ඔබ ස්තුතිවන්ත වෙන බව පෙන්වනවාද?
1. සිහි කිරීමේ කාලයේදී අපිට ලැබෙන කදිම අවස්ථාව මොකක්ද?
1 අපි වෙනුවෙන් යෙහෝවා දෙවි කළ දේට ස්තුතිවන්ත වෙන්නත් ඒ බව පෙන්වන්නත් අප්රියෙල් 14වෙනිදාට පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීම කදිම අවස්ථාවක්. ස්තුතිවන්ත වෙන එකේ වටිනාකම ගැන දෙවිට සහ යේසුස්ට හැඟෙන විදිහ ලූක් 17:11-18 සඳහන් වෙනවා. සනීප වුණ ලාදුරු රෝගීන් දහදෙනාගෙන් ස්තුති කළේ එක් කෙනායි. යේසුස්ගේ ජීවිත පූජාව නිසා හැම අතින්ම සුවය ලබා සදාකාල ජීවනය අද්දකිද්දී අපි හැම දවසකම දෙවිට ස්තුතිවන්ත වෙන බව නිසැකයි. ඉදිරි සති කීපයේදී ස්තුතිවන්ත වෙන්න පුළුවන් කොහොමද?
2. ජීවිත පූජාව ගැන ස්තුතිවන්ත වෙන්න පුළුවන් කොහොමද?
2 ස්තුතිවන්ත වෙන්න: ස්තුතිවන්ත වෙන්න පෙලඹීමක් ඇති වෙන්නේ හිතෙන්. යේසුස්ගේ ජීවිත පූජාව ගැන ස්තුතිවන්තභාවය වැඩි කරගන්න උදව් වෙන විශේෂ බයිබල් කියවීම දිනපද පොතේ, දිනදර්ශනයේ වගේම 2011 පෙබරවාරි ‘මුරටැඹ’ සඟරාවේ 23 හා 24 පිටුවලත් සඳහන් වෙනවා. පවුලේ හැමෝම එකතු වෙලා ඒ බයිබල් කියවීම කරන්න. අපි එහෙම කරනවා නම් ජීවිත පූජාව ගැන තියෙන අපේ අගය වැඩි වෙයි. එතකොට අපේ ජීවිතයෙන් ඒක පිළිබිඹු වෙනවා.—2 කොරි. 5:14, 15; 1 යොහ. 4:11.
3. ස්තුතිවන්ත වෙන බව පෙන්වන්න පුළුවන් කොහොමද?
3 ස්තුතිවන්ත වෙන බව පෙන්වන්න: අපි ක්රියා කරන විදිහෙන් ඒක පෙන්වන්න පුළුවන්. (කොලො. 3:15) සනීප වුණ ලාදුරු රෝගියා යේසුස්ව හොයාගෙන ඇවිත් ඔහුට ස්තුති කළා. ආශ්චර්යවත් විදිහට ලැබුව සුවය ගැන ඔහු අනිත් අයට උද්යෝගයෙන් කිව්ව බව නිසැකයි. (ලූක් 6:45) යේසුස්ගේ ජීවිත පූජාව ගැන ස්තුතිවන්ත වෙන බව පෙන්වන්න උද්යෝගයෙන් සිහි කිරීමේ ආරාධනා පත්ර බෙදා දෙමු. සහායක පුරෝගාමි සේවය කිරීමෙන් හෝ කරන සේවය තව වැඩි කිරීමෙන් ඒ බව පෙන්වමු. සිහි කිරීම දවසේදී අමුත්තන්ව සාදරයෙන් පිළිගන්න එකත් ඒ අය අහන ප්රශ්නවලට පිළිතුරු දෙන එකත් ස්තුතිවන්ත වෙන්න පුළුවන් විදිහක්.
4. පසුතැවීමෙන් වැළකෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?
4 මේක අපි පවත්වන අන්තිම සිහි කිරීමද? (1 කොරි. 11:26) අපි ඒක දන්නේ නැහැ. ඒත් ඒක අතපසු වුණොත් අගය පෙන්වන්න තිබුණ හොඳ අවස්ථාවක් ගිලිහිලා යනවා. ඒ නිසා ඔබ ස්තුතිවන්ත වෙන බව පෙන්වනවාද? යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපි අගය කිරීමකින් කතා කරනවා නම්, ඒ ගැන ගැඹුරින් කල්පනා කරනවා නම් ඒ වටිනා තෑග්ග ලබා දුන්න යෙහෝවා දෙවි සතුටු වෙන බව නිසැකයි.—ගීතා. 19:14.