සියලුම ආගම් දෙවියන්වහන්සේව සතුටු කරාවිද?
සියලුම ආගම් දෙවියන්වහන්සේව සතුටු කරන බව ඔබට හැඟෙනවාද? සමහරවිට ඔබ දන්නා ඕනෑම නමස්කාර ක්රමයක, අඩුම තරමින් යම් තාක් දුරකට හොඳ හැසිරීම සම්බන්ධයෙන් දිරිගන්වනු ලබනවා විය හැක. එහෙත් දෙවියන්වහන්සේව සතුටු කිරීමට එය ප්‍රමාණවත්ද?
‘අවංකව නමස්කාර කළොත් ඒ ඇති, දෙවියන්වහන්සේ ඒ ගැන සතුටු වෙයි. හැම ආගමකම හොඳක් තියෙනවා’ කියා සමහරෙක් පවසති. නිදසුනක් වශයෙන්, බායි විශ්වාසකයන් මෙම දෘෂ්ටිකෝණය කෙතරම් දුරකට පිළිගෙන තිබෙනවාද කිවහොත්, එමගින් ලෝකයේ ප්‍රධාන ආගම් නවයේ විශ්වාසයන් එය තුළට ඈඳාගෙන තිබේ. මේ සියලුම ආගම්වලට දිව්‍ය මූලාරම්භයක් තිබෙන බවත්, ඒවා එකම සත්‍යයක මුහුණත් බවත් මෙම ආගමික කණ්ඩායම විශ්වාස කරයි. මෙය එසේ විය හැක්කේ කෙසේද?
තවදුරටත්, මිනිසුන් බොහෝදෙනෙකුව මරාදැමීමට හැකි වන සේ ස්නායු ගෑස් පොදු ස්ථානවල තැබීමට එහි සාමාජිකයන්ට අණ කරන ආගමකට දෙවියන්වහන්සේව සතුටු කළ හැක්කේ කෙසේද කියා කල්පනා කිරීමට ඔබට අයිතියක් ඇත. ජපානයෙහි සිටින එක් ආගමික කණ්ඩායමකට විරුද්ධව එම චෝදනාව එල්ල වී තිබේ. තවද, එහි සාමාජිකයන්ට දිවිනසා ගැනීමට සලස්වන ආගමක් සමඟ දෙවියන්වහන්සේ සතුටු වනසේක්ද? වසර කිහිපයකට පෙර, ජිම් ජෝන්ස් නම් ආගමික නායකයාගේ අනුගාමිකයන්ට එය සිදු විය.
පසුගිය කාලය දෙස ආපසු හැරී බැලීමේදී, අපට මෙසේ ඇසීමට හොඳ හේතු තිබේ, වර්ෂ 1618 සිට 1648 දක්වා සටන් කරනු ලැබූ වසර 30ක යුද්ධය සම්බන්ධයෙන් මෙන්, ආගම් විසින් යුද්ධයට අනුබල දෙන විට, ඒවාට දෙවියන්වහන්සේව සතුටු කළ හැකිද? දි යුනිවර්සල් හිස්ටරි ඔෆ් ද වර්ල්ඩ් අනුව, කතෝලිකයන් සහ රෙපරමාදුවන් අතර තිබූ එම ආගමික ගැටුම “යුරෝපීය ඉතිහාසයේ වඩාත් දරුණුතම යුද්ධවලින් එකක්” විය.
එකොළොස්වන ශතවර්ෂයේ සිට 13වන ශතවර්ෂය දක්වා සිදු වූ ආගමික කුරුස යුද්ධවල ප්‍රතිඵලය දරුණු ලේ වැගිරවීමකි. නිදසුනක් වශයෙන්, පළමුවන කුරුස යුද්ධයේදී, ක්‍රිස්තියානීන්යයි හඳුන්වනු ලැබූ කුරුස යුද්ධකරුවෝ යෙරුසලමේ විසූ මුස්ලිම්වරුන්ව සහ යුදෙව්වන්ව කුරිරු අන්දමින් මරා දැමූහ.
දහතුන්වන ශතවර්ෂයේ ආරම්භ වී, වසර 600ක පමණ කාලයක් පුරා පැවති අධර්ම මර්දනාධිකරණ සමයේදී සිදු වූ දෙයත් සලකා බලන්න. ආගමික නායකයන්ගේ අණ පිට දහස් ගණන් අයව වධ දී පුලුස්සා මරා දමා තිබේ. විකර්ස් ඔෆ් ක්රයිස්ට්—ද ඩාර්ක් සයිඩ් ඔෆ් ද පේපසි නම් තම පොතේ පීටර් ඩි රෝසා මෙසේ සඳහන් කරයි: “පාප්ගේ නාමයෙන් ක්‍රියා කළ අය [අධර්ම මර්දනාධිකාරීන්], [මනුෂ්‍ය]වර්ගයාගේ ඉතිහාසයෙහි මිනිස් උදාරකමට එරෙහිව සිදු කරන ලද ඉතා ම්ලේච්ඡ සහ දිගු කලක් පැවතුණු පහර දීමට වගකිව යුතුය.” ස්පාඤ්ඤයෙහි ඩොමිනිකානු අධර්ම මර්දක ටොර්කමාඩා සම්බන්ධයෙන් ඩි රෝසා මෙසේ පවසයි: “වර්ෂ 1483දී පත් කරනු ලැබූ ඔහු, දුෂ්ට ලෙස අවුරුදු 15ක් පාලනය කළේය. ඔහුට ගොදුරුවූවන්ගේ සංඛ්‍යාව 1,14,000කට වඩා වැඩි වූ අතර, ඉන් 10,220දෙනෙකුව පුලුස්සනු ලැබීය.”
ඇත්තවශයෙන්ම, ලේ වරදට හසු වී සිටින්නේ ක්‍රිස්තියානි ලෝකයේ ආගම් පමණක් නොවේ. පාන්සේයි නම් තම කෘතියේ, ප්‍රංශ දර්ශනවාදියෙකු වන බ්ලාස් පැස්කල් මෙසේ නිරීක්ෂණය කළේය: “ආගමික පෙලඹවීමකින් යුතුව කරන අවස්ථාවලදී තරම් මිනිසුන් කිසිදාක එතරම් සම්පූර්ණව හා සන්තෝෂවත්ව දුෂ්ටකම් නොකරනු ඇත.”
ඔවුන්ගේ ඵලවලින් හඳුනාගනු ලැබේ
දෙවියන්වහන්සේගේ දෘෂ්ටිකෝණයෙන්, ආගමක පිළිගතහැකිභාවය හුදෙක් එක් සාධකයක් මත පමණක් පදනම් වී නැත. උන්වහන්සේට ආගමක් පිළිගත හැකි තත්වයක තිබීමට නම්, එහි ඉගැන්වීම් සහ ක්රියාකාරිත්වයන් ස්වකීය ලිඛිත සත්‍ය වචනය වන බයිබලයට එකඟ විය යුතුය. (ගීතාවලිය 119:160; යොහන් 17:17, 18අ) දේව අනුමැතිය ලත් නමස්කාරයක ඵල යෙහෝවඃ දෙවියන්වහන්සේගේ ප්‍රමිතිවලට අනුකූල විය යුතුය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කන්ද උඩ දේශනාවේදී, දෙවියන්වහන්සේව නියෝජනය කරනවායයි බොරුවට කියා සිටින අනාගතවක්තෘවරුන් සිටිය හැකි බව උන්වහන්සේ ඇඟවූසේක. යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය. ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය. මනුෂ්‍යයෝ කටුගස්වලින් මුද්‍රික ඵලවත් ගොකටුවලින් අත්තික්කා ඵලවත් නෙළාගනිද්ද? එසේම සියලු හොඳ ගස් හොඳ ඵල දරයි; නුමුත් නරක ගහ නරක ඵල දරයි. හොඳ ගහක නරක ඵලවත් නරක ගහක හොඳ ඵලවත් හටගන්නට බැරිය. හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ, ගින්නෙහි දමනු ලැබේ. එබැවින් ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳිනගන්නහුය.” (මතෙව් 7:15-20) අප ආත්මිකව අවදිව සිටිය යුතු බව මෙම වදන් පෙන්වයි. ආගමික නායකයෙකු හෝ කණ්ඩායමක් දෙවියන්වහන්සේට හා ක්‍රිස්තුස්වහන්සේට පිළිගත හැකි බව අප සිතිය හැක, නමුත් අප වැරදි විය හැකිය.
පරෙස්සම් වීමට ඇති අවශ්‍යතාව
ආගමක්, එයට දෙවියන්වහන්සේගේ අනුමැතිය තිබෙන බව කියා සිටියත්, එමෙන්ම එහි දේවසේවකයන් බයිබලයෙන් කොටස් ගෙන කියෙව්වත්, එය දෙවියන්වහන්සේව සතුටු කරන ආකාරයේ නමස්කාරයක් බව ඉන් අදහස් නොවේ. එහි නායකයන් සිත්ගන්නා දේවල් පවා කළ හැකි අතර, ඔවුන් තුළින් දෙවියන්වහන්සේ ක්‍රියා කරන්නාක් මෙන් පෙනිය හැක. ඒ කෙසේවෙතත්, දෙවියන්වහන්සේට පිළිගත හැකි ඵල නිපදවන්නේ නැති නිසා එම ආගම තවදුරටත් අසත්‍ය ආගමක් විය හැක. මෝසෙස්ගේ දවසේ සිටි මිසර ජාතික ඉන්ද්‍රජාලික පූජකයන්ට සිත්ගන්නා දේවල් කිරීමට හැකි විය, එහෙත් ඔවුන්ට දෙවියන්වහන්සේගේ අනුමැතිය නොතිබූ බවට කිසි සැකයක් නැත.—නික්මයාම 7:8-22.
පුරාණයේදී මෙන් අදදිනත්, සත්‍යයයයි දෙවියන්වහන්සේ ප්‍රකාශ කරන දෙයට ඇලී සිටිනවා වෙනුවට, බොහෝ ආගම් මනුෂ්‍ය අදහස් සහ දර්ශනවාදයන්ට අනුබල දෙයි. එනිසා බයිබලයේ සඳහන් මෙම අනතුරු ඇඟවීම විශේෂයෙන් අදාළ වේ: “ක්‍රිස්තුස්වහන්සේට එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න.”—කොලොස්සි 2:8.
හොඳ හා නරක ඵල ගැන කතා කිරීමෙන් අනතුරුව, යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය. ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.”—මතෙව් 7:21-23.
ඵලය පරීක්ෂා කර බලන්න
එමනිසා, ආගමක් දෙවියන්වහන්සේට පිළිගත හැකි එකක්යයි නිගමනය කිරීමට පෙර, එහි ඵලය සෝදිසි කිරීම අත්‍යවශ්‍ය බව පැහැදිලිය. නිදසුනක් වශයෙන්, එම ආගමට දේශපාලනය සමඟ සම්බන්ධයක් තිබෙනවාද? එසේනම්, යාකොබ් 4:4හි වාර්තා වී තිබෙන මෙම වදන් සැලකිල්ලට ගන්න: “කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය.” එපමණක් නොව, යේසුස්වහන්සේ තම සැබෑ අනුගාමිකයන් ගැන මෙසේද පැවසූසේක: “මා ලෝකයෙන් නොවන්නාක් මෙන්ම ඔව්හුද ලෝකයෙන් නොවෙති.” (යොහන් 17:16) දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ යහපත් වන ආගමට මෙම ලෝකයේ දේශපාලනය සමඟ සම්බන්ධයක් නැත. මන්දයත් එය “නපුරා තුළ,” එනම් අදෘෂ්‍යමාන ආත්ම මැවිල්ලක් වන සාතන් නමැති යක්ෂයාගේ බලය යටතේ තිබෙන බැවිනි. (1 යොහන් 5:19) ඒ වෙනුවට, දෙවියන්වහන්සේ අනුමත කරන ආගම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යටතේ තිබෙන උන්වහන්සේගේ රාජ්‍යයට පක්ෂපාතව කතා කරන අතර, එම ස්වර්ගික ආණ්ඩුව සම්බන්ධ ශුභාරංචිය දේශනා කරයි.—මාර්ක් 13:10.
සිවිල් නීති කඩ කිරීමට ආගමක් පක්ෂ වන්නේ නම්, එවන් ආගමක් දෙවියන්වහන්සේට පිළිගත හැකි වේද? අපි ප්‍රේරිත පාවුල්ගේ අවවාදයට අවනත වන්නෙමු නම්, පිළිතුර පැහැදිලිය: “අධිපතීන්ටත් බලය ඇත්තන්ටත් යටත්වෙන්ටද, කීකරුවෙන්ටද, සියලු යහපත් වැඩවලට සූදානම්ව සිටින්ටද . . . ඔවුන්ට [නිරතුරුවම, NW] සිහිකරවන්න.” (තීතස් 3:1, 2ආ) කෙසේවෙතත්, “කායිසර්ගේ දේ කායිසර්ටද දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටද” දිය යුතු බව යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට පෙන්වූසේක.—මාර්ක් 12:17.
ආගමක් ජාතීන්ගේ යුද්ධවලට සහභාගි වීමට දිරිගන්වනවායයි සිතන්න. “යහපත කර . . . ; සමාදානය සොයා, එය පස්සේ දුව[න්න]” කියා 1 පේතෘස් 3:11 අපෙන් උදක්ම ඉල්ලා සිටී. යම් ආගමක සාමාජිකයන් වෙනත් රටක සිටින හවුල් නමස්කාරකයන්ව යුද්ධයේදී මරන්ට කැමැත්තක් දක්වන්නේ නම්, එවන් ආගමක් දෙවියන්වහන්සේව සතුටු කරන්නේ කෙසේද? දෙවියන්වහන්සේගේ අනුමැතිය ඇති ආගමේ සාමාජිකයන් උන්වහන්සේගේ මූලික ගුණාංගය විදහාපෙන්වනවා ඇත—එය නම් ප්‍රේමයයි. තවද යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35) ජාතීන්ගේ යුද්ධවලදී පෝෂණය කරනු ලැබූ සාහසික වෛරය හා එම ප්‍රේමය අතර කිසිම සමානකමක් නැත.
සැබෑ ආගම, යුද්ධයට කැමති මිනිසුන්ව සමාදානයට ප්‍රේමකරන්නන් බවට වෙනස් කරයි. මෙම වදන්වලින් මෙය පුරෝකථනය කරන ලදි: “ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.” (යෙසායා 2:4) වෛරයෙන් පිරි වදන් වේගයෙන් පිට කරනවා වෙනුවට, සැබෑ නමස්කාරය පිළිපදින්නාවූ අය මෙම ආඥාවට එකඟ වෙති: “නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව.”—මතෙව් 22:39.
සැබෑ ආගම පිළිපදින්නාවූ අය යෙහෝවඃ දෙවියන්වහන්සේගේ උසස් ප්‍රමිතිවලට අනුකූලව ජීවත්වීමට වෙර දරන අතර, දුරාචාර ජීවිත ක්‍රමයකට හැඩගැසීම ප්‍රතික්ෂේප කරති. දේවවචනය මෙසේ සඳහන් කරයි: “නොහොත් අධර්මිෂ්ඨයන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද? නොරැවටෙන්න. වේශ්‍යාකම්කරන්නෝවත් රූපවඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමඟ අනාචාරකරන්නෝවත්, සොරුවත් ලෝභයෝවත් බේබද්දෝවත් නින්දා කරන්නෝවත් කොල්ලකන්නෝවත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකර නොගන්නෝය. නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නුමුත් ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන්වහන්සේගේ ආත්මය . . . තුළද නුඹලා සෝදනු ලැබුවහුය, ශුද්ධකරනු ලැබුවහුය, ධර්මිෂ්ඨකරනු ලැබුවහුය.”—1 කොරින්ති 6:9-11.
තීරණාත්මක ලෙස ක්‍රියා කිරීමට කාලයක්
බොරු නමස්කාරය හා සැබෑ ආගම අතර වෙනස වටහාගැනීම අත්‍යවශ්‍යය. එළිදරව් නමැති බයිබල් පොතේ, බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය හඳුන්වා තිබෙන්නේ “මහා බබිලෝනිය” එනම් ‘පොළොවේ රජවරුන් සමඟ වේශ්‍යාකම්’ කළ සංකේතාත්මක වේශ්‍යාවක් හැටියටය. ඇය ලේ වරදට හසු වී සිටින අතර, “පිළිකුල්කම්වලින්ද ඇගේ වේශ්‍යාකමේ අපවිත්‍රකම්වලින්ද පූර්ණවූ” රන් කුසලානයක් ඈ අතැතිව සිටින්නීය. (එළිදරව් 17:1-6) ඇය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේට පිළිගත හැකි කිසිවක් නැත.
මෙය, තීරණාත්මක ලෙස ක්‍රියා කිරීමට කාලය වේ. තවමත් මහා බබිලෝනියේ සිටින අවංක මිනිසුන්ට අපගේ ප්‍රේමනීය මැවුම්කරුවාණන් මෙම අනතුරු ඇඟවීම කරනසේක: “මාගේ සෙනගෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව එන්න.”—එළිදරව් 18:4.
දෙවියන්වහන්සේව සතුටු කරන ආගමක් පිළිපැදීමට ඔබ කැමති නම්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව වඩාත් හොඳින් දැනහඳුනා නොගන්නේ මන්ද? මේ සමඟ තිබෙන වගුවේ ඔවුන්ගේ විශ්වාසයන් සමහරක් ලැයිස්තුගත කර තිබෙන අතර, ඒ සඳහා ශුද්ධ ලියවිලිමය හේතුද සපයා තිබේ. සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් දේවවචනය සමඟ එකඟ වනවාද කියා ඔබගේම බයිබලයෙන් පරීක්ෂා කර බලන්න. සැබෑ නමස්කාරයෙන් ඔබට අපේක්ෂා කළ හැකි ආකාරයේ ඵල ඔවුන්ගේ ආගම නිපදවනවාද කියා විමසා බලන්න. එසේ කරන බව ඔබට දැනගන්ට ලැබේ නම්, දෙවියන්වහන්සේව සතුටු කරන ආගම ඔබ සොයාගෙන ඇත.
[5වන පිටුවේ කොටුව]
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන දෑ
විශ්වාසය බයිබල් පදනම
දෙවියන්වහන්සේගේ නාමය යෙහෝවා වේ නික්මයාම 6:3; ගීතාවලිය 83:17
බයිබලය දෙවියන්වහන්සේගේ වචනයයි යොහන් 17:17, 18අ; 2 තිමෝති 3:16
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ මතෙව් 3:16, 17; යොහන් 14:28
පුත්‍රයාය
මනුෂ්‍යවර්ගයා පැමිණියේ පරිණාමයෙන් උත්පත්ති 1:27; 2:7
නොව, මවනු ලැබීමෙනි
පළමු මිනිසාගේ පාපය නිසා මනුෂ්‍ය රෝම 5:12
මරණය සිදු වේ
ප්‍රාණය මරණයේදී පැවැත්මෙන් තොර වේ දේශනාකාරයා 9:5, 10; එසකියෙල් 18:4
නිරය යනු මනුෂ්‍යවර්ගයාගේ පොදු මිනීවළයි යෝබ් 14:13; එළිදරව් 20:13
මළවුන් සඳහා බලාපොරොත්තුව යොහන් 5:28, 29; 11:25; ක්‍රියා 24:15
නැවත නැඟිටීමයි
ක්‍රිස්තුස්වහන්සේ තම භූමික මතෙව් 20:28; 1 පේතෘස් 2:24;
ජීවිතය කීකරු මනුෂ්‍යයන් උදෙසා 1 යොහන් 2:1, 2
මිදීමේ මිලයක් කොට දුන්සේක
යාච්ඤා යොමු කළ යුත්තේ මතෙව් 6:9; යොහන් 14:6, 13, 14
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින්
යෙහෝවඃවහන්සේට පමණි
සදාචාරයන් පිළිබඳ බයිබල් 1 කොරින්ති 6:9, 10
නීතියට කීකරු විය යුතුය
නමස්කාරයේදී රූප භාවිත නොකළ යුතුය නික්මයාම 20:4-6; 1 කොරින්ති 10:14
භූතවාදය මඟහැරිය යුතුය ද්විතීය කථාව 18:10-12; ගලාති 5:19-21
පුද්ගලයෙකුගේ ශරීරයට රුධිරය උත්පත්ති 9:3, 4; ක්‍රියා 15:28, 29
ඇතුල් නොකළ යුතුය
යේසුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයන් යොහන් 15:19; 17:16; යාකොබ් 1:27; 4:4
ලෝකයෙන් වෙන්ව සිටී
ශුභාරංචිය දේශනා කරමින් යෙසායා 43:10-12; මතෙව් 24:14; 28:19, 20
ක්‍රිස්තියානීහු සාක්ෂිදරති
සම්පූර්ණයෙන්ම වතුරේ ගිල්වීමෙන් මාර්ක් 1:9, 10; යොහන් 3:22; ක්‍රියා 19:4, 5
සිදු කරන බව්තීස්මය
දෙවියන්වහන්සේට වූ කැපවීම
සංකේතවත් කරයි
ආගමික නම්බුනාම ශුද්ධ ලියවිලිමය නොවේ යෝබ් 32:21, 22; මතෙව් 23:8-12
අපි “අන්තිම කාලය” තුළ ජීවත් දානියෙල් 12:4; මතෙව් 24:3-14;
වෙමින් සිටින්නෙමු 2 තිමෝති 3:1-5
ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණ සිටීම මතෙව් 24:3; යොහන් 14:19; 1 පේතෘස් 3:18
අදෘශ්‍යමානය
සාතන් මෙම ලෝකයේ අදෘශ්‍යමාන පාලකයාය යොහන් 12:31; 1 යොහන් 5:19
දෙවියන්වහන්සේ වර්තමාන දුෂ්ට දේවල දානියෙල් 2:44, 45;
පිළිවෙළ විනාශ කර දමනසේක එළිදරව් 16:14, 16; 18:1-8
ක්‍රිස්තුස්වහන්සේ යටතේ තිබෙන දේවරාජ්‍යය යෙසායා 9:6, 7; දානියෙල් 7:13, 14;
ධර්මිෂ්ඨකමින් පොළොව පාලනය මතෙව් 6:9ආ, 10
කරනු ඇත
ක්‍රිස්තුස්වහන්සේ සමඟ ලූක් 12:32; එළිදරව් 14:1-4; 20:4
ස්වර්ගයෙහි පාලනය කරන්නේ
“කුඩා රැළ[කි]”
දෙවියන්වහන්සේ විසින් ලූක් 23:43; යොහන් 3:16;
අනුමත කරන වෙනත් අය, එළිදරව් 21:1-4
පාරාදීස පොළොවක් මත සදාකාල
ජීවනය ලබාගනු ඇත
[4වන පිටුවේ පින්තූරය]
අධර්ම මර්දනාධිකරණ සමයේදී දහස් ගණනක් මරණයට පත් වූහ
[6වන පිටුවේ පින්තූරය]
බිහිසුණු ලේ වැගිරවීම කුරුස යුද්ධවල ප්‍රතිඵලය විය
[7වන පිටුවේ පින්තූරය]
සැබෑ ආගම එහි හොඳ ඵල මගින් හඳුනාගත හැක
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කවරය: Garo Nalbandian