රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
පාසැලේදී ස්ථිර ස්ථාවරයක් ගැනීමෙන් විපාක ලැබේ
බයිබලය මෙසේ පුරෝකථනය කරයි: “නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.” (යෙසායා 54:13) වඩාත් පුළුල් ආකාරයකට, “නුඹේ සියලුම දරුවෝ” යන්න ඉතා කුඩා අය ඇතුළුව, පොළොවේ සිටින දෙවියන්වහන්සේගේ සේවකයන්ගේ මුළු සමූහයට අදාළ කළ හැක. අදදින, ක්‍රිස්තියානි දෙමව්පියෝ, තම දරුවන්ට නිවසේදී මෙන්ම ක්‍රිස්තියානි රැස්වීම්වලදීද “ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු” ලබන බවට සහතික වෙති.
කෙසේවෙතත්, යෞවන ක්‍රිස්ති- යානීහු පාසැල් යන විටදී දුෂ්කර අභියෝගවලට මුහුණ දෙති. බයිබලයෙන් තමන් ඉගෙනගෙන තිබෙන දේවල් මත පදනම්ව ස්ථිර ස්ථාවරයක් ගැනීමේ අවශ්‍යතාව බොහෝවිට ඔවුන්ට වැටහී තිබේ. මයික්රොනීසියාවෙන් ලද මතු සඳහන් වන අද්දැකීමෙන් පැහැදිලි වන පරිදි, ඔවුන් එසේ කරන විට ඇති වන ප්‍රතිඵල ශිෂ්‍යයන්ට මෙන්ම ගුරුවරුන්ටද සමානාකාරයෙන් ප්‍රයෝජනවත් විය හැක.
චුක් දිවයින්වලට අයත් කුඩා බටහිර පැසිෆික් දිවයිනක් වන ටෝල්හි, පාසැලේ පවත්වනු ලබන හැලොවීන් නම් උත්සවයට සූදානම් වී සහභාගි වන මෙන් ප්‍රාදේශීය පාසැලේ ගුරුවරු සියලුම ශිෂ්‍යයන්ට පැවසුවෝය. එම උත්සවයට, අවතාර, රකුසන් මෙන්ම මායාකාරියන් පිළිබිඹු කරන ආත්ම බන්ධන සම්ප්‍රදායන් හා සම්බන්ධ සැරසිලි සහ ඇඳුම් පැළඳුම් සම්බන්ධ විය හැකි බව සාක්ෂිකාර ශිෂ්‍යයෝ දැනගෙන සිටියෝය. මෙම දරුවන්ට හෘදය සාක්ෂියට එකඟව සහභාගි වීමට නොහැකි විය.a
නිවසේදී හා ක්‍රිස්තියානි සභාවේදී ඔවුන් ලද බයිබලය මත පදනම් පුහුණුව නිසා, හුදෙක් විනෝදාස්වාදය සඳහා කරනු ලබන විට පවා, එවන් ව්‍යවහාරයන් දෙවියන්වහන්සේට අප්‍රසන්න බව ඔවුහු දැන සිටියහ. තම ස්ථාවරය වඩාත් හොඳින් පැහැදිලි කිරීමට උපකාරයක් වශයෙන්, ඔවුන්ගේ ගුරුවරුන් සමඟ කතා කිරීමට, දිවයිනේ මිෂනාරි සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු වන බේරැක්ට දරුවෝ ආරාධනා කළහ.
බේරැක් දුන් පැහැදිලි කිරීමට සවන් දීමෙන් පසු, ඔහුට මුළු පාසැල් පීඨයටම කතා කිරීමට හැකි වන පරිදි, ගුරුවරු දෙවන රැස්වීමක් සඳහාද කටයුතු පිළියෙළ කළෝය. මෙම රැස්වීමේදී, හැලොවීන් උත්සවයේ සැබෑ ස්වභාවය පෙන්නුම් කිරීමට බේරැක් සාධක ඉදිරිපත් කළේය. වොච් ටවර් ප්‍රකාශන බොහොමයකින් මෙන්ම වෙනත් මූලාශ්‍ර තුළින් ඔහු තම තොරතුරු ලබාගත්තේය. එම උත්සවයේ මූලාරම්භය, ඉතිහාසය සහ ආගමික ස්වභාවය පිළිබඳ ඔවුන් ඉගෙනගත් දෙයින් ගුරුවරු සහ පරිපාලකයෝ පුදුමයට පත් වූහ. තත්වයට විසඳුමක් ගෙනෙන්නේ කෙසේද කියා තීරණය කිරීමට ඔවුහු කාර්ය මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට තීරණය කළහ.
දින කිහිපයකට පසු, බලාපොරොත්තු නොවූ තීරණයක් නිවේදනය කරන ලදි. හැලොවීන් උත්සවය සඳහා කරන ලද සියලුම පෙර සූදානම් කිරීම් අවලංගු කරන ලදි. එම වසරේදී, පාසැලේදී හැලොවීන් උත්සවය කොහෙත්ම පවත්වනු ලබන්නේ නැත. පාසැලේදී නිවැරදි දේ කිරීමට වූ මෙම යෞවන සාක්ෂිකරුවන්ගේ අධිෂ්ඨානයෙන් කෙතරම් සතුටුදායක ප්‍රතිඵලයක් ලැබීද! බයිබල් සත්‍යය සඳහා ස්ථිර ස්ථාවරයක් ගැනීම සඳහා බාලයන්ට කිසිදාක බියවීමට හෝ ලජ්ජා වීමට අවශ්‍ය නැත.
ලොව වටා සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ තම දරුවන්ට උනන්දුවෙන් ඉගෙනගැනීමට උගන්වති. බයිබල් ප්‍රතිපත්තිවලට අනුකූලව ජීවත්වීමටත්, ඔවුන්ට ලැබෙන සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ බලාපොරොත්තුව සහ විශ්වාසයන් වෙනත් ශිෂ්‍යයන් සමඟ බෙදාගැනීමටත් බාල සාක්ෂිකරුවන්ව පුහුණු කර තිබේ. මෙම අද්දැකීමේදී මෙන් සතුටුදායක මෙන්ම ඉක්මන් ප්‍රතිඵල නොලැබෙන අවස්ථාවලදී පවා, හරි දේ කිරීමෙන් ලැබෙන නිසැකකම හා තෘප්තිය යෞවනයන්ට ලබාගත හැක. වඩාත් වැදගත් වන්නේ, ඔවුන්ගේ ස්වර්ගික පියාණන් සතුටු වන බවටත්, ඔවුන්ගේ විශ්වාසවන්ත කීකරුකමට උන්වහන්සේ ආශීර්වාද කරන බවටත් ඔවුන්ට නිසැක වීමට හැකිවීමයි.
[පාදසටහන]
a හැලොවීන් නම් උත්සවය සහ එහි ආත්ම බන්ධන මූලාරම්භය ගැන වැඩිමනත් තොරතුරු සඳහා වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශයට පත් කරන ලද එවේක්! සඟරාවේ 1993 නොවැම්බර් 22 කලාපය බලන්න.