රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
‘ප්‍රඥාව සොයාගෙන ඇති මනුෂ්‍යයා සන්තෝෂවත් ය’
මෙම හිතෝපදේශය, යෙහෝවඃ වහන්සේගේ සන්තෝෂවත් සාක්ෂිකරුවන් දැන් 71,000කට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින කොරියාවේ සත්‍යයක් බව තහවුරු වී ඇත. (හිතෝපදේශ 3:13, NW) තව ද මෙම දේව සේවකයින්ගෙන් සියයට 42ක් පූර්ණ-කාලීන සේවයේ නිරත ව සිටීම ගැන කල්පනා කර බලන්න! සැබෑ ප්‍රඥාව සොයන්නන්ගේ කොටස සන්තෝෂය බව පහත සඳහන් අත්දැකීම් පෙන්වනු ඇත.
පූසාන් නම් නගරයේ විසූ කාන්තාවක් වසර 16ක් පුරා ක්‍රිස්තියානි ලෝකයේ පල්ලියකට ගොස් තිබුණි. එහි ශුද්ධ ලියවිල්ලට පටහැනි ව්‍යවහාරයන් කොතරම් සංඛ්‍යාවක් ඇය නිරීක්ෂණය කර තිබුණේදයත්, දෙවියන් වහන්සේ නොපවතින බව ඇය කල්පනා කරන්නට පටන් ගෙන තිබුණි. අනෙක් අතට, ඇය හට දෙවියන් වහන්සේගේ පැවැත්ම ප්‍රතික්ෂේප කළ නොහැකි වූ නිසා, සත්‍ය සභාවක් තිබුණේ නම් එය සොයා ගැනීමට උපකාර කරන ලෙස ඇය අවංක ව දෙවියන් වහන්සේට යාච්ඤා කළා ය. මේ අවස්ථාවේ දී ඇයට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ගැන මතක් විය. සාක්ෂිකරුවන් ත්‍රිත්වය, නිරාගින්න, මෙන් ම ක්‍රිස්තියානි ලෝකයේ වෙනත් ධර්ම ඉගැන්වීම් විශ්වාස නොකළ නිසා, තමාගේ පල්ලිය ඔවුන් ව අවමන් කර ඔවුනට විරුද්ධ ව පල්ලි එන්නන්ට අනතුරු අඟවා තිබූ ආකාරය ඇයට මතක් වුණි. ඇතැම් විට ඔවුන් සත්‍ය සභාව විය හැකි ද? ඇයගේ අසල් වැසියෙකුගේ උපකාරය ඇති ව, රාජ්‍යය ශාලාව පිහිටි ස්ථානය ඇය සොයා ගත්තා ය. ඊළඟ දවසේ ම ඇය රැස්වීමකට පැමිණියා ය.
රැස්වීමේ ක්‍රමවත් භාවය ගැන ඇය පුදුම වූවා ය. ඇයගේ පල්ලියේ සිදු වූ ආකාරයට, භක්තිය නිසා සීමාව ඉක්මවා කෑගැසීම හෝ සිතෙහි බලවත් හැඟීම් ඇති කරන ගායනය එහි නොවී ය. ඇය සමඟ බයිබලය පාඩම් කිරීමට කැමති වූ සාක්ෂිකාරියකට ඇය ව හඳුන්වා දෙනු ලැබූ අතර, ඇය නැගූ ප්‍රශ්න රාශිය නිසා පළමු පාඩම පැය කිහිපයක් පවත්වන්නට සිදු විය. දෙවන පාඩමේ දී, තමාගේ පල්ලියෙන් ඉවත් වී සාක්ෂිකාරියක් වන බව ඇය දැනුම් දුන්නා ය. ඇයට නිකම් ම රැස්වීම්වලට පැමිණිය හැකි බැවින්, තවදුරටත් තමාට පාඩම කරන සහෝදරිය සමඟ ඉගෙන ගන්නට අවශ්‍යතාවයක් නැතැයි ඇය එම සහෝදරියට කියා සිටියා ය. කෙසේ වෙතත්, රැස්වීම්වලට පැමිණීමට අමතර ව පුද්ගලික බයිබල් පාඩමක් කිරීමේ වටිනාකම ඇයට පෙන්වා දෙනු ලැබී ය. ඇය යෝජනාව පිළිගෙන, තමා ඉගෙන ගත් දේවලට අනුකූල ව කටයුතු කළ අතර කලකට පසු බව්තීස්මය ලැබුවා ය.
තමා සැබෑ දෙවියන් වන, යෙහෝවඃ වහන්සේගේ ප්‍රඥාව සොයා ගෙන, දෙවියන් වහන්සේගේ නව ලෝකයේ සදාකල් ජීවත්වීමේ බලාපොරොත්තුව ඇති ව සිටීම ගැන දැන් ඇය සතුටු වන්නී ය.
විශ්‍රාම ලත් හමුදාපතිවරයෙක් සත්‍යය ඉගෙන ගනී
හමුදාපතිවරයෙකුගේ භාර්යාවක් 1962 දී බව්තීස්මය ලැබුවා ය. ඇයගේ ස්වාමි පුරුෂයා මුල දී ඇයට විරුද්ධත්වය ප්‍රකාශ කළ ද, පසු ව ඔහු විරුද්ධ වීම නවතා දැමූ අතර ඊළඟ වසර 28 පුරා ඔහු ව සත්‍යයට උනන්දු කරවීම පිණිස විවිධ සහෝදරයෝ ඔහු සමඟ පාඩම් පැවැත් වූහ. ඔහු සමහරක් රැස්වීම්වලට හා සමුළුවලට පැමිණියත්, ඔහු සත්‍යය බැරෑරුම් දෙයක් ලෙස කල්පනා කිරීමට අදිමදි කළ කෙනෙක් විය. වර්ෂ 1990 දී ඔහු හා ඔහුගේ භාර්යාව ජපානයට ගිය අතර එහි දී ඔවුහු දිස්ත්‍රික්ක සමුළුවකට ගියහ. මේ අවස්ථාවේ දී ඔහු—මීට කලින් නොකළ දෙයක්—එනම් ඕනෑකමින් කථාවලට සවන් දුන්නේ ය. බොරු ආගම හෙළි කළා වූ නිර්භීත කථාවලින් ඔහු පුදුමයට පත් වුවද, මෙමගින් සැබවින් ම ක්‍රිස්තියානි ලෝකයේ කුහකකම්වලට ඔහුගේ ඇස් විවෘත කරන ලදි. ජපානයේ සිටින එනම් දෙවියන් වහන්සේගේ සෙනඟගේ ක්‍රමවත් භාවය හා සන්තෝෂය ඔහුගේ සිත් ගත් අතර එය ඔහු කොරියාවේ දුටු තත්ත්වය හා සමාන විය. කොරියාවට හැරී ඒමෙන් පසු ඔහු උනන්දුවෙන් බයිබල් පාඩමක් පටන් ගත් අතර අවසානයේ දී බව්තීස්මය ලැබී ය.
එනිසා තමාගේ බව්තීස්මයෙන් පසු ඔහු කළ යුත්තේ කුමක් ද? ප්‍රසිද්ධ සංචාරක හෝටලයක සභාපති හැටියට ඔහු සිටි තත්ත්වයෙන් ඉල්ලා අස් වී සිය භාර්යාව සමඟ පූර්ණ-කාලීන පුරෝගාමි සේවයේ හවුල් විය. සත්‍යයට එකඟ ව ක්‍රියා නොකළ අවුරුදු 28 සඳහා වන්දි ගෙවිය හැකි හොඳ ම ක්‍රමය ස්ථාවර පුරෝගාමියෙක් වීම යයි ඔහු කල්පනා කරයි.
‘ප්‍රඥාව සොයාගෙන ඇති මනුෂ්‍යයා සන්තෝෂවත් ය’ යන හිතෝපදේශය තමාටත් අදාළ වන බව ඔහු දැන් තේරුම් ගෙන සිටී!