ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 1/15 3-4 පි.
  • සමාදානයේ සැබෑ දූතයෝ කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සමාදානයේ සැබෑ දූතයෝ කවුද?
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සැබෑ සාමය අත ළඟයි!
  • සමාදානයේ දෙවියන්වහන්සේගේ දූතයෝ
  • සැබෑ සාමය—මොන උල්පතෙන්ද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවසමාදානයේ දූතයන් සේ සේවය කිරීම
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 1996 “දේවසමාදානයේ දූතයෝ” සමුළුව
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාදානය අද්දකින්න පුළුවන් කොහොමද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 1/15 3-4 පි.

සමාදානයේ සැබෑ දූතයෝ කවුද?

වර්ෂ 1996 මැයි 31වනදා, ප්‍රවෘත්ති මූලාශ්‍ර මගින් සමාදානයේ පුවතක්ව පෙනෙන්ට තිබුණාවූ යමක් ප්‍රචාරය කළා. ඊට කලින් දවසේ, ඊශ්‍රායෙල්හි අගමැති වීමට සිටි බෙන්‍යාමින් නෙටාන්යාහූ “සාමසාධක වැඩපිළිවෙළට, එනම් ඊශ්‍රායෙල් රජය හා පලස්තීන ජාතිකයන් ඇතුළුව අසල්වැසි රටවල් අතර සාමය හා සුරක්ෂිතභාවය අත් කරගැනීමට තදින්ම කැප වී සිටින බවට” නිල ප්‍රකාශනයක් නිකුත් කෙරුණා.

මැතිවරණයෙන් ජයගත් නෙටාන්යාහූගේ ඉතා ප්‍රසිද්ධ වූ පත්වීම, මැද පෙරදිගට සාමය පැමිණීම නිකම්ම සිහිනයකට වඩා වැඩි යමක් විය හැකියයි සිතන්ට බොහෝදෙනෙකුව පෙලඹෙව්වා. එහෙම දෙයක් සිදු වූවා නම්, අනිකුත් ජාතීන්ටත්, ඔවුන්ගේ එකඟ නොවීම් අමතක කර, ඒ හා සමාන දෙයක නිරත වෙන්න පුළුවන් වේවිද?

ඇත්තවශයෙන්ම, සාමය අත් කරගන්නවාට වඩා, ඒ ගැන පොරොන්දු වෙන්ට හරි ලෙහෙසියි. මෙය වටහාගනිමින් බොහෝදෙනෙක්, ඒ ගැන සැක සහිතවයි හිටියේ. “නැවත පිහිටුවීමක් අතළඟ බව ඊශ්‍රායෙල්හි ඉන්න මිනිස්සුන්ගෙන් භාගයක්ම හිතනවා. නමුත් අනිත් භාගය විශ්වාස කරන්නේ, ඊශ්‍රායෙලය මිහිපිට අපායක හිර වී සිටිනවා කියලයි” යනුවෙන් පවසන්නේ, පුවත්පත් කලාවේදියෙකු වන හෙමි ෂාලෙව්. කොටින්ම කියනවා නම්, ඔහු කියන්නේ, “සමහරු සතුටු වෙනවා; අනිත් අය වැලපෙනවා” කියලයි.

ඉතිං සාමය වෙනුවෙන් දරන මිනිස් වෑයම, ඔන්න ඔය වගෙයි. එක නායකයෙකුටයි, එයාගෙ ආධාරකරුවන්ටයි ජයක් කියන්නේ, විරුද්ධ පක්ෂයට පරාජය කියන එකයි. යමක් කෙරෙහි තෘප්තිය හීනවීම, බලාපොරොත්තු සුන් තත්වයකට මඟ පාදන අතර, බලාපොරොත්තු සුන්වීම බොහෝ වෙලාවට මඟ පාදන්නේ, කැරලිකාරකමටයි. මැද පෙරදිග වුණත්, ලතින් අමෙරිකාවේ වුණත්, නැඟෙනහිර යුරෝපයේ වුණත්, කොහේ වුණත්, සාමය වෙනුවෙන් දරන මිනිස් වෑයම, මහා මුළාවක් බවයි පෙනී යන්නේ.

සැබෑ සාමය අත ළඟයි!

මැද පෙරදිග සාමය, තියුණු අවධානයකට භාජන වෙද්දී, තවත් සාමයේ පුවතක් ඇසෙන්ට වුණා. මෙය ඉතා ප්‍රචලිත දේශපාලන කතාවක්වත්, ජාතීන් අතර පැවැත්වෙන සාම ගිවිසුමක්වත් නෙමෙයි. ඊට වෙනස්ව, මෙය දේවරාජ්‍යය තුළින් විතරක් පැමිණෙන සාමය පිළිබඳ ප්‍රචාරයක්. මෙම පුවත ඇසුණේ කොහෙන්ද? යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් 1996/97 සඳහා ලොව වටා “දේවසමාදානයේ දූතයෝ” දිස්ත්‍රික් සමුළු 1,900කට වැඩිය පවත්වද්දියි.

කිසිම මිනිස් ආණ්ඩුවකින්, සැබෑ සාමය සහ සුරක්ෂිතභාවය ගෙන එන්ට බැරි විත්තිය, මේ සමුළුවලදී පැහැදිලි කළා. ඒ ඇයි? ඒකට හේතුව වෙලා තියෙන්නේ, දිනපතාම අපගේ සාමය සොරාගන්නාවූ දේවලට අවසානයක් ගෙනෙන්ට ඕනෑ කරන හින්දයි. සැබෑ සාමය කියන එකෙන් අදහස් කරන්නේ, යුද්ධ නැතිනම් සාහසිකකම් ගැන තර්ජනයකින් තොරව, සෑම උදෑසනකම නැඟිටින්න පුළුවන් කියන එකයි. එයින් අදහස් කරන්නේ, තවත් අපරාධ නැහැ, තවත් දොරගුලු නැහැ, පාරේ ගමන් කරන්න තවදුරටත් භය නැහැ, භේදභින්න වූ පවුල් තවත් නැහැ කියන එකයි. මේ හැමකක්ම මුදුන් පමුණුවා ගන්ට පුළුවන් මෙලොව මත තියෙන ආණ්ඩුව මොකක්ද? ඇත්තෙන්ම, ඒ ගැන පොරොන්දු වෙන්ට පවා නිර්භීත වන ආණ්ඩුව මොකක්ද?

කෙසේවෙතත්, දේවරාජ්‍යයට මේ දේ කරන්ට හැකියි. ඒ විතරක් නෙවේ, එහෙම කරනවාමයි. බයිබලය මෙහෙම පොරොන්දු වෙනවා: “මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, උන්වහන්සේ ඔවුන් සමඟ වාසය කරනසේක, ඔව්හු උන්වහන්සේගේ සෙනග වන්නෝය, දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක. උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.” (එළිදරව් 21:3, 4) පීඩිත මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් එය මොනතරම් සහනයක් ගෙනෙනවා ඇද්ද!

යෙහෝවඃ දෙවියන්වහන්සේගේ පොරොන්දුව පුස්සක් නොවේ. බයිබලය අපට සහතික කරන්නේ, මෙහෙමයි: “බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?” (ගණන් කථාව 23:19) ඔව්, දෙවියන්වහන්සේගේ පැත්ත ගැනීමට තමන්ගේ ස්ථාවරය ගන්නාවූ සියලුදෙනාටම ආශීර්වාද ගෙන දීමට උන්වහන්සේගේ පොරොන්දුව ඉෂ්ට වෙනවාට සැකයක් නැත.

සමාදානයේ දෙවියන්වහන්සේගේ දූතයෝ

දේවරාජ්‍යය පිළිබඳ තමන්ගේ ජ්වලිත දේශනා සේවය ගැන, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ප්‍රසිද්ධියක් උසුලනවා. සෑම වසරකම, ඒ අය සාමුහිකව බයිබලයේ තියෙන දිරිගන්වන පුවත අනිත් අය එක්ක බෙදාගන්ට පැය බිලියනයකටත් වැඩියෙන් වැය කරනවා. ඒක, යේසුස්වහන්සේගේ වචන ඉෂ්ට කිරීමක් වෙනවා: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් තියෙන එකම බලාපොරොත්තුව දෙවියන්වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යය බව එය ප්‍රචාරය කරන හින්දා, මේ සාක්ෂිකාරයන් ගෙනෙන පුවත ඇත්තෙන්ම, “ශුභාරංචිය[ක්]” වෙයි. ඒ වගේම එය, අනාගතය සඳහා මොනතරම් ස්ථිරසාර බලාපොරොත්තුවක්ද!

දේවරාජ්‍යය දැනටමත්, එහි යටත්වැසියන් තුළ සාමයේ සහ සහෝදර ප්‍රේමයේ නියම බැම්මක් ගොඩනඟමින් තියෙනවා. යේසුස්වහන්සේ මෙහෙම කිව්වා: “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35) සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ මෙම මූලික අවශ්‍යතාව වෙනුවෙන් ජීවත් වෙන්ට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ බලවත් උත්සාහයක් දරනවා. ඒ හේතුවෙන්, යුදෙව්වන්ව සහ අරාබිවරුන්ව, ක්‍රොඒෂන්වරුන්ව සහ ස’බියානුවන්ව මෙන්ම හුටු සහ ටුට්සිවරුන්ව, එක්සත් කරවන මවිතාකාර සහෝදරත්වයක් තියෙනවා. බහුතරයක් මිනිසුන් සිහින මවන මෙම සාමය, ලොව වටා සිටින මිලියන ගණනක් වූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ හිමි කරගෙන තියෙනවා.

“දේවසමාදානයේ දූතයෝ” දිස්ත්‍රික් සමුළු වැඩසටහනේ විශේෂාංගයක් වුණේ, බයිබල් ප්‍රමිති අනුව ජීවත් වීමට සහ දේවරාජ්‍යයේ ශුභාරංචිය නොකඩවා දේශනා කිරීමට දිරිගැන්වීමයි. මිලියන ගණනක් විසින් භුක්ති වින්දාවූ, එම ප්‍රබෝධවත් දවස් තුනේ සමුළු වාර්තාව කියවන්ට මීළඟට අපි ඔබට ආරාධනා කරන්ට කැමතියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න