ඔබ සමාව දීමට කැමතිද?
බිල්ට සහ ඔහුගේ 16 හැවිරිදි දියණිය ලීසාට, එකට කල්යැවීම දුෂ්කර දෙයක් විණි. ඔවුන් දෙදෙනා අතර සුළු සුළු දේවල් සම්බන්ධයෙන් එකඟ නොවීම්, නිතරම පාහේ කෑ මොර දෙන ගැටුම් බවට වර්ධනය විණි. අන්තිමේදී, මෙම ආතතිය කොතරම් උග්‍ර වූයේද යත්, නිවසින් පිටව යන ලෙස ලීසාගෙන් ඉල්ලා සිටින ලදි.a
යම් කලකට පසුව, වරද තමා අතේ බව වටහා ගත් ලීසා, තම පියාගෙන් සමාව සෙව්වාය. එහෙත්, ලීසා මීට පෙර කරන ලද වැරදි නොසලකා හරිනවා වෙනුවට, දැඩි අප්‍රසන්නතාවකින් සිටි ඇගේ පියා සමාදානය ඇති කරගැනීමට ඇය දැරූ උත්සාහයන් ප්‍රතික්ෂේප කළේය. කල්පනා කර බලන්න! ඔහු දයාව පෙන්වීමට අකමැත්තෙන් සිටියේ තමාගේම දියණියටය!
මීට සියවස් ගණනකට පෙර, තමා නොකළ අපරාධයක් හේතුකොටගෙන එක් නිර්දෝෂී මනුෂ්‍යයෙකු මරණයට තීන්දු කරන ලදි. සාක්ෂිකරුවන් බොරු සාක්ෂි ඉදිරිපත් කළ අතර, දේශපාලන නිලධාරීහු තම හිස් ඉවතට හරවාගෙන යුක්තියට සිය ඇස් වසා සිටියෝය. එම අහිංසක මනුෂ්‍යයා වූයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි. උන්වහන්සේ මියයෑමට මොහොතකට පෙර, උන්වහන්සේ යාච්ඤාපූර්වකව දෙවියන්වහන්සේගෙන් මෙසේ ඉල්ලා සිටිසේක: “පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔව්හු නොදනිති.”—ලූක් 23:34.
යේසුස්වහන්සේ තම හදවතින්ම සිය කැමැත්තෙන් සමාව දුන්සේක, එමෙන්ම මේ සම්බන්ධව උන්වහන්සේ අනුකරණය කිරීමට සිය අනුගාමිකයන්ගෙන් උදක්ම ඉල්ලා සිටින ලදි. (එපීස 4:32) කෙසේවුවද, බොහෝ දෙනෙක්, කිසිදු අනුකම්පාවකින් තොරව බිල් මෙන් සමාව දීමට අකමැතිව සිටිත්. මේ සම්බන්ධයෙන් ඔබ සිටින්නේ කොතැනද? අන්‍යයන් ඔබට එරෙහිව පව්කරන විට ඔවුන්ට සමාව දීමට ඔබ කැමැත්තෙන් සිටින්නෙහිද? බරපතළ පව් ගැන කුමක් කිව හැකිද? මේවාටත් සමාව දිය යුතුද?
සමාව දීම අභියෝගයකි
සමාව දීම සෑමවිටම පහසු දෙයක් නොවන බව සැබෑවකි. තවද මෙම අර්බුදකාරි කාලවල, මිනිස් සබඳතා වෙන කවරදාටත් වඩා බොහෝ සෙයින් ගැටලුසහගත තත්ත්වයකට පත් වී තිබේ. විශේෂයෙන්ම පවුල් ජීවිතය බොහෝ විට වෙහෙසකාරි පීඩනවලින් ගහණය. මෙම “අන්තිම දවස්වලදී” එවැනි තත්ත්වයන් හාත්පස පැතිර පවත්වනු ඇති බව බොහෝ කලකට පෙර, ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් කියා සිටියේය. ඔහු පැවසුවේ මෙසේයි: “මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පරාට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, . . . යහපතට ප්‍රේමනොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව” වන බවය.—2 තිමෝති 3:1-4.
එසේ නම්, අන්‍යයන්ට සමාව දීමට තිබෙන අපගේ හැකියාවන් පරීක්ෂණයට භාජන කරන බාහිර බලවේගවලට අනිවාර්යයෙන්ම අපි සියල්ලෝම මුහුණ දෙමු. මීට අමතරව, අපි අභ්‍යන්තර බලවේග සමඟද පොරබදන්නෙමු. පාවුල් මෙසේ තැවුණේය: “මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි. ඉඳින් මම කැමති නැති දේ කරම් නම්, ඒක කරන්නේ මා නොව මා තුළ වාසයකරන පාපයය.” (රෝම 7:19, 20) ප්‍රතිඵලයක් වශයෙන්, සමාව දුන්නාය කියා අප සිතූ තරම්ම අපගෙන් බොහෝ දෙනෙකු සමාව දී නොමැත. ඊටත් වඩා, අපට උරුම වී ඇති අසම්පූර්ණකම සහ පාපය අප සියල්ලන් කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරන අතර, සෙසු මිනිසුන් සඳහා අපට ඇති දයානුකම්පාව ඇතැම් විට අපගෙන් සොරාගනී.
කුඩා වරදකට තවත් කෙනෙකුට සමාව දෙන මෙන් දිරිගන්වනු ලැබූ එක් ස්ත්‍රියක් මෙසේ ප්‍රතිචාර දැක්වූවාය: “සමාව දීමට ගන්නා ප්‍රයත්නය තරමට කිසිකෙනෙක් වටින්නේ නැහැ.” මතුපිටින් බලන කල, එවැනි අදහසක් නොසැලකිලිමත්, අනුකම්පා විරහිත, එමෙන්ම නින්දාසහගත යමක් සේ පෙනී යා හැකිය. කෙසේවෙතත්, මෙය ගැඹුරට සලකා බලන කල, බොහෝ අය විසින් ආත්මාර්ථකාමී, නොසැලකිලිමත්, හා එදිරිවාදි යයි දකින ලෝකයකට ඔවුන් මුහුණ දෙන විට ඔවුන්ට දැනෙන කලකිරීම ඉන් හෙළිවෙයි. එක් මිනිසෙක් මෙසේ පැවසුවේය: “ඔබ මිනිසුන්ට සමාව දෙන විට ඔවුන් ඔබගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. එය හරියට පය පිහදමන්නට පාපිස්නක් හැටියට පාවිච්චි කරනු ලබනවා වගේ.”
එසේ නම්, මෙම අන්තිම දවස්වලදී සමාව දෙනසුලු ආකල්පයක් වගා කිරීම දුෂ්කර දෙයක් වීම ගැන පුදුම වෙන්නට දෙයක් නැත. එහෙත්, බයිබලය අප දිරිගන්වන්නේ කාරුණිකව සමාව දෙන ලෙසටයි. (2 කොරින්ති 2:7 සසඳන්න.) අප සමාව දිය යුත්තේ මන්ද?
[පාදසටහන්වල]
a නම් වෙනස් කර ඇත.