ඔබට මතක ද?
ඔබ මෑත කාලීන මුරටැඹ කලාපයන් කියවීම අගය කළා ද? හොඳයි, පහත ප්‍රශ්නවලට ඔබට පිළිතුරු දිය හැකි දැයි බලන්න:
▫ සභාවක සිටින රෝගී හා වයසක අයට කිනම් ප්‍රායෝගික උපකාරයක් දිය හැකි ද?
මුල් ක්‍රිස්තියානි සභාවේ ද්‍රව්‍යමය ආධාර අවශ්‍ය වූ වැන්දඹුවන්ගේ ලැයිස්තුවක් තබා ගනු ලැබී ය. (1 තිමෝති 5:9, 10) සමානාකාරයෙන් අද දවසේත්, වැඩිමහල්ලන් සුවිශේෂී අවධානය අවශ්‍ය කරන රෝගී හා මහලු අයගේ ලැයිස්තුවක් සාදන්නට පුළුවන. කෙසේ වෙතත්, තමාගේ විශේෂ වගකීමක් හැටියට මේ කෙරෙහි සැලකිල්ල දැක්වීම වැඩිමහල්ලන්ට පමණක් පැවරිය යුතු නොවේ. සභාවේ සිටින සියල්ලන් ම මෙවන් අවශ්‍යතාවයන් ගැන සාවධාන ව සිටිය යුතු ය. (1 තිමෝති 5:4-8)—8⁄15, පිටු 28-9
▫ මුහුදු සත්ත්වයෙක් යෝනා ව ගිල දැමීමේ බයිබල් කථාව විශ්වාස කළ නොහැක්කක් ද?
නැත, කිරි තල්මසෙකුට හෝ මහා සුදු මෝරෙකුට හෝ තල්මස් මෝරෙකුට මනුෂ්‍යයෙකු ව ගිල දමන්නට පුළුවන. වැඩිදුරටත්, යෝනා පිළිබඳ වාර්තාව සත්‍යයක් බව යේසුස් වහන්සේ ම සනාථ කළ සේක. (මතෙව් 12:39, 40)—8⁄15, පිටු 32.
▫ යන්තර හා ශාන්ති-කර්මවල මිථ්‍යා භාවිතයෙන් ඇති විය හැකි හානිදායක ප්‍රතිඵල මොනවා ද?
ඒවා භාවිතා කිරීම මිථ්‍යා විශ්වාසය සැබවින් ම සිය ගැටලුවලට ඥානවන්ත ව මුහුණ දීමෙන් ජනයා ව අධෛර්යය කරන අතර පූර්ණ පිළියමක් හැටියට වාසනාව කෙරෙහි බැලීමට ඔවුන් ව දිරිගන්වයි. ඒවා එය භාවිතා කරන්නාට ආරක්ෂාවේ බොරු හැඟීමක් ද ලබා දෙයි. වඩාත් වැදගත් වන්නේ, මායාකාරී යන්තර හා ශාන්ති-කර්මයන්ගේ ගුරුකම්වල බලය කෙරෙහි විශ්වාසය තබන අය, නුදුටු භූතමය බලයන්ට තමාගේ ජීවිතයේ පාලනය පවා භාර දීම ය.—9⁄1, පිටු 4.
▫ විවාහයක් දිගුකල් පවත්වා ගැනීමට උපකාරවත් විය හැකි සාධක හතර කුමක් ද?
මේවා වනාහි සවන් දීමට ඇති කැමැත්ත, සමාව ඉල්ලීමට ඇති හැකියාව, නොසැලෙන චිත්ත වේගීය අනුබලය සැපයීමට ඇති හැකියාව සහ ස්නේහවන්ත ලෙස ස්පර්ශ කිරීමට ඇති ඕනෑකම ය. (1 කොරින්ති 13:4-8; එපීස 5:33; යාකොබ් 1:19)—9⁄1, පිටු 20.
▫ පීඩාවන්ට මුහුණ දෙන අයට යෙහෝවඃ වහන්සේ විඳදරා ගැනීම සපයන එක් මඟක් කුමක් ද?
යෙහෝවඃ වහන්සේ, ස්වකීය වචනය වන බයිබලයේ වාර්තා කර ඇති විඳදරා ගැනීම සම්බන්ධ ආදර්ශයන් උපයෝගි කර ගැනීමෙන් මෙය කරන සේක. (රෝම 15:4) අප මේවා මත මෙනෙහි කරන කල, අප විඳදරා ගැනීමට දිරිය ලබන අතර, විඳදරා ගත හැක්කේ කෙසේ ද යන්න ගැන ද අපට බොහෝ දෑ ඉගෙන ගත හැක.—9⁄15 පිටු 11-12.
▫ දේව භක්තිය යනු කුමක් ද?
දේව භක්තියෙන් යොමු දක්වන්නේ අප යෙහෝවඃ වහන්සේට හෘදයෙන් ප්‍රේම කරන නිසා, දුෂ්කර පීඩා හමුවේ පවා උන් වහන්සේට ප්‍රසන්න වන දෑ කිරීමට අප ව පොලඹවන්නා වූ කැප වීමටයි.—9⁄15, පිටු 15.
▫ අප දෙවියන් වහන්සේගේ දයාව දෙස බැලිය යුත්තේ කෙසේ ද?
දෙවියන් වහන්සේගේ දයාව අප කිසි දිනක සුළු කොට නොසැලකිය යුතු ය. අපත් පාවුල් මෙන් සිට, අපගේ ම අසම්පූර්ණත්වයන්ට එරෙහි ව සටන් කිරීමෙන් අගැයීම පෙන්විය යුතු ය. (1 කොරින්ති 9:27) මෙයාකාරයෙන්, දුෂ්කරත්වයන් හමුවේ පවා හරි දෙය කිරීමට අප තුළ අව්‍යාජ ආශාවක් ඇති බව අප නිරූපනය කරනු ඇත.—10⁄1, පිටු 23.
▫ ප්‍රේමයේ මුල් අංගය හැටියට පාවුල් බොහෝ ඉවසිලිවන්තකම ලැයිස්තුගත කිරීම උචිත වන්නේ මන්ද?
බොහෝ ඉවසීමෙන් තොර ව, නැතහොත් එකිනෙකා ව ඉවසිලිවන්ත ව දරාගෙන සිටීමකින් තොර ව ක්‍රිස්තියානි ඇසුරක් කියා දෙයක් තබා ගත නොහැකි බවට පවසා තිබේ. ඒ මන්දයත්, අප සියල්ලන් ම අසම්පූර්ණ ය, එමෙන් ම අපගේ අසම්පූර්ණකම් හා අඩුලුහුඬුකම් අන්‍යයන් ව පරීක්ෂාවට ලක් කරන බැවිනි. එබැවින් සහෝදරයන් අතරේ ප්‍රේමය පවතින්නට නම්, බොහෝ ඉවසිලිවන්තකම මූලික අවශ්‍යතාවයකි.—10⁄15, පිටු 21.
▫ මුල් ක්‍රිස්තියානින් දෙවියන් වහන්සේගේ නාමය භාවිතා කළා ද?
සාක්ෂි එසේ යයි පවසයි. “ඔබගේ නාමයට ගෞරව වේවා” කියා යාච්ඤා කරන්නට යේසුස් වහන්සේ සිය අනුගාමිකයන්ට ඉගැන්වූ සේක. (මතෙව් 6:9) තව ද උන් වහන්සේගේ දේව සේවය අවසානයේ දී උන් වහන්සේ මෙසේ යාච්ඤා කළ සේක: “ඔබ ලෝකයෙන් මට දුන් මනුෂ්‍යයන්ට ඔබගේ නාමය ප්‍රකාශකෙළෙමි.” (යොහන් 17:6) මීට අමතර ව, සෙප්ටුවාජින්ට් ලේඛනයේ මුල් පිටපත්වල ටෙට්‍රාග්‍රැමටන් නමැති හෙබ්‍රෙව් අක්ෂර හතරේ ආකාරයෙන් දෙවියන් වහන්සේගේ නාමය සඳහන් ව තිබුණි.—11⁄1, පිටු 30.
▫ අපගේ වැරදි සමඟ අප ක්‍රියා කරන ආකාරය අපගේ ජීවිතවලට බලපෑ හැකි බව පෙන්වන්නේ කිනම් බයිබල් ආදර්ශයන් ද?
සාවුල් රජු උපදෙස්වලට මුරණ්ඩු ලෙස විරුද්ධ ව කටයුතු කළ අතර ඔහුගේ වැරදි ප්‍රමාණයෙන් වැඩි විය. අවසානයේ තත්ත්වය අයහපත් වූයේ දෙවියන් වහන්සේගේ අප්‍රසාදය සහිත ඔහුගේ මරණයෙනි. (1 සාමුවෙල් 15:17-29) අනෙක් අතට, තමාගේ වැරදි හා පාප තිබියදීත්, දාවිත් රජු මනස්තාපයෙන් යුක්ත ව හික්මවීම් පිළිගත් අතර යෙහෝවඃ වහන්සේට විශ්වාසනීය ව සිටියේ ය. අපගේ වැරදි පිළිගැනීම දෙවියන් වහන්සේ සමඟ යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමටත්, එනයින් සදාකාල ජීවිතයේ අපේක්ෂාව ඇති ව සිටීමටත් උපකාරවත් වන බව මෙම බයිබල් ආදර්ශයන් පෙන්වයි. (ගීතාවලිය 32:1-5)—11⁄15, පිටු 29, 30.
▫ ස්වාභාවික විපත් හෝ වෙනත් හේතු නිසා තමන් අසරණ තත්ත්වයට පත් ව සිටින විට, යෙහෝවඃ වහන්සේ ස්වකීය සෙනඟට උපකාර කරන්නේ කෙසේ ද?
යෙහෝවඃ වහන්සේ උපකාර කරන්නේ ස්වභාව ධර්මයේ බලයන් ආශ්චර්යමත් ආකාරයකට හැරවීමෙන් හෝ වෙනත් යම් අසාමාන්‍ය ක්‍රියාවකින් හෝ නොව, එහෙත් වැඩි දෙනෙක් සැබවින් ම අවබෝධ කර නොගන්නා වෙනත් බලයකින් ය—එනම් ප්‍රේමයෙන් ය. ඔව්, යෙහෝවඃ වහන්සේ සැබවින් ම ස්වකීය සෙනඟට ප්‍රේම කරන අතර උන් වහන්සේ එය ඔවුන් මධ්‍යයේ කොතරම් වැඩි දියුණු කර තිබෙනවා ද කිවහොත්, ආශ්චර්යවත් යයි පෙනෙන යමක් ඔවුන් සඳහා උන් වහන්සේට ඉටු කිරීමට හැකියාවක් ඇත. (1 යොහන් 4:10-12, 21)—12⁄1, පිටු 10.