වයස්ගත වූවන්ට ක්‍රිස්තියානි ප්‍රේමය පෙන්වීම
මිත්‍රයන් බැහැදකින විට, තමාට තම හිස්වැස්ම දැමූ තැන අමතකවූ යෞවන පුරුෂයෙක් පිළිබඳ කථාවක්, 18වන ශතවර්ෂයේ ලේඛක, සැමුවෙල් ජොන්සන් කීවේය. ඔහු කළ මේ දේ කිසිවෙක් ගණනකට ගත්තේ නැත. ජොන්සන් වැඩිදුරටත් කියා සිටියේ “එහෙත් වයස්ගත පුරුෂයෙක් තුළ එවාගේම අතපසුවීමේ ස්වභාවයක් අනාවරණය වුණොත්, ජනයා නොකැමැත්ත පළ කරන්නට මෙන් තමන්ගේ උරහිස් සොලවමින්, ‘එයාගේ මතකය දැන් අඩු වෙනවා’ යයි කියනවා ඇත.”
ජොන්සන්ගේ කථාව නිරූපනය කරන්නේ වයස්ගත අයවලුන්, ඇතැම්විට වෙනත් සුළුජාතික සමූහයා මෙන්, අයුක්තිසහගත ලෙස වර්ග කිරීම්වලට භාජන වන බවයි. වයස්ගත අයවලුන්ගේ අවශ්‍යතා කෙරෙහි සැලකිල්ල යොමු කිරීම අභියෝගයක් වුවත්, ඊට සම්බන්ධ වන සියලුම පක්ෂවලට ඉන් ප්‍රයෝජන අත්වේ. එම අභියෝග හා විපාක මොනවාද, එමෙන්ම මෙම විෂය, වැඩිවන්නාවූ ජන සංඛ්‍යාවකට බලපාන්නේ මක්නිසාද?
සංඛ්‍යාලේඛන අනුව ලෝක ජනගහනයෙන් සියයට 6ක් 65වන වියේ හෝ ඊටත් වඩා වයස්ගතව සිටින අතර, සංවර්ධිත රටවල එම ප්‍රතිශතය දෙගුණයක් පමණ වේ. “වයෝ වෘද්ධයන්ගේ මෙන්ම පරම්පරාවන් අතර සහයෝගීතාවේ යුරෝපීය වසර” හැටියට 1993 නම් කළාවූ, යුරෝපීය ප්‍රජාව තුළ 3දෙනෙකුගෙන් 1කෙනෙකු සිටින්නේ 50වන විය පසුවූ තත්ත්වයකය. බොහෝ කාර්මික රටවල මෙන්, එහිද, උපත් සංඛ්‍යාවේ අඩුවීම හා ආයු කාලයේ වැඩිවීම ජනගහනයෙන් වැඩි කොටසක් මැදිවිය පසු කළ අයවලුන් බවට පත් කරයි. මෙවන් තත්ත්වයන් යටතේ වයස්ගත අයව රැකබලා ගැනීම පැහැදිලිවම භාරදූර කාර්යයකි. ප්‍රාචීන අතීතයේ කාරණා කොතරම් වෙනස්ව තිබුණේද!
“දැනුමේ ගබඩා”
ප්‍රාචීන පුරාතනයේ “වයස්ගත අයවලුන්ව ප්‍රඥාවේ හා උසස් දැනුමේ සාම්ප්‍රදායික සාරධර්ම රක්ෂා කරන්නන් හැටියට සලකනු ලැබූ බවත්, එම හේතුව නිසා ඔවුන්ගේ ඇසුර පතා, ඔවුන්ගෙන් ඉගෙන ගන්නා හැටියට බාලයන්ට අවවාද කරනු ලැබූ” බවත්, හැන්ට්වර්ටර්බුච් ඩෙස් බිබ්ලිෂන් ආල්ටර්ටූම්ස් ෆ්යූර් ගෙබිල්ඩෙටෙ බිබෙල්ලේසර් (උගත් බයිබල් පාඨකයන් උදෙසා බයිබලයේ පුරාතනය පිළිබඳ අත්පොත) සඳහන් කරයි. ස්මිත්’ස් බයිබල් ඩික්ෂනරි මෙසේ පැහැදිලි කරයි: “පෞද්ගලික ජීවිතයේ [වයස්ගත අයවලුන්ව] සලකනු ලැබුවේ දැනුමේ ගබඩා හැටියටය . . . [බාලයෝ] ඔවුන්ට සිය අදහස මුලින්ම ඉදිරිපත් කිරීමට ඉඩ දුන්හ.”
වයසට ගෞරව කිරීම මෝසෙස්ගේ නීතියේ ලෙවී කථාව 19:32හි පිළිබිඹු කොට තිබුණේ මෙසේය: “පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැගිට සිටපන්න, මහල්ලාගේ මුහුණට ගෞරවකරපන්න.” මෙසේ වයස්ගත අයවලුන් සමාජය තුළ වරප්රසාදිත තත්ත්වයක් දැරූ අතර සලකනු ලැබුවේ වටිනා සම්පතක් හැටියටය. මෝවබ් කාන්තාවක් වන රූත් සිය ඉශ්රායෙලිත නැන්දම්මා වන, නායොමිව සැලකුවේ, ප්රත්යක්ෂ ලෙස මෙසේය.
මෝවබ් සිට ඉශ්‍රායෙලයට නායොමි සමඟ යෑමට රූත් ස්ථිරව තීරණය කළ අතර, ඉන්පසුවද නායොමිගේ අවවාදයට ඈ සැලකිල්ලෙන් සවන් දුන්නාය. වරක් ඔවුන් බෙත්ලෙහෙමේ සිටි අතර කාරණා කෙරෙහි යෙහෝවඃවහන්සේගේ හස්තයේ මඟ පෙන්වීම තිබූ බව නිරීක්ෂණය කරමින්, රූත් හැසිරිය යුතු ආකාරය පිළිබඳව අනතුරුව ඇයට උපදෙස් දුන්නේ නායොමිය. (රූත් 2:20; 3:3, 4, 18) රූත් අද්දැකීම් ලත් නායොමිගෙන් ඉගෙන ගනිත්ම, ඇගේ ජීවිතය දිව්‍යාණ්ඩු ආකාරයකට හැඩ ගන්වනු ලැබීය. ඇගේ නැන්දම්මා අවබෝධයේ ගබඩාවක් බවට ඔප්පු වූවාය.
සමානාකාරයකින්, අද දවසේ යෞවන ක්‍රිස්තියානි කාන්තාවන්ට, සභාවේ වයස්ගත කාන්තාවන් සමඟ ඇසුරු කිරීමෙන් ප්‍රයෝජන අත්කර ගත හැකිය. ඇතැම්විට සහෝදරියක් විවාහය ගැන කල්පනා කරමින් නැතහොත් දැඩි පෞද්ගලික ගැටලුවක් සමඟ පොරබදිමින් සිටිනවා වන්නට පුළුවන. කාරණාව පිළිබඳ අද්දැකීම් ඇති මේරූ වයස්ගත සහෝදරියකගේ උපදෙස් හා සහාය ලබා ගැනීම කොතරම් ඥානවන්ත වනු ඇද්ද!
මීට අමතරව, තමන් අතර සිටින වයස්ගත අයගේ අද්දැකීම්වලින් ප්‍රයෝජන ගැනීමෙන් වැඩිමහල්ලන්ගේ මණ්ඩලයකට ප්‍රයෝජන අත්කර ගත හැකිය. මෙය කිරීමට ලොත්ගේ අසමත්කමෙන් අපට යමක් ඉගෙන ගත හැක. ආබ්‍රහම්ගේ සතුන්ගේ එඬේරුන් හා ලොත්ගේ සතුන්ගේ එඬේරුන් අතරේ සිදුවූ දබරයක් සෑම කෙනෙකුටම බලපාන්නාවූ තීරණයකට මඟ පෑදුවේය. මෙහිදී ලොත් අඥාන තේරීමක් කළේය. මුලින් ඔහු ආබ්‍රහම්ගේ උපදෙස් ඉල්ලා සිටියේ නම් කාරණා කොතරම් යහපත් වන්නට තිබුණාද! ලොත් මේරූ මඟ පෙන්වීම ලබන්නට ඉඩ තිබූ අතර ඔහුගේ ඉක්මන් තෝරගැනීමෙන් විපාකවූ දුක්ඛිත තත්ත්වයෙන් ඔහුගේ පවුල වළක්වා ගන්නට ඉඩ තිබුණි. (උත්පත්ති 13:7-13; 14:12; 19:4, 5, 9, 26, 29) ප්‍රශ්නයක් ගැන ඔබගේම විනිශ්චයට එළඹෙන්නට පෙර මේරූ වැඩිමහල්ලන් පවසන දෙයට ඔබ සාවධානව සවන් දෙනවාද?
පළමුවන ශතවර්ෂයේ විසූ සිමියොන් සහ ආනා මෙන්, අසංඛ්‍යාත වයස්ගත අයවලුන් තුළ යෙහෝවඃවහන්සේගේ සේවය සඳහා කල්පවතින ජ්වලිතයක් තිබේ. (ලූක් 2:25, 36, 37) ඉතා වයස්ගතව සිටියදී පවා, ඔවුන්ගේ ශක්තියේ පමණට සභාවේ කටයුතුවල ඔවුන්ව හවුල් කර ගැනීම, එවන් වයස්ගත අයවලුන්ට ඇති ගෞරවයේ සලකුණක් හා සැලකිලිමත් ආකල්පයේ විදහා පෙන්වීමක් වනු ඇත. ඇතැම්විට දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පැවරුමක් සූදානම් කිරීමට යෞවනයෙකුට උපකාරය අවශ්‍යව තිබෙනවා වන්නට පුළුවන. මෙහිදී පළපුරුද්දෙන් මෘදු වී තිබෙන ප්‍රඥාවක්, කරුණාවන්ත ස්වභාවයක්, මෙන්ම උපකාර කිරීමට කාලය ඇති සභාවේ වයස්ගත සාමාජිකයෙක් උචිත උපදේශකයා වනු ඇතැයි සභාවේ නිපුණ වැඩිමහල්ලෙක් තීරණය කළ හැකිය.
කෙසේවෙතත්, වයස්ගත අයවලුන්ගේ විශේෂ අවශ්‍යතාව සඳහා සැලකිල්ල දැක්වීමට වැඩියමක් අයත් වේ. බොහෝ දෙනෙක් තනිවූ තත්ත්වයෙන්, අපරාධවලට බියෙන් හා මූල්‍ය දුෂ්කරතාවලින් කරදර විඳිති. එපමණක්ද නොව, වයස්ගත අයවලුන් දුර්වල වන විට, රෝගී සෞඛ්‍ය තත්ත්වයෙන් හා තමන්ගේම ශක්තිය බෙලහීන වීම නිසා ඇති වන කලකිරීමෙන් මෙම ගැටලු සංකීර්ණ වේ. එවිට ඔවුන්ට වැඩි අවධානයක් අවශ්‍ය වේ. පෞද්ගලිකව මෙන්ම සමස්තයක් වශයෙන් සභාවක් හැටියට ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේද?
‘දේවභක්තිය ක්‍රියාවට නංවන්න’
පළමු ශතවර්ෂය තුළ, පාවුල් දේවානුභාවයෙන් 1 තිමෝති 5:4, 16හි මෙසේ ලිව්වේය: “යම් වැන්දඹු ස්ත්‍රියෙකුට දරුවෝවත් මුණුබුරෝවත් සිටිත් නම්, ඔව්හු පළමුකොට තමුන්ගේම පවුල ගැන භක්තිවන්ත ලෙස හැසිරෙමින් [කෙරෙහි දේව භක්තිය ක්‍රියාවට නංවමින්, NW] ස්වකීය මවුපියන්ට ප්‍රත්‍යුපකාරකරන්ට ඉගෙනගනිත්වා. මක්නිසාද ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නව තිබේ. යම් ඇදහිලිවන්තියෙකුට වැන්දඹු ස්ත්‍රීහු සිටිත් නම්, ඈ ඔවුන්ට උපකාර කරාවා, සභාව විසින් ඇත්තටම අසරණව සිටින වැන්දඹුවන්ට උපකාරකරන පිණිස අනික් අය ඒ සභාවට බර නොවෙත්වා.” වයස්ගත අයවලුන්ව රැකබලා ගැනීම පවුලේ වගකීමක් විය. තමාගේ පවුල විසින් කළ හැකි දේවල් කිරීමෙන් පසුත්, සභාවේ වයස්ගත සාමාජිකයෙක් අවශ්‍යතාවෙන් පෙළුණේ නම්, එම වගකීම රැඳුණේ සභාව මතය. මෙම ප්‍රතිපත්ති වෙනස්වී නැත.
තමන්ගේ පවුල් තුළම දේව භක්තිය ක්‍රියාවට නගමින් වයස්ගත අයවලුන් කෙරෙහි ක්‍රිස්තියානි ප්‍රේමය පෙන්වීමට ක්‍රිස්තියානින්ට උපකාර කර ඇත්තේ කුමක්ද? වයස්ගත අයවලුන් කෙරෙහි සැලකිල්ල දැක්වීමෙහි යම් අද්දැකීම් ඇති සාක්ෂිකරුවන් කීපදෙනෙක් විසින් ඉදිරිපත් කරන ලද පහත දැක්වෙන අදහස් සැලකිල්ලට ගන්න.
ආත්මික අවශ්‍යතාවන්ට නිතිපතා අවධානය යොමු කිරීම
“දිනපදය එකට සාකච්ඡා කිරීම මිල කළ නොහැකි උපකාරයක් විය” යයි සිය භාර්යාවට තමාගේ මව්පියන් රැකබලා ගැනීමට උපකාර කළ, ෆීලික්ස් සිහිපත් කරයි. “පෞද්ගලික අද්දැකීම් හා අභිලාෂයන් යෙහෝවඃවහන්සේගේ ප්‍රතිපත්ති සමඟ මිශ්‍ර කර තිබුණි.” ඇත්ත වශයෙන්ම, වයස්ගත ඥාතීන්ව රැකබලා ගැනීමේ අභියෝගය භාර ගැනීමේදී, මූලික සාධකයක් වනුයේ ඔවුන්ගේ ආත්මික ගුණඥානාභිවෘද්ධිය කෙරෙහි යුතු අවධානය යොමු කිරීමය. මතෙව් 5:3හි [NW] ඇති යේසුස් වහන්සේගේ මතු වදන් සලකා බැලීමේදී, මෙය තර්කානුකූලය: “තම ආත්මික අවශ්‍යතා ගැන සාවධානව සිටින්නෝ සන්තෝෂ ලද්දෝය.” බයිබලය කියවීමේ වැඩසටහනකින්, බයිබලය මත පදනම් ප්‍රකාශන සාකච්ඡාවකින් මෙන්ම යාච්ඤාවකින් දින පද සාකච්ඡාවට අමතර දෑ එකතු කරගත හැක. “වයස්ගත අය යම් ප්‍රමාණයක නිත්‍යතාවක් පැවැත්වීම ප්‍රිය කරන බවක් පෙනෙන්නට ඇත” යයි පීටර් පවසයි.
එසේය, ආත්මික කාරණාවලදී නිත්‍යතාව ඉතා වැදගත්ය. ආත්මික කාරණාවල පමණක් නොව දෛනික ජීවිතයේද විධිමත්භාවයක් පැවැත්වීම වයස්ගත අය අගය කරති. යම් සුළු බෙලහීනතාවකින් පෙළෙන අයවලුන්ට පවා “සෑම දිනකම ඇඳෙන් නැගිට, නිසි ලෙස ඇඳුම් ඇඳ ගැනීමට” උණුසුම්ව දිරිගැන්විය හැකි යයි උර්සුලා පවසන්නීය. ඇත්ත වශයෙන්ම, වයස්ගත අයවලුන්ට නියෝග කිරීමේ හැඟීම ඇති වීම වළක්වාලීමට අප කටයුතු කළ යුතුය. තමා හොඳ හිතින් දැරූ වෑයම් බොහෝවිට කනගාටුදායක ලෙස නිෂ්ඵල වී යයි ඩොරිස් පිළිගන්නීය. “මා හැම අතින්ම වැරදි කළා. දිනපතා ඔහුගේ කමිසය මාරු කරන්නැයි දිනක් මම මගේ පියාගෙන් ඉල්ලා සිටියා. එවිට මගේ මව මට සිහිපත් කළේ: ‘එයා තවමත් මගේ ස්වාමිපුරුෂයා!’ කියා”
වයස්ගත අයවලුන් යම් කලෙක යෞවනව සිටියද, යෞවනයන්ට වයස්ගත අයවලුන්ව අවබෝධ කරගෙන කටයුතු කිරීම භාරදූර කටයුත්තකි. එහෙත්, ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා තේරුම් ගැනීමට මූලික ක්‍රමය එයයි. වයසින් මහලු වීම බලාපොරොත්තු රහිතභාවය ගෙනදෙයි. ගෙර්හාට් මෙසේ පැහැදිලි කරයි: “ඔහු කරමින් සිටි සෑම දෙයක්ම ඔහුට තවදුරටත් කළ නොහැකිවූ නිසා මගේ මාමණ්ඩි තමා සමඟම කෝප වුණේය. තමාගේ තත්ත්වය පිළිගැනීම ඔහුට මහත්සේ වේදනාකාරී දෙයක් විය. ඔහුගේ පෞද්ගලිකත්වය වෙනස් විය.”
වෙනස් වන්නාවූ තත්ත්වයන් යටතේ, වයස්ගත කෙනෙකු විශේෂයෙන්ම තමාව රැකබලා ගන්නා අයවලුන්ව විවේචනය කිරීමෙන්, තමා තුළ වර්ධනයවූ බලාපොරොත්තු රහිතභාවයේ හැඟීම් පිට කිරීම අසාමාන්‍ය දෙයක් නොවේ. හේතුව සරලය. ඔවුන්ගේ ප්‍රේමනීය අවධානය ඔහුට සිහිගන්වන්නේ ඔහුගේ අඩුවන ශක්තිය පිළිබඳවය. මෙම අසාධාරණ විවේචනයට හෝ චෝදනාවට ඔබ ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේද?
මෙවන් නිෂේධාත්මක හැඟීම් ඔබගේ වෑයම් පිළිබඳව යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටිය විදහා නොපෙන්වන බව මතක තබා ගන්න. විටින් විට ඔබ අයුක්තිසහගත ප්‍රකාශයන් ලැබුවත්, දිගටම යහපත කරමින්, පවිත්‍ර හෘදය සාක්ෂියක් පවත්වා ගන්න. (1 පේතෘස් 2:19 සසඳන්න.) ළඟපාත සභාවට මහත් සහායක් ලබා දිය හැකිය.
සභාවට කළ හැකි දෙය
අපගේ ප්රේමනීයවූ වයස්ගත සහෝදර සහෝදරියන්ගේ අතීත වෑයම් සඳහා අතිශයින් කෘතඥපූර්වක වන්නට සභාවන් බොහොමයකට හේතු ඇත. දශක ගණනාවකට පෙර ප්‍රචාරකයන් කීපදෙනෙක් පටන් සභාව ගොඩනගමින්, ඇතැම්විට සභාව සඳහා අත්තිවාරම දැමුවේ ඔවුන් වන්නට පුළුවන. ඔවන්ගේ අතීත ජ්වලිත ක්‍රියාකාරකම් මෙන්ම, ඇතැම්විට, වත්මන් මූල්‍යමය උපකාරය නොමැතිව සභාව තිබෙනු ඇත්තේ මොන තත්ත්වයකද?
වයස්ගත ප්‍රචාරකයෙකු සම්බන්ධයෙන් වැඩිමනත් සැලකිල්ල දැක්වීම අත්‍යවශ්‍ය වන විට, එම වගකීම දැරිය යුත්තේ ඥාතීන් පමණක් නොවේ. අවශ්‍යතා සපයා ගැනීමට දේවල් කිරීමෙන්, ආහාර පිසීමෙන්, පිරිසිදු කිරීමෙන්, වයස්ගත තැනැත්තාව ඇවිදීමට රැගෙන යෑමෙන්, ක්‍රිස්තියානි රැස්වීම් සඳහා ප්‍රවාහණ පහසුකම් ලබාදීමට ඉදිරිපත් වීමෙන්, එසේත් නැතහොත් රාජ්‍යය ශාලාවේදී හුදෙක් ඔහු සමඟ කථා කිරීමෙන් අන්‍යයන්ට සහාය විය හැකිය. සියල්ලන්ට හවුල් වන්නට පුළුවන, කෙසේවෙතත් කාර්යක්ෂමතාව හා ක්රමචර්යාව වඩාත් හොඳින් අත්කර ගත හැක්කේ වෑයම් සම්බන්ධීකරණය කරනු ලබන විටය.
සම්බන්ධීකරණය වනාහි එඬේර බැලීම් සංවිධානය කරන විට, වැඩිමහල්ලන් මනසේ තබා ගත හැකි යමක් වන්නේය. ඇතැම් සභාවන් මේ සම්බන්ධයෙන් ආදර්ශවත්ය. ඒ කෙසේදයත්, මේවායේ වැඩිමහල්ලෝ තමන්ගේම පවුල් මගින් හොඳින් බලා ගනු ලබන අයවලුන්ද ඇතුළුව වයස්ගත මෙන්ම බෙලහීන අයවලුන් කරා විධිමත් එඬේර බැලීම් සිදුකරන බවට වගබලා ගනිති. කෙසේවෙතත්, වෙනත් සභාවන් වයස්ගත අයවලුන් කෙරෙහිවූ සිය බැඳිම සම්බන්ධයෙන් වඩාත් සාවධානව සිටිය යුතු බව පෙනෙන්නට ඇත.
සිය දිවියේ 80 ගණන්වල අපර භාගයේ විසූ, එක්තරා විශ්වාසවන්ත සහෝදරයෙක්, සිය දියණිය හා බෑනා විසින් බලා ගනු ලැබීය. එසේ කිරීම සඳහා ඔවුන් බෙතෙල් සේවය පවා අත්හැර තිබුණි. එසේ තිබියදීත්, සභාවේ වෙනත් සාමාජිකයන් කරන බැහැදැකීම් ඔහුට තවදුරටත් වැදගත් විය. “මා රෝගී අයවලුන් බැහැදකින්ට ගිය විට, මා ඔවුන් සමඟ යාච්ඤා කරනවා. එහෙත් කවරෙක්වත් මා සමඟ තවම යාච්ඤා කර නැහැ” යනුවෙන් ඔහු ශෝකය පළ කළේය. ඥාතීන්ගේ ප්‍රේමනීය සැලකිල්ල, ‘තමන් අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගැනීමට’ ඇති බැඳීමෙන් වැඩිමහල්ලන්ව නිදහස් කරන්නේ නැත. (1 පේතෘස් 5:2) එපමණක්ද නොව, වයස්ගත වූවන් සඳහා සැලකිල්ල දක්වන අයවලුන්, තමන් කරන කදිම ක්‍රියාව දිගටම කිරීමට ගොඩනැංවිය යුතුයි, දිරිගන්වනු ලැබිය යුතුය.
‘මහලුව හා තෘප්තිමත්ව’
මහලු වීම නිරස දෙයක් හැටියට තමාට නොහැඟුණේදැයි යෞවන කාන්තාවක් ඔහුගෙන් විමසූවිට, දහනමවන ශතවර්ෂයේ ජර්මානු විද්‍යාඥ, ඇලෙක්සැන්ඩර් වොන් හුම්බෝල්ට් සිටියේ සිය දිවියේ වයෝවෘද්ධ සමයේය. “ඔබ කියන එක හරි,” යනුවෙන් එම උගත් මිනිසා පිළිතුරු දුන්නේය. “ඒත් වැඩි කලක් ජීවත් වන්නට තිබෙන එකම ක්‍රමය එයයි.” සමානාකාරයෙන්, අදදින බොහෝ සහෝදර සහෝදරියෝ දීර්ඝ ජීවිතයක් ගත කිරීමේ ගෞරවයට විපාකයක් වශයෙන් මහලු වයසේ විපත් පිළිගැනීමෙහි කදිම ආදර්ශයක් තබා ඇත්තාහ. ඔවුන් විදහා පෙන්වන්නේ ‘මහලුව හා තෘප්තිමත්ව’ සිටි ආබ්‍රහම්, ඊසාක්, දාවිත්, මෙන්ම යෝබ් යනාදීන් විසින් පෙන්වන ලද ආකල්පයයි.—උත්පත්ති 25:8, NW උත් 35:29, NW; 1 ලේකම් 23:1, NW; යෝබ් 42:17, NW
මහලුවීම කරුණාවෙන් උපකාරය පිළිගැනීමෙහි හා අවංක ලෙස කෘතඥතාව ප්‍රකාශ කිරීමෙහි අභියෝගය ඉදිරිපත් කරයි. සෑම කෙනෙකුටම තමාගේ ශක්තියේ සීමාව පිළිගැනීම සඳහා ප්‍රඥාව අවශ්‍ය කරවයි. කෙසේවෙතත්, එය වයස්ගත වන කෙනෙකුව අක්‍රීය කෙනෙක් හැටියට පහත් කරනු ලබන්ට යන්නේ නැත. මාරියා දැන් 90කටත් වඩා බෙහෙවින් වයස්ව සිටියත්, ඈ තවදුරටත් සභා රැස්වීම්වලට සහභාගි වෙමින් අදහස් දක්වන්නීය. ඇය එය කරන්නේ කෙසේද? “මට තවදුරටත් කියවන්න බැහැ, ඒත් මම පටිගත මුරටැඹට සවන් දෙනවා. එහි කරුණු බොහොමයක් මට අමතක වෙතත්, මට සාමාන්‍යයෙන් එක් අදහසක්වත් ඉදිරිපත් කරන්න හැකි වෙනවා.” මාරියා මෙන්, වර්ධනය ගෙනදෙන දේවල නියැලී සිටීම ක්‍රියාශීලීව සිටින්නටත් ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය රඳවා ගැනීමටත් පුද්ගලයෙකුට උපකාරවත් වේ.
දේව රාජ්‍යය යටතේ, මහලු විය තවදුරටත් නොතිබෙනු ඇත. මෙම පිළිවෙළේ වයස්ගත වන්නාවූ මෙන්ම ඇතැම්විට මියයන්නාවූ අයවලුන්ට එම කාලයේදී තමන්ට පෙන්වන ලද සැලකිල්ල හා අවධානය පිළිබඳ ප්‍රිය මතකයන් තිබෙනු ඇත. එවන් වයස්ගත අයවලුන් ජීවිතය හා ශක්තිය යළි ලබා ගනිත්ම, යෙහෝවඃවහන්සේ කෙරෙහි ගැඹුරු ප්‍රේමයකුත්, මෙම පැරණි පිළිවෙළේ ඔවුන්ගේ පීඩාවන් තුළ ඔවුන් සමඟ ඇලී සිටි අයවලුන් කෙරෙහි මහත් කෘතඥතාවකුත් ඔවුන්ට ස්ථිර වශයෙන්ම හැඟෙනු ඇත.—ලූක් 22:28 සසඳන්න.
දැන් වයස්ගත වූවන් රැකබලා ගන්නා අයවලුන් ගැන කුමක් කිව හැකිද? ඉතා ඉක්මනින්ම, පොළොව කෙරෙහි රාජ්‍යය පූර්ණ පාලනය භාර ගන්නා විට, ඔවුහු තමන්ගේ වගකීමෙන් බැහැර නොවී, වයස්ගත අයවලුන්ට ක්‍රිස්තියානි ප්‍රේමය පෙන්වීමෙන් දේව භක්තිය ක්‍රියාවට නැංවූ බවට ප්‍රීතියෙන් හා සහනයෙන් යුක්තව හැරී බලනු ඇත්තාහ.—1 තිමෝති 5:4.
[30වන පිටුවේ කොටුව]
වයස්ගත වූවන් ඔබගේ බැහැදැකීම් අගය කරාවි
දේශනා සේවයෙන් පසු වයස්ගත කෙනෙකු, ඇතැම්විට විනාඩි 15ක පමණ කාලයක් තුළ බැහැදැකීමට සැලැස්මක් ඇතිකර ගැනීමෙන්, මහත් යහපතක් ඉටු කරගත හැකිය. එහෙත් පහත අද්දැකීම පෙන්වන ආකාරයට, එවන් බැහැදැකීම් අහම්බෙන් කරන තත්ත්වයකට පත්කර නොගැනීම වඩාත් හොඳය.
බ්‍රිජිට් හා හාන්නෙලොරෙ, වයස්ගත තැනැත්තෙකුව නිවසේ සාකච්ඡාවට යොදා ගනිමින්, එක්ව දේශනා කරමින් සිටියහ. ඔහුද එම සභාවේම සාමාජිකයෙකු, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු බව සොයා ගැනීමට කලින්, මෙම සහෝදරියන් විනාඩි පහක් ඔහු සමඟ කථා කර තිබුණි. කොතරම් ලජ්ජාසහගත තත්ත්වයක්ද! එහෙත් එම අද්දැකීම අවසන් වූයේ ඒකාන්ත ආකාරයකින්ය. එම සහෝදරයාව බැහැදැකීමටත් සභාවේ රැස්වීම්වලට යෑමට ඔහුට සහාය වීමටත් හාන්නෙලොරෙ ඉක්මනින් සැලසුම් යෙදුවාය.
ඔබ දේශනා කරන ක්ෂේත්රයේ ජීවත්වන සෑම වයස්ගත ප්රචාරකයෙකුගේම නම හා ලිපිනය ඔබ දන්නවාද? කෙටි බැහැදැකීමක් කරන්නට ඔබට සැලසුම් කළ හැකිද? එය බොහෝ දුරට අගය කරනු ලබනවා ඇත.