යෙහෝවාගේ සාක්ෂිකරුවන් ජාත්‍යන්තර සමුළු පවත්වන්න යනවා
වර්ෂ 1998 පුරා ජාත්‍යන්තර සමුළු පැවැත්වීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය සැලසුම් කරමින් සිටිනවා. වර්ෂ 1996 ඔක්තෝබර් 5වන සෙනසුරාදා ජ’සි නගරයේ පිහිටි එක්රැස්වීම් ශාලාවේ පැවැත්වූ, වොච් ටව’ බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියාහි වාර්ෂික රැස්වීමේදී මේ නිවේදනයට උද්යෝගිමත් ප්‍රතිචාරයක් ලැබුණා.
සුපුරුදු පරිදි පවත්වන දිස්ත්‍රික් සමුළු ඇතුළු ජාත්‍යන්තර සමුළු ගණනාවක් 1998 වසරේ මැදභාගයේදී, උතුරු අමෙරිකාවේ පවත්වන්න යනවා. මේ එක්රැස්වීම් මගින් ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් සාක්ෂිකරුවන් සියදහස් ගණනක් එක්රැස් වෙයි කියා බලාපොරොත්තු වෙනවා. හැකි තරම් රටවල් ගණනාවක් නියෝජනය කිරීමට හැකි වන පරිදි, වොච් ටව’ සමිතියේ තිබෙන 100කට වැඩි ශාඛා කාර්යාල සෑම එකකම නියෝජිතයන්ව උතුරු අමෙරිකාවේ ජාත්‍යන්තර සමුළුව පැවැත්වීමට නම් කරනු ලබන එක් එක් නගරය සඳහා වෙන් කරනු ලබනවා.
උතුරු අමෙරිකාවට යන්න කැමති හැම කෙනෙක්ටම එසේ යන්න ලැබෙන්නේ නැති බව පැහැදිලියි. කෙසේවෙතත්, තමන්ගේ රටට ආසන්නයේ පවත්වන ජාත්‍යන්තර සමුළුවකට යන්න දහස් ගණනකට ඉඩ කඩ තියෙන්න පුළුවන්. යුරෝපීය රටවල් දෙකතුනක පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සමුළු සඳහා කටයුතු පිළියෙළ කෙරෙමින් තිබෙන අතර, අනිත් ඒවා අප්‍රිකාවේ, ආසියාවේ, ලතින් අමෙරිකාවේ, දකුණු පැසිෆික්වල සහ කැරිබියන් දූපත්වල පවත්වනවා.
නියමිත කාලයේදී සමිතියේ ශාඛා කාර්යාල, ඒවාට අයත් බලප්‍රදේශවල පිහිටි සභාවන්ට ආරාධනා කරනු ලබන සමුළුව පවත්වන නගරය හෝ නගර ගැන දැනුම් දේවි. සමුළු පවත්වන දින සහ තෝරාගනු ලබන නියෝජිතයන් සඳහා පිළියෙළ කරන විධිවිධාන ගැන විස්තර දැනුම් දේවි. නියෝජිතයන් වශයෙන් ඉදිරිපත් වීම සඳහා අයැදුම් කරන්න සිතාගෙන ඉන්න අය, මේ විශේෂ අවස්ථාවන්ට සහභාගි වීමේ බලාපොරොත්තුව ඇතුව ඔවුන්ගේ අරමුදල්වලින් ටිකක් ඉතුරු කරන්න පටන්ගන්න කැමති විය හැකියි.
වර්ෂ 1998දී පවත්වන මේ ජාත්‍යන්තර එක්රැස්වීම්වලදී තමන්ට බලාපොරොත්තු විය හැකි දේවල් ගැන ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැම කෙනෙක්ම බලා සිටින්න පුළුවන්. හැම රටකම පවත්වන දිස්ත්‍රික් සමුළුවල තිබෙන්නේ එක හා සමාන වැඩසටහනක්.