සහ එයා යටතේ ඉන්න අයත් දෙවියන්ගේ නම කැත කරන්න ඔහු ගැන ගොඩක් බොරු පතුරුවලා තියෙනවා. අපිට අවස්ථාව තියෙනවා යෙහෝවා ගැන ඇත්ත කියලා ඔහු වෙනුවෙන් කතා කරන්න. (ගීතා. 34:1; යෙසා. 43:10) අපේ කතාබහෙන්, හැසිරීමෙන් අපි යෙහෝවාට ආදරෙයි කියලත් ඔහුට නමස්කාර කරන්න තීරණේ කරලා තියෙනවා කියලත් පෙන්නන්න අපිට පුළුවන්.

ලෙවීවරයෙක් තඹ පූජාසනයයි, දේවමාලිගාවට ඇතුල් වෙන තැනයි අතරේ හිටගෙන ඉන්නවා.

ඔයා යෙහෝවාගේ නම වෙනුවෙන් කතා කරනවාද? (14 ඡේදය බලන්න)b


15. ජීවිතේ වෙනස්කම් කරගත්ත නිසා පාවුල් ප්‍රයෝජන ලැබුවේ කොහොමද? (ෆිලිප්පි 3:7, 8)

15 යෙහෝවා පිළිගන්න විදිහට ඔහුට නමස්කාර කරන්න, ඔහුට වැඩිපුර සේවේ කරන්න ඕන නිසා අපි කැමැත්තෙන්ම අපේ ජීවිතේ වෙනස් කරගන්නවා. උදාහරණෙකට පාවුල් ගැන හිතන්න. ක්‍රිස්තුස්ව අනුගමනය කරන්නයි, යෙහෝවාට සේවේ කරන්නයි ඕන නිසා එයා යුදෙව් සමාජයේ එයාට තිබුණ තැන, එයාගේ ආගම පවා අත්හැරියා. (ගලා. 1:14) ඒ නිසා එයාට ගොඩක් ආශීර්වාද ලැබුණා. ස්වර්ගයේ ඉඳන් යේසුස් එක්ක රජකම් කරන්නත් අවස්ථාව ලැබුණා. යෙහෝවාට සේවේ කරන්න ගත්ත තීරණේ ගැන පාවුල් කවදාවත් පසුතැවුණේ නැහැ. අපිත් එහෙමයි.—ෆිලිප්පි 3:7, 8 කියවන්න.

16. ජූලියාගේ අද්දැකීමෙන් අපි ඉගෙනගන්නේ මොනවාද? (පින්තූරත් බලන්න.)

16 අපිට වැදගත්ම දේ යෙහෝවාට නමස්කාර කරන එක නම් ඔහු දැනුත් අනාගතේදීත් අපේ ජීවිත ආශීර්වාදවලින් පුරවයි. ජූලියාගේ අද්දැකීම බලන්න. සත්‍යයට එන්න කලින් පොඩි කාලේ එයා පල්ලියේ ගීතිකා කණ්ඩායමේ හිටියා. ගායනා කරන්න එයාට තිබුණ හැකියාව දැක්ක ප්‍රසිද්ධ ඔපෙරා ගායකයෙක් එයාව ඔපෙරා ගායිකාවක් වෙන්න පුහුණු කළා. පස්සේ ජූලියා ගොඩක් ප්‍රසිද්ධ වුණා. එයා ප්‍රසිද්ධ තැන්වල ගායනාත් කළා. ජූලියා ප්‍රසිද්ධ ඉස්කෝලෙක සංගීතය ඉගෙනගද්දී එයාගේ පන්තියේ ළමයෙක් දෙවියන් ගැනයි, දෙවියන්ගේ නම ගැනයි ජූලියාට කිව්වා. පස්සේ ජූලියා සතියට දෙපාරක්ම බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. එයා තීරණේ කළා සංගීත ලෝකේ ඉස්සරහට යනවා වෙනුවට යෙහෝවාට සේවේ කරන්න මුල් තැන දෙන්න. ඒ තීරණේ ගන්න එක එයාට ලේසි වුණේ නැහැ. එයා මෙහෙම කියනවා. “හුඟක් අය කිව්වා මට ලැබුණ තෑග්ග මං නාස්ති කරගන්නවා කියලා. හැබැයි මට ඕන වුණේ මගේ ජීවිතේම යෙහෝවාට දෙන්න.” අවුරුදු තිස් ගාණකට කලින් ගත්ත ඒ තීරණේ ගැන දැන් ජූලියාට මොකද හිතෙන්නේ? එයා මෙහෙම කියනවා. “යෙහෝවාට නමස්කාර කරන්න ගත්ත තීරණේ ගැන මං පොඩ්ඩක්වත් දුක් වෙන්නේ නෑ. මං දන්නවා මගේ හිතේ තියෙන හැම ආසාවක්ම යෙහෝවා අනාගතේදී ඉටු කරනවා කියලා.”—ගීතා. 145:16.

පින්තූරවල අදහස: ජූලියා ගත්ත තීරණේ පෙන්නන රඟ දැක්වීමක්. 1. එයා වේදිකාවක ගායනා කරනවා. 2. එයා රැස්වීමකදී එයාගේ මහත්තයාත් එක්ක ගීතිකා කියනවා.

අපිට වැදගත්ම දේ යෙහෝවාට නමස්කාර කරන එක නම් අපේ ජීවිත ආශීර්වාදවලින් පිරිලා ඉතිරිලා යයි (16 ඡේදය බලන්න)c


දිගටම යෙහෝවාට සේවේ කරන්න

17. (අ) යෙහෝවාට තාම නමස්කාර කරන්නේ නැති අය කරන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි? (ආ) යෙහෝවාට දැනටමත් නමස්කාර කරන අය දන්නේ මොකක්ද?

17 අපි ජීවත් වෙන්නේ අවසානය ඔන්න මෙන්න තියලා. පාවුල් කිව්වා “එන කෙනා ප්‍රමාද වෙන්නේ නැහැ. ඔහු ‘තව ටික කාලෙකින්’ එනවා” කියලා. (හෙබ්‍රෙ. 10:37) ඒක කොහොමද අපිට බලපාන්නේ? එක අතකින් යෙහෝවාට නමස්කාර කරන්න තවම තීරණේ කරලා නැති අයට ඒ තීරණේ ගන්න තියෙන්නේ තව පොඩි කාලයයි. (1 කොරි. 7:29) අනිත් අතට අපි මේ වෙද්දීත් යෙහෝවාට නමස්කාර කරන්න තීරණේ කරලා තියෙනවා නම් විඳදරාගන්න අපිට තියෙන්නේ “තව ටික කාලයයි.”

18. යේසුයි, යෙහෝවායි කැමති අපි මොනවා කරනවා දකින්නද?

18 යේසුස් මිනිස්සුන්ට කිව්වේ ඔහුගේ අනුගාමිකයන් වෙලා දිගටම ඔහුගේ පිටිපස්සේ එන්න කියලයි. (මතෙ. 16:24) අපි අවුරුදු ගාණක් තිස්සේ යෙහෝවාට සේවේ කරලා තිබුණත් ඒක දිගටම කරන්න අධිෂ්ඨාන කරගමු. යෙහෝවාට නමස්කාර කරන්න අපි ගත්ත තීරණේට එකඟව ජීවත් වෙන්න දිගටම මහන්සි වෙමු. ඒක ලේසි නැහැ තමයි. ඒත් අපි එහෙම කරනවා නම් දැනුත් අපිට ආශීර්වාද වගේම සතුට ලැබෙනවා කියලා සැකයක් නැහැ.—ගීතා. 35:27.

19. ජින්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

19 සමහරු හිතනවා යෙහෝවාට නමස්කාර කළොත් ගොඩක් දේවල් කැප කරන්න වෙයි කියලා. යෞවනයෙනි, ඔයාලට හිතිලා තියෙනවාද යෙහෝවාට නමස්කාර කරන නිසා ජීවිතේ සතුට ඔයාලට මඟහැරෙනවා කියලා? යෞවනයෙක් වුණ ජින් කියන දේ බලන්න. “මට දැනුණේ මං සාක්ෂිකරුවෙක් නිසා කොටු වෙලා කියලා. අනිත් ළමයි පාටි දැම්මා, ගෑනු ළමයි එක්ක යාළු වුණා, ගහමරාගන්න වීඩියෝ ගේම්ස් ගැහුවා. ඒවා කරලා එයාලා හරිම ජොලියෙන් හිටියා. හැබැයි මං කළේ රැස්වීම් යන එකයි, සේවේ යන එකයි, ගෙදර එන එකයි විතරයි.” එහෙම හිතපු එක ජින්ට කොහොමද බලපෑවේ? එයා මෙහෙම කියනවා. “මං දෙබිඩි ජීවිතයක් ගත කරන්න පටන්ගත්තා. ටික කාලෙකට මට සතුටක් ලැබුණා. හැබැයි ඒක දිගටම මං ගාව තිබුණේ නෑ. මං පැත්තකට දාපු බයිබල් සත්‍යයන් ගැන පස්සේ මං ආයෙත් හිතන්න පටන්ගත්තා. හදවතින්ම යෙහෝවාට සේවේ කරන්නත් තීරණේ කළා. එදා ඉඳන් මට තේරුණා යෙහෝවා මගේ හැම යාච්ඤාවකටම උත්තර දෙනවා කියලා.”

20. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

20 ගීතිකාකරු යෙහෝවාට මෙහෙම කිව්වා. “ඔබ ළඟට එන්න ඔබෙන් ආරාධනාවක් ලබපු කෙනා සන්තෝෂවත්. ඔබේ මාලිගාවේ මළුවේ දිගටම ඉන්න අවස්ථාව ලැබුණ ඒ කෙනා සන්තෝෂවත්.” (ගීතා. 65:4) ඉතින් අපිත් දිගටම යෙහෝවාට නමස්කාර කරන්න අධිෂ්ඨාන කරගමු. යොෂුවා වගේ අපිත් මෙහෙම කියමු. “මමයි, මගේ පවුලේ අයයි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි.”—යොෂු. 24:15.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • යෙහෝවාට නමස්කාර කරන්න යේසුස් තීරණේ කළේ ඇයි?

  • යෙහෝවා අපේ නමස්කාරය ලබන්න වටින්නේ ඇයි?

  • යෙහෝවාට නමස්කාර කරන්න ඔයා තීරණේ කරන්නේ ඇයි?

ගීතිකාව 28 දෙව්ඳුන් හා මිත්‍රත්වයෙන් බැඳීම

a සමහර නම් වෙනස් කරලා තියෙනවා.

b පින්තූරවල අදහස: සමුළුවක් තියෙන තැනක එළියේ සත්‍යයට විරුද්ධ අය කියන දේවල් එක කාන්තාවකට ඇහෙනවා. පස්සේ එයා අපේ කාට් එකක් ළඟට ගිහිල්ලා බයිබල් සත්‍යයන්ට ඇහුම්කන් දෙනවා.

c පින්තූරවල අදහස: යෙහෝවාට සේවේ කරන්න ජූලියා තීරණේ කළා. ඒ සිද්ධිය පෙන්වන රඟ දැක්වීමක්.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න