රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
යෙහෝවාගේ දිව්‍යාණ්ඩු සංවිධානයට පලායෑම
හුඟ කාලෙකට ඉස්සෙල්ලා ප්‍රොපේත යෙසායා මෙහෙම කියන්න පෙලඹුණා: ‘මුහුදේ දිවයින්වලදී ඔවුන් යෙහෝවාව මහිමයට පත් කළ යුතුයි.’ (යෙසායා 24:15) යෙහෝවාගේ සාක්ෂිකාරයන් මුහුදේ දිවයින් සලකන්නේ, “ශුභාරංචිය . . . දේශනා කරනු ලබන්නේය” කියා යේසු කිවූ “ජනාවාස පොළො[වේ]” කොටසක් හැටියටයි.—මතෙව් 24:14, NW; මාර්ක් 13:10.
මාර්කේසශ් දූපත් පිහිටා තිබෙන්නේ ටහිටිවලින් ඊසානදිගට කිලෝමීටර් 1,400ක් විතර ඈතිනුයි. ඒවා, දකුණු පැසිෆික්වල තිබෙන ප්‍රංශ පොලිනීසියා ලෙස හැඳින්වෙන දුරබැහැර පිහිටි දූපත් කාණ්ඩයක කොටසක්. සරු යමහල් පස සහ උණුසුම්, තෙත් දේශගුණය සහිත එම දූපත්වල එළවළු සාරවත්ව වැඩෙනවා. කොහොමනමුත්, මාර්කේසශ් ජනයා තවත් ආකාරයක ඵලයක්ද හටගන්වමින් ඉන්නවා. හිවා ඔආ දූපතේ රාජ්‍ය පණිවුඩයට ප්‍රතිචාරය දැක්වූ පවුලක් සම්බන්ධ සිද්ධිය සලකා බලන්න.
ජාන් සහ ඔහුගේ භාර්යාව වූ නඩින්, තමන් ජීවත් වුණු ශිෂ්ටසම්පන්නයයි කියූ බටහිර සමාජයට ප්‍රසාදයක් දැක්වුවේ නෑ. ඒ නිසා ඒ කලබල සහිත ජීවන-රටාව පසෙක දමා, ඔවුන්ගේ දරුවත් එක්ක මාර්කේසශ්වලට පදිංචියට යන්න ඔවුන් තීරණය කළා. උණ බටවලින් තැනූ ඔවුන්ගේ අලුත් නිවස ඉදි කර තිබුණේ දුරබැහැර මිටියාවතකයි. ළඟපාතම ඉන්න අසල්වැසියන් වෙත ළඟා වෙන්න, ඔවුන්ට පැය දෙකක් පුරා කටුක කඳු මාර්ගයක් ඔස්සේ ඇවිදින්න සිද්ධ වුණා. වෛද්‍යවරයෙක්, පාසැලක් සහ වෙළඳ සැලක් ඇති කිට්ටුම ගමට ජීප් රථයකින් යන්න පැය තුනක් ගත වෙනවා.
ජාන් සහ නඩින් ආගම කෙරෙහි උනන්දුවක් දැක්වුවේ නෑ. කෙසේනමුත්, ජීවයේ මූලාරම්භය සම්බන්ධයෙන් සාකච්ඡාවලට ඔවුන් සහභාගි වුණා. බොහෝ වෙලාවලදී, ඔවුන් පරිණාමවාදයේ සංකීර්ණ න්‍යායයන් මත කරුණු ගොඩනංවනවා. නමුත් ඔවුන්ගේ එක න්‍යායකින්වත් ඔවුන් සෑහීමට පත් වුණේ නෑ.
වසර හයක් හුදකලා වී ජීවත් වීමෙන් පස්සේ, යෙහෝවාගේ සාක්ෂිකාරයන් දෙන්නෙක් ඔවුන්ව බලන්න පැමිණීම ඔවුන්ට පුදුමයක් වුණා. ජාන් සහ නඩින් ඉන්න තැන සාක්ෂිකාරයන් අසල්වැසි ගම්වාසීන්ගෙන් දැනගෙන තිබුණා. නොදැනුවත්වම සාකච්ඡාව පරිණාම වාදය පිළිබඳ සංවාදයක් බවට පෙරළුණා. යෙහෝවාගේ සාක්ෂිකාරයන් විසින් මුද්‍රණය කළ, ජීවය—මෙහාට පැමිණියේ කොහොමද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද? (ඉංග්‍රීසියෙන්) යන පොතේ පිටපතක් සාක්ෂිකාරයන් රැගෙන ආ නිසා යුවළ ප්‍රීතියට පත් වුණා. ජීවය මෙහාට ආවේ කොහොමද කියන එක ගැන පුළුල් පරීක්ෂණයක් ඉදිරිපත් කළ පොතක් ලැබීම සම්බන්ධයෙන් ජාන් සහ නඩින් සන්තෝෂ වුණා.
ටික කාලෙකට පස්සේ බයිබල් පාඩමක් පටන්ගත්තා. වසර තුනක පමණ කාලපරිච්ඡේදයක් පුරා ජාන් සහ නඩින් ස්ථිර ප්‍රගතියක් ලැබුවා. වැඩි කල් නොගොස් මුළු පොළොවම පාරාදීසයක් වෙනවා කියලා ඔවුන් ඒත්තුගත්තා. ඔවුන්ට දරුවන් තුන්දෙනෙක් ලැබුණට පස්සේ, පැය හතරක් ගෙවා රාජ්‍යශාලාවේ ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙන එක ඇත්තෙන්ම අභියෝගයක් වුණා. කොහොමවුණත්, එය ඔවුන්ගේ පැමිණීම නතර කළේ නෑ. අන්තිමේදී ජාන් සහ නඩින් වතුර බව්තීස්මයෙන් යෙහෝවාට තම කැපවීම සංකේතවත් කළා. මෙය ඔවුන් කළේ ප්‍රධාන ගමක පැවැත්වූ සමුළුවකදියි; එහි නව වාර්තාගත පැමිණීමේ සංඛ්‍යාව 38ක්!
රාජ්‍ය ප්‍රචාරකයන්ගේ කුඩා කණ්ඩායමට උපකාර කිරීමට ජනාවාසයෙන් ඈත් වූ තම නිවස අතහැර යන්න පවුල තීරණය කළා. ඔවුන් ජනාවාසීන් දාහක් විතර ඉන්න ගමකට ගියා; ජාන් දැන් එහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක උපස්ථායක සේවකයෙක් හැටියට සේවය කරනවා. මුලදී ශිෂ්ටසම්පන්න ජීවිතයෙන් මිදෙන්න පලාගිය මේ පවුල, එකම සැබෑ ශුද්ධස්ථානය වන යෙහෝවාගේ දිව්‍යාණ්ඩු සංවිධානය සොයාගන්න ලැබීම වරප්‍රසාදයක් හැටියට සලකනවා.