ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 8/1 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යොහන් බව්තීස්ත කියන්නේ කවුද?
    බයිබලයෙන් උත්තර
  • යොහන් බව්තීස්ත කියලා කෙනෙක් ඇත්තටම හිටියාද?
    තවත් ලිපි
  • යොහන් යේසුස්ගෙන් ප්‍රශ්නයක් අසයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යොහන්ගේ ගණන අඩු වෙයි යේසුස්ගේ ගණන වැඩි වෙයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 8/1 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යේසුස් වහන්සේ ව බව්තීස්ම කළ යොහන් ව ඇමතිය යුත්තේ “යොහන් බව්තීස්ත” හැටියට ද නැතහොත් “යොහන් නමැති බව්තීස්ම කරන්නා” හැටියට ද?

මෙම පදවි නාම දෙක ම නිවැරදි වන අතර බයිබලයෙන් ද අනුබල ලැබී ඇත.

“සූදානම්වූ සෙනගක් ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] පිළියෙළ” කිරීම යොහන්ට භාර වූ අතර ඔහු එය ඉටු කළේ “පව්කමාව පිණිස පසුතැවිල්ලේ බව්තීස්මය දේශනා” කරමින් ය. (ලූක් 1:17; 3:6) ප්‍රේරිත මතෙව් මෙසේ වාර්තා කළේ ය: “යොහන් බව්තීස්ත ඇවිත් යුදයේ වනයෙහි දේශනා කරමින්: පසුතැවිලිවෙයල්ලා; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ළඟයයි කීවේය. . . . එකල යෙරුසලමේද මුළු යුදයේද . . . වැසියෝ ඔහු වෙතට පැමිණ, තමුන්ගේ පව් කියාදෙමින්, යොර්දාන් ගංගාවෙහි ඔහුගෙන් බව්තීස්මය ලැබුවෝය.”—මතෙව් 3:1-6.

මෙහි “බව්තීස්ත” හැටියට මතෙව් විසින් යොහන් ව හඳුන්වනු ලබන බව සැලකිල්ලට ගන්න. ප්‍රත්‍යක්ෂ ලෙස සිය වාර්තාව යුදෙව්වන්ට ඉදිරිපත් කරමින් සිටි මතෙව්, “බව්තීස්ත” කවරෙක් ව සිටියේ දැයි යුදෙව්වන් හඳුනා ගනු ඇතැයි කල්පනා කරන්නට ඇත. හෙතෙම “බව්තීස්ත” යන වදන යම් ආකාරයක උපනාමයක් හැටියට පාවිච්චි කළේ ය.a යේසුස් වහන්සේ හා උන් වහන්සේගේ ගෝලයන් හෙරොද්ගේ මෙහෙකරුවන් මෙන් “යොහන් බව්තීස්ත” යන ප්‍රකාශය පාවිච්චි කළහ.—මතෙව් 11:11, 12; 14:2; 16:14.

“බව්තීස්ත” යන්නෙහි සමාන භාවිතයක් ශ්‍රාවක මාර්ක් වාර්තා කරයි. (මාර්ක් 6:25; 8:28) එහෙත් යොහන් ව හඳුන්වා දීමේ දී, මාර්ක් “යොහන් නමැති බව්තීස්ම කරන්නා” යයි ඔහු ව හැඳින්වී ය. (මාර්ක් 1:4, NW) මාර්ක් 1:4 හි ඇති ග්‍රීක් වදන වෙනත් වගන්තිවලින් මදක් වෙනස් වේ. මාර්ක් 1:4 “බව්තීස්ම කරමින් සිටින්නා” හැටියට ද යොදන්නට පුළුවන. මාර්ක් හුවා දක්වමින් සිටියේ යොහන් කරමින් සිටි ක්‍රියාව ය; ඔහු බව්තීස්මය කරමින් සිටි තැනැත්තා වන, බව්තීස්ම කරන්නා විය.

කෙසේ වෙතත්, යොහන්ට යොමු දැක්වීමේ මෙම ක්‍රම අතර අප වෙනසක් තබා ගත යුතු යයි පෙනෙන්නට නැත. මාර්ක් 6:24, 25 හි අපි සලොමි ගැන මෙසේ කියවමු: “ඈ පිටතට ගොස්: මා කුමක් ඉල්ලන්ටදැයි ඇගේ මව්ගෙන් ඇසුවාය. යොහන් බව්තීස්තගේ [නමැති බව්තීස්ම කරන්නාගේ NW] හිසයයි ඈ කීවාය. එකෙණෙහිම ඈ ඉක්මනින් රජු වෙතට පැමිණ: ඔබ විසින් යොහන් බව්තීස්තගේ හිස තැටියක ලා දැන්ම මට දෙනවාට කැමැත්තෙමියි කියා ඉල්ලුවාය.” එම උපනාම දෙක ම මාරුවෙන් මාරුවට [NW හි] පාවිච්චි කර ඇත.

ශබ්දකෝෂයක දෙවන අර්ථ දැක්ම අනුව “බව්තීස්ත” යන වදන ඇතැමෙක් මෙසේ තේරුම් ගන්නට පුළුවන: “සභා ක්‍රමය මෙන් ම ඇදහිලිවන්තයන් ව ගිල්වීමෙන් පමණක් බව්තීස්ම කිරීමෙන් සලකුණු කෙරෙන එවැන්ජලිස්ත රෙපරමාදු නිකායක සාමාජිකයෙක් නැතහොත් භක්තිකයෙක්.” යොහන් නිසැක ව ම එවැන්නෙක් නොවී ය. මෙබැවින් “යොහන් බව්තීස්ත” හා “යොහන් නමැති බව්තීස්ම කරන්නා” යන දෙක ම නිවැරදි හා උචිත වන්නේ ය.

[පාදසටහන්වල]

a යුදෙව් ඉතිහාසඥ ෆ්ලේවියස් ජොසේෆස් “බව්තීස්ත යන උපනාමය ලද, යොහන්” ගැන ලීවේ ය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න