ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 12/1 2-4 පි.
  • ස්වාභාවික ආපදා පහර දෙන විට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්වාභාවික ආපදා පහර දෙන විට
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ස්වාභාවික විපත් ගැන බයිබලයේ මොනවාද කියලා තියෙන්නේ?
    බයිබලයෙන් උත්තර
  • මෙතරම් ස්වාභාවික විපත් සිදු වෙන්නේ ඇයි?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආපදාවලට එරෙහිව මිනිසාගේ සටන
    1995 පිබිදෙව්!
  • ස්වාභාවික විපත්—ඒවාට වගකිව යුත්තේ දෙවියන් වහන්සේ ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 12/1 2-4 පි.

ස්වාභාවික ආපදා පහර දෙන විට

වර්ෂ 1995 ජූලි 4, ඝානාවේ අක්‍රා: වර්ෂ 60කට ආසන්න කාලයකින් පසු, පැමිණි ධාරානිපාත වැස්සකින්, දරුණු ජලගැලීමක් සිදු විණ. දෙලක්ෂයකට පමණ සියලුම දේද, 5,00,000කට තමන්ගේ නිවෙස්ද අහිමි වූ අතර, 22දෙනෙකුට තමන්ගේ ජීවිත අහිමි විය.

වර්ෂ 1995 මැයි 28, අ.එ.ජ. ටෙක්සාස්හි, සැන් ඇන්ජලෝ: තක්සේරු කර ඇති ආකාරයට, (එ.ජ.) ඩොලර් මිලියන 120ක පමණ අලාභහානි සිදු කරමින්, වැසියන් 90,000ක් පදිංචි වී සිටින මේ නගරයට සුළි සුළං සහිත චණ්ඩ මාරුතයකින් සහ ගල් වැස්සකින් බොහෝ අලාභහානි සිදු විය.

වර්ෂ 1995 ජනවාරි 17, ජපානයේ කෝබේ: තත්පර 20කට පමණක් පැවති භූමිකම්පාවක්, දහස් ගණනක් මරණයට පත් කළේය; දසදහස් ගණනකට තුවාල සිදු කළේය; සියදහස් ගණනකට නිවාස අහිමි කළේය.

අප ජීවත් වෙමින් සිටින්නේ, ආපදා යුගයක් ලෙස හැඳින්විය හැකි කාලයකය. වර්ෂ 1963 සිට 1992 දක්වා අවුරුදු 30ක කාලපරිච්ඡේදය තුළ, ආපදා මගින් මියගිය අයගේ, තුවාල ලැබූ අයගේ හෝ උන්හිටි තැන් අහිමි වූ අයගේ සංඛ්‍යාව, සෑම අවුරුද්දකම සියයට 6ක සාමාන්‍යයකින් වැඩි වූ බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් හෙළි කරයි. මෙම කනගාටුදායක තත්වය හේතුවෙන්, “ස්වාභාවික ආපදා අඩු කිරීම සඳහා ජාත්‍යන්තර දශකය” ලෙස 1990ගණන් නම් කිරීමට එජා යොමු වී තිබේ.

ඇත්තවශයෙන්ම, කුණාටුවක්, ගිනි කන්දක පිපිරීමක් හෝ භූමිකම්පාවක් වැනි ස්වභාවධර්මයේ බලයකින් සෑම අවස්ථාවකදීම ආපදාවක් සිදු වන්නේ නැත. මනුෂ්‍යයන්ට කිසිදු හානියක් සිදු නොකර ඒවා සිය ගණනක් සෑම අවුරුද්දකම පාහේ සිදු වේ. එහෙත්, ජීවිත හා දේපොළවලට විශාල වශයෙන් හානියක් සිදු වන විට, එය නිසියාකාරවම ආපදාවක් ලෙස හඳුන්වනු ලැබේ.

ස්වාභාවික ආපදාවල වැඩිවීම ඇත්තෙන්ම වැළැක්විය නොහැක්කක් බව පෙනෙන්ට තිබේ. ස්වාභාවික ආපදා—සිදු කරන්නේ දෙවියන්වහන්සේද නැතහොත් මනුෂ්‍යයාද? (ඉංග්‍රීසි) නමැති පොත මෙසේ සඳහන් කරයි: “මනුෂ්‍යයෝ, ඇතැම් ආපදාවලට වඩාත් නැඹුරු වන ආකාරයකට තමන්ගේ පරිසරය වෙනස් කරමින්ද, ඒවාට වඩාත් ගොදුරු විය හැකි ආකාරයකට හැසිරෙමින්ද සිටිත්.” එම පොතේ මනඃකල්පිත නිදසුනක් සඳහන් කර තිබේ; එහි මෙසේ කියවීමට තිබේ: “බෑවුම් සහිත ගිරිකඳුරක් මත මෝඩ ගඩොලින් සාදා තිබෙන මුඩුක්කු නිවෙස්වලින් යුත් ප්‍රදේශයකට එතරම් ප්‍රබල නැති භූමිකම්පාවක් පහර දුන් විට පවා, එය මනුෂ්‍ය මරණ හා දුක් වේදනාවන්ගෙන් යුත් ආපදාවක් වීමට බොහෝ ඉඩ කඩ තිබෙනවා විය හැක. එහෙත් ආපදාව සිදු වූයේ, භූමියේ කම්පනය නිසාද, එසේ නැතහොත් මනුෂ්‍යයන් එතරම් අනතුරුදායක නිවෙස්වල, එතරම් අනතුරුදායක ස්ථානයක ජීවත් වෙමින් සිටි නිසාද?”

ස්වාභාවික ආපදා මෙතරම් වැඩිවීම සම්බන්ධයෙන් පුදුම නොවීමට, බයිබල් ශිෂ්‍යයන්ට නම් තවත් හේතුවක් තිබේ. වෙනත් දේවල් සිදු වන අතරම, “නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද” සිදුවීම මගින් ‘දේවල පිළිවෙළේ අවසානය’ සලකුණු කරනු ලබන බව, අවුරුදු 2,000කට ආසන්න කාලයකට පෙර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පුරෝකථනය කළසේක. (මතෙව් 24:3, 6-8) “අන්තිම දවස්වලදී” මනුෂ්‍යයන් තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, ජන්ම ස්නේහය නැති, යහපතට ප්‍රේම නොකරන අයව සිටිනු ඇති බවද බයිබලය පුරෝකථනය කළේය.a (2 තිමෝති 3:1-5) මෙම ලක්ෂණ බොහෝවිට, මනුෂ්‍යයන්ව තමන්ගේ පරිසරයට එරෙහිව කටයුතු කිරීමට සලස්වා, ඔවුන්ව ස්වාභාවික බලයන්ට වඩාත් ගොදුරු විය හැකි තත්වයකට පත් කරවයි. මිනිසා විසින් ඇති කරන ලද ආපදා වනාහි, බොහෝදෙනෙකුට ජීවත්වීමට සිදු වන ප්‍රේමය නොමැති සමාජයේද ප්‍රතිඵලයකි.

අපගේ පෘථිවි ග්‍රහයා ජනගහනයෙන් අධික වෙද්දී, මිනිස් චර්යාවන් මනුෂ්‍යයන්ව වැඩි අවදානම් තත්වයක තබද්දී, එමෙන්ම පොළොවේ සම්පත් වැඩි වශයෙන්ම අනිසි පාලනයකට භාජන වෙද්දී, ආපදා දිගටම මනුෂ්‍යයන්ට පහර දෙනු ඇත. ඊළඟ ලිපිය පෙන්නුම් කරනු ඇති ආකාරයට, සහන සැපයීම අභියෝගයකි.

[පාදසටහන]

a අන්තිම දවස්වල ලකුණ පිළිබඳ වැඩි විස්තර සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නම් පොතේ, 98-107වන පිටුව දක්වා බලන්න.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඉහළ: Information Services Department, Ghana; දකුණ: San Angelo Standard-Times

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

කවරය: Maxie Roberts/THE STATE අනුග්‍රහයෙනි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න