හරි ආගම සඳහා ඔවුන්ගේ සෙවිල්ල
ඇතැමෙක් සිය ළමා වියේ පටන් ජීවිතය පිළිබඳ සිය ප්‍රශ්නවලට සෑහීම ගෙනදෙන පිළිතුරු සඳහා සොයා බැලීමක් කර ඇත. ළාබාලව සිටියදී, ඔවුන් ආගමික සේවා කටයුතුවලට හවුල් වන්නට ඇත. එහෙත් බොහෝ දෙනෙකු සොයාගෙන ඇත්තේ දෙනු ලැබූ පිළිතුරුවත් පල්ලියේ චාරිත්‍රානුකූල පිළිවෙතවත් ජීවිතයේ ගැටලු සමඟ කටයුතු කිරීමට තමන්ට සැබවින්ම උපකාර කර නොමැති බවය.
ඔවුන් ආගමික සේවා කටයුතුවලට කලාතුරකින් හවුල් වුවද, තමන් තම මව්පියන්ගේ ආගමට තවදුරටත් අයත්ව සිටින බව ඔවුන් කියන්නට පුළුවන. එංගලන්ත සභා බිෂොප් කෙනෙකුට අනුව, ඔවුන්ට ඇත්තේ අංශුමාත්ර ඇදහිල්ලකි. ඔවුන් තුළ ආගම අක්‍රියාශීලී වී තිබේ. ආගමික ක්ෂේත්රයෙහි තමන් දකින කුහකකම හේතුවෙන් බලවත් කලකිරීමට පත් වෙනත් අය, ආගම සහමුලින්ම ප්‍රතික්ෂේප කර ඇත්තාහ. එහෙත්, ජීවිතය පිළිබඳ ඔවුන්ගේ ප්‍රශ්න දිගටම පවතී.
ඇතැමෙකුට දැඩි සැක තිබීමට හේතුව
නිවාස නොමැති අයට උපකාර කිරීමටත්, කුසගින්නේ සිටින්නන්ට ආහාර බෙදා දීමටත්, සංස්කෘතික උත්සව සඳහා අනුග්‍රහය දැක්වීමටත් බොහෝ පල්ලිවලට ආයතන තිබෙන බව බොහෝ දෙනෙක් දනිත්. එහෙත් ක්‍රිස්තියානි නොවන්නන් අතර පමණක් නොව ක්‍රිස්තියානි යයි කියා ගන්නා අය අතරද ආගමෙහි මුල් බැසගත් ප්‍රචණ්ඩතාවන් හා ලේ වැගිරවීම් පිළිබඳ පුවත්පත් වාර්තා සෑම දිනකම වාගේ ඔවුන්ට අසන්නට ලැබේ. එවන් ප්‍රචණ්ඩතාවන්ට සම්බන්ධ වන කණ්ඩායම් හරි ආගම අදහන බව ඔවුන් සැක කළොත් එය අපට පුදුමයක් විය යුතුද?
ආගමික පසුතලයක් ඇති බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ පල්ලිවලින් අනුග්‍රහය ලබන අනත් දරු නිවෙස් කදිම දෙයක් බවයි. කෙසේ නමුත්, මෑත වර්ෂවල, සිය භාරයට දෙන ලද්දාවූ දරුවන්ව ලිංගික වශයෙන් අයථා ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් තැනින් තැන පූජකයන්ට චෝදනා එල්ල වෙත්ම, ඔවුහු භීතියට පත්ව ඇත්තාහ. මුලදී ජනයා කල්පනා කළේ පූජකයන් ස්වල්පදෙනෙකුට පමණක් දොස් තැබිය යුතු බවය. දැන් ඔවුන්ගෙන් සමහරෙක් දැනගන්නට කැමැත්තෙන් සිටින්නේ පල්ලිය තුළම යම් මූලික වැරැද්දක් තිබෙනවාද යන වගය.
එවුචේන්යා වැනි ස්වල්පදෙනෙක්, වරක් සිය ආගමේ දැඩිව නිරතව සිටියහ. ආර්ජන්ටිනාවේ යෞවනියක් හැටියට, ඉටාටිහි කන්‍යාවියට නමස්කාර කිරීමට වන්දනා ගමන් ගිය අය අතර ඈද සිටියාය. වසර 14කට ඈ කන්‍යා සොහොයුරියක් හැටියට කන්‍යාරාමයක වාසය කළාය. විප්ලවකාරි ක්‍රම මගින් සමාජයේ සාමාජීය හා ආර්ථික ව්‍යුහයේ සම්පූර්ණ, එමෙන්ම වහාම සිදුකළ යුතු වෙනස්කම්වලට පක්ෂව කථා කළ ජාත්‍යන්තර ආගමික දේශපාලන කණ්ඩායමක් සමඟ එක්වීම පිණිස ඉන් අනතුරුව ඈ එයින් ඉවත් වූවාය. ඇය දුටු හා අද්දුටු දේවල ප්‍රතිඵලයක් වශයෙන්, ඈ දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල හා නිසැකකම නැති කර ගත්තාය. ඇය සැබවින්ම සොයමින් සිටියේ තමාට විශ්වාසය තැබිය හැකි ආගමක් නොවේය. ඇයට වුවමනා වී තිබුණේ දිළිඳුව සිටි අයට යුක්තිය ගෙන ඒමට මාර්ගයක්ය—එසේය, එමෙන්ම ඇයට විශ්වාස තැබිය හැකි මිත්‍රයෙක්ය.
අන්‍යයන් පල්ලිවල කෙරෙන දෙය නිරීක්ෂණය කරමින් ඒවාට යෑම අත්හැර දමා ඇත. වර්ෂ 1991දී ස්පුට්නික් නම් සඟරාවේ සිය අදහස් පළ කළ අදේව වාදියෙක් අවංකව පැවසුවේ, “මිථ්‍යාදෘෂ්ටික හා ක්‍රිස්තියානි මිථ්‍යා ප්‍රබන්ධ කථා සාහිත්‍යයේ ලක්ෂණ අතර කිසිදු වැදගත් වෙනසක් මට දැකිය නොහැකිය” යනුවෙනි. කෙම්කදක් (මමියක්) සහිත ගල්දෙණක් උසුලාගෙන මොස්කොව්හි වීදි තුළින් ගමන් කළ, රනින්-විසිතුරු මැහුම් යෙදූ සළු පැළඳ ගත් පූජකයන්ගේ පෙරහැරක්, උදාහරණයක් හැටියට, ඔහු විස්තර කළේය. එය වනාහි ‘නැගෙනහිර ඕතොඩොක්ස් ක්‍රිස්තියානි ධර්මයට අයත් සාන්තුවරයෙකුගේ’ මෘතදේහයක් කෞතුකාගාරයක සිට පල්ලියකට රැගෙන යෑම සම්බන්ධ සිද්ධියක් වූ අතර, එය ලේඛකයාට සිහිගැන්වූයේ පුරාතන මිසරයේ පූජකයනුත්, කෙම්කඳනුත් ගැනය. ඔහු තවදුරටත් සිහිපත් කළේ, එම පෙරහැරේ සහභාගි වූවන් “ක්‍රිස්තියානි ත්‍රිත්වය” විශ්වාස කළාසේම, මිසරවරුන්ද—ඔසයිරිස්, අයිසිස් හා හෝරස් නම්—ත්‍රිත්ව දේවත්වයකට වන්දනාමාන කළ බවය.
එම ලේඛකයාම ප්‍රේමය පිළිබඳ ක්‍රිස්තියානි සංකල්පයට—එනම්, “දෙවියන්වහන්සේ ප්‍රේමයය” හා “නුඹේ අසල්වැසියාට ප්‍රේම කරව යන්නට”—යොමු දක්වමින් කියා සිටියේ මිථ්‍යාදෘෂ්ටික මිසරයේ ඊට සමාන්තර දෙයක් සොයාගත නොහැකි බවය. එහෙත් ඔහු නිරීක්ෂණය කළේ, “ක්‍රිස්තියානි ලෝකය යයි කියා සිටින ලෝක කොටසේ පවා සහෝදර ප්‍රේමය ජයනද දීමට අසමත් වී තිබෙන” බවය. තවද අනතුරුව ඔහු සඳහන් කළේ රජයේ කටයුතුවල පල්ලිය තදින් නිරතව සිටීමෙන් ලබා ඇති නපුරු ඵලදාව ගැනය. ඔහු දුටු දෙය ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි තමා සොයමින් සිටි දෙය ඉදිරිපත් කළේ යයි සිතන්නට ඔහුව පෙලඹවූයේ නැත.
මීට පටහැනිව, අන්‍යයන් තෘප්තිය ගෙනදෙන පිළිතුරු සොයාගෙන ඇතත්, ඒ ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවල නොවේය.
ඈ මළවුන් පිළිබඳ සත්‍යය ඉගෙන ගත්තාය
දැන් අවුරුදු 37ක් වයසැති මාග්ඩාලේනා, බල්ගේරියාවේ වාසය කරන්නීය. වර්ෂ 1991දී සිය මාමණ්ඩියා මියගිය පසු, ඈ අතිශයින් කලකිරුණු තත්ත්වයකට පත් වූවාය. පුන පුනා ඇය තමාගෙන්ම ප්‍රශ්න කළේ, ‘මළවුන් යන්නේ කොතැනටද? මගේ මාමණ්ඩියා කොතැනද?’ යනුවෙනි. ඇය පල්ලියට ගිය අතර, නිවසේදී ඇය පිළිමයක් ඉදිරියේ යාච්ඤා කළත්, ඇයට පිළිතුරක් ලැබුණේ නැත.
එවිට දිනක් ඇයව සිය නිවසට ආරාධනා කිරීමට අසල්වැසියෙක් දුරකථනයෙන් ඇමතීය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ ඉගෙන ගනිමින් සිටි යෞවනයෙක් එම අසල්වැසියාව බැහැදකිමින් සිටියේය. දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැනත්, ජනයාට සන්තෝෂයෙන් සදාකාලයටම ජීවත් විය හැකි පාරාදීසයක් බවට පොළොව පත් කරන්නට තිබෙන උන්වහන්සේගේ අරමුණ ගැනත් ඔහු කථා කරත්ම ඈ ඊට සවන් දුන්නාය. පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නමැති පොත එම මේසය මත තිබුණි. එය භාවිතා කරමින්, එම යෞවනයා බයිබලයේ දේශනාකාරයා 9:5 වගන්තියට ඇයගේ අවධානය යොමු කළේය. එහි සඳහන්ව ඇත්තේ “මළාහු කිසිවක් නොදනිති” යනුවෙනි. එම සන්ධ්‍යාවේ ඈ තවත් වැඩියෙන් කියෙව්වාය. මළාහු ස්වර්ගයේ හෝ නිරයේ වෙනත් ජීවිතයකට ගොස් නැති බවත්; තද නින්දක සිටින්නාක් සේ ඔවුන් සිහිසන් නැති තත්ත්වයක සිටින බවත් ඈ ඉගෙන ගත්තාය. පළාතේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ රැස්වීමකට පැමිණෙන මෙන් කළ ආරාධනාවක් ඇය සතුටින් පිළිගත්තාය. රැස්වීමෙන් පසු ඇය විධිමත් බයිබල් පාඩමකට එකඟ වුණාය. රැස්වීමේදී යෙහෝවඃවහන්සේට යාච්ඤා ඔප්පු කරනු ලබන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පසු, ගැඹුරින් පැලපදියම්ව තිබූ දුර්වලතාවක් මැඩපැවැත්වීමට උපකාරය ඉල්ලා ඇයත් යෙහෝවඃවහන්සේට යාච්ඤා කරන්නට පටන් ගත්තාය. ඇයගේ යාච්ඤාවට පිළිතුරු දෙනු ලැබූ විට, තමා හරි ආගම සොයාගෙන තිබූ බව ඈ දැන ගත්තාය.
ඔවුහු අර්ථයක් ඇති ජීවිතයක් සොයාගත්හ
ආන්ඩ්‍රේ දැඩි කතෝලික භක්තික නිවසක හැදුණු වැඩුණු අතර ප්‍රදේශයේ පූජකයාට සහකරුවෙකු හැටියට සේවය කර තිබුණි. කෙසේවෙතත්, එම කාලය තුළ, පල්ලියට තිබෙන ගෞරවය අඩු කළාවූ දේවල් ඔහු දුටුවේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු නමට පමණක් කතෝලිකයෙක්ව සිටියේය.
වසර 15කට ඔහු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කර තිබුණි. එක් අවස්ථාවක ඔහුගේ කණ්ඩායම ඉතාලියේ ක්‍රීඩා තරඟයකට සහභාගි වූ විට, පාප්වරයාව බැහැදකින්නට ඔවුන්ට ආරාධනාවක් ලැබුණි. එම බැහැදැකීමට ආත්මික වශයෙන් වර්ධනය ගෙනදෙන කිසිවක් අයත් නොවූ අතර පාප්වරයා වටා තිබූ ලෞකික සම්පත් ආන්ඩ්‍රේව ව්‍යාකූලත්වයට පත් කළේය. පල්ලිය ගැන තිබූ ඔහුගේ සැක තවත් වැඩි විය. කැඩුණු විවාහයන් දෙකක් නිසා ඔහුගේ පෞද්ගලික ජීවිතය පවා තිබුණේ අසතුටුදායක තත්ත්වයකයි. ලෝක තත්ත්වය ඔහුව බලාපොරොත්තු රහිත භාවයට පත් කළේය. වර්ෂ 1989දී ඔහු තමාගේ දිනපොතේ ලිව්වේ, ‘අප අවට සිදුවන සියලු මෝඩ දේවල අර්ථය කුමක්ද?’ යනුවෙනි. ඔහුට තමාගේ ආගමෙන් පිළිතුරු සොයාගත නොහැකි විය.
වර්ෂ 1990දී, ආන්ඩ්‍රේ අයිස්ලන්තයේ පාපන්දු පුහුණුකරුවෙකු හැටියට සේවය කරමින් සිටියදී, ඊරස් නම් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මිෂනාරිවරියක් හමු විය. එවිට ඔහු ප්‍රකාශන පිළිගත් අතර යළිත් එන හැටියට ඔහු එම මිෂනාරිවරියට ආරාධනා කළේය. ඇය යළිත් පැමිණියේ තමාගේ පුරුෂයා වන, චෙල් සමඟය. අවසානයේ ඔවුන් එකට වාඩි වී ආන්ඩ්‍රේ සමඟ කථා කරන්නට පටන් ගත් විට, ඔහු බයිබලය තේරුම් ගැනීමට මහත් උනන්දුවෙන් සිටි බව පැහැදිලි විය. ඔහුගේ භාර්යාව වන, ඇස්ටැ, ඔහුගේ එම උනන්දුවට හවුල් වුණාය. ඔහුගේ පුහුණු සැසිවාර අතර, දවසේ මැද භාගයේ ඔහුට පැය තුනක විවේකයක් තිබූ බැවින්, එම කාලය බයිබල් පාඩමක් සඳහා වැය කරන්නට ඔවුහු තීරණය කළහ. “නිකම් විවේක ගන්නවාට වඩා බයිබලය ඉගෙන ගැනීමෙන් මට වැඩි ප්‍රාණවත් භාවයක් දැනෙනවා” යයි ඔහු පැවසුවේය. ක්‍රමානුකූලව බයිබලය ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීය. යෙහෝවඃවහන්සේ හා උන්වහන්සේගේ රාජ්‍යය කෙරෙහි ඔහුගේ ඇදහිල්ල සෙමින් වැඩි වර්ධනය විය. සාමකාමි නව ලොවක්, “දැනට සිදුවෙමින් පවතින සියලු මෝඩ දේවලින්” නිදහස් ලොවක් පිළිබඳ බයිබලයේ මහිමාන්විත පොරොන්දුව ඔවුනට යථාර්ථයක් බවට පත් විය. ආන්ඩ්‍රේ හා ඇස්ටැ යන දෙදෙනාම දැන් තමන් අලුත සොයාගත් ඇදහිල්ල අන්‍යයන් සමඟ බෙදා ගනිමින් සිටිති.
මාග්ඩාලේනා, ආන්ඩ්‍රේ හා ඇස්ටැ යන අයට, තමන් අවසානයේ හරි ආගම සොයාගත් බවට නිසැකකමක් දැනේ. දේශපාලන ක්‍රමවලින් ලෝකයේ ගැටලු විසඳීමට වෑයම් කිරීමෙන් පසු, එව්චෙන්යාද අවසානයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අතර තමාට හරි යයි පෙනුණු ආගම සොයාගත්තාය. එහෙත් ආගමක් හරි එක දැයි සැබවින්ම තීරණය කරන්නේ කුමක්ද? කරුණාකර මතු සඳහන් තොරතුරු සලකා බලන්න.
[7වන පිටුවේ පින්තූරය]
සෑහීම ගෙනදෙන පිළිතුරු සඳහා සෙවිල්ලෙහි නිරත මිලියන පහකට වැඩි ජනකායකට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීම උපකාරය ලබා දෙයි