ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 12/15 11-16 පි.
  • ‘යෙහෝවාගේ දවසින්’ බේරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘යෙහෝවාගේ දවසින්’ බේරීම
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නෝවාගේ දවස්වලදී යෙහෝවා ක්‍රියා කරයි
  • සොදොම සහ ගොමොරාව පිළිබඳ යෙහෝවාගේ විනිශ්චයමය දඬුවම
  • ඉශ්‍රායෙල් “සුළිහුළඟ” කපාගනී
  • ඇදහිල්ල අත්හළ යූදා සමඟ යෙහෝවා ගණන් බැලීම
  • පළමු-සියවසේ “මහත් පීඩාව”
  • මහත් පීඩාවෙන් ගැළවී ජීවත්වීම
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගැළවීම සඳහා ප්‍රසිද්ධ ප්‍රකාශය කරන්න
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අප සෝදිසියෙන් සිටීම දැන් වඩාත් හදිසියි
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාගේ දවසට ඔබ සූදානම්ද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 12/15 11-16 පි.

‘යෙහෝවාගේ දවසින්’ බේරීම

“යෙහෝවාගේ දවස මහත්ව ඉතා භය උපදවන්නක්ව තිබේ, එය දැරිය හැක්කේ කාටද?”—යෝවෙල් 2:11, NW.

1. ‘යෙහෝවාගේ භය-උපදවන දවස’ ප්‍රීතිවීමට අවස්ථාවක් විය යුත්තේ මන්ද?

“භය උපදවන්නක්!” “යෙහෝවාගේ” මහත් වූ “දවස” ගැන දෙවිගේ අනාගතවක්තෘ යෝවෙල් විස්තර කරන්නේ එලෙසයි. කෙසේවෙතත්, යෙහෝවාගේ දවස ළඟා වනවාත් සමඟ, යෙහෝවාට ප්‍රේම කරන සහ යේසුස්ගේ මිදීමේ මිල පූජාව මත පදනම්ව දෙවිට කැප වී ඔහු වෙතට පැමිණ සිටින අප බියෙන් ගුලි වී සිටින්න අවශ්‍ය නැහැ. එය සැබවින්ම ගරුබිය දනවන දවසක් වෙන්න යනවා වුණත්, එය මහත් ගැළවීමේ දවසක්, අවුරුදු දහස් ගණනකට වඩා මනුෂ්‍යවර්ගයාව පීඩාවට ලක් කළ දුෂ්ට දේවල පිළිවෙළකින් නිදහස් වන දවසක්. යෝවෙල් දෙවිගේ සෙනඟට කතා කර, එම දවස අපේක්ෂාවෙන් ‘ප්‍රීති සන්තෝෂ වන්න, මන්ද යෙහෝවා මහත් දේ කළා’ කියා පවසන අතර, තවදුරටත් ඔහු මෙසේ සහතික කරනවා: ‘යෙහෝවාගේ නම කියා යාච්ඤා කරන කවුරු නමුත් ගැළවෙනවා ඇත.’ ඉන්පසු දෙවිගේ රාජ්‍යය විධිවිධානයේ, ‘යෙහෝවා කී ලෙස, ගැළවෙන අයද ඉතිරි අය අතරේ යෙහෝවා කැඳවන අයද සිටිනවා ඇත.’—යෝවෙල් 2:11, 21, 22, 32.

2. (අ) දෙවිගේ අරමුණු ඉටු කරද්දී සිදු වන්නේ කුමක්ද, ‘ස්වාමීන්ගේ දවසේදී?’ (ආ) ‘යෙහෝවාගේ දවසේදී?’

2 යෙහෝවාගේ භය උපදවන දවස, එළිදරව් 1:10හි සඳහන් ‘ස්වාමීන්ගේ දවස’ සමඟ පටලවා නොගත යුතුයි. දෙවනුව සඳහන් කළ මෙම දවසට, එළිදරව් එකේ සිට 22වන පරිච්ඡේදය දක්වා විස්තර කර ඇති දර්ශන 16ක ඉටුවීම ඇතුළත් වෙනවා. “මෙම දේවල් සිදුවනු ඇත්තේ කවදාද, තවද ඔබගේ පැමිණසිටීමටත්, දේවල පිළිවෙළේ නිමාවටත් ලකුණ කුමක් වනු ඇද්ද?” යන යේසුස්ගේ ගෝලයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් පුරෝකථනය කළ සියලුම සිද්ධීන්වල ඉටුවීමේ කාලය මෙයට ඇතුළත්. බියජනක ‘යුද්ධ, සාගත, වෛර, වසංගත සහ නොපනත්කම්’ මගින් යේසුස්ගේ ස්වර්ගීය පැමිණසිටීම, පොළොව මත සනිටුහන් කරනු ලැබ තිබෙනවා. දුක වැඩිවීමත් සමඟම, “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ජනාවාස පොළොව මුළුල්ලෙහි” දේශනා කරන්න යේසුස් තම නවීන-දින ගෝලයන්ව යැවීමෙන්, දේවභයැති මිනිස්වර්ගයාට ඔහු සහනය සපයනු ලැබ තිබෙනවා. එවිට, ස්වාමීන්ගේ දවසේ උච්චාවස්ථාවක් හැටියට, වර්තමාන දේවල පිළිවෙළේ “සමාප්තිය,” එනම් යෙහෝවාගේ භය උපදවන දවස වේගයෙන් මුදාහරින්න යනවා. (මතෙව් 24:3-14, NW; ලූක් 21:11) එය සාතන්ගේ දූෂිත ලෝකය මත වේගවත් විනිශ්චයක් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෙහෝවාගේ දවස වෙන්න යනවා. ‘අහසද පොළොවද සෙලවෙනවා ඇත; නමුත් යෙහෝවා තමන්ගේ සෙනඟට රක්ෂස්ථානයක් වන්නේය.’—යෝවෙල් 3:16.

නෝවාගේ දවස්වලදී යෙහෝවා ක්‍රියා කරයි

3. අදදින තත්වයන් නෝවාගේ දවස්වල ඒවාට සමාන්තර වන්නේ කෙසේද?

3 අදදින ලෝක තත්වය වසර 4,000කට කලින් තිබූ ‘නෝවාගේ දවස්වලට’ සමාන්තරයි. (ලූක් 17:26, 27) උත්පත්ති 6:5හි අප මෙසේ කියවමු: ‘මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද යෙහෝවා දුටුවේය.’ අද ලෝකයට මොනතරම් සමානද! සෑම තැනකම දුෂ්ටකම, ගිජුකම සහ ප්‍රේමයේ ඌනතාව ගහනව පවතිනවා. මනුෂ්‍යවර්ගයාගේ දූෂිත ක්‍රියා පහත් අඩියටම ගොස් තිබෙන බව සමහරවිට අප සිතන්න ඉඩ තිබෙනවා. නමුත් “අන්තිම දවස්” පිළිබඳ ප්‍රේරිත පාවුල්ගේ අනාවැකිය නිබඳවම ඉටු වෙමින් පවතිනවා: “නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය.”—2 තිමෝති 3:1, 13.

4. මුල් කාලයේ බොරු නමස්කාරය තුළ කිනම් බලපෑම් තිබුණාද?

4 නෝවාගේ කාලයේදී මනුෂ්‍යවර්ගයාට සහනය ගෙනෙන්න ආගමට හැකි වුණාද? ඊට වෙනස්ව, එවකට පැවතුණු ඇදහිල්ල අත්හළ ආගම විනාශකාරි තත්වයන් සඳහා මහත් සේ දායක වන්න ඇති. අපේ ආදි මව්පියන් “සාතන් සහ යක්ෂයායයි හඳුන්වනු ලැබූ මුල් සර්පයාගේ” බොරු ඉගැන්වීම්වලට යටත් වුණා. ආදම්ගෙන් පැවත ආ දෙවන පරම්පරාවට අයත් අයගේ සිට, ‘යෙහෝවාගේ නාමය කියා යාච්ඤා කරන්න පටන්ගත්තා.’ පෙනෙන විදිහට එසේ කළේ අපහාසාත්මක ආකාරයකටයි. (එළිදරව් 12:9, NW; උත්පත්ති 3:3-6; 4:26) පසුව, දෙවිට තනි භක්තිය දීම අත්හළ කැරලිකාර දේවදූතයන්, ශෝභන මනුෂ්‍ය දූවරුන් සමඟ නීති විරෝධී ලිංගික සම්බන්ධකම් පැවැත්වීම සඳහා මාංශවත් වුණා. මෙම ස්ත්‍රීන් නෙඵිලීම් ලෙස හැඳින්වූ මනුෂ්‍යවර්ගයාට අයුතු ලෙස සැලකූ, දෙමුහුන් යෝධයන්ව බිහි කළා. මෙම යක්ෂ බලපෑම යටතේ, ‘මාංශමය වූ සියල්ලෝ පොළොවෙහි තම මාර්ග දූෂ්‍ය කළා.’—උත්පත්ති 6:1-12.

5. නෝවාගේ දවසේ සිදුවීම්වලට යොමු දක්වමින්, යේසුස් අපට දෙන්නේ කිනම් අනතුරු අඟවන අවවාදයද?

5 කෙසේවෙතත්, එක පවුලක් යෙහෝවාට අඛණ්ඩතාව පැවැත්වූවා. මේ නිසා, දෙවි ‘අභක්තිකයන්ගේ ලෝකයක් පිට ජලගැලීමක් පැමිණෙවූ කල, ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක් වූ නෝවාව තවත් සත්දෙනෙකු සමඟ ආරක්ෂා කළා.’ (2 පේතෘස් 2:5) ‘ඒ දවස හා පැය මාගේ පියා මිස දන්නා කෙනෙක් නැත; ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත. නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණසිටීමත් වන්නේය. මන්ද ජලගැලීමට පළමු දවස්වලදී, නෝවා නැවට ඇතුල් වූ දවස දක්වා, ඔවුහු කමින් බොමින්, සරණපාවාගනිමින්, සරණපාවා දෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔවුහු ගණන් නොගෙන සිටියෝය; මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණසිටීමත් එලෙසම වන්නේය’ කියා යේසුස් අනාවැකි පළ කළ මේ දේවල පිළිවෙළේ අන්තිමය සලකුණු කරන යෙහෝවාගේ භය උපදවන දවස එම ජලගැල්මෙන් පෙරඡායාවක් කොට දැක්වූවා. (මතෙව් 24:36-39) අපත් අද සිටින්නේ ඒ හා සමානම තත්වයක නිසා, යේසුස් අපට අනුශාසනා කරන්නේ, ‘ඒ සිදු වන සියල්ලෙන් ජයගෙන ගැළවෙන පිණිස සෑම කාලයේදීම කන්නලව් කරමින් අවදිව, අප කෙරෙහි අවධානය යොමු කරමින් සිටින්න’ කියායි.—ලූක් 21:34-36.

සොදොම සහ ගොමොරාව පිළිබඳ යෙහෝවාගේ විනිශ්චයමය දඬුවම

6, 7. (අ) ලොත්ගේ කාලයේ සිදුවීම් මගින් පෙරඡායා කරන්නේ කුමක්ද? (ආ) මෙය අපට සපයන පැහැදිලි අනතුරු ඇඟවීම කුමක්ද?

6 ජලගැලීමෙන් වසර සියගණනකට පසුව, නෝවාගෙන් පැවතෙන්නන් පොළොව පුරා වැඩි වූ විට විශ්වාසවන්ත ආබ්‍රහම් සහ ඔහුගේ ඥාති පුත්‍ර වූ ලොත්, යෙහෝවාගේ තවත් භය උපදවන දවසකට ඇසින් දුටු සාක්ෂිකරුවන් වුණා. ලොත් සහ ඔහුගේ පවුල ජීවත් වුණේ, සොදොම් නුවරෙයි. අසල්වැසි ගොමොරාව සමඟ මෙම නුවර පිළිකුල් වූ ලිංගික දුරාචාරයේ ගිලී සිටියා. අන්තිමේදී ලොත්ගේ භාර්යාවට පවා බලපාන්න තරම් ද්‍රව්‍යවාදය ප්‍රමුඛ අවධානයක්ව තිබුණා. යෙහෝවා ආබ්‍රහම්ට මෙසේ කියනු ලැබුවා: ‘සොදොමේද ගොමොරාවේද මොරගැසීම මහත් මෙන්ම ඔවුන්ගේ පාපය ඉතා බරපතළය.’ (උත්පත්ති 18:20) එම නුවරවල සිටින ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් උදෙසා ඒවා ඉතිරි කරන්න කියා ආබ්‍රහම් යෙහෝවාට කන්නලව් කළ මුත්, එහි ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් දසදෙනෙකුවවත් සොයාගන්න බැරි බව යෙහෝවා ඔහුට ප්‍රකාශ කළා. දෙවි කෙරෙන් පැමිණි දූතයන් ලොත්ටත් ඔහුගේ දූවරුන් දෙදෙනාටත් අසල පිහිටි නුවරක් වන ශොවර් වෙතට ගැළවී යෑම සඳහා උපකාර කළා.

7 ඉන් පසුව සිදු වූයේ කුමක්ද? අපගේ “අන්තිම දවස්” ලොත්ගේ දවස් සමඟ සසඳමින්, ලූක් 17:28-30 මෙසේ වාර්තා කරනවා: “ලොත්ගේ දවස්වලදීත් එසේම වූයේය; ඔව්හු කමින්, බොමින්, මිලේට ගනිමින්, විකුණමින්, වවමින්, ගොඩනගමින්, සිටියෝය; නුමුත් ලොත් සොදොම්හි සිට පිටත්ව ගිය දවසේ අහසෙන් ගිනි සහ ගෙන්දගම් වැස, සියල්ලන් විනාශකළේය. මනුෂ්‍ය පුත්‍රයා ප්‍රකාශවන දවසේදීත් ඒ ආකාරම වන්නේය.” යෙහෝවාගේ එම ගරුබිය දනවන දවසේදී සොදොම සහ ගොමොරාවට අත් වූ විනාශකාරි ප්‍රතිඵලය, යේසුස්ගේ පැමිණසිටීමේ මෙම කාලයේදී අපට පැහැදිලි අනතුරු ඇඟවීමක් සපයනවා. මනුෂ්‍යවර්ගයාගේ වර්තමාන පරම්පරාවත් “තදබල ලෙස වේශ්‍යාකම් කරමින්, අස්වාභාවික ලෙස අන්‍ය මාංශ පස්සේ ගොස්” තිබෙනවා. (යූද් 7, NW) ඊටත් වඩා, අපගේ කාලයේ ලිංගික දුරාචාරමය පුරුදු මේ කාලය සඳහා යේසුස් පුරෝකථනය කළ “වසංගත” බොහොමයක් සඳහා වගකිව යුතුව තිබෙනවා.—ලූක් 21:11.

ඉශ්‍රායෙල් “සුළිහුළඟ” කපාගනී

8. ඉශ්‍රායෙල්වරු යෙහෝවා සමඟ වූ ගිවිසුම පවත්වාගත්තේ කොතරම් දුරකටද?

8 නියමිත කාලයේදී, තමාට ‘සියලුම ජාතීන් අතරෙන් අසහාය වස්තුවක්, පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක්’ වීම සඳහා යෙහෝවා ඉශ්‍රායෙල්ව තෝරාගත්තා. නමුත් මෙය සිදුවීම රඳාපැවතුණේ, ඔවුන් ‘ඔහුගේ හඬට කීකරුව ඔහුගේ ගිවිසුම රක්ෂා කිරීම’ මතයි. (නික්මයාම 19:5, 6) මෙම මහත් පැවරුමට ඔවුන් ගරු කළාද? නිසැකවම කළේ නැහැ! ජාතියේ සිටි සැබෑ, විශ්වාසවන්ත අය පක්ෂපාතව ඔහුට සේවය කළා—මෝසෙස්, සාමුවෙල්, දාවිත්, යෙහෝෂාපාට්, හෙසකියා, යොෂියා පමණක් නොව, භක්තිමත් අනාගතවක්තෘවරුන් මෙන්ම අනාගතවක්තෘවරියන්ද ඒ අය අතර සිටියා. එහෙත් සමස්තයක් වශයෙන්, ජාතිය අවිශ්වාසවන්ත වුණා. නියමිත කාලයේදී, රාජ්‍ය දෙකට බෙදුණා—ඉශ්‍රායෙල් සහ යූදා ලෙස. පොදුවේ, ජාතීන් දෙකම අසල්වාසී රටවල මිථ්‍යා නමස්කාර සහ දෙවිට-අගෞරව කරන වෙනත් චාරිත්‍රවල පැටලුණා.—එසකියෙල් 23:49.

9. කැරලිකාර දස-ගෝත්‍රීය රාජ්‍යය යෙහෝවා විනිශ්චය කළේ කෙසේද?

9 යෙහෝවා කාරණා විනිශ්චය කළේ කෙසේද? සෑමවිටම කරන්නාක් මෙන්, ආමොස් විසින් සඳහන් කර ඇති ප්‍රතිපත්තියට එකඟව ඔහු අනතුරක් ඇඟවූවා: ‘ස්වාමි වූ යෙහෝවා තමන්ගේ රහස තමන් මෙහෙකරුවන් වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරන්නේය.’ ඉශ්‍රායෙල්හි උතුරු රාජ්‍යයට දුක ප්‍රකාශ කිරීම ආමොස් විසින්ම කළා: ‘යෙහෝවාගේ දවස නුඹලාට ඕනෑ කරන්නේ මක්නිසාද? එය ආලෝකය නොව අන්ධකාරයය.’ (ආමොස් 3:7; 5:18) තවදුරටත්, ආමොස්ගේ සෙසු අනාගතවක්තෘවරයා වන හොෂෙයා මෙසේ ප්‍රකාශ කළා: “ඔව්හු හුළඟ වපුරා, සුළිහුළඟ කපාගන්නෝය.” (හොෂෙයා 8:7) යෙහෝවා පො.යු.පෙ. 740දී, ඉශ්‍රායෙල්හි උතුරු රාජ්‍යය සදහටම වනසා දැමීමට අසිරියානු හමුදාව පාවිච්චි කළා.

ඇදහිල්ල අත්හළ යූදා සමඟ යෙහෝවා ගණන් බැලීම

10, 11. (අ) යූදාට සමාව දීමට යෙහෝවා අකමැති වුණේ මන්ද? (ආ) ජාතිය දූෂිත කළේ කිනම් පිළිකුල්සහගත දේවල්ද?

10 යූදාහි දකුණු රාජ්‍යයටත් යෙහෝවා තම අනාගතවක්තෘවරුන්ව යැව්වා. මනස්සේ සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වන ආමොන් වැනි රජවරු මේ වන විටත්, දෙවිගේ ඇස් හමුවේ නපුරුව තිබෙන දේ දිගටම කරමින්, ‘පිළිකුල් රූපවලට සේවය කරමින්, ඒවාට වැඳ වැටෙමින් ඉතා මහත් ප්‍රමාණයකින් නිදොස් ලේ’ වැගිරෙව්වා. ආමොන්ගේ පුත්‍ර වූ යොෂියා යෙහෝවාගේ ඇස් හමුවෙහි හරි දේ කළත්, ඔහුට පසුව පැමිණි රජවරු පමණක් නොව, ජනයාත්, ‘යෙහෝවා සමාව දීමට අකමැති’ වන පරිදි නැවතත් දුෂ්ටකමින් නැහැවී සිටියා.—2 රාජාවලිය 21:16-21; 24:3, 4.

11 යෙහෝවා තම අනාගතවක්තෘ යෙරෙමියා තුළින් මෙසේ ප්‍රකාශ කළා: “පුදුමවූ භයංකාරවූ දෙයක් දේශයේ සිදුවී තිබේ; අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනගද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී නුඹලා කරන්නේ කුමක්ද?” යූදා ජාතිය අන්තයටම ලේ වරදකරුවන් වූ අතර, සොරකම් කිරීමෙන්, මිනිමැරීමෙන්, කාමමිථ්‍යාචාරය කිරීමෙන්, බොරුවට දිව්රීමෙන්, වෙනත් දෙවිවරු පස්සේ යමින් සහ වෙනත් පිළිකුල් දේවල් කිරීමෙන් එහි ජනයා දූෂ්‍යව සිටියා. දෙවිගේ ගෘහය “සොරුන්ගේ ගුහාවක්” කරගෙන තිබුණා.—යෙරෙමියා 2:34; 5:30, 31; 7:8-12.

12. ද්‍රෝහී යෙරුසලමට දඬුවම් කරන්න යෙහෝවා පැමිණියේ කෙසේද?

12 යෙහෝවා මෙසේ ප්‍රකාශ කළා: “මම උතුරෙන් [කල්දියාවෙන්] විපත්තියක්ද මහත් විනාශයක්ද පමුණුවන්නෙමි.” (යෙරෙමියා 4:6) මෙසේ ඔහු එවකට “මුළු පොළොවේ කුළුගෙඩිය” වූ බබිලෝනීය ලෝක බලය, ද්‍රෝහී යෙරුසලම සහ එහි දේවමාළිගාව කඩා බිඳ දමන්න එව්වා. (යෙරෙමියා 50:23) පොදු යුගයට පෙර 607දී, උග්‍ර වැටලීමකින් පසුව, නෙබුකද්නෙශර්ගේ බලවත් හමුදාව ඉදිරියේ නුවර බිඳ වැටුණා. “එවිට බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් රිබ්ලාහිදී ඔහුගේ ඇස් ඉදිරියේ මැරීය. බබිලෝනියේ රජ යූදාහි සියලු උත්තමයන්ද මැරීය. තවද ඔහු ශෙදෙකියාගේ ඇස් අන්ධකොට, ඔහු බබිලෝනියට ගෙනයන පිණිස විලංගු දැම්මේය. කල්දිවරු රජගෙය සහ සෙනගගේ ගෙවලුත් ගිනිලා, යෙරුසලමේ පවුරු කඩාදැමුවෝය. තවද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් නුවර ඉතිරිවුණ සෙනගද සැඟවී ඇවිත් තමාට එකතුවුණ අයින්ද සෙනගගෙන් ඉතිරිවුණ අනික් අයින්ද අල්ලා බබිලෝනියට ගෙනගියේය.”—යෙරෙමියා 39:6-9.

13. පොදු යුගයට පෙර 607හි යෙහෝවාගේ දවසින් ගැළවුණේ කවුද? එමෙන්ම මන්ද?

13 ඇත්තවශයෙන්ම භය උපදවන දවසක්! නමුත් එම ගිනිමය විනිශ්චයෙන් ගැළවුණු අය අතර, යෙහෝවාට කීකරු වූ ප්‍රාණ කිහිපයකුත් වුණා. යුදෙව්වන්ට වෙනස් නිහතමානි සහ කීකරු ආත්මයක් විදහාපෑ ඉශ්‍රායෙල් නොවන රේකාබ්වරුන් මොවුන්ට අයත් වුණා. එමෙන්ම මඩ වළෙන් යෙරෙමියාව බේරාගත් විශ්වාසවන්ත නපුංසකයා වන එබෙද්-මෙලෙක් මෙන්ම යෙරෙමියාගේ පක්ෂපාත ලියන්නා වන බාරුක්ද ගැළවුණා. (යෙරෙමියා 35:18, 19; 38:7-13; 39:15-18; 45:1-5) ‘මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනායයි’ යෙහෝවා ප්‍රකාශ කළේ මෙවැනි අය සඳහායි. බබිලෝනියන්ව ජයගත් කෝරෙෂ් රජ දේවභයැති යුදෙව්වන්ව මුදාහැරිය විට ඔවුන් ගොස් යෙරුසලම් නුවර සහ දේවමාළිගාව යළිත් සෑදූ විට, එම පොරොන්දුවට පො.යු.පෙ. 539දී සුළු ආකාර ඉටුවීමක් තිබුණා. අදදිනත් බබිලෝනීය ආගම්වලින් පැමිණ යෙහෝවාගේ පරිශුද්ධ නමස්කාරය යළි පිහිටුවන්නාවූ අයට, යෙහෝවාගේ යළි පිහිටුවන්නාවූ පාරාදීසයෙහි සදාකාල සාමය ඇති ශ්‍රේෂ්ඨ අනාගතයක් දෙස ඒ හා සමාන ආකාරයකින් බලන්න පුළුවන්.—යෙරෙමියා 29:11; ගීතාවලිය 37:34; එළිදරව් 18:2, 4.

පළමු-සියවසේ “මහත් පීඩාව”

14. යෙහෝවා ඉශ්‍රායෙල්ව නිත්‍ය වශයෙන්ම ප්‍රතික්ෂේප කළේ මන්ද?

14 අපි පො.යු. පළමු සියවසට හැරෙමු. එම කාලය වන විට, යළි පිහිටුවන ලද යුදෙව්වන් නැවතත් ඇදහිල්ල අත්හැරයෑමට වැටී තිබුණා. යෙහෝවා තම ඒක-ජාතක පුත්‍රයාව ඔහුගේ ආලේප ලත් තැනැත්තා හෝ මෙසියස් හැටියට පත් වන්න පොළොවට එව්වා. යේසුස් පො.යු. 29 සිට 33 දක්වා අවුරුදු අතරතුරේ මෙසේ කියමින් ඉශ්‍රායෙල් දේශය පුරා දේශනා කළා: “පසුතැවිලිවෙන්න; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ලංවී තිබේ.” (මතෙව් 4:17) තවදුරටත්, රාජ්‍යයේ ශුභාරංචිය ඔහු සමඟ ප්‍රචාරය කිරීමේ හවුල් වන්න ඔහු ගෝලයන්ව රැස් කර පුහුණු කළා. යුදෙව් පාලකයන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඔවුන් යේසුස්ව අපකීර්තියට පත් කර, අවසානයේදී, වධකණුවක් මත වේදනාකාරි මරණයකට පත් කරමින් පිළිකුල්සහගත අපරාධය සිදු කළා. යෙහෝවා තම සෙනඟ වශයෙන් සිටි යුදෙව්වන්ව හෙළා දමනු ලැබුවා. දැන් එම ජාතියේ ප්‍රතික්ෂේප කිරීම නිත්‍ය එකක් වී තිබෙනවා.

15. පසුතැවිලි වූ යුදෙව්වන්ට වරප්‍රසාද ලැබුණේ කුමක් ඉටු කරන්නද?

15 පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයේදී, නැවත නැඟිටින ලද යේසුස් ශුද්ධාත්මය වැගිරෙවූ අතර, මෙය ඉක්මනින් එක්රැස්ව සිටි යුදෙව්වන්ට සහ යුදෙව් ධර්මයට හැරුණු අන්‍යජාතීන්ට අන්‍ය භාෂාවලින් කතා කරන්න ඔහුගේ ගෝලයන්ට බලය ලබා දුන්නා. සෙනඟ අමතමින්, ප්‍රේරිත පේතෘස් මෙසේ ප්‍රකාශ කළා: ‘මෙම යේසුස්ව දෙවි විසින් නැඟිට්ටෙව්වේය, ඊට අප සියල්ලෝ සාක්ෂිකාරයෝය. එබැවින් නුඹලා විසින් වධකණුවෙහි ඇණගැසුවාවූ මෙම යේසුස්ව දෙවි විසින් ස්වාමීන්ද ක්‍රිස්තුස්ද කරනු ලැබූ බව ඉශ්‍රායෙල්ගේ මුළු වංශය නිසැකව දැනගන්න.’ අවංක යුදෙව්වන් ප්‍රතික්‍රියා කළේ කෙසේද? ඔවුන් ‘අනින ලද හෘද ඇතුව’ ඔවුන්ගේ පව්වලට පසුතැවිලි වී බව්තීස්ම වුණා. (ක්‍රියා 2:32-41) රාජ්‍ය දේශනා කිරීමේ වේගය වැඩි වී වසර 30ක් ඇතුළත එය “අහසින් යට මුළු මැවිල්ලෙහි” ව්‍යාප්ත වුණා.—කොලොස්සි 1:23.

16. ස්වාභාවික ඉශ්‍රායෙල් මත ස්වකීය විනිශ්චය ක්‍රියාත්මක කිරීම දක්වා යෙහෝවා සිද්ධීන් මෙහෙයවූයේ කෙසේද?

16 මෙම ප්‍රතික්ෂේපිත සෙනඟ වන ස්වාභාවික ඉශ්‍රායෙල් කෙරෙහි විනිශ්චය ක්‍රියාත්මක කරන්න යෙහෝවාට නියමිත කාලය ඇවිත් තිබුණා. එවකට දැන සිටි ලෝකයෙන් දහස් ගණනාවක් ක්‍රිස්තියානි සභාවට එක්රොක් වූ අතර, ඔවුන්ව ‘දෙවිගේ’ ආත්මික “ඉශ්‍රායෙල්” ලෙස අභිෂේක කළා. (ගලාති 6:16) කෙසේවෙතත්, එම කාලයේ සිටි යුදෙව්වන්ගේ ප්‍රජාවක් නිකායවාදී සැහැසියාවට සහ වෛරයේ ක්‍රියාමාර්ගයකට බසිමින් සිටියා. ‘බලය ලත් මුලාදෑනීන්ට යටත් වීම’ ගැන පාවුල් ලියූ දෙයට වෙනස්ව ඔවුන් කෙරෙහි පාලනය කරමින් සිටි රෝම බලයට එරෙහිව ඔවුන් විවෘත ලෙස කැරලිගසමින් සිටියා. (රෝම 13:1) ඉන්පසු සිදු වූ සිදුවීම් පෙනෙන විදිහට, යෙහෝවා විසින්ම මෙහෙයවූවා. පොදු යුගයේ 66දී, සේනාධිපති ගැලස් යටතේ රෝම සේනාංක යෙරුසලම වටලන්න පැමිණියා. ආක්‍රමණික රෝමවරුන් දේවමාළිගා තාප්පය යටින් හාරන තරමටම නුවරට ළඟා වුණා. ජොසීෆස්ගේ ඓතිහාසික වාර්තාවේ හැටියට, මෙය නුවර මතටත් සෙනඟ මතටත් ඇත්තෙන්ම පීඩාවක් වුණා.a නමුත් ආක්‍රමණය කරමින් සිටි සෙබළුන් හදිසියේම පලා ගියා. මෙය මතෙව් 24:15, 16හි වාර්තා කර ඇති යේසුස්ගේ අනාවැකියේ අවවාද කර ඇති ආකාරයට ඔහුගේ ගෝලයන්ට ‘කඳුවලට පලා යන්න’ ඉඩ කඩ සැලසුවා.

17, 18. (අ) යුදෙව්වන්ගේ ප්‍රජාව මත යෙහෝවා යුක්තිය ඉටු කළේ කිනම් පීඩාවක් මාර්ගයෙන්ද? (ආ) ‘ගැළවුණේ’ කිනම් මාංසද? එමෙන්ම මෙය කුමක ඡායාවක් වූවාද?

17 කෙසේවෙතත්, පීඩාවේ උච්චාවස්ථාවේ යෙහෝවාගේ විනිශ්චයේ සම්පූර්ණ ක්‍රියාත්මක වීම ඉදිරියට පැමිණීමට නියමිතව තිබුණා. පොදු යුගයේ 70දී, රෝම සේනාංක මේ වතාවේදී සේනාධිපති ටයිටස් යටතේ ආක්‍රමණය සඳහා නැවත පැමිණියා. මෙවර යුද්ධය තීරණාත්මකයි! ඔවුනොවුන් අතර පවා යුද්ධ කරමින් සිටි යුදෙව්වන්ව, රෝමවරුන්ගේ බලයට සම කළ නොහැකි වුණා. නුවරත් එහි දේවමාළිගාවත් පොළොවටම සමතලා කළා. වෑරුණු යුදෙව්වන් මිලියනයකට වැඩිදෙනෙක් දුක් විඳ මියගිය අතර, 6,00,000ක් පමණ මළසිරුරු නුවර දොරටුවෙන් එළියට විසි කරනු ලැබුවා. නුවර බිඳවැටුණාට පසුව, යුදෙව්වන් 97,000ක් වහල්කමට ගෙන ගිය අතර, පසුව අවිගත් මල්ලව ප්‍රදර්ශනවලට යොදාගැනීම හේතුවෙන් බොහෝදෙනෙකු මියගියා. ඇත්තෙන්ම, එම පීඩාව සිදු වූ අවුරුදු අතරතුරේදී ගැළවුණු එකම මාංස වූයේ, යොර්දානෙන් එපිට පිහිටි කඳුවලට පලාගිය කීකරු ක්‍රිස්තියානිවරුන් පමණයි.—මතෙව් 24:21, 22; ලූක් 21:20-22.

18 මෙසේ, පො.යු. 66-70දී කැරලිකාර යුදෙව් ජාතිය මත යුක්තිය ඉටු කරමින් යෙහෝවාගේ දවස එහි උච්චාවස්ථාවට පැමිණීමෙන්, “දේවල පිළිවෙළේ නිමාව” පිළිබඳ යේසුස්ගේ මහත් අනාවැකියෙහි පළමු ඉටුවීම සිදු වුණා. (මතෙව් 24:3-22, NW) එහෙත්, එය මුළු ලෝකය ගිලදැමීමට ‘පැමිණෙන යෙහෝවාගේ මහත් වූ භයානක වූ දවස,’ එනම් අවසාන පීඩාවේ ඡායාවක් පමණයි. (යෝවෙල් 2:31) ඔබ ‘ගැළවෙනු’ ඇත්තේ කෙසේද? මීළඟ ලිපිය මේ බව කියයි.

[පාදසටහන]

a ආක්‍රමණික රෝමවරුන් නුවර වට කර, පවුරේ කොටසකට යටින් හාරා යෙහෝවාගේ මාළිගාවේ ගේට්ටුව ගිනි තබන්න සූදානමින් සිටියා කියා ජොසීෆස් සඳහන් කරනවා. මෙය, ඇතුළේ කොටු වී සිටි බොහෝ යුදෙව්වන් අතර මහත් භයක් උපදවන්න හේතු වූ අතර, මරණය ඔවුන්ට පෙනි පෙනී තිබුණා.—වෝස් ඔෆ් ද ජූස්, (යුදෙව්වන්ගේ යුද්ධ) IIවන පොත, 19වන පරිච්ඡේදය.

පුනරීක්ෂණය සඳහා ප්‍රශ්න

◻ ‘ස්වාමීන්ගේ දවස,’ ‘යෙහෝවාගේ දවසට’ නෑකම් කියන්නේ කෙසේද?

◻ නෝවාගේ දවස පුනරීක්ෂණය කරද්දී, අප අවනත විය යුත්තේ කිනම් අනතුරු ඇඟවීමටද?

◻ සොදොම සහ ගොමොරාව ප්‍රබල පාඩමක් සපයන්නේ කෙසේද?

◻ පළමු-සියවසේ ‘මහත් පීඩාවෙන්’ ගැළවුණේ කවුද?

[15වන පිටුවේ පින්තූර]

නෝවාගේ සහ ලොත්ගේ පවුල්වලට මෙන්ම, පො.යු.පෙ. 607දී සහ පො.යු. 70දී යෙහෝවා ගැළවීම සැපයුවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න