ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 2/15 3-4 පි.
  • කෘතඥපූර්වක විය යුත්තේ මන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කෘතඥපූර්වක විය යුත්තේ මන්ද?
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • කෘතඥපූර්වක නොවීමට එරෙහිව පරෙස්සම් වන්න
  • ‘ඔබගේ ස්තුතිවන්තභාවය පෙන්වන්න’
  • කෘතඥපූර්වක වීමේ ආත්මය වගා කරගන්න
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “සෑම දෙයක් සඳහාම ස්තුති දෙන්න”
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබ ස්තුතිවන්ත වෙන බව පෙන්වනවාද?
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • ස්තුතිවන්ත වීම
    2016 පිබිදෙව්!
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 2/15 3-4 පි.

කෘතඥපූර්වක විය යුත්තේ මන්ද?

කොඳු ඇට පේළියේ ශල්‍යකර්මයකට භාජන වූ නිසා, හාලිට යාන්ත්‍රික ශිල්පියෙකු හැටියට කළ තම රැකියාව වෙනස් කර, කාර්යාලීය ලිපිකරුවෙකු හැටියට වැඩ කරන්න සිදු වුණා. මේ වෙනස සම්බන්ධයෙන් ඔහුට හැඟුණු ආකාරය ගැන විමසූ විට හාලි මෙසේ පැවසුවා: “යන්ත්‍ර එක්ක වැඩ කරන්න ලැබෙන්නේ නැති නිසා මට පාළුවක් දැනෙනවා. ඒත්, ඇත්තම කියනවා නම්, මම කලින් කළ රැකියාවට වඩා දැන් කරන රැකියාවෙන් වැඩි සතුටක් ලබනවා.”

තමා ලබන තෘප්තියට හේතු දක්වමින් හාලි මෙසේ විස්තර කරනවා: “ඒකට හේතුව තමයි මාත් එක්ක වැඩ කරන අයගේ ආකල්පය. මම කලින් වැඩ කරපු තැන හිටිය අය වගේ නෙමෙයි, දැන් මම වැඩ කරන තැන ඉන්න අධීක්ෂකයාත් මා එක්ක වැඩ කරන අනිත් සේවකයනුත් මම කරන දේවල් අගය කරනවා; ඒ වගේම ඔවුන් ප්‍රශංසා කිරීමෙන් වැළකී සිටින්නේ නැහැ. මේක තමයි හැම දෙයකම වෙනසත් ඇති කරන්න හේතු වෙලා තියෙන්නේ.” ප්‍රයෝජනවත් බව හා අවශ්‍ය කරන බව හැඟෙන නිසා හාලි දැන් සන්තෝෂවත් සේවකයෙක්.

ලබන්ට සුදුසුව තිබෙන විට, ප්‍රශංසාත්මක හෝ කෘතඥපූර්වක වීමේ වදන් ඇත්තෙන්ම හද උණුසුම් කරවනසුලුයි. අනිත් අතට, ෂේක්ස්පිය නිරීක්ෂණය කළාක් මෙන් කෘතඥපූර්වක නොවීම මගින් උණුසුම් හැඟීම් මැඩලන බලපෑමක් සිදු වෙනවා: “සිසිර සමයේ හමන සුළඟ අකරුණාවන්ත නොවේ, මිනිසාගේ කෘතඥපූර්වක නොවීම තරම්.” බොහෝදෙනෙක් එවැනි අකරුණාවන්තකම් ලබන්නන් වීම කනගාටුදායකයි.

කෘතඥපූර්වක නොවීමට එරෙහිව පරෙස්සම් වන්න

කෘතඥපූර්වක වීමේ අවංක ප්‍රකාශයන් අද ලෝකයේ දක්නට ලැබෙන්නේ කලාතුරකින්. උදාහරණයක් හැටියට එක් ලේඛකයෙක් මෙසේ ප්‍රශ්නයක් මතු කළා: “විවාහ ආරාධනා පත්‍ර 200ක ලිපිනයන් ලියන්න මනාලිය කාලය සොයාගත්තා නම්, ලැබුණු තෑගි 163ට ස්තුති කිරීම සඳහා කෙටි ලිපියක් ලියන්න කාලය සොයාගන්න බැරි ඇයි?” බොහෝ අවස්ථාවලදී “ස්තුතියි” කියන සරල වචනය පවා කියන්නේ නැහැ. මා පළමුව යන ආකල්පය කෘතඥතාවට හිමි තැන ගැනීම වැඩි වැඩියෙන් සිදු වෙනවා. මේ තත්වය අන්තිම දවස් හඳුනාගැනීමේ ලකුණුවලින් එකක් වෙනවා. ප්‍රේරිත පාවුල් මෙසේ අනතුරු ඇඟෙව්වා: ‘අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගන්න. මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝය, ස්තුතිවන්ත නොවන්නෝය.’—2 තිමෝති 3:1, 2.

සමහර අවස්ථාවලදී, කෘතඥතාවට ලැබිය යුතු තැන චාටු බස්වලට හිමි වී තිබෙනවා. කෘතඥපූර්වක වීමේ ප්‍රකාශයන් කරනු ලබන්නේ, පෞද්ගලික වාසි ප්‍රයෝජන ගැන නොසිතා හෘදයෙන්මයි. කෙසේවෙතත්, සාමාන්‍යයෙන් වංකව මෙන්ම අතිශයෝක්තියෙන් කරනු ලබන චාටු බස්, උසස් තානාන්තරයක් ලබාගැනීමේ හෝ යම් පෞද්ගලික වාසි ලබාගැනීමේ සැඟවුණු චේතනාවෙන් හටගත හැකියි. (යූද් 16) ලබන්නාව රවටනවාට අමතරව, එවන් ප්‍රිය උපදවන කතා, උඩඟු හා අහංකාර වීමේ ඵල බිහි කිරීමේ නැඹුරුවාවක් දක්වනවා. එහෙමනම්, වංචාසහගත චාටු බස්වලට හසු වෙන්න කැමති වෙන්නේ කවුද? නමුත් අව්‍යාජ ලෙස ප්‍රකාශ කරන කෘතඥතාව සැබවින්ම ප්‍රබෝධජනකයි.

කෘතඥතාව ප්‍රකාශ කරන තැනැත්තා එසේ කිරීමෙන් ප්‍රයෝජන ලබනවා. හෘදයෙන්ම කෘතඥපූර්වක වීම, තමාගේ සන්තෝෂයට හා සමාදානයට දායක වෙන නිසා ඔහු උණුසුම්බවක් අද්දකිනවා. (හිතෝපදේශ 15:13, 15 සසඳන්න.) එමෙන්ම ඒකාන්ත ගුණාංගයක් වන නිසා, කෘතඥපූර්වක වීම මගින් කෝපය, ඊර්ෂ්‍යාව හා අමනාපය වැනි නිෂේධාත්මක හැඟීම්වලින් ඔහුව ආරක්ෂා කරනවා.

‘ඔබගේ ස්තුතිවන්තභාවය පෙන්වන්න’

කෘතඥපූර්වක වීමේ නැතහොත් ස්තුතිවන්ත වීමේ ආත්මයක් වගා කරගන්න කියා බයිබලය අපෙන් උදක්ම ඉල්ලා සිටිනවා. පාවුල් මෙසේ ලිව්වා: “සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් [යේසුස්] තුළ නුඹලා ගැන [දෙවිගේ] කැමැත්ත මේය.” (1 තෙසලෝනික 5:18) එමෙන්ම පාවුල් කොලොස්සිවරුන්ට මෙසේ උපදෙස් දුන්නා: ‘ක්‍රිස්තුස්ගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩු කෙරේවා. ඔබගේ ස්තුතිවන්තභාවය පෙන්වන්න.’ (කොලොස්සි 3:15) හෘදයාංගම කෘතඥතාව දේව ගුණාංගයක් බව අඟවමින් ස්තුති කිරීමේ ප්‍රකාශයන් ගීතිකා විශාල සංඛ්‍යාවක අඩංගු වෙනවා. (ගීතාවලිය 27:4; 75:1) අපි ජීවිතයේ එදිනෙදා කටයුතුවලදී ස්තුතිවන්ත වීම විදහාපෙන්වන විට, යෙහෝවා දෙවි සතුටු වන බව පැහැදිලියි.

නමුත් මේ ස්තුතිවන්ත නොවන ලෝකයේ කෘතඥපූර්වක වීමේ ආත්මයක් වගා කරගැනීම අපට අසීරු දෙයක් බවට පත් කරවන්නේ කුමන සාධකද? එදිනෙදා ජීවිතයේදී ස්තුතිවන්ත වීමේ ආකල්පයක් විදහාපෙන්වීමට අපට හැක්කේ කෙසේද? මේ ප්‍රශ්න ඊළඟ ලිපියේදී සාකච්ඡා කරන්න යනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න