‘දෙවියන්වහන්සේට මා වැදගත්ද?’
“මා වැදගත්ද? දෙවියන්වහන්සේ සලකනසේක්ද?” ක්රිස්ටිඇනිටි ටුඩේ නම් සඟරාවක පළවූ ලිපියක, මාතෘකාවේ එසේ කියවීමට තිබිණ. “ලේඛකයෙක් වශයෙන් මගේ වෘත්තියෙන් වැඩි හරියක්ම, වේදනාව නමැති ගැටලුව වටා ගෙතී තිබෙනවා,” කියා එම ලිපියේ කර්තෘ වන ෆිලිප් යැන්සි පවසයි. “මා නැවත නැවතත් එම ප්රශ්නවලට පැමිණියේ, හරියට කිසිදිනක හොඳින් සුව නොවන තුවාලයක් පාරවනවා වාගෙයි. මගේ පොත් කියවන අයගෙන් මට තොරතුරු අසන්ට ලැබෙන අතර, ඔවුන්ගේ දුක් සහිත කතාන්තර මගේ සැකවලට සහතිකයක් ලබා දෙනවා.”
ඔබගේ ජීවිතය ගැන දෙවියන්වහන්සේ දක්වන උනන්දුව සම්බන්ධයෙන් ඔබත් සමහරවිට කල්පනා කර තිබෙනවා විය හැක. ආහ්, “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්රයාණන් දෙන තරම් ලෝකයාට ප්රේමකළසේක,” යනුවෙන් යොහන් 3:16හි සඳහන් දේ ඔබ හොඳින් දැන සිටිනවා විය හැක. එසේ නැතහොත්, යේසුස්වහන්සේ “බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ට” ආවේය කියා සඳහන් කර තිබෙන මතෙව් 20:28 කියවා තිබෙනවා විය හැක. එහෙත් ඔබ මෙසේ ඇසිය හැක, ‘දෙවියන්වහන්සේට මාව පෙනෙනවාද? පුද්ගලයෙකු වශයෙන් උන්වහන්සේ මට සැලකිල්ල දක්වනසේක්ද?’ අප දකින්ට යන ආකාරයට, උන්වහන්සේ එසේ කරන බව විශ්වාස කිරීමට හොඳ හේතු තිබේ.