මයිකල් ෆැරඩේ—විද්‍යාඥයෙක් හා ඇදහිල්ලේ මනුෂ්‍යයෙක්
“විදුලි බලයේ පියා.” “මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම පරීක්ෂණාත්මක විද්‍යාඥයා.” මේවා, 1791දී එංගලන්තයේ උපත ලැබූ මයිකල් ෆැරඩේ පිළිබඳව කළ විස්තරයන් දෙකකි, තවද විද්‍යුත් චුම්බක ප්‍රේරණය සම්බන්ධයෙන් ඔහුගේ සොයාගැනීම විදුලි මෝටර ඇතිවීමට සහ බලය ජනනය කිරීමට මඟ පෑදුවේය.
ෆැරඩේ, ලන්ඩනයේ ද රොයල් ඉන්ස්ටිටියුෂන්හි, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව පිළිබඳ බොහෝ දේශන පැවැත්වූයේය. විද්‍යාව පතළ කිරීම සඳහා වූ ඔහුගේ දේශන, සංකීර්ණ සංකල්ප වටහාගැනීම සඳහා යෞවනයන්ට උපකාර කළේය. අසංඛ්‍යාත විශ්වවිද්‍යාලවලින් ඔහුට ගෞරව පිරිනැමීම් ලැබිණ. එහෙත් ඔහු ප්‍රසිද්ධිය ලබාගැනීමෙන් වැළකී සිටියේය. ඔහු ආගමට ඉතා ලැදි මනුෂ්‍යයෙක් වූ අතර, කාමර තුනකින් යුත් තම නවාතැනේ නිදහසේ තම පවුලේ හා සෙසු ඇදහිලිවන්තයන්ගේ ආශ්රයෙන් උපරිම සන්තෝෂය ලැබූ පුද්ගලයෙකි. “සැන්ඩමනියන්වරුන් ලෙස . . . හැඳින්වූ ඉතා කුඩා මෙන්ම අපහාසයට ලක් කළ ක්‍රිස්තියානි නිකායක්” ලෙස ඔහු විස්තර කරන නිකායකට ෆැරඩේ අයත්ව සිටියේය. ඔවුහු කවරහුද? ඔවුන් විශ්වාස කළේ මොනවාද? තවද මෙය ෆැරඩේට බලපෑවේ කෙසේද?
සැන්ඩමනියන්වරු
“ෆැරඩේ පවුල සහ සැන්ඩමනියන් පල්ලිය අතර පැවති මුල් සම්බන්ධය, මයිකල් ෆැරඩේගේ ආච්චි සහ සීයා මගින් ස්ථිර කරනු ලැබූ” බව මයිකල් ෆැරඩේ: සැන්ඩමනියන් ඇන්ඩ් සයන්ටිස්ට්හි කර්තෘ ජෙෆ්රි කැන්ටර් සඳහන් කරයි. සැන්ඩමනියන්වරුන්ගේ විශ්වාසයට අනුබල දුන් ආශ්‍රිතයන් සිටි එංගලන්ත සභාවිරෝධී සංචාරක දේවසේවකයෙකුගේ අනුගාමිකයන් සමඟ ඔවුහු ඇසුරු කළෝය.
රොබර්ට් සැන්ඩමන් (1718-71), එඩින්බර්ග්හි, ගණිතය, ග්‍රීක් හා වෙනත් භාෂා අධ්‍යයනය කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වූ අතර, දිනක් ඔහු කලින් ප්‍රෙස්බිටේරියානු දේවගැති ලෙස සිටි ජෝන් ග්ලාස්ගේ දේශනා කිරීමකට සවන් දුන්නේය. ඔහුට ඇසුණු දේවල්, ඔහුව විශ්වවිද්‍යාලයෙන් ඉවත්වීමට මෙන්ම, තම නිවස පිහිටි පර්ත් වෙත පැමිණ, ජෝන් ග්ලාස් හා ඔහුගේ ආශ්‍රිතයන් සමඟ එකතුවීමට සැලැස්වූයේය.
එක්දහස් හත්සිය විසිගණන්වලදී, ජෝන් ග්ලාස් ස්කොට්ලන්ත සභාවේ ඇතැම් ඉගැන්වීම් සැක කිරීමට පටන්ගෙන තිබිණ. දේවවචනය සම්බන්ධයෙන් ඔහුගේ අධ්‍යයනය, බයිබලයේ සඳහන් ඉශ්රායෙල් ජාතිය, බොහෝ ජාතීන්ගෙන් පැමිණෙන පුරවැසියන්ගෙන් යුත් ආත්මික ජාතියක් උදාහරණය කොට දැක්වූ බවට නිගමනය කිරීමට මඟ පෑදුවේය. එක් එක් ජාතිය සඳහා වෙන් වූ සභාවක් තිබීම යුක්තිසහගත බව ඔහුට කොතැනකින්වත් සොයාගැනීමට නොහැකි විය.
ස්කොට්ලන්තයේ ඩර්න්ඩී නගරයට පිටතින් ටීලිංහි පිහිටි සිය සභාවේ ඉගැන්වීම් සමඟ තවදුරටත් එකඟ විය නොහැකිව, ග්ලාස්, ස්කොට්ලන්ත සභාවෙන් ඉවත් වී තමන්ගේම රැස්වීම් සංවිධානය කළේය. මනුෂ්‍යයන් සියදෙනෙකු පමණ ඔහුට එකතු වූ අතර, ආරම්භයේ පටන්ම ඔවුන්ගේ පදවිය තුළ එකමුතුකම පවත්වාගැනීමේ අවශ්‍යතාව ඔවුන්ට හැඟිණ. තමන් අතරේ ඇති විය හැකි ඕනෑම මතභේදයක් නිරාකරණය කිරීම සම්බන්ධයෙන්, මතෙව් 18වන පරිච්ඡේදයේ 15වන පදයේ සිට 17වන පදය දක්වා වාර්තා කර ඇති ක්‍රිස්තුස්වහන්සේගේ උපදෙස් අනුගමනය කිරීමට ඔවුහු තීරණය කළෝය. පසුව, ඔවුහු යාච්ඤා කිරීමට හා අනුශාසනා ලබාගැනීම සඳහා එවැනිම ඇදහිල්ලක් තිබූ අය එක්රැස්වූ සතිපතා රැස්වීම් පැවැත්වූහ.
විවිධ කණ්ඩායම්වලින් යුත් රැස්වීම්වලට යම් ප්‍රමාණයකට මනුෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් නොකඩවා පැමිණීමට පටන්ගත් විට, ඔවුන්ගේ නමස්කාරය අධීක්ෂණය කිරීම සඳහා වගකීම් ඉසිලිය හැකි පුරුෂයන් අවශ්‍ය වූයේය. එහෙත් සුදුසුකම් ලැබුවේ කවරෙකුද? මේ විෂය සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් ලියූ දේ පිළිබඳව ජෝන් ග්ලාස් හා ඔහුගේ ආශ්‍රිතයෝ විශේෂ අවධානයක් යොමු කළහ. (1 තිමෝති 3:1-7; තීතස් 1:5-9) විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් පිළිබඳව හෝ හෙබ්‍රෙව් හා ග්‍රීක් භාෂා වටහාගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් හෝ කිසිදු සඳහන් කිරීමක් ඔවුන් සොයාගත්තේ නැත. එනිසා ශුද්ධ ලියවිලි මාර්ගදර්ශක මත යාච්ඤාපූර්වකව මෙනෙහි කිරීමෙන් පසු, ඔවුහු සුදුසුකම් ලත් පුරුෂයන්ව වැඩිමහල්ලන් ලෙස පත් කළෝය. “රෙදි වියන යන්ත්‍රය, ඉඳි කටුව හෝ නගුල භාවිතකරන්නන්ගෙන් ජනිත වූ” නූගත් මනුෂ්‍යයන්, බයිබලය වටහාගන්නා බව ඇඟවීම හා එහි පණිවිඩය දේශනා කිරීම “දේවාපහාසය තරම් වූ යමක් වශයෙන්” ස්කොට්ලන්ත සභාවට පක්ෂපාත වූ අය සැලකුවෝය. වර්ෂ 1733දී, ග්ලාස් හා ඔහුගේ සෙසු ඇදහිලිවන්තයන් පර්ත් නගරයෙහි තමන්ගේම රැස්වීම් ශාලාව ගොඩනඟද්දී, ඔවුන්ව නගරයෙන් පලවාහැරීම සඳහා මහේස්ත්රාත්වරුන්ව පීඩනයට ලක් කිරීමට ප්‍රාදේශීය පූජක පක්ෂය වෑයම් කළේය. ඔවුන් අසමත් වූ අතර, එම ව්‍යාපාරය වර්ධනය විය.
රොබර්ට් සැන්ඩමන් ග්ලාස්ගේ වැඩිමල් දියණියව විවාහ කරගත් අතර, ඔහු වයස අවුරුදු 26දී, ග්ලාස්වාදීන්ගේ පර්ත් නගරයේ පිහිටි සභාවේ වැඩිමහල්ලෙක් බවට පත් වූයේය. වැඩිමහල්ලෙකු වශයෙන් ඔහුට බැරෑරුම් වගකීමක් තිබූ නිසා, ඔහුගේ සම්පූර්ණ කාලයම දේවගැති සේවය සඳහා කැප කිරීමට ඔහු තීරණය කළේය. රොබර්ට්ගේ බිරිඳ මියගියායින් පසු, ඔහු “තමාව අවශ්‍ය කරන ඕනෑම ස්ථානයකට ගොස් ස්වාමීන්වහන්සේට සේවය කිරීම සඳහා ප්‍රීතියෙන් කැමැත්ත පළ කළ” බව ජීවලේඛන දළ සටහනක දැක්වේ.
සැන්ඩමනියන්වාදය පැතිරේ
සැන්ඩමන් ජ්වලිතව ස්කොට්ලන්තයේ සිට එංගලන්තය දක්වා සිය දේවසේවය ව්‍යාප්ත කළ අතර, එම ස්ථානවල සෙසු ඇදහිලිවන්තයන්ගෙන් යුත් නව කණ්ඩායම් වර්ධනය විය. ඒ කාලයේදී, ඉංග්‍රීසි කැල්වින්වාදීන් අතර මතභේද පැතිර තිබුණේය. ඔවුන්ව ගැළවීම ලබාගැනීම සඳහා පූර්වයෙන් නියම කර තිබූ බව සමහරු විශ්වාස කළෝය. අනික් අතට, සැන්ඩමන් ඇදහිල්ල පූර්ව අවශ්‍යතාවක් බව කියා සිටි අයගේ පැත්ත ගත්තේය. මෙම දෘෂ්ටියට සහයෝගයක් වශයෙන්, හතර වාරයක් මුද්‍රණය කරනු ලැබූ හා අමෙරිකානු සංස්කරණ දෙකකද දකින්ට තිබූ පොතක් ඔහු ප්‍රකාශයට පත් කළේය. ජෙෆ්රි කැන්ටර් සඳහන් කරන පරිදි, “ස්කොට්ලන්තයේ කුඩා ප්‍රදේශයකට සීමා වෙමින් ඇරඹූ [සැන්ඩමනියන්] නිකායේ පුළුල්ව පැතිර යෑමට හේතු වූ එකම අතිවැදගත් සිද්ධිය වූයේ” මෙම ප්රකාශනයේ වෙළුමය.
වර්ෂ 1764දී, වෙනත් ග්ලාස්වාදී වැඩිමහල්ලන් සමඟ සැන්ඩමන් අමෙරිකාවට ගමන් කළ අතර, එය මහත් මතභේද හා විරුද්ධවාදිකම් ඇවිස්සූ බැහැදැකීමක් විය. කෙසේවෙතත්, කර්නෙටිකර්ට්හි ඩැන්බෙරි නගරයේ ඒ හා සමාන අදහස් දැරූ ක්‍රිස්තියානි කණ්ඩායමක් පිහිටුවනු ලැබීම එහි ප්‍රතිඵල විය.a එහිදී, 1771දී සැන්ඩමන් මියගියේය.
ෆැරඩේගේ ආගමික විශ්වාස
යෞවන මයිකල් සිය දෙමාපියන්ගේ සැන්ඩමනියන් ඉගැන්වීම් අනුගමනය කළේය. බයිබලය ඉගැන්වූ දේවල් පිළි නොපදින අයගෙන් සැන්ඩමනියන්වරුන් තමන්වම වෙන් කර තබාගත් බව ඔහු ඉගෙනගත්තේය. නිදසුනක් වශයෙන්, ඔවුහු එංගලන්ත සභාවේ විවාහ පූජාවලට සහභාගි වීම ප්‍රතික්ෂේප කළ අතර, ඔවුන් ප්‍රිය කළේ තම විවාහ මංගල්‍ය උත්සවයන් නීතිමය වශයෙන් අවශ්‍ය කරන දෙයට පමණක් සීමා කිරීමටය.
ආණ්ඩුක්රමවලට යටත් වී, දේශපාලනය සම්බන්ධයෙන් මධ්‍යස්ථභාවය රැකීම සැන්ඩමනියන්වරුන්ගේ ලක්ෂණයක් විය. ඔවුන් ප්‍රජාවේ වැදගත් සාමාජිකයන් වුවත්, ප්‍රජා තනතුරු පිළිගත්තේ කලාතුරකිනි. එහෙත් ඔවුන් එය පිළිගත් අවස්ථා කිහිපය තුළදී, ඔවුහු දේශපාලන පක්ෂයන්ට සම්බන්ධ වීමෙන් වැළකී සිටියෝය. මෙම ස්ථාවරය පවත්වාගැනීම, ඔවුන් මත නින්දාවක් ඇති කළේය. (යොහන් 17:14, සසඳන්න.) දෙවියන්වහන්සේගේ ස්වර්ගික රාජ්‍යය, ආණ්ඩුක්රමය සඳහා ඇති පරිපූර්ණ විධිවිධානය බව සැන්ඩමනියන්වරු විශ්වාස කළෝය. ඔවුන් දේශපාලනය සැලකුවේ, “සදාචාරය අතින් පිරිහුණාවූ නොවැදගත්, නීච උපායක්” ලෙස බව කැන්ටර් සඳහන් කරයි.
වෙනත් අයගෙන් වෙන් වී සිටියත්, ඔවුන් ඵරිසිවරුන්ගේ ආකල්ප පිළිගත්තේ නැත. ඔවුහු මෙසේ ප්‍රකාශ කළෝය: “බොහෝ පාප සිදු කිරීමෙන් හෝ ශුද්ධ ලියවිලිවල පනවා ඇති යුතුකම්වලට අමතර යුතුකම් පැනවීමෙන් වැළකී සිටීම, ඉපැරණි ඵරිසිවරුන්ගේ ස්ප්‍රීතුව සහ පිළිපැදීම්වලින් වැළකී සිටීම හා මනුෂ්‍ය සම්ප්‍රදායන් හෝ තර්කානුකූල වංචාවන් මගින් දිව්‍ය ප්‍රමිති අවලංගු කිරීමෙන් වැළකී සිටීම අතිශයෙන්ම අවශ්‍ය යමක් බව අපට වැටහේ.”
බේබද්දෙකු, කොල්ලකාරයෙකු, වේශ්යාකම්කරන්නෙකු හෝ වෙනත් බරපතළ පාපවල යෙදී සිටින ඔවුන්ගේ ඕනෑම සාමාජිකයෙකුව, සභා ආශ්රයෙන් කපාහැරීමේ ශුද්ධ ලියවිලිමය ව්‍යවහාරය ඔවුහු පිළිගත්තෝය. පව්කාරයා සැබවින්ම පසුතැවිලිවනවා නම්, ඔහුව නැවත පිහිටුවීමට ඔවුහු උත්සාහ කළෝය. එසේත් නැතහොත්, “දුෂ්ටයා නුඹලා අතරෙන් පහකරපල්ලා” යන ශුද්ධ ලියවිලිමය නියෝගය ඔවුහු අනුගමනය කළෝය.—1 කොරින්ති 5:5, 11, 13.
රුධිරයෙන් වැළකී සිටින්න යන බයිබල් ආඥාවට සැන්ඩමනියන්වරු කීකරු වූහ. (ක්‍රියා 15:28, 29) දෙවියන්වහන්සේ පළමු මනුෂ්‍යයන්ට යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් ඵල කෑමෙන් වැළකී සිටීමට ආඥා කර තිබුණා හා සමානව, රුධිරය මත පනවා තිබෙන සීමා තහංචියට කීකරු වීමට දෙවියන්වහන්සේගේ ජනයා බැඳී සිටින බවට ජෝන් ග්ලාස් තර්ක කර තිබිණ. (උත්පත්ති 2:16, 17) රුධිරය සම්බන්ධ ආඥාවට අකීකරු වීම, ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය නිසියාකාරව භාවිත කිරීම, එනම් පව් සමා කිරීම ප්‍රතික්ෂේප කිරීමට සමාන වූයේය. ග්ලාස් මෙසේ නිගමනය කළේය: “රුධිරය අනුභව කිරීමේ මෙම තහනම, සෑමවිටම මෙන්ම තවමත් ශ්‍රේෂ්ඨතම හා උසස්ම වැදගත්කමකින් යුක්ත වේ.”
සැන්ඩමනියන්වරුන්ගේ ශුද්ධ ලියවිලි විමර්ශනය කිරීම, බොහෝ බොරුවළවල්වලින් වැළකී සිටීමට ඔවුන්ට උපකාර කළේය. නිදසුනක් වශයෙන්, විනෝදාස්වාදය යන කාරණය සම්බන්ධයෙන් ඔවුහු මාර්ගදර්ශකයන් වශයෙන් ක්‍රිස්තුස්වහන්සේගේ උපදෙස් මත රඳා සිටියෝය. “ක්‍රිස්තුස්වහන්සේ පනවා නැති නීති පැනවීම හෝ උන්වහන්සේ පනවා ඇති ඒවා ඉවත් කිරීම හෝ අප කිසිසේත් නොකළ යුතුය” කියා ඔවුහු පැවසූහ. “එබැවින් අපට ප්‍රසිද්ධ හෝ පෞද්ගලික විනෝදාස්වාද තහනම් කර තිබෙන බව සොයාගැනීමට නොහැකි බැවින්, ඇත්තෙන්ම පව්කාර තත්වයන් සමඟ සම්බන්ධ නොවන ඕනෑම විනෝදාස්වාදයක් නීති ගරුක ලෙස අපි සලකන්නෙමු.”
සැන්ඩමනියන්වරුන්ට ශුද්ධ ලියවිලි මත පදනම් බොහෝ නිවැරදි අදහස් තිබුණත්, සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුන්වා දෙන ක්‍රියාකාරකම, එනම් සෑම කෙනෙකුම වෙනත් අයට රාජ්‍ය ශුභාරංචිය දේශනා කළ යුතුය යන්නෙහි වැදගත්කම ඔවුන් වටහාගත්තේ නැත. (මතෙව් 24:14) එහෙත්, ඔවුන්ගේ රැස්වීම් සියලුදෙනාටම විවෘතව තිබූ අතර, එහිදී ඔවුන්ගේ බලාපොරොත්තුව ගැන අසා සිටි සියලුදෙනාටම පිළිතුරක් ඉදිරිපත් කිරීමට ඔවුහු උත්සාහ කළෝය.—1 පේතෘස් 3:15.
විද්‍යාඥ මයිකල් ෆැරඩේට මෙම විශ්වාස රටාව බලපෑවේ කෙසේද?
ෆැරඩේ නම් සැන්ඩමන්වරයා
තම විශිෂ්ට සොයාගැනීම්වලට ගරු කරනු ලැබූ, උත්සව පවත්වනු ලැබූ, ඉතා උසස් කොට සලකනු ලැබූ මයිකල් ෆැරඩේ සරල ජීවිතයක් ගත කළේය. සුප්‍රකට මනුෂ්‍යයන් මියගිය විට හා ඔවුන්ගේ අවමංගල්‍ය උත්සවවලට ප්‍රසිද්ධ ජීවිත ගත කරන අයගේ සහභාගි වීම අපේක්ෂා කරනු ලැබූ විට, ෆැරඩේ එයට නොපැමිණීම සම්බන්ධයෙන් කැපීපෙනෙන කෙනෙකු වූ අතර, එංගලන්ත සභා පූජාවකට සහභාගි වී එයට සම්බන්ධ වීමට ඔහුගේ හෘදය සාක්ෂිය ඔහුට ඉඩ දුන්නේ නැත.
විද්‍යාඥයෙක් වශයෙන්, සත්‍යයන් ලෙස තමන්ට දැක්විය හැකි දෙයට ෆැරඩේ සමීපව ඇලී සිටියේය. මෙලෙස තමන්ගේ කල්පනාවට අනුබල දුන් මෙන්ම කාරණා සම්බන්ධයෙන් පැතිගත් උගත් පුරුෂයන් සමඟ සමීපව ආශ්‍රය කිරීමෙන් ඔහු වැළකී සිටියේය. ඔහු එක් අවස්ථාවක ප්‍රේක්ෂකයන්ට පැවසූ පරිදි, ‘මූලික සත්‍යයක් කිසිදිනක අපව අසමත් කරන්නේ නැත, එහි සාක්ෂි සැමවිටම සත්යව පවතී.’ විද්‍යාව ‘පරෙස්සමින් නිරීක්ෂණය කරනු ලැබූ සත්‍යයන් මත’ රඳා පවතින යමක් ලෙස ඔහු ගෙනහැර දැක්වූයේය. ස්වභාවධර්මයේ මූලික බලවේග මත පදනම් එක් ඉදිරිපත් කිරීමක් අවසන් කරමින්, “මේවා මැව්වාවූ තැනැන්වහන්සේ” සම්බන්ධයෙන් මෙනෙහි කිරීමට ෆැරඩේ තම ප්‍රේක්ෂකයන්ට දිරිගැන්වූයේය. ඉන්පසුව ඔහු ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල්ව උපුටා දැක්වූයේය: “ලෝකය මැවූ තැන් සිට, ඇසට නොපෙනෙන උන් වහන්සේගේ දිව්‍ය ලක්ෂණ වන උන් වහන්සේගේ සදාතන බලමහිමයත් දේවත්වයත් ඔවුන්ගේ මනසට පෙනී යන පරිදි උන් වහන්සේගේ මැවිලිවලින් ප්‍රකාශ කර ඇත.”—රෝම 1:20, නව අනුවාදය.
වෙනත් බොහෝ විද්‍යාඥයන්ගෙන් බෙහෙවින් වෙනස්ව ෆැරඩේව වෙන් කර තැබූවේ කුමක්ද කිවහොත්, එය වනාහි, දේවානුභාවය ලත් ලියවිල්ල මෙන්ම ස්වභාවධර්මයේ ලියවිල්ලෙන් ඉගෙනගැනීමට ඇති ඔහුගේ ආශාවයි. “ඔහුගේ සැන්ඩමනියන්වාදය මගින්, දෙවියන්වහන්සේගේ සදාචාර නීතියටත්, සදා ජීවනයේ පොරොන්දුවටත් කීකරුව ජීවත් වන ආකාරය ඔහු සොයාගත් බව,” කැන්ටර් නිරීක්ෂණය කරයි. “ඔහු තම විද්‍යාව මගින්, විශ්වය පාලනය කිරීම සඳහා දෙවියන්වහන්සේ තෝරාගෙන ඇති භෞතික නීති සමඟ සමීප සබඳතාවකට පැමිණියේය.” “විද්‍යාව මගින් බයිබලයේ සම්පූර්ණ කර්තෘත්වය අසත්‍ය බව ප්‍රකාශ කළ නොහැකි නමුත්, සැබවින්ම සැබෑ ක්‍රිස්තියානි ආකාරයකින් විද්‍යාව පිළිපැදීමෙන්, එයට දෙවියන්වහන්සේගේ අනික් පොත ප්‍රදීපනය කළ හැකි” බව ෆැරඩේ විශ්වාස කළේය.
අන්‍යයන්ට, ෆැරඩේට පිරිනැමීමට අවශ්‍ය වූ ගෞරවයන් බොහොමයක් ඔහු යටහත් පහත් ලෙස ප්‍රතික්ෂේප කළේය. ඔහු නයිට් පදවියක් ලබාගැනීමට ඇති අකමැත්ත නොකඩවාම ප්‍රකාශ කළේය. ‘නිකම්ම ෆැරඩේ මහත්තයා’ ලෙස සිටීමට ඔහු කැමති විය. වැඩිමහල්ලෙකු වශයෙන් තම ක්‍රියාකාරකම් සඳහා ඔහු වැඩි කාලයක් කැප කළ අතර, සමාන අදහස් දැරූ ඇදහිලිවන්තයන්ගේ කුඩා කණ්ඩායමකට සැලකිල්ල දැක්වීම සඳහා නිතිපතා අගනුවරේ සිට නෝර්ෆෝක් ගම්මානය දක්වා සංචාරය කිරීම ඊට ඇතුළත්ව තිබිණ.
මයිකල් ෆැරඩේ 1867 අගෝස්තු 25වනදා මියගිය අතර, ඔහුව උතුරු ලන්ඩනයේ හයිගේට් සූසාන භූමියේදී මිහිදන් කරනු ලැබීය. ෆැරඩේ “වෙනත් ඕනෑම භෞතික විද්‍යාඥයෙකුට වඩා අනාගත පරම්පරාවට මහත් විශාල සත්‍ය විද්‍යාත්මක ඉටුවීමක් ලබා දී ඇති අතර, ඔහුගේ සොයාගැනීම්වල ප්‍රායෝගික ප්‍රතිඵලය ශිෂ්ටසම්පන්න ජීවිත ස්වභාවයකට ඉතා ගැඹුරින් බලපා ඇති බව” ජීව විද්‍යාඥ ජෝන් තෝර්මස් අපට පවසයි. ෆැරඩේගේ වැන්දඹු බිරිඳ වන සාරා, මෙසේ ලීවාය: “ඔහුගේ උපදේශක හා ප්‍රතිපත්තිය ලෙසට මට යොමු දැක්විය හැක්කේ අලුත් ගිවිසුමට පමණයි; මන්ද ඔහු එය දේවවචනය ලෙස සැලකූ බැවින් . . . එය ලියූ දවස්වල මෙන්ම අදටත් එය ක්‍රිස්තියානීන් මත නියමයක් ලෙස තිබේ”—භක්තිමත් ලෙස සිය ඇදහිල්ල අනුව ජීවත් වූ විශිෂ්ට විද්‍යාඥයෙකු පිළිබඳ පැහැදිලි සාක්ෂියක්.
[පාදසටහන]
a එක්සත් ජනපදයේ ඉතිරිව සිටි අවසාන සැන්ඩමනියන්වරුන්ගේ හෝ ග්ලාස්වාදීන්ගේ කණ්ඩායම් මෙම ශතවර්ෂයේ මුල්භාගයේදී පමණ නැති වී ගියේය.
[29වන පිටුවේ කොටුව]
බ්‍රිතාන්‍යයේ රොයල් ඉන්ස්ටිටියුෂන්හි දේශකයෙකු ලෙස පත් කරනු ලැබූ මයිකල් ෆැරඩේ, යෞවනයන්ට පවා වටහාගත හැකි ආකාරයකින් විද්‍යාව ප්‍රසිද්ධ කළේය. සෙසු දේශකයන් සඳහා ඔහුගේ අවවාදයෙහි, ප්‍රසිද්ධියේ උගන්වනු ලබන නවීන-දින ක්‍රිස්තියානීන්ට සලකා බැලිය යුතු ප්‍රායෝගික යෝජනා අඩංගු වේ.
◻ “කතා කිරීම වේගවත්ව හා කඩිනමින් කළ යුතු නොවේ, එසේ කිරීමේ ප්‍රතිඵලය නොවැටහීම වන අතර, ඒ වෙනුවට සෙමින් හා සිතා බලා කතා කළ යුතුය.”
◻ කථිකයෙකු, “දේශනයේ ආරම්භයේදී, ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව නංවාලීමට වෑයම් කළ යුතු අතර, ක්‍රමක්‍රමයෙන් ප්‍රේක්ෂකයන්ට නොදැනුවත්වම, විෂයේ අවශ්‍යතාව අනුව එය ප්‍රාණවත්ව තබාගත යුතුය.”
◻ “අත්පොළොසන් ලබාගැනීමේ අටියෙන් කතාව පහත් කිරීමෙන් හා ප්‍රශංසාව ඉල්ලා සිටීමෙන්, දේශකයෙකු තම චරිතයේ ගරුත්වයට වඩා පහත් තත්වයකට පත් වේ.”
◻ සැකිල්ලක් භාවිත කිරීම සම්බන්ධයෙන්: “කඩදාසියක් මත [එම විෂයේ] සැලැස්ම ගොඩනැඟීම හා එය සම්බන්ධ කිරීමෙන් හෝ වෙනත් ආකාරයකින් මතකයට නැඟීමෙන් එම කොටස් පිරවීම . . . අවශ්‍යයෙන්ම කළ යුත්තක් බව සෑමවිටම මට පෙනෙනවා . . . පිළිවෙළකින් යුත් ප්‍රධාන හා අප්‍රධාන මාතෘකා[වන්] මාලාවක් මට තිබෙන අතර, මෙමගින් මගේ විෂය කාරණා සකස් කරගන්නවා.”
[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
පින්තූරු දෙකම: Royal Institution අනුග්රහයෙනි